පූසෝ ‘ඤාව්’ ගාන්නේ ඇයි ?
සෑම දිනකම පාහේ ඔබේ බළලා ඔබේ කාමරයට ඇවිත් ඔබ දිහා අමනාපෙන් වගේ බලල බලාපොරොත්තු සුන් වූ ආකාරයකින් ‘ඤාව්” ගානව. ඔබ බළලුන්ගේ භාෂාව දන්නේ නැතිවුණාට පූසා කියන්න හදන දේ තේරුම පැහැදිලිය: “ඔයා තවම මට කන්න දුන්නේ නැහැනේ. හරී නරකයි!”
ගෙවල්වල ඇතිකරන බළලුන් ඔවුන්ගේ මිනිස් සගයන් සමඟ සන්නිවේදනය කිරීම සඳහා කටහඬ භාවිතා කරන ආකාරය ඇත්තටම සුවිශේෂීයි. එහෙත් , ඔවුන්(බළලුන්) එකිනෙකා දෙස බලලා ඤාව් ගාන්නේ කලාතුරකින්. ඉතින් අපේ සුරතල් මිතුරන් අප සමඟ කතාබස් කරන්න මේ තරම් පෙළඹෙන්නේ කුමක් නිසාද?
ඒ ප්‍රශ්නයට පිළිතුර ගෘහස්තකරණය(domestication = හීලෑ කිරීම ) හා සම්බන්ධ විය යුතු බවයි විශේෂඥයන්ගේ අදහස.

මීට වසර 10,000 කට පමණ ඉස්සර බළලුන් මිනිසුන් සමඟ ජීවත් වීම සඳහා පැමිණිමට කලින් ඔවුන් හුදකලා ජීවිතය ප්‍රිය කළ ‘තනියන්’ බවයි ” The Domestic Cat:The Biology of Its Behaviour(ගෘහස්ථ බළලා:ඔවුන්ගේ ජීව විද්යාව — කේම්බ්රිජ් විශ්වවිද්යාලයීය මුද්රණාලය 2000)” නම් ග්‍රන්ථය ලියූ John Bradshaw සහ Charlotte Cameron-Beaumont සඳහන් කරන්නේ. මෙම පෞරාණික බළලුන්ට තමන්ගේම විශේෂයේ අනෙකුත් සාමාජිකයන් හමුවීම සිදුවුනේ කලාතුරකින් නිසා ඔවුනොවුන් අතර සන්නිවේදනය සඳහා ඔවුන්ගේ හඬ භාවිතා කිරීමට අවශ්‍ය වුණේ නැහැ.
ඒ වෙනුවට, මෙම වල් බළලුන් සන්නිවේදනය කළේ ගඳ-සුවඳ දැනෙන ඉව මගින් හෝ ගස් වැනි වස්තූන් වල ඇතිල්ලමින් හෝ (ඒවාට) මුත්රා කිරීමෙනුයි. ඒ ආකාරයෙන්, පණිවිඩයක් යැවීම සඳහා බළලුන්ට වෙන අනෙකුත් බළලුන් සමඟ මුහුණට මුහුණ බැලීම හෝ හමුවීම අවශ්ය වුණේ නැහැ. බළලුන් එකිනෙකා සමඟ සන්නිවේදනය කරන ආකාරය තවමත් බොහෝ දුරට පවතින්නේ ඒ ස්වරූපයෙන්ම බව ජෝර්ජියාවේ, මර්සර් විශ්ව විද්යාලයේ ජෝන් රයිට් පවසනවා.. ඔහු සත්ව චර්යා අධ්යයනයෙහි යෙදෙන මනෝවිද්‍යාඥයෙක්.
“අනෙක් සංවේදීතාවන් භාවිතා කිරීම එතරම් කාර්යක්ෂමව කරද්දී කටහඬ භාවිතා කරන්නේ මොකටද?” රයිට් ප්‍රශ්න කරනවා.
“ඒත් ඉතින් (බළලුන්ට තරම්) ගඳ සුවඳ හොඳින් දැනෙන සංවේදන මිනිසුන්ට නැහැ. (අනික,ගෙදර තියන අළුත්ම සෝෆාවට බළලෙකු මුත්‍රා ඉහිමින් සංඉවේදනය යෙදෙන්න උත්සාහ කරන එක අගය කිරීමටත් අපට හැකියාවක් නැහැනෙ?). එබැවින්, බළලුන් තම මිත්‍ර මිනිසුන් සමඟ සන්නිවේදනය කරන්න තෝරා ගන්නේ ඔවුන්ට අවශ්‍ය දේ ලබා ගැනීමට බොහෝ දුරට ඉඩ ඇති ආකාරයක් තමයි: එනම් ඤාව්, ඤාව් ගෑමෙනි. “බලල්ලු මිනිසුන්ව සුරුවනවා. ඒ නිසා ඔවුන් කටහඬ සන්නිවේදන මෙවලමක් බවට පත්කරගන්නවා. ” යයි රයිට් පෙන්වාදෙනවා.
බොහෝ බළලුන් විවිධ අවශ්‍යතා සහ හැඟීම් ප්‍රකාශ කිරීමට වගේම් වෙනත් විවිධ ප්‍රතිචාර දැක්වීමට ඤාව් ශබ්ද මාලා එකතුවක් පවා වර්ධනය කරගන්නව. උදාහරණයක් ලෙස, ඔබේ බළලා ඔබට ආචාර කිරීම පිණිස පුරු පුරු හඬක් නගන්නත්, එළිපහලියට යන්න උවමණාවක් ආවාහාම තියුණු කෙඳිරිලි හඬක් නගන්නත් හෝ බඩගිනි වෙලා ආහාර ඉල්ලන්න මහ හඬි ඤාව් ගාන්නත් පුළුවනි.

මිනිසුන් දෙස බලා ඤාව් ගෑම කාලයත් සමග ගෘහ බළල් වර්ගයා අර්ධ වශයෙන් උගත් හැසිරීමක් වෙන්න පුළුවන්. බළලුන් සියළුදෙනාම පැටව් අවධියේ, මවගේ අවධානය ලබාගන්න උවමනා වූ විට, සීතල දැනෙන විට හෝ මව් බැළලිය වැරදීමකින් පැට්වුන්ගේ ඇඟ මත පෙරළුණු විට ඤාව්. ගෘහස්ථ බළලුන් හෙවත් ගෙදර දොරේ ඇතිදැඩිවෙන බලලුන් මෙම හැසිරීම වැඩිහිටිභාවයටත් ඉන් ඔබ්බටත් ගෙන යන නමුත් feral cats ලෙස හඳුන්වනු ලබන බළලුන් වැඩිවියට පත්වේද්දී ඒ පුරුද්ද අත්හැර දානවා. (feral cats කියන්නේ ගෘහස්තීකරනයට ලක්වූ එහෙත් හිමිකරුවන් නොමැතිව නිවෙස්වලින් පිටත නිදැල්ලේ හැසිරෙමින් ජීවත්වෙන බළල්ලු. Behavioral Processes නම් සඟරාවෙහි පළ කරන ලැබූ එක් අධ්යයනයකට අනුව මෙම ෆෙරල් පූසන්, නිවෙස්වල් ඇතිකරන බළලුන් වඩා වැඩියෙන් ගොරවන හඬක් නැගීමට හෝ ‘ස්’ හඬින් පිඹීමට ඉඩ තිබෙනවා.

ගෘහ බළලුන්ටඅයිතිකරුවන් ඉන්නවානේ. ඒත් ෆෙරල් බළලුන්ට එහෙම හිමිකාරයෝ නැහැ. ඉතින් එම බළල්ලු ඤාව් ගෑවත් එය එය එක එක ආකාරයකට සිදුකරන්නේ නැහැ. ඔවුන් මිනිසුන්ට, බෝනික්කන්ට හා බල්ලන්ට — ඔය කාට කාටත් ඤාව් ගන්නේඑකම ආකාරයටයි. ඔවුනට වඩා ගෘහ බළලුන් වැඩි අවස්ථා ගනනක් ඤාව් ගාන අතර බොහෝ විට එසේ කරන්නේ මිනිසුන්ට වෙතට පමණයි. එයින් ඇඟවෙන්නේ ඔවුන් තම අයිතිකරුවන් සඳහා විශේෂ භාෂාවක් ලෙස ඤාව් ගෑම වර්ධනය කරගෙන ඇති බවයි. වෙනත් වචන වලින් කියත හොත්, ඔබගේ බළලා ඔබ දැක ඤාව් ගෑවොත් ඒ පොඩි කාලේ ඉඳලාම ඔබගේ අවධානය යොමු කරගැනීමට හැකි මගක් බව ඔවුන් ඉගෙන ගෙන ඇති නිසයි.
ඔබේ බළලා පවසන දේ ගැන ඔබ කුතුහලයක් දක්වමින් අවධනයෙන් සිටීන්නේ නම් , දෙපාර්ශවය අතර සන්නිවේදනය දිරිමත් කළ හැකි යයි රයිට් පවසයි. මිනිසුන් ඔවුන්ගේ පූසන්ගේ පුරු පුරුගෑමට හෝ ඤාව් ගෑමට අවධානය දක්වමින් මිනිසුන්ගේ භාෂාවේ වචනවලින් ප්‍රතිචාර දක්වන්නේ නම් බාගවිට දෙබසක් හෝ සංවාදයක් පවා නිර්මාණය කර ගන්නට පුළුවන. “ඔබේ කටහඬට, ස්වරායනයන්ට ඇහුම්කන් දීමට බළලාට හැකි අයුරින් ඔබේ ප්‍රතිචාරයන් ප්‍රමාණාත්මකව ධනාත්මකවේ නම්, ප්‍රමාණාත්මකව භාවිකථන වේ නම් ඔබ සමඟ සන්නිවේදනයෙහි යෙදීමට ඔබේ බළලාට උත්සාහ කළ හැකිය” යි රයිට් පෙන්වාදෙනවා.
Life’s Little Mysteries(Live Science) හි පළවන Why do cats meow? යන ලිපිය ඇසුරෙනි