විදු නැන නුවණ – Science Literacy for All

හැමතිස්සේම බඩගින්න දැනෙන්නේ ඇයි?

අපේ ශරීරයට අවශ්‍ය ශක්තිය ලබා ගැනීම සඳහා අප විශ්වාසය තබා ඇත්තේ ආහාරය කෙරෙහිය. එහෙයින් පැය කිහිපයකින් ආහාරයක් නොගත් විට කුසගින්නක් දැනීම සාමාන්‍ය දෙයකි. එහෙත් ආහාර වේලක් වැලදීමෙන් පසුවත් නිරතුරු කුසගින්නක් දැනේ නම් ඇත්තටම ඔබේ ශරීර සෞඛ්‍යය සම්බන්ධයෙන් යම් ගැටලූවක් තිබිය හැකිය. අතිශය කුසගින්න සඳහා වෛද්‍ය විද්‍යාවේ යෙදෙන පදය ‘අධික්ෂුධාව’(Polyphagia) වේ. එය, ඔබ වෛද්‍යවරයෙකු වෙත යොමු විය යුතුය යන්න දැක්වෙන සංඥාවක් විය හැකියි.

හේතුව මධුමේහයද(දියවැඩියාවද?)

ඔබේ ශරීරය ආහාරවල ඇති ග්ලූකෝස් යනුවෙන් හඳුන්වනු ලබන සීනි, ඉන්ධනයක් බවට හරවයි. එහෙත් ඔබට මධුමේහය හෙවත් (වඩාත් ප‍්‍රකට නමින්  දක්වන්නේ නම්) දියවැඩියාව ඇත්නම් ග්ලූකෝස්වලට ඔබේ සෛල වෙත යා නොහැකිවේ. ඒ වෙනුවට ඔබේ ශරීරය එය මුත‍්‍රාලෙස පිටකරන්නේ  තව තවත් අහාර කැමට ගන්න යයි  ඔබට දන්වමිනි. විශේෂයෙන්ම , 1 වර්ගයේ දියවැඩියාව (Type 1 diabetes) ඇති අය ලොකු ප‍්‍රමාණයක් ආහාර වශයෙන් ගත්තේ වී නමුදු  සිරුරේ බර අඩුවේ.  දියවැඩියා රෝග ලක්ෂණ අතර අධික පිපාසය, ඇස් පෙනීම අපැහැදිලිවීම, තුවාල සුවවීමට කල්ගත වීම, අත් හෝ පාදවල පොපියන ගතියේ වේදනාව, විඩාව ආදිය දැක්විය හැකිය. ඒසේ වුවද අධික කුසගින්න දැනුනු පමණින්ම දියවැඩියාව ඇතැයි නිගමනය කළ යුතු නොවේ.

හේතුව රුධිර සීනි අඩුවීමද?

මන්ද මධුරක්තිය(Hypoglycemia) යනුවෙන් හඳුන්වනු ලබන්නේ සිරුරේ ග්ලූකෝස් මට්ටම ඉතාමත් පහළ වැටී ඇති අවස්ථාවයි. මේ අවදානම වඩාත් ඇත්තේ දියවැඩියාවෙන් පෙළෙන අයටයි. එසේ වුවද වෙනත් සෞඛ්‍යමය ගැටලූ හේතුවෙන් ද මේ තත්ත්වයට ඇති විය හැකිය. මේවා අතර, සෙංගමාලය ලෙස බහුලව හඳුන්වනු ලබන යාකෘත් ප‍්‍රදාහය, අක්මාවේ ආබාධ සහ අධිවෘක්ක(adrenal) හෝ පිටියුටරි(pituitary) ග‍්‍රන්ථීන්වලට අදාළ ප‍්‍රශ්න නිසා ද වේ.

ඉතා දරුණු අවස්ථාවල මන්ද මධුරක්තිය ඇති අය බීමතින් සිටිනා බවක් පළවේ. කතා කිරීමේ දී වචන පටලැවීම හා කෙළින් සිටගෙන සිටීමට නොහැකියාව නිදසුන්ය. කාංසාව, හෘදයෙහි ගැස්මෙහි වෙනසක් ඇති සේ දැනීයාම, සම සුදුමැලිවීම, වෙවුලීම, අධික දහඩිය දැමීම, මුව ආසන්නයේ පොපියන ගතිය අනෙකුත් රෝග ලක්ෂණයි.

හේතුව නින්ද නොයෑමද?

නිසි විවේකයක් නොලැබීම, කුසගින්න පාලනය කරන සිරුරේ හෝමෝන කෙරෙහි බලපෑමක් ඇති කළ හැකිවේ. නින්ද අඩුවෙන් ලැබෙන පුද්ගලයන්ට වැඩි බඩ ගින්නක් ඇතිවන අතර බඩ පිරුණු ගතිය අත්දැකීම අසීරු වේ. එමෙන්ම, විඩාවට පත් වූ විට මේදය අධික, කැලරි අධික ආහාර සඳහා දැඩි ආසාවක් ඇතිවේ. නින්ද අහිමිවීමේ අවාසියෙහි අනෙකුත් රෝග ලක්ෂණ වන්නේ චිත්ත ස්වභාවය වෙනස්වීම, වගවිභාගයෙන් තොර වීම, අවධානයේ සිටීමේ අසීරුතාව, අනතුරු වැඩවීම, දවාලට අවදියෙන් සිටීමට අපහසු වීම, බර වැඩි වීම වේ.

හේතුව මානසික ආතතියද?

කෙනෙකු චින්තාපරව (කාංසා සහිතව) හෝ ආතතියෙන් සිටිනා විට සිරුරේ කෝටිසොල්(cortisol) නම් හෝමෝනය මුදා හැරේ. මෙය බඩගින්නක හැඟීම උලූප්පා දැක්වීමට සමත් වෙයි. මානසික ආතතියෙන් පෙලෙන්නන් බොහෝ දෙනෙක් සීනි බහුල හෝ මේදය බහුල හෝ දෙකම බහුලව ඇති ආහාරවලට අභිරුචියක් දක්වති.  මේ අධික ආශාව, ඔබ අසහනයට පත්කිරීමට මුල් වන්නා වූ මොළයේ කොටස කි‍්‍රයාවිරහිත කිරීමට ඔබේ සිරුරු දරන ප‍්‍රයත්නයක් විය හැකිය. අනෙකුත් රෝග ලක්ෂණ අතර එකවර කෝපය පිටකිරීම, වෙහෙස, තෙහෙට්ටුව, හිසරදය, නින්දයාමේ ගැටලූ, බඬේ අමාරු ද වේ.

හේතුව ආහාරයද?

සෑම ආහාරයකින්ම, බඩ පිරියන්නේ  එකම ආකාරයට නොවේ. කුසගින්න සීමා කිරීමට යෝග්‍යතම වන්නේ ප්‍රෝටීන අධික–  මේදය රහිත මස්, මාළු හෝ කිරි ආහාර වැනි ප්‍රෝටීන බහුල හෝ තන්තු බහුල ආහාරයකි. තන්තු ලබා ගත හැකි හොඳ මාර්ග වනුයේ එළවළු, පලතුරු ධාන්‍ය හා බෝංචියි. පිටිකෑම, සුදු පාන්, පැකට් කළ ආහාර බොහොමයක් සහ ක්ෂණික ආහාර බොහෝ විට  පෝෂණයෙන් හීනය. එනමුත් මේදය හා සෞඛ්‍යමය වශයෙන්   හිතකර නැති  කාබොහයිඞඩ්‍රේට් වලින් ගහණය. ඔබ මේ ආහාර වැඩියෙන් ගන්නේ නම් කෑ විගසම වාගේ ඔබට නැවත බඩ ගිනි ඇති වේ. ඉතින්, ඔබ අවශ්‍යයට වඩා ඒවා ආහාරයට ගැනීමද  සිදු විය හැකිය. බඩ පිරුණු ගතියක් ඇති නොවෙන තත්ත්වය බලපාන අනෙකුත් ලක්ෂණ අතර මල බද්ධය, ප්‍රමාණයෙන් කුඩා, දැඩි මල හා බඬේ රිදුම වේ.

හේතුව  ඔබ ගන්නා ඔසුද?

සමහර ඔසු නිසා කෙනෙකු සාමාන්‍යයෙන් බුදිනවාට වඩා බුදීමට අවශ්‍ය වේ. ප‍්‍රතිහිස්ටමීන(Antihistamines ) මේ තත්ත්වය ඇතිකිරීම ගැන වඩා  ප‍්‍රසිද්ධියක් උසුලන ඔසුවර්ගයකි. විශාදය  පාලන ඖෂධ, ස්ටෙරොයිඩ, ඇතැම් දියවැඩියා ඖෂධ සහ ප‍්‍රති සයිකොසියා ඖෂධ ද ඊට දායක වේ. ඖෂධ ගැනීම ආරම්භ කිරීමෙන් පසුව ඔබේ බර වැඩි වී නම් ඔසුව ඔබට බඩගිනි ඇති කරනවා විය හැකියි. වෙනත් ඖෂධයක් ගත යුතු දැයි වෛද්‍යවරයා සමග සාකච්ඡුා කිරීම යෝග්‍යය.

හේතුව  ගර්භනී වීමද?

දරුවෙකු ලැබීමට සිටින මව්වරුන්ට,  තම කුසගින්න ඉහළ යන බ ව දැනෙන්නට පුළුවන. කුසෙහි  සිටින දරුවා වර්ධනය සඳහා  ප‍්‍රමාණවත්ව  පෝෂක සැපයීම  සහතික කිරීමට සිරුරු ගන්නා  ප‍්‍රයත්නයකි මේ. ගැබෙහි ප‍්‍රථම තෙමස් වාරයේදී(first trimester) බොහෝ  ගර්භනී කාන්තාවන්ගේ බර රාත්තල් 4ක් 6ක්  වැඩි වේ. දෙවන හා තුන්වන තෙමස් වාරයේදී සතියකට රාත්තලක් බැගින් වැඩිවේ.  කෙසේ වෙතත් බඩගින්න ඇතිවීම ම  පමණක් ගර්භණී බවේ ලක්ෂණ නොවේ.

ඔසප් නවතීම, නිතර මුත‍්‍රා කිරීම අවශ්‍යවීම, වමනය, පියයුරු වේදනාව හෝ විශාලවීම අනෙකුත් ලක්ෂණ හේතුවයි.

හේතුව තෛරොයිඩ ග‍්‍රන්ථියද?

තෛරොයිඩ යනු ඔබේ ගෙලෙහි ඇති සමනළයෙකු හැඩ ගත් ග‍්‍රන්ථියකි. සිරුරේ සෑම  අවයවයක්ම  කි‍්‍රයාකරන සීග‍්‍රතාව පාලනය කරන්නේ ඒවායින් නිපදවනු ලබන හෝමෝන මගිනි. ඔබේ තයිරොඩ වේගවත්ව කි‍්‍රයාත්මක වේ නම් ඔබට මන්ද තයිරොයිඩතාව (hyperthyroidism)  තිබෙනවා විය හැකිය. විශාලනය වූ තයිරොයිඩ ග‍්‍රන්ථියකට අමතරව මන්ද තයිරොයිඩතාවෙහි ලක්ෂණ වනුයේ වේගයෙන් නාඩි වැටීම චංචලගතිය, සාමාන්‍යයට වඩා දහදිය දැමීම පේශී දුර්වලතාව දිය පානයෙන් පසුවද පිපාසය ආදිය වේ.

හේතුව පථ්‍ය පානද?

කැලරි පාලනයට හෝ බරඅඩුකරගැනීම්  පිණිස සිනී රහිත බීම පානය කරති. එහෙත් මේවායේ අඩංගු ‘බොරු’ සීනි මොළයට දැනුම් දෙන්නේ ඉන්ධන සඳහා යොදා ගත හැකි කැලරි බලාපොරොත්තු වන ලෙසයි. එහෙත් සිරුරට කැලරි නොලැබෙන විට කුසගින්න ඇතිකරවන ස්විචය කි‍්‍රයාත්මකව සිරුර කියා සිටින්නේ ආහාරයෙන් කැලරි ලබා ගන්නා ලෙසයි.  සිසිල්බීම ඔබට බඩගිනි ඇතිවීමට හේතුවන්නේ නම් අනෙකුත් ලක්ෂණ වන්නේ හිස රදය, සීනිවලට අධික ආශාව හා බර වැඩිවීමයි.

 

WebMD  හි පළවූ Why Am I Always Hungry? යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: