සැමට විදු නැන නුවණ – Science Literacy for All

පෙර පාසල් සිසුන් තුළ සංකල්ප සංවර්ධනය

ක්‍රි.ව. 1970 සිට ක්‍රි.ව. 2000 දක්වා වසර තිහ තුළ දරුවන්ගේ සංකල්ප නැතිනම්  ප්‍රවර්ග ගැන රචිත සඟරා ලිපි 7000 ඉක්මවයි. මූලික සෛදාන්තික කාරණා මෙන්ම අවබෝධ කරගැනීමේ අවස්ථා පෑදීම සිසුන් සිය ජීවිතය හා පාසල් අධ්‍යාපනය සමග ඍජුවම සම්බන්ධ සංකල්ප පිළිබඳ තීරණය කරන්නේ කෙසේද යන ප්‍රායෝගික කාරණාව කෙරෙහි ද ශාස්ත්‍රඥයෝ ආකර්ෂණයවෙති. මෑතක සිදු කළ මනෝවිද්‍යාත්මක පර්යේෂණ පදනම් කරගනිමින් මීට අදාළව තේමා හතරක් ඉස්මතු වී තිබේ. මේ ලිපි පෙළෙහි ඒවා එකිනෙක සලකා බැලේ.

1. තේමාව : සංකල්ප යනු මෙවලම්ය. ඒ හේතුව නිසාවෙන් ඒවා ළමුන්ගේ තර්කණයෙහි – ධනාත්මක මෙන්ම ඍණාත්මක යන තර්කණ දෙක කෙරෙහිම දැඩි බලපෑමක් ඇත. තේමා

2. තෙමාව : ළමුන්ගේ මුල් කාලයේ සංකල්ප අවශ්‍යයෙන්ම මූර්තව හෝ සංජානකව පදනම්ව නැත. අවශ්‍යෙයන්ම බැලූ බැල්මට නොපෙනෙන, සියුම් සහ අමුර්ත සංකල්ප ගැන තර්කාණුකූලව සිතා බලීමට පෙර පාසල් ළමුන්ට පවා හැකියාව තිබේ.

3. තේමාව: අන්තර්ගත කාරණා හරහා, පුද්ගලයන් හරහා, සහ කාර්යයන් හරහා ළමුන්ගේ සංකල්ප ඒකරූපීවන්නේ නැත.

4. තේමාව: ලෝකයේ පිළිබඳව ඔවුන් තුළ මෝරාගෙන එන සිද්ධාන්ත ඔවුන්ගේ සංකල්ප මගින් පිළිබිඹු කෙරේ. ළමුන්ගේ සිද්ධාන්ත නිවැරදි නොවන තරමට  ඔවුන්ගේ සංකල්පනයන්ද අගතිගාමීය.

මෙම සංකල්ප හතර මුල් ළමා වියෙහි සංකල්ප ගැන පුළුල්ව ව්‍යාප්තව ඇති,  (එහෙත් සාවද්‍ය) අදහස්වලට පටහැනි වන අතර තවද, ඒවා මුල් ළමාවිය අධ්‍යාපනය පිළිබඳ ගැටලු ගණනාවක් මතු කරයි.

 

අද ලිපියෙන් පළමුවැනි තේමාව ගැන කතාකරමු.

1. තේමාව: සංකල්ප මෙවලම් හැටියට

අත්දැකීම් සංවිධානය සඳහා සංකල්ප, කාර්යක්ෂම මාර්ගයක් සපයයි. වර්ගීකරණය කිරීමට ළමුන්ට නොහැකි වුවහොත් සිදුවන්නේ ඔවුන්ගේ අත්දැකීම්, ස්මරණයේ රඳවා ගැනීමට නොහැකි තරමට විවිධ වූ වස්තූන්, විවිධ වූ ගුණාංග, විවිධ වූ සංවේදන, සහ විවිධ වූ සිද්ධීන්ගෙන් පිරුණු අර්බුදකාරී ඒවා බවට පත්වීමයි. මෙහි උපකල්පිත(zzzzz විලියම් ජේම්ස් යොදා ගත් අන්දමටම දක්වතොත්)කසිකබල්, දූසමාන  පටලැවිල්ලට” පරස්පරව, මුල්ම බිළිඳු වියේ පටන්ම ළමයි කැපී පෙනෙන ආකාරයට වැඩිහිටියන්ගේ වර්ගීකරණයන්ට සමාන වර්ග සදා ගනිති. කතා කිරීම ආරම්භ කිරීමටත් පෙර සිට පවා බිළින්දෝ මුහුණුවරවල්, කතා කරන ශබ්ද, හැඟීම් දැක්වෙන ප්‍රකාශන, වර්ණ, වස්තූන්, සතුන් ගේ වර්ග කිරීම සහ ප්‍රකාරතාවන්(යෝග්‍ය වැඩපිළිවෙලවල්) හරහා සිතියම් ගත කිරීම් සිදු කරති. මාස 18 වන විට ළමුන් බොහා් දෙනෙක් දවසකට දළවශයෙන් අලුත් වචන නවයක් එකතු කර ගනිමින් වාක්කෝෂයේ මහා ව්‍යාප්තියක්ආරම්භ කර අවසන්ය. නව වචනවලින් බොහොමයකට සංකල්පයන් කේතගත කර ඇතැයි උපකල්පනය කළොත්, ඒ කාරණාවන් වැටහෙන්නේ වයස අවුරුදු එකේ, දෙකේ ළමයි සංකල්ප සාදනයෙහිලා හපන්කම් දක්වන බවයි.

Related image

කෙසේ වෙතත්, තොරතුරු මතකය තුළ කාර්යක්ෂමව සංවිධානය කිරීමට වැඩි යමක් සංකල්ප මගින් සිදුවේ. ලෝකයේ ඇති වස්තූන් හඳුගැනීමින්, සාදෘශ්‍යයන් සම්පාදන කර ගැනිමින්, දැනටමත් දන්නා දෙයින් ඔබ්බට දැනුම ව්‍යාප්තකරන අනුමිතයන් දැක්වමින්, සහ සිද්ධාන්තයක හර අංග ගෙනහැර පාමින්  සංජානන කාර්යයන් පරාසයක් තුළ වැදගත් කාර්යාභාරයක් ද එවා මගින් ඉටු  කරනු ලැබේ. මේ කාර්යයන් බොහොමයක් පාසල් කාර්ය සාධනයට කේන්ද්‍රීය වේ. මෙලෙස, සංකල්ප යනු මෙකී වඩාත් සංකීර්ණ කුසලතා සඳහා වන තැනුම් ඒකක ලෙස කල්පනා කළ හැකිය.

මෙකී සංජානන කාර්යයන්ගෙන් එකක්වන, ප්‍රේරණය(induction) යන්න අඥාත දේ පිළිබඳ අනුමානයන් පෝෂණය සමග සම්බන්ධය.

පැහැදිලි දෙය හෝ දැනටමත් දන්නා (ඥාත) දෙයින් ඔබ්බට දැනුම විස්තීරණය කිරීම පිණිස ළමුන් මෙන්ම වැඩිහිටියන්න් යන දෙපිරිසම, වර්ග කිරීම යොදා ගනිති. නිදසුනක් ලෙස සලකතොත්, අවුරුදු හතරක දරුවන්ට බල්ලෙකු පෙන්වා උගේ ඇඟෙහි ශ්වේතාණු(leukocytes) ඇතැයි වැනි අලුත් කාරණාවක් ඔවුනට පැවසුවහොත්, අනෙකුත් සුනඛයන්ගේ ශරීරාභ්‍යන්තරයේ ශ්වේතාණු  ඇතැයි අනුමාන කරති. බැලූ බැල්මට බාහිර පෙනුමෙන් එවන් දෙයකට සහාය පළ නොවන විට පවා ළමුන් මෙවන් අනුමාන සිදුකරනව බව දැනගැනීම වැදගත්ය.  (පහත සටහන බලන්න.)

සටහන

මේ සම්බන්ධයෙන් සිදු කළ එක් පරීක්ෂණයකදී ළමුන්ට, “ඩයිනසෝර”, “රයිනෝසිරස්” සහ “ඩයිනසෝර” වශයෙන් පිළිවෙළින් නම් කළ තිබූ brontosaurus, rhinoceros  සහ triceratops දකින්නට සැලැස්විණ. ප්‍රවර්ග ලේබලය සහ බාහිර පෙනුම අතර පරස්පරයක් විය: brontosaurus සහ triceratops එකම ප්‍රවර්ගයක සාමාජිකයන්ය. එහෙත් rhinoceros සහ triceratops බාහිර පෙනුමෙන් වඩාත් සමානකමක් දක්නට තිබිණ.  අනතුරුව brontosaurus හා rhinoceros යන දෙදෙනා පිළිවෙලින් චලතාප සහ අචලතාප යන ගුණාංගයකින් යුක්ත බව ළමයි අළුතෙන් උගෙන ගත්හ. ඔය දෙකින්(චලතාප, අචලතාප) කුමන ගුණාංගයක්  triceratops සම්බන්ධයෙන් සත්‍යවන්නේ දැයි සිසුන්ගෙන් අසනු ලැබූ අතර brontosaurus සහ triceratops යන දෙදෙනාම ඩයිනසෝරයන් බව සිසුන් දැනගත් විට brontosaurus බාහිර පෙනුමෙන් වඩාත් සමන වන්නේ රයිනෝසිරස්ට වුවද brontosaurus මෙන් triceratops චලතාප බව ඔවුහු අනුමාන කළහ. මෙම පර්යේෂණය සහ වෙනත් පර්යේෂණවලින් පෙනී යන්නේ අවුරුදු 2 1/2 වයසැති ළමයින් බාහිර පෙනුම නොතකා අනුමිතියන් සඳහා ප්‍රවර්ග සාමාජිකත්වය යොදාගන්නා බවයි.

  

ළමුන්ට සිය දැනුමෙහි පදනම ව්‍යාප්ත කිරිමට ඉඩ සලසන හෙයින් අනුමානය හෙවත් අනුමිතිය දෙස ධනාත්මකව බැලිය හැකි නමුත් ළමුන් ආයෝග්‍ය අන්දමට පුළුල් අනුමානයන් සිදුකරන විට එය ප්‍රශ්න හෙවත් ගැටළුවලට මුල් විය හැකිය. ඉන් හට ගත හැකි එක් ගැටලුවක් වන්නේ ඒකාකාරතාවයයි(stereotyping). පෙර පාසල් වියේ දරුවෝ බොහෝ විට සමාජයීය ප්‍රවර්ගයන්, ජීව විද්‍යාත්මක ප්‍රවර්ගයන් ලෙස සලකති. නිදසුනක් ලෙස, (ස්ත්‍රී පුරුෂභාවය හෝ වාර්ගිකත්වය මත පදනම්) සමාජ ප්‍රවර්ගයක්, හැකියාව හෝ රැකියාව සම්බන්ධව ගතහොත් එකක් ම  යයි සිතති. දෙවැනි ගැටලුව වන්නේ, කුඩා ළමුන් ඇතැම් විට ප්‍රවර්ගයක් ඇතුළත සංඛ්‍යා ලේඛනාත්මක විචල්‍යතාව පිළිබඳ අදාළ තොරතුරු නොසලකා හැරීමට ඉඩ තිබීමයි. නිදසුනක් කුරුල්ලන් පස් දෙනෙකුම සම්බන්ධයෙන් සැබෑ වන ගුණාංගයක්, එක් තනි කුරුල්ලෙකුට පමණක් සම්බන්ධ ගුණාංගයකට වඩා උද්ගමනය හෙවත් ප්‍රේරණය සඳහා ස්ථාවර පදනමක් සපයන බවක් සිව්වස් දරුවන් වටහා ගන්නා බවක් නොපනේ.

තවද, ප්‍රවර්ගයක් ඇතුළත විචල්‍යතාව ඒත්තු ගත හැකි උද්ගමන ආකාරයන්ට සම්බන්ධයක් තිබෙන්නේ යයි  ඔවුන් වටහා ගන්නා බවක්ද නොපෙනෙන අතර සාරාංශ වශයෙන් දක්වතොත් මෙම තේමාව වැදගත් කරුණු හතරක් විදහා දක්වයි.

·        කලින් දන්නා තොරතුරු උද්ගාමී(ප්‍රේරක) අනුමේයය හෙවත් නිගමනය(inductive inference) නම් ක්‍රියාදාමය තුළින් කලින් දැන නොසිටි අවස්ථා දක්වා ගෙනයාමේදී  ළමුන් මෙන්ම වැඩිහිටියන්ද සංකල්ප යොදා ගනිති.

·        එවන් උද්ගමනයන් හුදෙක් සංජානමය සමානතා මතම පදනම්ව නැත.

·        ප්‍රවර්ග සාමාජිකත්වය දැනවීමට, එමෙන්ම ඒ අනුව උද්ගමනයට මගපෙන්වීමට නම්කිරීම හෙවත් නම්තැබීම(naming) වැදගත් මාර්ගයකි. ප්‍රවර්ගයක සාමාජිකයන්(ප්‍රවර්ගයකට අයත්වන දේ) අතරේ සමානතා සෙවීම පිණිස නම්තැබීම, ළමුන්ව යොමු කරයි. මෙලෙස මේ ක්‍රියාකාරිත්වය, අඩුතරමින් පෙර පාසල් විය වන විටවත් ළමුන්ට ලබාගත හැකි බෙහෙවින් ප්‍ර යෝජනවත් මෙවලමකි.

·        පෙර පාසල් වියට එළැඹෙන විටත් උද්ගමනය සඳහා ප්‍රවර්ගයන් යොදා ගැනීමට ළමුන්ට  හැකියාවක් තිබුණේ වී නමුත් එය නොතක ඔවුන් මෙකී අනුමානයන් යෝග්‍ය ආකාරයට සෑමවිටමත් සීමා කිරීමක් කරන්නේ නැත.

AAAS – Project 2061 යටතේ සැකැසුණු   Dialogue on Early Childhood: Concept Development in Preschool Children ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: