මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහී තවත් ලිපියක් 

දේශපාලනයේ  වම, දකුණ සහ මැද යන රූප සංඥාව  මුලින්ම කරලියට  එන්නේ 1789 ප්‍රංශ විප්ලවය සමයේදීය. ප්‍රංශ විප්ලවයට  පෙර පැවති නියෝජිත මන්ත්‍රණ සභාවේ දී ප්‍රභුතන්ත්‍රය හෙවත් රදළ පෙලන්තිය වාඩි ගත්තේ රජුට දකුණුපැත්තෙනි; සාමාන්‍ය වැසියන් සිටියේ රජුට වම් පැත්තේය. පශ්චාත් විප්ලව ජාතික මන්ත්‍රණ සභාවේ දී වඩාත් රැඩිකල්වාදී දේශපාලඥයන් වම් පසින් අසුන් ගත්  අතර මෙම ආසන සැකසුම අනෙකුත් යූරෝපිය රටවල මන්ත්‍රණ සභාවල ද පොදුවේ දක්නට ලැබිණ

නුතන දේශපාලනයේ දී , අන්ත දක්ෂිනංශයේ සිට අන්ත වාමාංශය අතර තුර ස්ථාන මෙලෙස නම් කිරීමට හැකියාව ඇත:  ට්‍රොට්ස්කිවාදීන් සහ මාවෝවාදීන්; කොමියුනිස්ට්වාදින්; සමාජවාදීන්; සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්(බ්‍රිතාඥයේ කම්කරු පක්ෂය වැනි මැද-වාම නැතිනම් වමට  බර මැදවාදී පක්ෂ); ලිබරල්වාදින්(මැද); කොන්සවටිව්වාදීන්  සහ ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදින් (සහ අනෙකුත් මැද-දක්ෂිණාංශික නැතිනම් දකුණට බර මැදවාදී පක්ෂ); (නාසිවාදීන් හා වර්ගවාදී-ජාතිකවාදීන් ද ඇතුළුව) ෆැසිස්ට්වාදීන්. මේ අන්තදෙකෙහිම පක්ෂ සර්වාධිකාරී හෙවත් ඒකාධිපතිවාදී නැඹුරුවක් දක්වයි. ඒ අතරම, මාධ්‍යයට සමීප පක්ෂ පුළුල් ලෙස ප්‍රජාතන්ත්‍රවාදී ස්වරුපයක් ගනී. හරිත පක්ෂ(Greens) හෙවත් පරිසරවාදී පක්ෂ, ස්වච්ඡන්දවාදින්(libertarians) වැනි කන්ඩායම් ඉහත ආවලියේ විවිධ ස්ථානවල දැකිය හැකිය.

 

Big ideas in brief (Quercus, 2013) නම් ග්‍රන්ථයේ  Left, right and center කොටස ඇසුරෙනි

 

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending