බලය අප වටා සෑම තැනකම බලගැන්වී ඇති ආකාරය අප කාටත් දැන ගත හැකිය. වීල්බැරෝවක වැලි දා තල්ලූ කරගෙන යන අයෙකු. දරුවෙකු ඔසවා වඩා ගන්නා මවක, කෝම්පිට්ටු තනන කුඩා දරුවන් මේ ආදී වශයෙන් සෑම කෙනෙක්ම කිසියම් ආකාරයක බලයක් යොදනු අපට එදිනෙදා ජීවිතයේ අත්විඳිය හැකිය. බලය විවිධ ස්වරූපයෙන් යෙදෙන නමුත් ඒ හැම අවස්ථාවක ම කිසියක් ප්‍රතිඵලයක් ඇතිවේ. බලය එහි කොයියම් ස්වරූපයකින් හෝ අපගේ ජීවිතයේ සෑම දෙයකදීම වාගේ යොදා ගනු ලැබේ.
බලයට කළ හැකි දේවල්
බලයට වස්තුවක දිශාව වෙනස් කළ හැකිය. උදාහරණ: බල්ලා බැඳ තබන දම්වැල ඇදිමෙන් උගේ ගමන් මඟ වෙනස් කළ හැකිය.
යම් දෙයක් හැරවිය හැකිය. උදාහරණ: සුළඟ වැනි ස්වාභාවික බලයකට විදුලිය ජනනය කිරීම පිණිස ටර්බයිනයක තල කරකැවිය හැකිය.
යමක හැඩය වෙනස් කළ හැකිය. උදාහරණ: මව රොටී සාදන විට පිටි ගුලිය වෙනස් හැඩයක් ගන්වමින් බලය යොදනු ඔබ දැක ඇතුවා නිසැකය.
බලය පිළිබඳව තවදුරටත් විස්තරාත්මකව සලකා බලන්නත්, ඒ වාගේම බලය වස්තුවල හැඩ වෙනස් කරන ආකාරය, යම් දේවල් චලනයවීමට සලස්වන ආකාරය, චලනය වන වස්තුවක වේගය වැඩි කරවන ආකාරය, මන්දගාමී කරවන හෝ නතර කරවන ආකාරය, චලනය වන දිශාව වෙනස් කරවන ආකාරය ආදිය ගැනත් මේ ලිපිය මගින් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වේ.
බලයක් කියන්නේ කුමක්ද?
බලය ඇදිල්ලක්(pull) හෝ තල්ලූකිරීමක් (push) විය හැකියි. බලය අපට දැකීමට හෝ ස්පර්ශ කිරීමට නොහැකි දෙයක් වුවද එය කි‍්‍රයාත්මක වන ආකාරය දැකිය හැකිය. බල මානය හෙවත් බල මීටරය (force meter) යොදාගෙන අපට බලය මිනිය හැකිය. බල මීටරය බලය මනිනු ලබන්නේ නිව්ටන් (newton) නම් ඒකකය මගිනි. ඒ සඳහා ඉංගී්රසියෙන් යොදන සංකේතය N ය. මේ අනුව අප 2N බලයක් 7N බලයට වඩා කුඩා බව පැහැදිලියි.
බලය බොහෝ විට අන්තර් කි‍්‍රයාවක ප්රතිඵලයකි. අන්තර් කි‍්‍රයාව ශාරීරික හෝ භෞතික විය හැකිවා මෙන්ම එසේ ශාරීරික හෝ භෞතික එකක් නොවන්නත් පුළුවන්. භෞතික අන්තර් කි‍්‍රයාවක ප්‍රතිඵලයක් ලෙස ඇතිවන බලය හඳුන්වනු ලබන්නේ ස්පර්ශබල (‘Contact Forces’) යනුවෙනි. ඝර්ෂණ. ආතති, වා ප්‍රතිරෝධ හා දුනු බල උදාහරණයයි.
භෞතික නොවන බලයක ප්‍රතිඵලයක් ලෙස ඇතිවන අන්තර් කි‍්‍රයාව හඳුන්වනු ලබන්නේ ‘දුර ක්‍රියාවක බලය‘ (‘Action-at-a-distance force’) ලෙසිනි. ගුරුත්වාකර්ෂණය, විදුලිය සහ චුම්භක බල මීට උදාහරණයි.
බලය මැනීම
කතා ව්‍යවහාරයේදී ඇතැම් විට බැලැන්සයක් ලෙස හඳුනවනු ලබන බල මිනුම් උපකරණයක් ලෝහ කොක්කකට සවි කළ දුන්නකින් සමන්විතයි. ලෝහ කොක්කකට බලයක් යෙදු විට දුන්න ඇදෙන අතර යොදවන බලය වැඩිවත්ම වඩා දිගට දුන්න ඇදී කියැවීම විශාල වෙයි.
බල රූ සටහනක්
බල රූ සටහනක් සාමාන්‍යයෙන් යොදා ගන්නේ වස්තුවක් මත බලපවත්වන බල පෙන්නුම් කිරීමටයි. පහත දක්වා ඇති නිදසුන බලන්න.
බල රූ සටහෙනහි ඊය දික්වන්න දික්වන්න බලය විශාල බව දැක්වේ.
භාරයහෙවත් බර යනු කුමක්ද?
බර යනු ගුරුත්වය හේතුවෙන් ඇතිවන බලයකි. බර බලයක් වීම නිසා එය මනිනු ලබන්නේ ද නිව්ටන් ඒකකයෙනි. එය වස්තුව හා පෘථිවිය අතර ගුරුත්වාකර්ෂණය බලයයි. වස්තුවකට වැඩි ස්කන්ධයක් ඇතොත් ඊට වැඩි බරක් ද ඇතිවේ.
ලොව පුරා සෑම රටකට පාහේ වස්තුවක බර දැක්වීමට පුරුදුව ඇත්තේ කිලෝග්‍රෑම්වලිනි. එහෙත් එය නිවැරදි නැත. එසේ කරන්නේ හුදෙක් එය ජනතාවට පහසුවෙන් ග්‍රහණය කළ හැකි නිසාවෙනි. බර කිරීමේ (මැනීමේ) නිවැරදි විද්‍යාත්මක ඒකකය (කලින්ද සඳහන් කර ඇති පරිදි) නිව්ටන්ය.
පෘථිවියේ කොයි ස්ථානය ගත්තද වස්තුවක බර ඒ සෑම ස්ථානයකදීම එක සමානය. ඒ මන්ද කීවොත්, ඒ සෑම තැනකදීම වස්තුව මත ගුරුත්වයෙන් ඇදිල්ල එක සමාන නිසාය. අභ්‍යාවකාශයේදී ගුරුත්වයක් නොමැති නිසා වස්තුවකට බරක් ද ඇත්තේ නැත. තාත්ෂණිකව සළකා බලන විට අභ්‍යාවකාශය මත බරක් නොපවතී. අනෙක් අතට චන්ද්‍රයා ගතහොත් එහි ගුරුත්වය (පෘථිවියට වඩා) අඩුය. එහෙයින්, යම් වස්තුවක් පෘථිවිය මතදී ඇති බරට අඩු බරක් චන්ද්‍රයා මත දී දරයි.
යම් වස්තුවක බර එම වස්තුවේ ස්කන්ධය(m) සහ ස්ථානීය ගුරුත්වාකර්ෂණ ත්වරණයේ (g) ගුණිතයයි. එනම් මේ අනුව, කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් සහිත වස්තුවක මේ මිහිතල මත ඕනෑම ස්ථානයක 10 N පමණ බරක් තිබේ.
දෘශ්‍ය බර
ඇතැම් අවස්ථාවල තරාදියක කිරද්දී බර වැරදි ආකාරයට සටහන් විය හැකිය. මෙය පරීක්ෂා කළ හැකි සරල පරීක්ෂණයක් දැන් අපි දක්වන්නෙමු. මීළඟ වාරයේ තරාදියක් මත සිට ඔබ බර කිරා බලද්දී එ මත සිට පනින්නට උත්සාහ කළහොත් බර ස්වල්ප වශයෙන් වැඩි වන බවක් පෙනී යනු ඇත. මෙයට හේතුව මුලින්ම ඇතිවන ගුරුත්ව බලයට අමතරව ඔබ පහතට වැඩි බලයක් යොදවන හෙයිනි. දෘශ්‍ය බර ලෙස හැඳින්වෙන්නේ මෙයයි. මෙය යටිකුරු බලයේ මිම්මක් මිස ගුරුත්වයෙන් එන බරක් නොවේ.
බලය පිළිබඳව මෙසේ ඇරඔුණු සාකච්ඡාව තතු හරහා තවදුරටත් ඉදිරියට ගෙනයමු. තවත් දවසක තතු පෝස්ටුවකින් හමුවෙමු.
eSchool Today හී ALL ABOUT FORCES යටතේ පළවන ලිපි පෙළ ඇසුරෙනි