මිනිසා මේ කොයි යන්නේ? මානව පරිණාමය කෙරෙහි පරිසරය බලපා ඇති අන්දම හැදෑරීම

Posted by

මිනිසා මේ කොයි යන්නේ? මානව පරිණාමය කෙරෙහි පරිසරය බලපා ඇති අන්දම හැදෑරීම

අපගේ ප්‍රවේණිය නැතිනම් උරුමය පිළිබඳ වඩාත් හොඳ අවබෝධයක් කරා යන ගමනෙහි ප්‍රගතිය, නිරන්තරයෙන් විදයාඥ ප්‍රජාව අභියස තිබෙන අභියෝගයකි. ඒ සඳහා ශික්ෂණ ගණනාවක ප්‍රගමනය අවශ්‍යවේ.  පුරා විද්‍යාව, මානව විද්‍යාව, භූ විද්‍යාව, ජීව විද්‍යාව, සාගර විද්‍යාව, සහ ප්‍රවේණි විද්‍යාව  විශේෂයෙන්ම, මෙම ක්ෂෙත්‍රයන් දෙකක් හෝ ඊට වැඩි ගණනක් විච්ඡේදනය වන වපසරියක් ඇතුළත් පර්යේෂණවල දියුණුව  මෙකී ශික්ෂණයන්ට ඇතුළත් වන්නේය. මෙකී ශික්ෂණ අතර හෙවත් අන්තර්පරීක්ෂණ ගවේෂණයට අදාල ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ පරිසරය, සහ විශේෂයෙන්ම දේශගුනය මිනිස් අපේ විශේෂයේ මෙන්ම අපේ සමීප ඥාතී විශේෂයන්ගේ පරිණාමය හැඩගැස්වූයේ කෙසේද යන්නයි.

වඩාත්ම තීරණාත්මක හා වැදගත් ගෝලීය ප්‍රශ්න  සමහරක් මානව පරිණාමය කෙරෙහි බලපායි. ඒ, අප මේ මිහිතලය මතට පිවිසියේ කෙසේද යන්න, විශේෂයක් හැටියට අප ගමන් කරන්නේ කොයිබට ද යන්න අදාලවන්නේ කෙසේද යන අර්ථයෙනි. නිදසුනක් ගනිමු.

මානව පරිණාමය ගැන අවබෝධයෙහි මෑතක ඇති වී තිබෙන දියුණුව සැලකිය යුතු මට්ටමක පැවතියත්,  ඒවා ඇත්තටම සිදුකර ඇත්තේ අනාගත ජයග්‍රහන සඳහා අත්තිවාරම දැමීම පමණකි. නිදර්ශකවල කාල නිර්ණය කර ගැනීම පිණිස වූ නව ක්‍රමවේද  සහ ඒවා නවීන, සියුම් උපකරණ යොදා ගනිමින් විශ්ලේෂණය කිරීම, සහ අතීත පරිසරයන් ගැන තොරතුරු දැනගැනීම පිණිස භූමියේ, විල් වල සහ සාගරයේ කැනීම් සිදුකිරීම, තවත් සොයාගැනීම් සඳහා අවස්ථා සලසයි. කඩිනම් කෙරුණු පර්යේෂණ අතිශය වැදගත් ඉදිරි ගමන් සඳහා විභවය සපයනවා පමණක් නොව, ඉහතින් සඳහන් කළ ගෝලීය සහ කලාපීය තර්ජන නිසා පමනක් නොව සංවර්ධනය සහ ඕනෑකමින් සිදුකරන විනාශකාරී ක්‍රියා පවා නිසා ඇතිවන්නට පුළුවන් නිදර්ශක ස්ථන අහිමිවීම හේතුකොට ගෙන  ඉදිරියට යෑමේ හදිසියක් ද ඇත. පර්යේෂණ, අවබෝධය පරිණාමනය කිරීමෙහි ලා ඉවහල් වන වර්ධනයන් සඳහා මහා විභවයකින් යුක්තයි.

දෙපාවත්බවෙහි(bipedalism) සම්භවය; අපගේ ගණය(genus) වන හෝමෝ ගණයේ මතුවීම; ගල් ආයුධ මුලින්ම භාවිත කිරීම; මොලයේ ප්‍රමාණය විශාලවීම; සහ හෝමෝ සේපියන්වරුන්, මෙවලම් සහ සංස්කෘතියක් මතුවීම ඇතුලුව මානවයෙකු යන්නෙහි අර්ථය  අවසානයේ හැඩගැස්වීම සහ නිර්වචනය කිරීම පිණිස පාදක වූ වැදගත් පරිණාමීය සිද්ධි පිළිබඳ ඉතිහාසය හොමිනින් ෆොසිල වාර්තා ලේඛන ගත කරයි. මෙකී පරිණාමීය සිද්ධි සමහරක්, අප්‍රිකානු සහ යුරේසියානු දේශගුනයෙහි සැලකිය යුතු වෙනස්කම් හා සම්පාතික වන බව භූ විද්‍යාත්මක වාර්තා හඟවයි. මේ කාරණාව, මානව පරිණාමයේ සහ චර්යාමය සංවර්ධනයේ ප්‍රධාන සන්ධිස්ථාන, හොමින්වරුන් පරිණාමය වූ ප්‍රදේශවල පරිසරාත්මක ගති ලක්ෂණවල බලපෑමට ලක්වීමේ හෝ පාලනයට නතුවීමේ හැකියාව ඉස්මතුකරයි. කෙසේවෙතත්, හොමිනින් ෆොසිල වාර්තා විරල වීම මෙන්ම අතීත දේශගුනයන් ගැන අසම්පූර්න අවබෝධය හේතුවෙන් හොමිනින් පරිණාමය කෙරෙහි පරිසරයේ සුවිශේෂී  බලපෑම් පවතින්නේ අනුමාන මට්ටමෙහිය.

මෙය, දේශගුනය අපේ විශේෂය හඩගැස්වීමෙහි ලා උපකාරී වූ අන්දම සහ ඒ හේතුවෙන් අප වෙසෙසි මානවයන් බවට පත් කල පරිණාමීය බලවේග ගෑන  යම් ආලෝකයක් යොමු කරන අන්දම පිළිබඳ අපගේ අවබෝධය වර්ධනය කිරීමෙහි ලා ආනන්දනීය සහ මූලික විද්‍යාත්මක පර්යේෂණයන්ට අවස්ථාව සපයයි.

Understanding Climate’s Influence on Human Evolution (© National Academy of Sciences – 2010) ග්‍රන්ථයේ හැඳින්වීම ආශ්‍රයෙන් සැකසිණ

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.