මුල් කාලයේ පෘථිවිය වසා පැවති දරුණු (ඛනිජ සහ ඓන්ද්‍රීය ද්‍රව්‍ය මිශ්‍රනයක් වන) මැග්මා සාගරයෙන් චන්ද්‍රයා උපදින්නට ඇතැයි යනුවෙන් විද්‍යඥයන් අතරේ නව මතයක් ඉදිරිපත්වී තිබේ.
චන්ද්‍රයාගේ සම්භවය පිළිබඳව දැනට ඉදිරියෙන්ම ඇති උපන්‍යාසය වන්නේ අඟහරු ප්‍රමාණයේ තෙයියා(Theia) නම් අභ්‍යවකාශ වස්තුවක් පෘථිවියේ ගැටීමෙන් කැඩී බිඳී ගිය සුන් බුන් එකට එකතුවීමෙන් චන්ද්‍රයා සෑදුණු බවයි. ඒ ක්‍රියාවලිය විඩම්භනය කළ විට— ඒ කියන්නේ දත්ත අනුව ඇතැයි සිතන තත්ත්වයන් අනුකරණ කර සිදුකෙරෙන පරීක්ෂණ අනුව, මේ ක්‍රියාදාමයේ දී වලාකුළු බොහොමයක පැවතිය යුත්තේ තෙයියා වස්තුවෙන් බව ආ බව පෙණී යන කැබැලි සහ සුන්බුන්ය. එසේ නම් චන්ද්‍රයා සහ පෘථිවිය අතර එතරම් සමාන කම් තිබිය නොහැක.
එහෙත් යථාර්ථය ගතහොත් චන්ද්‍රයාගේ සහ පෘථිවියෙහි අතිවිශේෂ ආකාරයකට සමාන කමක් දක්වයි. ඒ නිසාවෙන් ග්‍රහලෝක විද්‍යාඥයන් අදහස් කරන්නේ එම වලාකුළ තුළ අපේ ග්‍රහ ලෝකයේ ද්‍රව්‍ය බොහොමයක් අඩංගුව තිබිය යුතු බවයි.
සාගර-පෘථිවි විද්‍යා සහ තාක්ෂණය සඳහා වූ ජපාන ආයතනයේ නට්සුකි හොසොනෝ සහ සගයෝ, මෙම ප්‍රහේලිකාව විසඳනු වස් නව විඩම්භන පෙළක්ම ක්‍රියාවට නැංවූහ. මෙම විඩම්භනවලදී පෙණී ගියේ තෙයියා අභ්‍යවකාශයෙන් ඇවිත් ඝට්ටනය වෙන්නේ ඝන පෘථිවියක නොව මැග්මා සාගරයකින් වැසී ගිය පෘථිවියක බවයි. පෘථිවියෙහි පාෂාණමය ප්‍රවාරණයෙන් පැන නගිනවාට වඩා පහසුවෙන් සාගරයකින් මැග්මා කැළති උඩට ඉහිරී යාමේ සම්භාවිතාව වැඩිය. එවිට චන්ද්‍රයා සෑදීමට මුල්වූ වලාකුළෙහි සියයට 70ක සිට 80ක් දක්වා ප්‍රමාණයක් අඩංගු වන්නේ පෘථිවි ද්‍රව්‍ය යයි. ඒ අනුව අපේ ග්‍රහලෝකය සහ චන්ද්‍රය අතර සමානකම තේරුම් ගත හැක.
magma splash
මෙවන් පසුබිමක, මැග්මා සාගරයෙන් අඩක්ම පමණ අභ්‍යවකාශයට පහකෙරෙන අතර අභ්‍යවකාශයෙන් ආ තෙයියා වස්තුවේ හරය අවසානයේ තරුණ පෘථිවිය තුලට කිඳා බසී. මේ මැග්මා අවසානයේ දි ස්ඵටීකරණයවන්නේ අද පෘථිවිය සහ චන්ද්‍රයා මත ඇති පාෂාණමය කබොල සෑදෙන ආකාරයකටය.
” මුල් කාලයේ පෘථිවිය මැග්මා සාගරයකින් වැසී තිබීම් සිදුවිය නොහැක්කක් නොවෙයි. ඒත් චන්ද්‍රයා බිහිවීමට බලපෑවේ මේ යාන්ත්‍රණය නම් එය සිදු වූ කාල වකවානුව වැදගත් වෙනවා” ඉන්ඩියානා හී පර්ඩූ විශ්වවිද්‍යාලයේ ජේ මෙලොෂ් කියා සිටියි. මෙම උපන්‍යාසය නිවැරදි බව පෙණී ගියහොත්, චන්ද්‍රයා බිහිවූ නිශ්චිත අවධිය නිර්ණය කිරීමට එය අපට උදව් වෙනු ඇති බව මෙලොෂ් පෙන්වා දෙයි. මන්ද ඔය කියන අවධියේ පෘථිවිය උණුව(විලීනව) තිබිය යුතු නිසයි.
මේ විඩම්භන පෘථිවි-චන්ද්‍ර පද්ධතියේ තවත් වැදගත් ගති ලක්ෂණ දෙකක ගැලපීම පෙන්නුම් කරයි:චන්ද්‍රයා අපේ ග්‍රහ ලෝකය වටා කක්ෂගතව ගමන් කරන සාපේක්ෂව අධික වේගය සහ චන්ද්‍රයා සතුව පෘථිවියට වඩා වැඩියෙන් අයන්(යකඩ) ඔක්සයිඩ් තිබීම යන කාරණාවයි– මේ රසායණය වඩාත් බහුලව තිබිය හැක්කේ ඝණ දෙයකට වඩා ද්‍රවයකය.
ඇත්තටම, අපේ චන්ද්‍රයා බිහිවුණේ මේ විදිහට නම් අපට අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ අනෙකුත් චන්ද්‍රයන් සෑදීම ගැන යළි සිතා බැලිය යුතු වෙන බව මෙලොෂ් පවසයි. ඝට්ටනයක් මගින් අඟහරු ලෝකයේ චන්ද්‍රයන් බිහි වෙද්දී ඒ ග්‍රහ ලෝකය සතුව මැග්මා සාගරයක් තිබුණාද යන්න හෝ ප්ලූටෝ ගේ උපපෘෂ්ට සාගරය එහි කබොළට වඩාත් ආසන්නයේ පිහිටීම එහි දැවැන්ත චන්ද්‍රයා වන චැරොන් සෑදීමට උපකාරී වී ද වැනි කාරණා ගැන අපට යළි සිතා බැලීමට සිදුවේ.