අපේ චන්ද්‍රයා බිහිවූයේ මහා කොස්මීය මාර්ග ඝට්ටනයකින් අනතුරුව පෘථිවිය ඉවක් බවක් නොමැතිව තදින් භ්‍රමණය වීමෙන් යයි නොවැම්බර මුල Nature සඟරාවේ පළ වූ නව අධ්‍යයනයක වාර්තාවකින් කියැවේ.
චන්ද්‍රයාගේ මූලාරම්භය ගැන කලින් තිබූ ආකෘතිය වූයේ ‘මහා ඝට්ටන න්‍යායයි(“giant-impact” theory). ඒ න්‍යායයෙන් කියැවෙන්නේ මෙයට වසර බිලියන 4.5 කට පෙර පෘථිවිය කලල අවස්ථාවේ අඟහරු ප්‍රමාණ වස්තුවක් හා ඝට්ටනය වූ බවයි. එය (බොක්සිං ක්‍රීඩකයන් කියන පරිදි) පැත්තකට වැදී ලිස්සා යන මාදිලියේ ‘පහරක්’(glancing blow)ලෙස හැඳින්විය හැකි වුවද පෘථිවි ස්කන්ධයෙන් විශාල පදාර්ශවයක් කැඞීයාමට තරම් එය බලවත් විය. එම කැඩි ගිය ද්‍රව්‍යය පසුව ඒකරාශී වී චන්ද්‍රයා සෑදුනේය යන්න එකී මතයෙන් කියැවේ.
කෙසේ වෙතත් මේ න්‍යායයෙන් සියල්ල පැහැදිලි කළ නොහැක. චන්ද්‍රයා සමකයට (equator) අංශක 5 උඩක කෝණයකින් කක්ෂ ගතව ගමන් කරන්නේ මන්දැයි එම මතය අපට කියන්නේ නැත. පෘථිවිය හා චන්ද්‍රයා කැපී පෙනෙන ආකාරයට සමාන ද්‍රව්‍යවලින් සෑදී ඇත්තේ මන්ද හෝ පෘථිවිය ඇළ වී ඇත්තේ ඇයිද යන්න ද එම න්‍යායයෙන් පැහැදිලි වන්නේ නැත. පෘථිවියේ ධ්රැව සූර්යයාට ලම්භකව නැති අතර ඒ වෙනුවට අංශක 23 ඇළවී ඇත්තේ එක ධ්‍රැවයක් සැම විටම සූර්යයාට මුහුණපාන ආකාරයෙනි. පෘථිවියේ මේ ඇදය තමයි අපට සතුට ගෙනෙන්නාවූ(එලෙසම අප දුකට පත් කරවන්නාවූ) ඍතු පෘථිවිය මත ඇති කරන්නේ. නව අධ්‍යයනය මෙම ආකෘතියේ සංශෝධන ඇති කරන අතර මෙහි මතු කළ ප්රහේළිකාවලට පිළිතුරුද සපයයි. අධ්‍යයනය මෙහෙයවා ඇත්තේ සෙටි ආයතනයේ මටිජා කුක් ය.
ප්‍රමාණය ගැන දැනට අපට අවබෝධයක් නොමැති අභ්‍යාවකාශ වස්තුවක් සහ මූල පෘථිවිය(proto-Earth) අතර ඉතා ඉහළ ශක්ති මට්ටමක ඝට්ටනයක් ඇති විනැයි නව සිද්ධාන්තයෙන් කියැවේ. මෙම ඝට්ටනයේ ශක්ති මට්ටම කලින් සිතාගෙන සිටියාට වඩා දශ ගුණයක් පමණ වෙතැයි ගණන් බලා ඇත. එය, පූර්ව පෘථිවිය වාෂ්පීකෘත කර හොඳින් සංකලනය කෙරිණ. ඝට්ටන ඇති කළ වස්තුව ඉන් අනතුරුව මෙකී උණුව ද්රවවුණු මිශ්‍රනයෙන් පෘථිවිය හා චන්ද්‍රයා යන වස්තු දෙකම උපත ලැබීය. මේ දෙකෙහි සංයුතියේ තිබෙන සමානකම් මින් පැහැදිලි වේ.
මේ ප්‍රචණ්ඩකාරී සිද්ධියෙන් පසුව පෘථිවිය සිතා ගැනීමටවත් නොහැකි තරමේ, කෙතරම් අධික වේගයකින් භ්‍රමණය වූයේ ද කියතහොත් එක් භ්‍රමණ වාරයකට ගත වූයේ පැය 2.5ක් පමණකි. එනම්, වර්තමානයේ භ්‍රමණයට අවශ්‍ය පැය 24න් දහයෙන් එකක් පමණය. මෙලෙස අධික වේගයෙන් පෘථිවිය භ්‍රමණය වීමේ ප්‍රතිඵලයක් ලෙස පෘථිවිය මැදින් නෙරා එන්නට පටන් ගත් අතර සමකයේ දී පෘථිවි විෂ්කම්භය, පෘථිවියේ ධ්රැව අතර දුර මෙන් දෙගුණයක් විය. මහා ඝට්ටනයේ ප්‍රතිඵලයක් ලෙස පෘථිවියෙහි ඇළය අද තිබෙන අංශක 23 වෙනුවට අංහක 70 පමණ විය.
තවද ඝට්ටනයෙහිම ප්‍රතිඵලයක් ලෙස චන්ද්‍රයා පෘථිවියේ ඇළ වූ සමකය වටා කක්ෂගත වූ අතර කාලයාගේ ඇවෑමෙන් මෙම පිහිටීම සූර්යයාගේ තලයට සාපේක්ෂව විස්ථාපනය විය.
මෙම සංක්‍රමණය පෘථිවියෙහි ගම්‍යතාවෙන්(Earth’s momentum) අඩක් සූර්යාවෙත පැවරුණු අතර එහි ප්‍රතිඵලයක් ලෙස පෘථිවියේ අධික භ්‍රමණ වේගය අඩු වී භ්‍රමණ වටයක වේගය වර්තමාන පැය 24 බවට පත්වීය. එමෙන්ම පෘථිවියේ වර්තමාන ගෝලාකාර හැඩයට හැඩ ගැස්වීමට ද, ඇළය අද දවසේ පවතින අංශක 23 ලෙසට පත්වීමට ද හේතු විය.
මෙම හේතුව නිසාම චන්ද්‍රයාගේ කක්ෂය ඒ වන විට සූර්යයාගේ තලයෙන් අංශක 30 ක් ලෙස ආනත විය. අනතුරුව, චන්ද්‍රයා, පෘථිවියෙන් ඈත් වන්නට වූ අතර කිලෝමීටර 223,000 කදී පමණ එය එක් ස්ථාවර අවධියකට මාරු වුණේ එහි ආනතිය අද අපට දක්නට ලැබෙන අංශක 5ට අංශක 30 සිට පෙරළමිනි.
මෙලෙස එක් දැවැන්ත ප්‍රචණ්ඩකාරී, කැළඹිලිකාරී ඝට්ටනයක් පෘථිවිය සහ චන්ද්‍රයා මත ඍතුවලට මග පෑදීය.
Cambridge University, The Naked Scientists’(Science News) හී Lunar Origins Explained ලිපිය ඇසුරෙනි