ජීවිතය ගැන කියන බලගතු කේන්දරය: ජාන යනු කුමක්ද?
ජාන ගැන කතාකරන්න කලින් අපි පහුගිය සතියක DNA ගැන කළ සටහනට අවධානය යොමු කරමු.
බොහෝ විට ඩීඑන්ඒ (DNA) ලෙස කැටි කර දක්වන ඩියෝක්සිරයිබොනියුක්ලික් අම්ලය (Deoxyribonucleic acid) සෑම ජීව සෛලයකම පාහේ දක්නට ලැබේ. ජීවියෙකුට තමන් විසින්ම ගොඩනඟා ගැනීමට, නඩත්තු කිරීමට හා අලුත්වැඩියා කර ගැනීමට අවශ්ය සියලුම උපදෙස් එය දරයි. සතුන්, ශාක හා ක්ෂුද්ර ජීවීන් ඔවුන්ගේ ඩීඑන්ඒ ප්රතිවලනය කිරීමෙන් හා සම්ප්රේෂණය කිරීමෙන් ඔවුන්ගේ ගතිලක්ෂණ සිය ජනිතයන්ට උරුමකර දිය හැකිය.
දැන් අපි ජාන දෙසට හැරෙමු.
ජාන යනු, නිශ්චිත ප්‍රෝටීනයක් සඳහා කේතය අඩංගු අපගේ ඩීඑන්ඒ අනුක්‍රමයේ කොටස් වේ. සාමාන්‍යයෙන් එය සුවිශේෂී කෘත්‍යයකට හෝ ශාරීරික ගතිලක්ෂණයක්ට සම්බන්ධය. නිදසුනක් දක්වතොත් ‘OCA2’ නමින් හැඳින්වෙන (මිනිසුන් තුළ ඇති) ඩීඑන්ඒ කොටස පුද්ගලයෙකුගේ ඇස්වල වර්ණය කෙරෙහි ප්‍රබල බලපෑමක් ඇති කරයි. අපගේ ඩීඑන්ඒ හි මෙම කොටස්වල විචලනයන් පුද්ගලයන් අතරේ අප දකින විෂම ගතිලක්ෂණ වලට තුඩු දෙයි. නිදසුනක් ලෙස, දුඹුරු ඇස් ඇති පුද්ගලයින්ට වඩා නිල් ඇස් ඇති පුද්ගලයින්හට ‘OCA2’ හි වෙනස් ඩීඑන්ඒ ඇත.

ජාන පිළිබඳ පොදු වැරදි වැටහීමක් නම් එක් නිජගති ලක්ෂණයක් සඳහා එක් ජානයක් වගකිව යුතු බවයි. මෙය ඇත්තටම බෙහෙවින් අසාමාන්‍ය දෙයකි. වඩාත් බහුලව පිළිගනු ලබන්නේ, භෞතික ගතිලක්ෂණ ජාන බොහොමයක එකතුවක ප්‍රතිඵලයක් යන්නය. පලතුරු මැස්සන්, පණුවන් හෝ මීයන් වැනි සතුන් සාමාන්‍යයෙන් භාවිතා කරමින් ජානයක් ඉවත් කිරීම හෝ භස්ම යුගල(base pairs) අනුක්‍රමය වෙනස් කිරීම මගින් විද්‍යාඥයන්ට ජානයකට කළ හැකි දේ අධ්‍යයනය කළ හැකිය. පසුව, ඒ කියන්නේ වෙනස් දේ කුමක්දැයි බැලීමෙන් පසුව මෙම ‘විකෘති’ සතුන් අධ්‍යයනය කරනු ලැබේ.

ඩීඑන්ඒ ප්‍රතිවලිත වන්නේ කෙසේද?
ඩීඑන්ඒ හි ‘ද්විත්ව හෙලික්ස්’ ව්‍යුහය සොයා ගැනීම ඩීඑන්ඒ අණුවක් ප්‍රතිවලිත කරන ඉතා සරල, කදිම ආකාරය හෙළි කිරීමට උපකාරී විය. සෛලයේ ඇති වෙනත් රසායනික ද්‍රව්‍යවල ආධාරය ඇතිව ද්විත්ව හෙලික්ස් ව්‍යුහුය ඇඹරීම ලිහෙමින් කෙඳි දෙක මැදින් බෙදී යන්නේ හරියට සිප් එකක් අදින විට සිදුවන ආකාරයට සමානවය. A සෑම විටම T සමග ද C සමඟ G ද සම්බන්ධ වන හෙයින්, අළුතෙන් බිදුණු කෙඳිවලට ප්‍රතිවිරුද්ධ හෙවත් සම්මුඛ අනුරූප ස්ථානවලට වඩ වඩාත් නියුක්ලොයිඩ ආකාර්ෂණය කර ගනිද්දී දාම දෙකම නිශ්චිත පිටපතක් සාදන්නේ ය.

සෛල නිරන්තරයෙන් බෙදීයාම හා ප්‍රතිවලනය වන බැවින් මෙම අනුරූකරණ ක්‍රියාවලිය වැදගත් වේ. ඩීඑන්ඒ වැරදි ලෙස පිටපත් කර ඇත්නම්, එහි ප්‍රතිඵලයක් ලෙස ඇති වන සෛලවල අවුල් සහගත උපදෙස් අඩංගුවන අතර පාලනයෙන් බැහැරව වර්ධනය වීමට පටන් ගත හැකිය. බොහෝ විට පිළිකා ගෙඩියක්(a cancerous tumour) ආරම්භ වන ආකාරය මෙයයි.

භස්ම යුගල(BASE PAIRS)
ඩීඑන්ඒ(DNA) සමන්විත වන්නේ නියුක්ලියෝටයිඩ ලෙස හැඳින්වෙන තැනුම් ඒකක වලිනි. මේවා විවිධ වර්ග හතරක් ඇති අතර එක් එක් වර්ගයට ඉන්ග්‍රීසි අක්ෂරය බැගින් පවරනු ලැබේ: ඒ, සී, ජී හෝ ටී. ඒ, ටී සමඟ සම්බන්ධ වන අතර සහ ජී සමඟ සී සම්බන්ධ වේ. මෙවා සම්බන්ධවූ විට වූ විට භස්ම යුගල සාදනු ලබේ.
ඩීඑන්ඒ අනුක්‍රමණය(DNA SEQUENCING)
මෙම තාක්ෂණය විද්‍යා ස්ශීන්ටිස්ට්ස් යින්ට නියුක්ලියෝටයිඩ අනුක්‍රමය ‘කියැවීමට’ ඉඩ සලසයි.
ජාන(GENE)
ජාන යනු සුවිශේෂිත කාර්යයක් ඇති ඪ්ණැ හි කොටසක්. ජාන එක් දෙයක් පමණක් කරන්නේ කලාතුරකිනි. බොහෝ විට එය ජාන බොහොමයක එකතුවක් ලෙස ක්‍රියාත්මක වීමෙන් තමයි ප්‍රතිඵල ලෙස අක්ෂි වර්ණය හෝ උස වැනි භෞතික ලක්ෂණ අත්පත්වන්නේ . ඔබට ඔබේ මව සහ පියා යන දෙදෙනාගෙන්ම ජාන උරුම වේ.
ජෙනෝමය(GENOME)
මෙය තමයි ජීවියෙකුගේ සමස්ත ඩීඑන්ඒ(DNA) අනුක්‍රමය. මානව ජෙනෝමය 2003 දී අනුක්‍රමණය කළේ නැතිනම් අනුපිළිවෙලට සකස් කරන ලද්දේ 2003 දී ය. සෑම කෙනෙකුගේම ජෙනෝමය අද්විතීය වේ, නමුත් ජාන අතර සමානකම් අධ්‍යයනය කිරීමෙන් අප සමීපව සම්බන්ධ වන්නේ දැයි අපට කිව හැකිය.
ජානමය විසර්ජනය(GENETIC DISORDER )
පුද්ගලයෙකුගේ ජානවල අසාමාන්‍යතා එකක් හෝ වැඩි ගණනක් නිසා ඇති වන ගැටළුවක්, සාමාන්‍යයෙන් උපතේ සිටම දක්නට ලැබේ. බොහෝ ජානමය ආබාධ තරමක් දුර්ලභ ය.
ජාන විකරණය(GENETIC MODIFICATION)
පළිබෝධකයන්ට ප්‍රතිරෝධී වන පරිදි එක් බෝගයක සිට තවත් බෝගයකට ජානයක් ඇතුළු කිරීම වැනි විවිධ ගුණාංග ඇති ජීවියෙකුගේ ඩීඑන්ඒ වෙනස් කිරීම.

වර්ණදේහ යනු කුමක්ද?( WHAT ARE CHROMOSOMES?) යන්න ගැන අපි ඊළඟට කතා කරමු. තතු දිගටම කියවන්න.
BBC Focus magazine collection volume 5 – The Ultimate Guide to your Genes යන ග්‍රන්ථය ඇසුරෙන් සැකසිණ