මිහිකත මත ජීවය සුරකින පස
ශිෂ්ඨචාරයේ ආරම්භයේ සිටම සංස්කෘතීන්හි ලක්ෂණ නිරූපණය කරන අංගයකි, පස. මේ ලෝකයෙ ලියැවුණු පළමු වචන සමහරක් සටහන් කරන ලද්දේ මැටි පුවරුවලය; ජලය රැගෙන යන ලද්දේ මැටි කොතලවලය. සියලු ගොඩනැඟිලි සඳහා පදනම සපයන්නේ එයයි (සමහරක් පස් අහස උසට තැනෙන ගොඩනැගිලිවලට ආධාරක විය හැකි අතර තවත් සමහරක් පස් ඔබේ බරවත් දැරිය නොහකි විය හැක). පස, (පුරාවිද්‍යාඥයින් විසින් හෝ ඛාදනයෙන් හෙළි කෙරෙන), අතීත සංස්කෘතීන් පිළිබඳ ඉඟි දරයි . එය (සියලු පරිසර පද්ධති සම්බන්ධ කරමින්) ජීවන ජාලය සවිමත්කරයි; නිවාස තැනීම සඳහා ද්‍රව්‍ය සපයයි; එය සෞඛ්‍යට මගපාදන (American Heritage ශබ්දකෝෂයේ නිශ්චිත ආහාරයක් ලෙස හෝ ස්වාභාවිකව හටගන්නා, මිනිස් සෞඛ්‍යයට හිතකර බලපෑමක් ඇති කරන්නේ යයි සිතන ආහාර අතිරේකයක් ලෙස දැක්වෙන) පෝෂ්‍ය පදාර්ථ ප්‍රභවයක් සහ ඇත්ත වශයෙන්ම, අපගේ ආහාර, තන්තු, කෑම සහ සමහර ජෛව ඉන්ධන සඳහාද පදනම සපයයි.
ඇ.එ.ජ. ප්‍රාන්ත 26 ක් විසින් අනුහුරු කරන ලද හර විෂයමාලා ප්‍රමිතීන් (2013) මගින් භෞතික විද්‍යාවන්; ජීව විද්‍යාව; පෘථිවි සහ අභ්‍යවකාශ විද්‍යාව; සහ ඉංජිනේරු, තාක්‍ෂණය සහ විද්‍යා භාවිතයන් විද්‍යාත්මක සංවර්ධනය සඳහා තීරණාත්මක ප්‍රධාන විෂයමාලා හතර ලෙස හඳුනා ගනු ලබ ඇත. මෙම ක්ෂේත්‍ර සියල්ලටම (අභ්යවකාශයට පවා) පාංශු අදාලවේ. පාංශු යනු ඛනිජ, ජලය, වාතය, කාබනික ද්‍රව්‍ය හා සජීවීන් ලෙස කලක් ගත කර දැන් ශේෂව තිබෙන අසංඛ්‍යාත ජීවීන්ගේ සංකීර්ණ මිශ්‍රණයන් වේ. එය ගොඩබිම මතුපිට සරසයි ඒ කියන්නේ පස “පොළොවේ හම”( “skin of the earth”) වෙන බවයි. පස, ශාකවල පැවැත්මට සහාය විය හැකි අතර පෘථිවිය මත ජීවයට අත්‍යවශ්‍ය වේ.

ඇමෙරිකාවේ පාංශු විද්‍යා සමාජයේ පාංශු විද්‍යා පාරිභාෂික ශබ්ද මාලාවේ පද විධිමත් ලෙස අර්ථ දක්වා ඇති පරිදි පාංශු යනු:
1 මහ පොළව මත ශාක වර්ධනය සඳහා ස්වාභාවික මාධ්‍යයක් ලෙස ක්‍රියා කරන පෘථිවි පෘෂ්ඨයේ ආසන්නයේම ඇති අසංඝටිත ඛනිජ හෝ කාබනික ද්‍රව්‍ය.
2 පෘථිවි පෘෂ්ඨය මත ඇති ඒකාබද්ධ නොවූ ඛනිජ හෝ කාබනික ද්‍රව්‍ය
දේශගුණය (ජලය සහ උෂ්ණත්ව බලපෑම් ඇතුළුව), සහ භූ විශමතා මගින් තත්වාරෝපිත එමෙන්ම (පසේ) මූල ද්‍රව්‍ය මත කාලයක් ක්‍රියා කරන සාර්ව හා ක්ෂුද්‍ර ජීවීන්ගේ ජාන හා පාරිසරික සාධකවල බලපෑමට හසුවූ හෝ බලපෑම් පෙන්නුම් කරන අසංඝටිත ඛනිජ හෝ කාබනික ද්‍රව්‍ය.


පස යනු කුමක්ද? ‘පෘථිවියේ හම’
පාංශු පෘථිවි පෘෂ්ඨයේ පිටතම ඇති කොටසයි. ඒවා ‘පොළොවේ හම’ ලෙස සැලකේ. රසායනික, භෞතික හා ජීව විද්‍යාත්මක ක්‍රියාවලීන්ගේ බලපෑම යටතේ කාලයත් සමඟ පාංශු වර්ධනය වේ. ශාක හා සත්ව (ජෛවගෝලය), ජලය (ජලගෝලය) සහ දේශගුණය (වායුගෝලය) මගින් පාෂාණ හා අවසාදිත (ශිලාගෝලය) බලපෑමට ලක්වන ස්ථානවල ඒවා වර්ධනය වේ. පස ඉතා තරුණ හෝ බාහිර බලවේග (උදා: ජලය, සුළඟ, මිනිස් ක්‍රියාකාරකම්), විසින් සීරීමට ලක් කර ඇති විට පාංශු ඉතා සිහින්, මිලිමීටර කිහිපයක් පමණක් විය හැකිය. නො එසේ නම් උදා හරණ වශයෙන් ආරක්ෂිත හෝ ස්ථාවර ස්ථානවල ඇතිවන මීටර ගණනාවක් තරම් ඉතා ගැඹුරු විය හැකිය. පාංශු, ඒවාටම ආවේනික ගතිලක්ෂන සහිත ස්ථර හෝ සංස්තර වලින්(layers or soil horizons) සමන්විත වේ. පාංශු ද්‍රව්‍ය, කාබනික ද්‍රව්‍ය, වැලි, රොන්මඩ හා මැටි අංශු වල විචල්‍ය සහ (බොහෝ විට) සංකීර්ණ මිශ්‍රණයකින් සමන්විත වේ.

පස වැදගත් වන්නේ ඇයි?
පාංශු යනු අපගේ ජීවිත ආධාරක පද්ධතියයි. පාංශු, මුල්(roots) සඳහා ‘නැංගුරම් පොළක්’ සපයයි; ජලය සහ පෝෂ්‍ය පදාර්ථ රඳවා තබා ගනී. නයිට්රජන් තිරකරන සහ කාබනික ද්‍රව්‍ය දිරාපත් කරන ක්ෂුද්ර ජීවීන් අප්‍රමාණ සංඛ්‍යාවක මෙන්ම අන්වීක්ෂීය සත්වයින් හා පස් පණුවන් සහ වේයන් ද වෙනුවෙන් පස නිවහන් සපයයි. අපි පස මත මෙන්ම පස තුළ හා පස උපයෝගී කරගෙන ඉදි කිරීම් කරන්නෙමු.
පෘථිවි පරිසර පද්ධතිය තුළ පස වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. පස නොමැතිව මිනිස් ජීවිතය ගතකිරීම ඉතා දුෂ්කර වනු ඇත. පාංශු ශාක මුල්වලට අඩිතාලම සපයන අතර පැලෑටි වැඩීමට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ රඳවා තබා ගනී. එය වැසි ජලය පෙරීම සහ අතිරික්ත වැසි ජලය බැහැර කිරීම නියාමනය කිරීම, ගංවතුර වැළැක්වීම; කාබන් විශාල ප්‍රමාණයක් ගබඩා කිරීමආදිය සඳහා එයට හැකියාව ඇත; එය දූෂක වලට එරෙහිව ආරක්ෂාව සපයන අතර එමඟින් භූගත ජලයේ ගුණාත්මකභාවය රකියි. එය මිනිසාට අත්‍යවශ්‍ය ඉදිකිරීම් හා නිෂ්පාදන ද්‍රව්‍ය සපයයි, අපි මැටි වලින් සාදන ලද ගඩොල්වලින් අපේ ගෙවල් සාදන්නෙමු. අප කෝපි පානයට නිසැකවම යොදාගන්නේ පස් (මැටි) වලින් තැනූ කෝප්පයකි; පස අපට, අතීත පාරිසරික තත්ත්වයන් පිළිබඳ වාර්තාවක් ද ඉදිරිපත් කරයි.

‘පාංශු කාර්යයන්'(Soil functions) යනු විවිධ කෘෂිකාර්මික, පාරිසරික, සොබාදහම ආරක්ෂා කිරීම, භූ දර්ශන ගෘහ නිර්මාණ ශිල්පය සහ නාගරික යෙදීම් සඳහා වැදගත් වන පසෙහි සාමාන්‍ය හැකියාවන් ය. පසෙහි, ප්‍රධාන කෘත්යයන් හයක් නම් කළ හැකිය:
1. ආහාර සහ අනෙකුත් ජෛව ස්කන්ධ නිෂ්පාදනය
2. පාරිසරික අන්තර්ක්‍රියා: ගබඩා කිරීම, පෙරීම සහ පරිවර්තනය
3. ජීව විද්‍යාත්මක වාසස්ථාන සහ ජාන කීටය(සංචිතය)
4. අමුද්රව්යවල ප්රභවය
5. භෞතික හා සංස්කෘතික උරුමය
6. මිනිසා විසින් සාදන ලද ව්‍යුහයන් සඳහා වේදිකාවක්: ගොඩනැගිලි, මහාමාර්ග
මේසා වැදගත් කාර්යභාරයන් ඉටු කරන පස ගැන න්‍යායාත්මක මෙන්ම ප්‍රායෝගික කරුණු ද ඇතුළත් ලිපි පෙළක් ඉදිරියේ ගෙන ඒමට තතු සැලසුම්කර ඇත. නොවැරදීම කියවන්න.
World Soil Information(ISRIC) හී පළවන What is soil? and Why are soils important? යන ලිපි ඇසුරෙනි