විදු නැන නුවණ – Science Literacy for All

සංකල්ප සාර සංග්‍රහය 31: භාෂාව සහ චින්තාව (language and thought)

මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහී තවත් ලිපියක් 

චින්තනය හෙවත් සිතීම කෙතරම් දුරට භාෂාව මත රඳාපවතින්නේ ද? අපට ඇත්තටම භාෂාව නැතුව කොහොමටත්වම සිතන්න පුළුවනි ද? මේ ප්‍රශ්න රඳා පවතින්නේ  ‘චින්තනය’(thinking) සහ ‘භාෂාව’(language)  යන දෙකින්ම අප අදහස් කරන්නේ කුමක් ද යන්න මතයි. අනාගතය සැලසුම් කිරීම, චින්තනය හෙවත් සිතීම යන්නෙහි විස්තරය හා ගැලපෙන බවක් පෙනී යයි. එමෙන්ම මම අද රෑ කැමට පිසින්නේ කුමක් ද යන්න සලසුකිරිම  — විශේෂයෙන්ම නම් නුහුරු එහෙත්  එසේවුව ද මට පැහැදිලි අවබෝධයක් ඇති ඇතැම් අනුපාන තනිකරම දෘෂ්ටිමය අනුරුපවලින්(visual images) සමන්විත වන්නේ විය හැකියි. (ඒ කියන්නේ භාෂාව වෙනුවට අනුරුප මතකය ඇසුරෙන් සිතීම)

ගණිතය හෝ සංකේතාත්මක තර්ක න්‍යාය ‘භාෂාවන්’ ලෙස සැලකිය හැකි යයි උපකල්පනය කරන්නේ නම් නිගාමී හෙවත් නිගමනාත්මක තර්කනය(deductive reasoning ) උදෙසා භාෂාව අවශ්‍ය බවක් පෙනීයයි. ඉතින් ගණිතය හෝ සංකේතාත්මක තර්ක න්‍යාය භාෂාවන් ලෙස සැලකෙන්නේ නම් එතකොට සංගීතය? සංගීත අංගයක් නිර්මාණය කිරීම පිණිස නිබන්ධකයෝ (composers) ස්වර රචනය(melody), සුසංවාදය(harmony) සහ රිද්මය(rhythm)  යන්නෙහි ‘භාෂාව ‘ උපයෝගී කර ගනිති. එමෙන්ම,  අපේ හිසෙහි අප තනුවක් ‘තනමින්’ ඉන්නේ නම් අප ඒ සඳහා යොදා ගන්නේ එම භාෂාවයි.  එසේ වුවද, විසංසන්දනාත්මකව ගතහොත් ඉගෙනීම බොහෝ විට කිසියම් සුවිශේෂී අත්දැකීම්වලින් පොදු  මුලධර්ම උකහාගැනීම(උද්ගමනය) අදාළ කර ගන්නාවූ සිතුවිලි ස්වරූපයකි. මෙය, (නිදසුනක් ලෙස) බිලිඳුන් හා පර්යේෂණාගාර මියන් විසින් භාෂාවක් නොමැතිව සාක්ෂාත්  කරගනු ලබන බවක් පෙනී යයි.

 Big ideas in brief (Quercus, 2013) නම් ග්‍රන්ථයේ  language and thought කොටස ඇසුරෙනි . මේ ග්‍රන්ථයේම  language and meaning කොටස ඇසුරෙන් සකස් කල ලිපිය සංකල්ප සාර සංග්‍රහය 30 ලෙස ගිය සතියේ අපි පල කළෙමු. ඔබේ පහසුවට මෙහි පහත එය දක්වා ඇත.

භාෂාව සහ අර්ථය

නුතන දර්ශනවාදයේ වඩාත් වැදගත් රැහැනක් වනුයේ  භාෂාවේ දර්ශනවාදයයි. භාෂාවේ ස්වභාවය මෙන්ම අප ඇත්තටම භාෂාව යොදා ගන්නේ කුමන ආකාරයට ද යන්න පැහැදිලි කර දීමට  මහා දැවැන්ත ප්‍රයන්ත දර ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස අතීතයේ දර්ශනවාදින් ඉදිරිපත්කල  න්‍යායන් බොහොමයක්  පැන නැග  ඇත්තේ භාෂාව වැඩකරන්නේ කෙසේද යන්න පිලිබඳ වැරදි මත තුලිනි.

සාම්ප්‍රදායනුකුලව,  දර්ශනවාදීන් උපකල්පනය කර තිබුණේ වචනයක අර්ථය යනු සරලව  එහි අභිධානයයි(හැඟවීමයි=reference), වචනය පෙනී සිටින්නේ කුමකට ද යන්නය.  මෙය බොහෝ විට හොඳින් ක්‍රියාත්මක වෙතත් නොපවතින දේවල් සම්බන්දයෙන් අප කටයුතු කරන විට මෙය ප්‍රශ්න ඇතිකරයි. අප අතරේ ‘අවතාරය’ යනුවෙන් වචනයක් තිබු පලියටම එවන් යමක් ඇතැයි යන්න එයින් අවශ්‍යයෙන්ම  හැඟවෙන්නේ නැහැ. ‘අශ්වයා’ ‘කවය’ හෝ ‘හොඳ’ ආදී පොදු පද ඇත්තටම අමුර්ත, අභෞතික ස්වරූප යයි විශ්වාස කිරීමට ප්ලටෝ පෙළඹවුයේ  මේ උගුල තමයි.

ජර්මානු ජාතික ගොටලොබ් ෆ්රේජ් වචනයකට අභිධානයක් මෙන්ම ‘තේරුමක්’ද  ඇතැයි යනුවෙන් විසිවැනි සියවස අවසානයේ කියා සිටියේය.  වෙනස් හෙවත් විෂම වචනවල එකම  අභිධානය පැවතිය හැකි නමුත් තේරුම් වෙනස් විය හැකියි. නිදසුනක් දක්වන්නේ නම්, එල්ටන් ජෝන්ස් සහ රෙජිනෝල්ඩ් ඩ්වයිට් යන නම් දෙකින්ම දැක්වෙන්නේ එක් පුද්ගලයෙකි. එහෙත්  මුල් නමින් දෑක්වෙන්නා කිර්තිමතෙකු වන අතර, දෙවැන්නෙන් සාමාන්‍ය අයෙකු දැක්වේ. ආනුෂංගිකව, එක්කෝ ආනුභවික පරීක්ෂාවෙන් නැතිනම් භාවිත කරන වචනවල නිර්වචනයන්ගේ   සහ ව්‍යකරණානුකුල ව්‍යුහයේ  ගුණානුභාවයෙන් සත්‍යාපනය කල හැකි ප්‍රකාශනවල පමණක් අර්ථයක් ඇති බව තර්කානුසාරී යථානුභුතවාදිහු (logical positivists) අවධාරණය කරති.                                  

බොහෝ ආනුභාවසම්පන්න  ඔස්ට්‍රියානු දර්ශනවාදියෙකු වන ලඩ්විග් විට්ගන්ස්ටයින් (Ludwig Wittgenstein 1889 – 1951) බොහෝ සේ වෙනස් ප්‍රවේශයක් ඉදිරිපත් කළේය. ඔහු දැක්වුයේ වචනයක හෝ ප්‍රකාශයක අර්ථය රඳා පවතින්නේ එහි භාවිතය මත බවයි. වෙනත් වචන වලින් කිවොත් සමාජ සම්මතය මත බවයි. විවිධ සන්දර්භයන් තුල මනුෂ්‍යයෝ  විවිධ ‘භාෂා ක්‍රීඩාවන්’() කරති; නිදසුනක් දක්වන්නේ නම් කවියක් ඇතුළත අර්ථයක් දනවන උක්තියක්, විද්‍යාත්මක ලේඛනයක දී සුනරුත් විය හැකියි. භාෂාව සම්බන්ධයෙන් විට්ගන්ස්ටයින්ගේ ප්‍රවේශය දර්ශනවාද ක්ෂේත්‍රය තුළඉමහත් බලපෑමක් ඇති කළේය.

 

 

 

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: