සැමට විදු නැන නුවණ – Science Literacy for All

ස්ටෝන්හෙන්ජ් සෑදුවේ ප්‍රාග්-ඓතිහාසික ‘තාරකා විද්‍යාඥයන්’ ද?

හිසට ඉහලින්අහස දකින්න පුළුන් වුණු දා සිටම මිනිස් අප එහි අලංකාරයෙන් මෙන්ම වචනයට නැගිය නොහැකි ගුප්ත බවීන් පුදුමයට පත්වන්නෙමු. එහෙයින් ලොව පැරණිතම විද්‍යාව,  තාරකා විද්‍යායාව ලෙස බොහෝ විට නිතැතින්ම විස්තර කෙරුනේ ජනතාව වසර දහස් ගණනාවක් මුළුල්ලේ අනුප්‍රාණය කරමිණි. ප්‍රාග්-ඓතිහාසික ලෙන් චිත්‍රවල පවා ඛගෝලිය සංසිද්ධි නිරුපණයවේ. එමෙන්ම, ගීසා හි මහා පිරමිඩ සහ ස්ටෝන්හෙන්ජ් වැනි ස්මාරක මාලිමාවකින් දැක්වෙන ප‍්‍රධාන දිසා හෝ සඳ, හිරු සහ තාරකා ක්ෂිතිජයෙහි පායා එන්නේ හා බැසයන්නේ කුමන පිහිටිමකද යන්න  යථාතථ්‍යය ලෙස එකේලි කර ඇති බවක් පෙනීයයි.

Image result for gaza pyramid

ආදී කාලයේ මනුෂ්‍යයන් එවන් ව්‍යුහයන් තැනීමට හා ස්ථාපනය කිරීමට සමත් වුයේ කෙසේද යන්න සිතා ගැනීම අද ජිවත්වන අපට අසීරු කාරනාවක් බවට පත්ව ඇත. මෙය බොහෝ උපකල්පනවලට, නොයෙකුත් මතවලට  මග පාදා ඇත. සමහරු කියා සිටින්නේ මේවා කිරීමට හැකිවන පරිදි ප්‍රාග්-ඓතිහාසික ජනතාවට ගණිතය සහ විද්‍යාව ගැන යම් අවබෝධයක් තිබෙන්නට ඇත යනුවෙනි. ඉන් නොනවතින සමහරු, පිටසක්වලින් පැමිණි අමුත්තන් පිරිසක් ආදි කාලයේ  විසුවන්ට මේවා උගැන්වූ බව විශ්වාස කරති.

එහෙත් ඇත්ත කාරනාව  නම් පෙර කල සිටි ජනතාව අහස තේරුම් ගත්තේ  කෙලෙසද එමෙන්ම ඔවුන් විශ්ව න්‍යාය විද්‍යාවක්(cosmology)  වැඩි දියුණු කරගත්තේ කෙසේද යන්න ගැන අපට ඇත්තටම අවබෝධයක් තිබේද යන්න විවාද සම්පන්නයි. 1970 ගණන් වල ඉස්මත්තට ආ පුරා-තාරකා විද්‍යාව(archaeoastronomy) හෝ සාංස්කෘතික තාරකා විද්‍යාව යන විද්‍යා ශික්ෂණයන්  අපට ඇතුළු නුවනක් සපයන්නට පටන් ගෙන තිබේ. මේ විෂයයට, තාරකාවිද්‍යාව, පුරාවිද්‍යාව, මානව විද්‍යාව සහ මානව-තාරකාවිද්යාව(ethno-astronomy) වැනි   විවිධ විශේෂිත ක්ෂේත්‍ර එකාබද්ධවෙයි.

සරල ක්‍රම

දහනව වැනි සියවසේ දී, ගීසා පිරමිඩ ගැන මුල්ම අධි- යථාතථ්‍යය(high precision) සමීක්ෂණයක යෙදුණු මිසරවේදී ෆ්ලින්ඩර් පෙට්‍රි පිරමිඩ වල ඒ ඒ කොන් හතර අංශකයක හතරෙන් එකක නිවරදිතාවයකින් යුතුව ප‍්‍රධාන දිසාවකට යොමු වන බව පෙන්වා දුන්නේය. ඉතින් මිසරවාසින් එය ඉටුකළේ කෙසේද? ගීසා පිරමිඩ ගැන හදාරන ඉංජිනේරුවෙකුවන ග්ලෙන් ඩෑෂ් එක්තරා න්‍යායක් යෝජනා කරයි: ඔහු ඒ සඳහා යොමුවන්නේ  ‘ඉන්දියානු කවය’ යන පැරණි  ක්‍රමයටයි. නැගෙනහිර බටහිර දිශා සොයා ගැනීම පිණිස යොදා ගත් ඒ සඳහා අවශ්‍යවන්නේ කෝටු කැබැල්ලක් හා නුලක් පමණකි. මෙහි සරලතාව සලකා පිරමිඩ තැනීමේ දී ද යොදාගන්න ඇතැයි ඔහු අදහස් කරයි.

ඒක ද එහෙනම් සිදුවුනේ? වෙන්නේ  බැරිත් නැහැ, හැබැයි අප සතුව වර්තමානයේ ඇති ලෝක දර්ශනය, ක්‍රම සහ අදහස් අතීතයට  පිළිබිඹු කිරීමේ අනතුරක් මෙතැන දී ඇත. ජන පුරාණ දෙස මෙන්ම ඒ කාලයේ දැන සිටි  සහ භාවිත කල අදාළ ක්‍රම ගැන ඇතුළු නුවණ යෙදවීම මගින් වඩා විශ්වාසය තැබිය හැකි පිළිතුරක් සොයා ගත හැකිවෙනු ඇත.

Related image

ඉදිරි මග

එහෙම නම්, පිරමිඩවල ඉදියුම පැහැදිලිකිරීමට  සංස්කෘතික තාරකා විද්‍යාවට හැකිවෙන්නේ කොහොම ද? 2001 වර්ෂයේ සිදු කල අධ්‍යනයක දී පෙන්වාදෙනු ලැබුවේ මහවලසා තාරකා මණ්ඩලයේ(stellar constellation known as Ursa Major) පිහිටි මෙග්රෙස් හා පෑඩ් නම් තාරකා  දෙක මෙහිදී ප්‍රධාන වන්නට ඇති බවයි. මේවා මුලු රාත්‍රිය පුරාම දර්ශනය වේ, පුරාණ කාල හෝරාවක් ද උපයෝගී කරගෙන උතුර ලකුණු කරගන්නට ඇතැයි අධ්‍යනයෙන් යෝජනා කෙරේ. ජනපුරානයේ සඳහන් වෙනත් දැනුම ද  සංස්කෘතික තාරකා විද්‍යාවෙදී උපයෝගී කර ගැනේ.

මේ ආකාරයට  ස්ටෝන්හෙන්ජ් ගැන ද වඩාත් හොඳ අදහස් ඉදිරිපත් වී ඇත. එක් අධ්‍යනයකදී ස්මාරකය අසළ අපූරු දාරුමය කවයක් සොයා ගැනීමට හැකිවිය. ඉන් ජිවත්ව සිටින්නන් ද ස්ටෝන්හෙන්ජ් මගින් මලගිය අය ද නිරුපනය වන්නට ඇතැයි අදහස් කෙරේ. මැඩගස්කරයෙන් සොයා ගනු ලැබූ ස්මාරකයින් හැඟවෙන්නේ පණ පිටීන් සිටින්නන් සහ මළවුන් සිහිපත් කිරීමට ප්‍රාග්-ඓතිහාසික ජනයා භාවිත කල පොදු ක්‍රමයක් විය හැකි යයි සිතිය හැකිය. වඩාත් පුළුල් භූ දර්ශනයක් තුල දැකීමට නව ප්‍රවේශයක් මින් සැපයේ. මේ සුසාන භුමිය ඉඳි කල අය එය වටකොට ඇති කඳුකරයට  ඔවුන් ඇතිකළ සතුන් සමග ගිම්හානයේ දී සංක්‍රමණය වන්නට ඇත. අල්ඩේබරන් නම් තාරකාව වසරේ මුල් වතාවට පායා එන්නේ මෙකි සංක්‍රමණය ආරම්භයේ දිය, මුලු කඳුකරයම ආලෝකමත් කල තාරකාවක්  මේ එඬේරුන් දුටු බව ජනප්‍රවාදයේ එයි. නොටින්ග්හැම් ට්‍රෙන්ට් විශ්වවිද්‍යාලයේ  තාරකාවිද්‍යා කථිකාචාර්ය ඩැනියෙල්  බ්‍රවුන් ඇතුළු පිරිස වර්තාමානයේ සිදු කරන අධ්‍යයන අනුව පෙනීයන්නේ ස්ටෝන්හෙන්ජ් හි  දීර්ග, පටු පිවිසුම් මං කැමරාවක ඇපචර් විවරයක් සේ ක්‍රියා කරමින් එම තාරකාවේ පෙනුම් තිවර කරන බවයි.

ප්‍රාග්-ඓතිහාසික ජනතාව විද්යාව පිළිබඳව මහා දැනුමක් තිබු, විශ්ලේෂණාත්මක  තාරකා විද්‍යාඥයන් ලෙස සැලකීම පහසු වුව ද, ඉන් පිළිබිඹුවන්නේ හුදෙක් තාරකාවිද්යාව පිලිබඳ අපගේ නුතන මතයන් පමණක් යයි  සිහි තබා ගැනීම වැදගත් බව බ්‍රවුන් පෙන්වා දෙයි. සංස්කෘතික තාරකා විද්‍යාව මගින්  සොයාගනු ලබන දේවල් වලින් පෙනීයන්නේ අහස දෙස නිරතුරුව නෙත් යොමා සිටි අතර අතීත වාසින් තමන්ගේ ජිවිතයේ බොහෝ අංග වල දුටු දෑ තම දැනුමට එක් කරගත් බවයි.  පුරාණ ඉඳිකිරීම්වල සම්භවය සහ අරමුණ  සම්බන්ධව තවමත් බොහෝ ගැටළු හා අභිරහස් පවතී. ඒවා විසඳා ගැනීමේ දී විවිධ ක්ෂේත්‍ර සහ ශික්ෂණයන්ගෙන් උකහා ගත ඩේ ඇතුලත් ප්‍රවේශයක් යෝග්‍ය බවයි බ්‍රවුන් අදහස් කරන්නේ.

space.com හි පළවූ  Did Prehistoric ‘Astronomers’ Build Stonehenge? යන ලිපිය ඇසුරෙනි

(මුල් ලිපිය The Conversation හි පලවිය)

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: