විද්‍යා, ගණිත සහ තාක්ෂණ පොදු තේමා: පද්ධති 2 කොටස

සමහර වැදගත් තේමාවන් විද්‍යාව, ගණිතය සහ තාක්ෂණය පුරාවට ව්‍යාප්තව පවතින අතර අප සලකා බලන්නේ පුරාණ ශිෂ්ටාචාරයන් වේවා, මනුෂ්‍ය ශරීරය වේවා, එසේත් නැතිනම් ධූම කේතුවක් වේවා ඒ සෑම තැනකදීම ඒවා යළි යළිත් අපට හමුවෙයි. ඒවා, ශාස්ත්‍රීය ශික්ෂණයන්ගේ මායිම් අභිබවා යන එමෙන්ම සිද්ධාන්තයන්, නිරීක්ෂණ සහ සැලසුම් පැහැදිලි කිරීමේදී ඵලදායි බව සනාථ වන අදහස්ය. එකී අදහස් කිහිපයක් ගැන මෙන්ම ඒවා විද්‍යාවට, ගණිතය සහ තාක්ෂණය කෙරෙහි කෙසේ යොදාගන්නේ ද යන්න පිළිබඳ නිර්දේශ ද මේ ලිපි පෙළ මගින් ඉදිරිපත් කෙරේ. මේවා පද්ධති, මොඩල, ස්ථායි බව හා විපර්යාස සහ පරිමාණය යන මාතෘකා ඔස්සේ ඉදිරි සඳුදා දිනවල තතු ඔබට ගෙන එනු ඇත.
පද්ධති 2 කොටස
යම් මායිම් සීමාවක් ඇතුළත දෙයක්ම පද්ධතියක් ලෙස සිතීම මගින් හැඟවෙන්නේ එක්තරා ආකාර වල බලපෑම් හා චර්යා ගැන සෙවීමේ අවශ්‍යතාවයයි. නිදසුනක් ලෙස, අපට පද්ධතියක ආදාන(input) සහ ප්‍රතිදාන(output) ගැන සැලකිල්ල යොමුකළ හැකිය. වාතය හා ඉන්ධන ඇන්ජිමකට ඇතුළත් වේ. දුමාරය, තාපය සහ යාන්ත්‍රික ක්‍රියාවලිය ඉන් පිටතට එයි. තොරතුරු එමෙන්ම ශබ්ද ශක්තිය සහ විද්‍යුත් ශක්තිය දුරකථන පද්ධතියක් තුළට යයි. තොරතුරු ශබ්ද ශක්තිය සහ තාපය ඉන් පිට වෙයි. තවද, අප පද්ධතියක ඕනෑම කොටසකට ඇතුළත් වන සහ ඉන් පිටවන්නේය කුමක් දැයි අපි සොයා බලමු — – සමහර කොටස්වල ප්‍රතිදානය අනිත් ඒවායේ ආදානය වෙයි. නිදසුනක් ගමු. පරිසර පද්ධතියක ඇති ශාකවල ඵල (ගෙඩි) සහ ඔක්සිජන් ප්‍රතිදානය වන අතර පද්ධතියේම සමහර සතුන්ට ඒවා ආදානය බවට පත්වෙයි; සතුන්ගේ ප්‍රතිදාන වන කාබන්ඩයොක්සයිඩ් සහ බෙටි ශාකවල ආදාන ලෙස ක්‍රියා කළ හැකිය.
පද්ධතියක ප්‍රතිදානයෙන් කොටසක් පද්ධතියේම ආදානයෙහි කොටසක් ලෙස ඇතුළු වීමට ඉඩ තිබේ. පොදුවේ ගත් කල එවැනි ප්‍රතිපෝෂණ පද්ධතියක් තුල සිද්ධවෙන්නේ කුමක්ද යන්න පාලනය කිරීම පිණිස ඉවහල් වේ. දැනටමත් ( පද්ධතිය තුළ) සිදු වුන දේ ධෛර්යමත් කිරීමට, අධෛර්යමත් කිරීමට හෝ වෙනත් යමක් සෑදීම පිණිස වෙනස් කිරීමට(modify = විකරණයට) ප්‍රතිපෝෂණයට හැකිය.
නිදසුනක් ලෙස, ශබ්ද විකාශන යන්ත්‍රයක් මගින් විස්තාරණය කෙරුණු(amplified) ශබ්දයේ කොටසක් මයික්රෆෝනයට ප්‍රතිපෝෂණය වීමට හැකි අතර එවිට එය තවදුරටත් විස්තාරණය වී, යළි යළිත් විස්තාරණය වෙමින් පද්ධතිය මත අතිබැරක්( ඉක්මවා යන බරක්) පැටවෙයි. අප අසා පුරුදු තියුණු ඝෝෂාකාර හඬ(feedback sequel) ශබ්ද විකාශයන් ඇසෙන්නේ එවිටය. එහෙත්, පද්ධතියක් මත ප්‍රතිපෝෂණය ඒ ආකාර ඉක්මණකින්ම සිදු නොවේ. නිදසුනක් ගතහොත් කිසියම් නිශ්චිත ස්ථානයක මුවන්ගේ ගහනය එක් වසරක් ඇතුළත වර්ධනය වුවහොත් ශීත සෘතුවේ සාමාන්‍යයෙන් හිඟවන ආහාර සඳහා ඉල්ලුම වැඩි වීමේ ප්‍රතිඵලයක් ලෙස සාගින්න ඊළඟ වසරේදී උත්සන්න වේ. ඒ අනුව එකී නිශ්චිත ස්ථානයේ මුව ගහනය අඩුවී යයි.
පද්ධතියක කොටසක් එකිනෙකා කෙරෙහි බලපෑම සිදු වන්නේ ද්‍රව්‍ය මාරුවීමකින් පමණක් නොව තොරතුරු මාරුවීම ද තුළිනි. එවැනි තොරතුරු ප්රතිපෝෂණයක් සාමාන්‍යයෙන් පද්ධතියේම කොටසක් ලෙස සංසන්දනාත්මකව යාන්ත්රණයකට සම්බන්ධ වේ. නිදසුනකට උෂ්ණත්ව පාලනයක් (thermostat), කලින් නියම කෙරුණු අගයකට කාමර උෂ්ණත්වය මනින ලද සංසන්දනය කර වෙනස වුවමනාවට වඩා විශාලනම් තාප හෝ ශීත උපකරණයක් ක්‍රියාත්මක කිරීමට ලක් කරයි. තවත් උදාහරණයක් දක්වතොත් නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට පෙර රාජ්‍යයක සැලසුම් හොර රහසේම හෙළිදරව් වුවහොත් ඉන් ඇතිවන ප්රතිචාරයන් හේතුවෙන් රජයේ එම සැලසුම් වෙනස් කිරීමට තුඩුදිය හැකි වේ; ජනතාව, එසේ හොරෙන් පිට වූ සැලසුම් තමන්ගේ අභිමතය තිබෙන සැලසුම් සමග සංසන්දනය කොට එම සැලසුම් වලට අනුමැතිය හෝ විරෝධය පළ කරයි.
පද්ධතියක ඕනෑම කොටසක්, එහිම අභ්‍යන්තර කොටස් සහ ඒවා අතර අන්තර්ක්‍රියා කාරකම් සහිත පද්ධතියක් — උප පද්ධතියක් — ලෙස සලකනු ලැබීමට පත්විය හැකිය. මුවෙකු ගතහොත් වූ ඌ, පරිසර පද්ධතියක කොටසක් වන අතර මුවාම අන්තර්ක්‍රියා කරන අවයවය සහ සෛල වලින් යුතු වූ එක් පද්ධතියකි. එම අවයවය සහ සෛල පවා පද්ධතියක් ලෙස සැලකිය හැකිය. එලෙසම, ඕනෑම පද්ධතියක් එමගින් බලපෑම් ඇතිකරන සහ ඊට බලපෑම් ඇති කරවන විශාල පද්ධතියක කොටසක් විය හැකියි. නිදසුනක් දක්වතොත්, නාගරික හා පළාත් ආණ්ඩුව එහිම කොටසක් ලෙස ඇතුලත් පද්ධතියක් ලෙස රාජ්‍යයක් සැලකිය හැකිය. එහෙත් එම් රාජ්යම ජාතික පාලන පද්ධතියක එක් කොටසක් ලෙස ද සැලකීමට ලක්විය හැකිය.
පද්ධතියේ අන්‍යෝන්‍යවශයෙන් අනන්‍ය සාධාරණ හෙවත් සුවිශේෂී නොවේ. පද්ධති කෙතරම් සමීපව සම්බන්ධ ද කිවහොත් එකක සියලුම කොටස් අනෙකක සියලුම කොටස් වෙන් කරන්නාවූ ඉම් සලකුණු කිරීමට කොහෙත්ම ඉඩක් නැත. මේ අනුව සන්නිවේදන පද්ධති, ප්‍රවාහන පද්ධති සහ සමාජ පද්ධති පුළුල් අන්දමින් එකිනෙකට සම්බන්ධය. එක් සංරචකයක් (කොටසක්) — ගුවන්යානා නියමුවෙකු ගමු — පද්ධති තුනෙහිම කොටසක් විය හැකිය.
American Association for the Advancement of Science මගින් සකසන Science for All Americans On-Line හි පළවූ COMMON THEMES නම් 11 වෙනි පරිචේදය ඇසුරෙන් සැකසෙන ලිපි මාලාවකි, මේ.
ප්‍රතිචාරයක් ලබාදෙන්න