විදු නැන නුවණ – Science Literacy for All

යමහල් (ගිනි කඳු) පුපුරා යන්නේ ඇයි?

බැලූ බැල්මට පෙනෙනවාට වඩා ගිනි කඳු හෙවත් යමහල් පුපුරා යාම සංකීර්ණ කි‍්‍රයාවලියක්. ඒවා විවිධ වූ හේතු ගණනාවක්ම නිසා හට ගනී. භූ තාරකා තැටි (tectonic plates) කි‍්‍රයාකාරිත්වය, දරුණු කාලගුණික තත්ත්වයන්, මැග්මා (ලෝදිය) චලනය සහ දේශගුණික විපර්යාසයන් පවා යමහල් පිපිරීමක් (විදාරණයක්) සඳහා මුල පිරිය හැකිවේ. පෘථිවි කබොල්ල (crust) එක්කම යටින් ඇත්තේ උණු වූ පාෂාණ ස්තරයයි. පෘථිවි හරයේ (core අධික උෂ්ණත්වය හේතු කොට ගෙන මේවා මැග්මා සෑදෙන ආකාරයට උණුවෙයි. මැග්මා හෙවත් ලෝ දිය විවිධ වායුවලින් සමන්විතයි. ඉන් ප‍්‍රමුඛ කාබන් ඩයොක්සයිඞ් (carbon dioxide), ජල වාෂ්ප(water vapour)  සහ සල්ෆර් ඩයොක්සයිඞ්ය(sulphur dioxide). ඝන පාෂාණ පියනකින් වැසී ඇවුරුනු මැග්මා කුටීර තුළ ඒවා ගබඩාව ඇත. එහි ද්‍රවමය අවස්ථාව(liquefied state) හේතුවෙන් මැග්මා, (ඒවාට) ඉහළින් ඇති පාෂාණයට වඩා ඝනත්වයෙන් අඩුය. එමෙන්ම උඩට නැගීමට තුඩුදෙයි. සමගාමීව, ජලවාෂ්පද බුබුලූ සේ මිදී යන්නේ කාබන් ඩයොක්සයිඞ් සහ සල්ෆර් ඩයොක්සයිඞ්වල සාපේක්ෂ ඝනත්වය වැඩි කරමිනි. කාලයාගේ ඇවෑමෙන් මෙම වායු ඒවායේ මුල් ප‍්‍රමාණය මෙන් 1000 ගුණයක් දක්වා ප‍්‍රසාරණය වේ.  එවිට විදාරණයක් සිදුවෙන මට්ටමටම (මැග්මා) කුටීර පියන මත පීඩනය ඉහළ යයි. නිදසුනකින් දක්වතොත් මෙය සෝඩා බෝතලයක් සොලවා මූඩිය අරින විට ‘විදාරණයවීම’ වැනිය. සෙලවිම හේතුවෙන් කාබන්ඩයොක්සයිඞ් අනු වෙන් කෙරෙන්නේ වායු සහ පීඩනය ගොඩ නැගීමක් ඇති කරමිනි.

මැග්මා කුටීරය

සෙල්සියස් අංශක 1100කට වඩා රත් වූ ලාවා ලෙස ලෝ දිය පෘථිවි කබොල්ලෙහි පැල්ම තුළින් මුදා හැරෙන විට අප එය යමහල් ලෙස හඳුන්වමු. දර්ශීය වශයෙන් ගතහොත් එමගින් යමහල් කැබලි වලාකුළු(pyroclastic clouds) සාදයි. එනම් උණු අළු, වායු සහ උණු වූ (ද්‍රව වුණු) පාෂාණ කැබලි ධාරාවන්ය. මේවා සෙල්සියස් අංශක 1100 ක පමණ උෂ්නත්වයකින් හෙබි වන අතර පැයට කි.මී. 700ක් පමණ ගමන් කරයි.

යමහල් විදාරණයකට හේතු වන්නේ කුමක්ද?

විදාරණයක් හෙවත්  පුපුරායාමක් පිළිබඳ මූලික සංකල්පය වන්නේ, (මැග්මා) කුටීර පියන මත පීඩනයෙහි ඉහළ යාමක් පියනට යටින් ඇති මැග්මා මුදාහැරීමට හේතුවන බවයි. කෙසේ වෙතත්, මෙකී මැග්මා චලනයට  මෙන්ම ජනනය වන විදාරණ වර්ගයට බලපාන  හේතු විවිධය. යමහල් සාමාන්‍යයෙන් දැකිය හැක්කේ පෘථිවියේ භූ කාරක තැටි ඉම්වලය. මේ තැටි එකිනෙක ඈත්ව මතුපිට හිඩැසක් ඉතිරි කිරීමට හෝ එකිනෙක යටට වැදිය හැකිය. මෙම කි‍්‍රයාදාමය හඳුන්වනු ලබන්නේ නිමජ්ජනය (subduction) ලෙසිනි. භූතැටි ඈත්වන විට ඉන් ඇතිවන හිඩැස පිරවීම සඳහා, තුනී බැසෝල්ටිමය ලාවා(basaltic lava) ලෙස ක‍්‍රමික පිපිරීමකින් මැග්මා සෙමින් ඉහළට නගියි.(මේ බැසෝල්ටිමය ලාවා සෙල්සියස් අංශක  800 සිට 1200 ක උෂ්ණත්වයකින් යුක්ත වේ. කෙසේ වෙතත් දෙවනුවට කී පරිදි එක තැටියක් අනික අස්සට තල්ලූවෙද්දී උණු වූ පාෂාණ අවසානද සහ මුහුදු ජලය මැග්මා කුටීරයේ පහළට තද කරයි. පාෂාණ සහ අවසාද අලූත් මැග්මා  ලෙස උණුවන අතර අවසානයේ කුටීරය උතුරා යන තරමට පිරෙන්නේ එය පුපුරා යන තෙක් සෙල්සියස් 800 සිට 1000 වන උෂ්ණත්වයක ඇළෙන සුළු, ඝන සියුම් කැටිති  ලාවා (andesitic lava) මුදාහරිමිනි.

කෙසේ වෙතත්, විදාරණයන්ට එකම හේතුව භූ කාර තැටිම නොවේ. පහළට වැටෙන උෂ්ණත්වයක් කල් ගිය මැග්මා ස්ඵටිකීකරණයට ලක්කරන්නේ  සහ කුටීරයේ පහළට ගිලා බස්සවන්නේ අලූතෙන් ද්‍රව බවට පත්වූ (ද්‍රවීකෘත) මැග්මා උඩට හා එළියට යවමිනි. හරියට වතුර බාල්දියකට ගඩොල් කැටයක් දැමූ විට සිදුවන්නාක් මෙනි. මැග්මා කුටීරය මත බාහිර පීඩනය අඩුවීමකින්ද විදාරණයකට ප‍්‍රස්ථාව සැලසේ. ඒ අභ්‍යන්තරයෙන් එන පීඩනය එන්ට එන්ට වැඩිවීම නතර කිරීමට තිබෙන හැකියාව අවම කිරීමෙනි. මෙය බොහෝ විට සිදුවන්නේ පාෂාණ ඝනත්වය අඩුකර ටයිෆූන් හෝ උණුවු පාෂාණ සංයුතිය වෙනස් කරන්නට බලපාන, කුටීරයේ පියන උඩ ග්ලැසියර දියවීම වැනි ස්වාභාවික සිද්ධි මගිනි. ග්ලැසියර දියවීම, 2010 වසරේ අයිස්ලන්තයේ Eyjafjallajökull විදාරණයට බලපෑ  එක් හේතුවක් ලෙස සැලකේ. ‘අධි තීව‍්‍ර’ යමහල් ලෙස සලකන්නේ භූකාරක තැටි මායිමෙන් ඈත්ව සෑදෙන යමහල්ය. පෘථිවියේ භූ කාරක තැටි චලනයවෙමින්,  පෘථිවි ප්‍රාවරණයෙන් (mantle) එන දුම්ගොටු ලෙස දැක්වෙන උණුවට ඉහළ නගින දෙයින් ඒවා නිර්මාණය වෙයි. හවායි දූපත්වල දැකිය හැකි යමහල් මේ වර්ගයේ ඒවාය.

2010 වසරේ අයිස්ලන්තයේ Eyjafjallajökull විදාරණය

විදාරණයක ප‍්‍රමාණය තීරණය වන්නේ කුමකින්ද?

අවසානයේදී විදාරණයේ  ප‍්‍රමාණය රඳා පවතින්නේ, මැග්මාවෙහි ඝනකම, එහි අඩංගු වායුවල ඝනත්වය සහ මැග්මා කුටීරයට තල්ලූකෙරෙන නව මැග්මා ප‍්‍රමාණය මතයි. වායුවලට පහසුවෙන් මිදීමට, බැසෝල්ටිමය ලාවා ඉඩ සලසයි.  එහි ප‍්‍රතිඵලය වන්නේ කුඩා විදාරණයන්ය. ඒ අතර, ඇන්ඩිසිටමය(කැටිති) සහ රිසෝලයටමය(rhyolotic) පාෂාණමය ලාවා,  වායුවලට මිදීයාම අසීරු කිරීමෙන් විශාල විදාරණයන්ට මඟ පෑදෙයි.

යමහල්වලට ආවේනික ආපදාවන්

යමහල් විදාරණයකදී ඇතිවන  ප‍්‍රධාන අනතුර වන්නේ ලාවා ලෙසයි,  බොහෝ විට කල්පනා කෙරෙන්නේ.  එහෙත් සැබෑ තත්ත්වය මෙය නොවේ. විදාරණයකින් නොයෙකුක්  ආපදා හටගනියි. ඒවායේ ඵලවිපාක පරාසයක්ම තිබිය හැකිය. වඩාත්ම අන්තරයකාරීවන්නේ යමහල් කැබලි වලාකුළුය(pyroclastic clouds).  මන්ද,  එහි ගමන් මගෙහි තිබෙන  ඕනෑම දෙයක් එමගින් විනාශ වන හෙයිනි.  අළු වැස්ස, මඩරූටා යාම, භූමිකම්පා, සුනාමි, අමුතු කාලගුණික රටා සහ ග්ලැසියර පිටාර ගැලීම් අනෙකුත් හානි අතර වේ.

විවිධ වර්ගවල යමහල්

  • යමහල් ප‍්‍රධාන වර්ග තුනකි. පලිස් යමහල ට(shield volcano) ඇත්තේ පැතෙලි ශිඛර වැනි පෙනුමකි. ඉන් බැසෝල්ට් ලාවා පිටකරන්නේ බොහෝ විට වේගවත් ආකාරයට නොවේ. ඒ නිසා මිනිසුන්ට එය පරයා පැනයාමට අවස්ථාවක් සැලසේ.
  • සංයුක්ත යමහල්(stratovolcano) කේතු ආකාර හැඩය ගනී. ඇන්ඩිස්ටිමය මැග්මා මුදාහරියි. ප‍්‍රචණ්ඩ විදාරණ සහිතය. බොහෝ විට යමහල් කැබලි රූටා යාම් සහ මඩ රූටා යාම්වලට මගපාදයි.
  • කල්දේරා යමහල්(caldera volcano), වෘත්තාකාර බේසමක පෙනුමැතිය. සෙල්සියස් අංශක 650 සිට 800 දක්වා උෂ්ණත්වයේ ඝන පාෂාණමය ලාවා මුදා හරියි. එහි හැඩය හටගෙන ඇත්තේ විදාරණවල ප‍්‍රබලත්වය අනුවය.

 

COSMOS – The Science of Everything හි  Why do volcanoes erupt? ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: