විදු නැන නුවණ – Science Literacy for All

රත්රන් ගැන රන් වන් තතු

රත්රන් මේ ලෝකයේ ඇති වටිනාතම ද්‍රව්‍යයක් ලෙස ආදි කාලයේ දී මෙන්ම අදටත් සැලකෙනවා. එම පිළිගැනීම ලොව විවිධ ජාතීන් මෙන්ම විවිධ සංස්කෘතීන් හරහා දිවෙන්නක්. එමෙන්ම රත්රන් ඉතා දුර්ලභ වස්තුවක්. පෘථිවියෙහි පිටත ස්තරය ගතහොත් රත්රන් ඇත්තේ එහි කොටස් බිලියනයකට කොටස් 3ක් ලෙසටයි. රත්රන්වල මේ දුර්ලභ ගතිය මෙන්ම එහි ගුණාංගද ගත් විට එය මහ පොළොව මත වඩාත්ම වටිනා වස්තුවලින් එකක් තමයි.

යකඩ, තඹ, ඊයම් ටින් ආදිය මෙන්ම රත්රන් ද ලෝහයක් (metal). ලෝහ හොඳ තාප හා විදුලි සන්නායකයන්(conductors). (රසදිය හැරුණු කොට) ලෝහ සියල්ලම පාහේ කාමර උෂ්ණත්වයේ දී පවතින්නේ ඝන ස්වරූපයෙන්. (ද්‍රව්‍යවල ස්වරූපය තුන ඝන, ද්‍රව හා වායු ස්වරූප ගැන අප මෑතක තතු ලිපියකින් තොරතුරු ගෙන ආවා. බලන්න 2015 දෙසැම්බර් 08 දා තතු.) සාමාන්‍යයෙන් කුඩා ප්‍රමාණයෙන් ප්‍රයෝජනයට ගන්නා නිසාවෙන් දෝ රත්රන් බර යයි අපට නොසිතුනාට රන් බර ද්‍රව්‍යයක්. රන්, ජලය මෙන් 19 ගුණයකින් බරයි. එමෙන්ම එය ඊයම් මෙන් දෙගුණයක් තරමට බරයි. ලීටරයක කිරි කාටනයක් පිරවීමට තරම් රත්රන් ඔබ ළඟ ඇතොත් එය කිරා බලන විට පෙනී යාවි කිලෝ ග්‍රෑම් 19.3ක් බර විත්තිය. එම කාටනය කිරිවලින් පිරි තිබුණා නම් බර කිලෝග්‍රෑම් එකක් පමණයි.

බර වුණාට රත්රන් බොහොම මෘදුයි. කාසි හෝ වීදුරු තරමට තද නැතුවාට රන් අපේ ඇඟිල්ලක නිය පොත්තට වඩා තද වැඩි යාන්තමටයි. බොහොමයක් ලෝහ වගේම රත්රන් ද තුනී තහඩු ලෙස තලා සකස් කළ හැකිය(malleable). නොඑසේ නම් තුනී රැහැන් ලෙස සාදා ගත හැකිය(ductile) මේ නිසා රත්රන් නොයෙක් භාවිතයන් සඳහා යොදා ගත හැකියි. ස්වරණාභරන සහ ඉලෙක්ට්‍රොනිකවල වැනි නිදසුනක් ගතහොත් රන්පත් (goldleaf) යනුවෙන් හඳුන්වන්නේ මිලිමීටරයක දහයෙන් පංගුවක් තරමට තුනී වෙන්නට තලා සකස් කළ තහඩුය. ඒවා ඉන් පසුව රන් අකුරු හෝ වෙනත් අන්දමකට විසිතුරු භාණ්ඩ ඡායාරූප රාමු යනාදිය අලංකාර කිරීමට ගත හැකියි.  රත්රන්වල රසායනික තොරතුරු පහත වගුවේ දැක්වේ.

Friday

රත්රන් සෑදෙන්නේ කෙලෙසද?

ස්වාභාවිකව රත්රන් සාන්ද්‍රණය වන වඩාත් සුලබ ක්‍රමය වන්නේ පෘථිවි කබොල ඇතුළත රත් තරලයේ පෞරාණික ක්‍රියාකාරිත්වයයි. කබොල්ල ඇතුළත ගැඹුරින් ඇති තරලයන් පෘථිවියේ අභ්‍යන්තර තාපයෙන් රත්වන අතර එසේ රත්වන තරල මතුපිට දක්වා එද්දී ඒවා සිසිල්වන්ට පටන් ගනී. විශාල ප්‍රදේශයක පාෂාණ හරහා ගමන් කරන තරල රත්රන් “දිය“ කරයි(ද්‍රාවනය කරයි). මෙම තරල සිසිල්වීමේදී හෝ අනෙකුත් පාෂාණ සමග ප්‍රතික්‍රියා දැක්වීමේදී ද්‍රාචිත රත්රන් අවක්ෂේපයවූයේ(precipitated) ඉරිතැලීම් හා දැදුරු තුළ ඉල්ලම් සාදමිනි. ප්‍රමාණවත් තරම් විශාල ප්‍රදේශයක තරලය ගමන් කර ප්‍රමාණවත් තරම් දිගු කාලයක් තුළ ද්‍රවනය වන්නේ නම් සෑම කොටස් දහයකටම එකක් ලෙස හෝ ඊටත් වැඩි ප්‍රමාණවලින් රත්රන් සාන්ද්‍රණය වීමට පුළුවන. රත්රන් සේම තරල මගින් ක්වෝට්ස් (තිරුවාන-quartz) වැනි ද්‍රාචිත ඛනිජ ද ගෙන ආවේය. ක්වෝට්ස් සමග බොහෝ විට රත්රන් ද හමුවන්නේ මේ හේතුව නිසා ය. මේවා හැඳින්වෙන්නේ මූලික රන් නිධි ලෙසය. ඒවායින් රත්රන් නිස්සාරණය (extract) කරනු වස් රත්රන් ඉල්ලම් අඩංගු පාෂාණ හාරා ගොඩ ගෙන (mined) මැඩ කුඩුකර පැසුරුම් (processed) කළ යුතු වේ

Friday2.

පෘථිවිය මතුපිටට එන රත්රන් අඩංගු පාෂාණ මතු පිටදී නිරාවරණය වන අතර ඛාදනය වීමට ලක්වේ. මෙකී පාෂාණවල අඩංගු රන් දොළවල් වෙත සේදී ගොස් දියළු රන් නිධි සෑදෙයි. මෙහිදී ජලයේ ක්‍රියාකාරීත්වයෙන් රන් තවදුරටත් සාන්ද්‍රනය වේ. දොළ හෝ ගංගාවක් මගින් ගසාගෙන යනු ලබන බොහෝ ද්‍රව්‍යවලට වඩා රත්රන් බර නිසා ඒවා සිදුරු තුළ සාන්ද්‍රණය වෙන්නට හෝ ගං පත්ලේ රැඳී පවතින්නට පුළුවන. මේවා හඳුන්වනු ලබන්නේ ද්විතීය රන් නිධි ලෙසය.

රත්රන් පාවිච්චියට ගන්නේ කෙසේද?

රසායනික  වශයෙන් ගත් කළ රත්රන් බෙහෙවින් ස්ථායීය. එය අනෙකුත් ද්‍රව්‍ය සමග පහසුවෙන් එක්කාසු නොවන අතර එම හේතුව නිසා දිරායන්නේ (විඛාදනය වන්නේ) හෝ මලින වන්නේ (tarnish) නැත. මෙකී ගුණය නිසා රන් සැමවිටම පාහේ ස්වාභාවිකව හමුවන්නේ ඝනරන් () හැටියටය. ඒවා හඳුන්වන්නේ ‘පිහිටි රත්රන්’ (native gold) ලෙසටය. මෙයින් අදහස් වන්නේ ආදි කාලීන මානවයන්ට යකඩවලින් මෙන් ඛනිජයකින් ලෝහය විරුවීමට (smelt) හෝ ප්‍රසාදනය හෙවත් ශුද්ධ නොකොට(refined) රන් අහුලා භාවිතයට ගන්නට හැකිවෙන්නට ඇත.

තවද රත්රන් මෘදු නිසාත් විඛාදනය හෝ මලීන නොවන නිසාත් එය ආභරණ තැනීමට ඉතාමත් යෝග්‍ය ද්‍රව්‍යයකි. එමෙන්ම දත්වල කුහර පිරවීමට, ඉලෙක්ට්‍රොනික විද්‍යාව සඳහා සියුම් රැහැන් තැනීමට ද යෝග්‍යය. රත්රන් බෙහෙවින් පරාවර්තනතාවයෙන් යුතු ද්‍රව්‍යයකි. එහෙයින් ඒවා අභ්‍යවකාශ යානා හා චන්ද්‍රිකා සූර්යයාගේ විකිරණයන් ආරක්ෂා කර ගැනීම පිණිස යොදා ගනු ලැබේ. කාර්මික හා වෛද්‍ය විද්‍යාත්මක ලේසර මගින් ආලෝක ශක්තිය නාභිගත කිරීම පිණිස රන්-ආලේපිත පරාවර්තක  යොදා ගැනේ.

Minerals Down under – Australian Mines Atlas වෙබ් අඩවිය  ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: