විදු නැන නුවණ – Science Literacy for All

අම්ල වැස්ස

අම්ල වර්ෂාෙව් ප්‍රතිඵලයක්

 

ඇතැම් වායුගෝලීය වායු (මුලික වශයෙන් කාබන්ඩයොක්සයිඞ් CO2, සල්ෆර් ඩයොක්සයිඞ් සහ නයිට‍්‍රජන් ඔක්සයිඩ) වායුගෝලයේ හෝ පොළවෙහි ඇති ජලය හා සම්බන්ධ වී ආම්ලික ද්‍රව්‍ය බවට හැරුණු විට අම්ල සෑදෙයි. මෙම අම්ල සෑදෙන ක‍්‍රියාදාම ගණනාවකදී ඔක්සීකරණය ප‍්‍රධාන කාර්යභාරයක් ඩටු කරයි. කාබන් ඩයොක්සයිඞ් වැස්සෙහි දියවු විට දුර්වල අම්ලයක් බවට පරිවර්තනය වෙයි (කාබනික අම්ලය). අනෙකුත් වායු, මුලික වශයෙන් ගතහොත් සල්ෆර් සහ නයිට‍්‍රජන ඔක්සයිඩ, ප‍්‍රබල අම්ල බවට පරිවර්තනය වේ. (සල්ෆියුරික් සහ නයිට්රික් අම්ලය).

කාබන් ඩයොක්සයිඞ්, සල්ෆර් සහ ඔක්සයිඩ සහ ඇතැම් කාබනික අම්ලවල ස්වභාවික විමෝචන හේතුකොට ගෙන වර්ෂාව ස්වභාවිකතවත් මද ආම්ලික ගතියක් ගත්තද මානව ක‍්‍රියාකාරකම් හේතුවෙන් වර්ෂාව බෙහෙවින් ආම්ලික විය හැකිය. කාර්මික ප‍්‍රදේශවලින් විනාකිරිවල ආම්ලිකතාව වන 2.4 චය අගයක් ඉඳහිට වාර්තා වී ඇත.

image11b

වායුගෝලයට අම්ල නිපදවන වායු දායක කරන ප‍්‍රධාන ස්වභාවික සංසිද්ධිය වන්නේ යමහල් සහ ගොඩබිම, තෙත්බිම් මෙන්ම සාගරවල සිදුවන ජීව විද්‍යාත්මක ක‍්‍රියාදාමයන්ය. පෘථිවියෙහි දුර ඈත ප‍්‍රදේශවල ඇති වසර දහස් ගණන් පැරණි ග්ලැසියර අයිස්වල තිබී ආම්ලික නිධි තැන්පතුවල බලපෑම සොයා ගැනීමට හැකිවී තිබේ. කාර්මික සහ විදුලි උත්පාදන යන්ත‍්‍ර මෙන්ම ගමනාගමනය සඳහා යොදා ගන්නා වාහන අම්ල වර්ෂාවට දායක වන ප‍්‍රධාන මිනිස් ක‍්‍රියාකාරම්ය.

අම්ල බවට පරිවර්තනය වී නිධිලෙස තැන්පත් වීමට පෙරාතුව වායු, වායුගෝලයේ සැතපුම් සිය ගණනක් දුර ගෙන යාමට ඉඩ තිබේ. වායුගෝලයට සල්ෆර් සහ නයිට‍්‍රජන් විමෝ්චනය වීම කාර්මික විප්ලව සමයේ සිට වැඩිවී තිබේ. සල්ෆර් ඔක්සයිඞ් වැඩිවීමට බලපාන ප‍්‍රධාන මුලයන් වන්නේ, ෆොසිල ඉන්ධන, මුලිකවම ගල් අඟුරු දවන කාර්මික හා බලශක්ති ජනන පහසුකම්ය. ගමනාගමන අංශය හා එක්ව, නයිට‍්‍රජන ඔක්සයිඩ වැඩිවීමට මුල පුරන ප‍්‍රධාන දායකයන් වන්නේ එකී මුලයන්ය. ජනගහන හා කාර්මික වර්ධනය සමග අම්ල වැස්ස පිළිබඳ ගැටළුව වඩා තීව‍්‍ර වී ඇතුවා පමණක් නොව වඩාත් ව්‍යාප්ත ද වී ඇත. කර්මාන්ත ශාලා ආසන්න ප‍්‍රදේශවල දුෂණය වැළැක්වීම පිණිස යොදා ගන්නා උස දුම්කුළුණු ද අම්ල වර්ෂාව පතුරුවා හැරීමට දායක වී ඇත. ඒ,  එම ප‍්‍රදේශවල වායුගෝලයේ සංසරණය වන්නාවු වායු මුදාහැරීමෙනි. දුර ඈත ප‍්‍රදේශවල පිහිටි ග්ලැසියරවල දැකිය හැකි ස්වභාවික ආම්ලික තැන්පතුවල වෙනස පෙන්වන සාක්‍ෂි පසුගිය අර්ධ ශතවර්ෂය තුළ මානව ක‍්‍රියාකාරකම් නිසා ආම්ලික තැන්පතු වැඩි වීමද පෙන්ණුම් කරයි.

LOOKING AT EARTH FROM SPACE: GLOSSARY OF TERMS (NASA publication) ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: