ගෝලීය උණුසුම්වීම යනු කුමක් ද?
ගෝලිය උණුසුම් විම හෙවත්, වර්තමානයේ විද්‍යාඥයන් අතර වඩාත් කැමැත්තක් දක්වන ආකාරයෙන් කීවොත් දේශගුණ විපර්යාසය යනු කුමක්ද? ඊට හේතු සාධක මොනවාද? සහ එහී ඵලවිපාක මොනවාද? යන්න ගෑන සාකච්ඡා කෙරෙන ලිපියකි. දේශගුණ විපර්යාසය ගැන නිරතුරුව ලිපි ගෙන ආවත් එය නැවත නැවත සාකාච්ඡා කළයුතු, අවධාරණය යොමු කළයුතු ගෝලීය ප්‍රශ්නයක් හෙයින් ගෝලීය උණුසුම්වීම ගැන මූලික කෙරුනු අඩංගු කල මෙම ලිපිය පල කෑන්නෙමු.

ගෝලීය උණුසූම් වීම යනු අපේ මේ ග්‍රහලෝකයේ පෘෂ්ටය, සාගර සහ වායුගෝලය ක්‍රමයෙන් රත් වීමට පටන් ගැනීමයි.
ගෝලීය උණුසූම් වීම යන පෘථිවිය පුරා උෂ්ණත්ව සමාන්‍යය ඉහල යාමයි. මෙය දිගටම සිදුවන්නක් — අඩු තරමින් 1880 වසරේ දී වාර්තා තබාගැනීම ඇරඹීමෙන් පසුව හෝ දිගටම සිදුවන්නක්.
එක්සත් ජනපද, සමුද්‍රීය සහ වායුගෝලීය පරිපාලනය දක්වන අන්දමට වඩාත් වැදගටත් වන සංඛ්‍යාලේඛා මෙසේයි: 1880ත් 1980 අතර ගෝලීය වාර්ෂික උෂ්ණත්ව සාමන්‍යය සෑම දශකයකටම සෙල්සියස් අංශක 0.07 අනුපාතයකින් ඉහළ ගොස් තිබේ. 1981 සිට ඉහළ යාමේ අනුපාතය දශකයකට සෙල්සියස් අංශක 0.32කින් වේගවත් වී ඇත. මෙය , පූර්ව කාර්මික යුගය හා සසඳන විට සමස්තයක් හැටියට, ගෝලීය උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 2ක ඉහළයාමකට මග පෑදීය.
මේවන තුරු වාර්තාගත ඉහළම උෂ්ණත්වය සහිත වර්ෂය වූයේ 2016යි. එහෙත් දැනටමත් (2022 ජනවාරි වනවිට) එම වාර්තාව බිඳී යාමට කිහිප වතාවක්ම ළංවිය. උෂ්ණතවය අධික වීම අතින් 2016 හිමි කරගෙන තිබෙන තැන 2019 වර්ෂයේ දී සහ2020 වර්ෂහේ දි අහිමිවී නොගියේ අංශකයක පංගුවක් තරම් ඉත සුළු ප්‍රස්මාණවලිනි. 2020 වසර ගතහොත් ගොඩබිම සහ සාගර මත ගෝලීය උෂ්ණතව සමාන්‍යය 20වෙනි සියවසේ සමාන්‍යය වූ සෙල්සියස් අංශක 13.9ට වඩා සෙල්සියස් අංශක 0.98කින් උණුසුම් විය.
නූතනයේ ගෝලීය උණුසුම්විම සඳහා වග කිව යුත්තේ මානවයන්ය. (මේ පිළිබඳව සුළු කණ්ඩායමක ඇතැම් විද්‍යාඥයන් පවා වෙනත් මත ඉදිරිපත කළත් අද එය ව්‍යාප්තව පිළිගැනීමට ලක්ව හමාරය. තතු ලේඛනාගාරය විමසාකියවන්න –සංස්කාරක). ෆොසිල ඉන්ධන දහනය හෙතුවන් වායුගෝලයට හරිතාගාර වායු මුදා හැරේ. එය සූර්යාගෙන් එන උණුසුසුම හසු කරගෙන පෘථිවි පෘෂ්ඨයේ සහ වාතයේ උෂ්ණතව ඉහළ යවයි. ගෝලීය උණුසුම්වීම යනු දේශගුන විපර්යාසයට සමාන පදයකි. කෙසෙවෙතත් විද්‍යාඥයන් අතර ජනප්‍රිය වී ඇත්තේ දේශගුන විපර්යාසය යන්නයි.
ගෝලීය උණුසුම්වීම ඇතිවන්නේ කුමක් නිසාවෙන් ද?
වර්තමානයේ ගෝලීය උණුසුම්වීම මෙහෙයවන ප්‍රධාන සාධකය වී ඇත්තේ ෆොසිල ඉන්ධන දහනයයි. මෙකී හයිඩ්‍රො කාබන greenhouse effect ලෙස ඉන්ග්‍රිසියෙන් දැක්වෙන හරිතාගාර ආචරණය(බලපෑම) මාර්ගයෙන් අපේ ග්‍රහලෝකය රත් කරයි හරිතාගාර ආචරණය සිදුවන්නේ පෘථිවියෙහි වායුගෝලය සහ පෘථිවිය තුලට එන සූර්ය විකිරණය අතර අන්තර් ක්‍රියා කාරිත්වයෙනි.
“හරිතාගාර ආචරණයේ මූලික භෞතික විද්‍යාව තෝරා බේරා ගත්තේ මෙයට වසර සිය ගනනකට පෙර සිටි පැන්සල් කොල කැබළි පවිච්චි කළ බුහුටි අයෙකු විසින්” යයි පිට්ස්බර්ග් විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා සහ පාරිසරික විද්‍යා මහචාර්ය වරයෙකු වන ජොසෆ් වර්න් පවසයි.

ඒ බුහුටි පුද්ගලයා වෙනින් කවුරුවත් නොව ස්විඩන ජාතික Svante Arrhenius ය. ඔහුට පසුකලෙක රසායන විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය පිරිනැමිණ. කාරණාව සරලව පහදන්නේ නම් මෙහෙමයි: සූර්ය කිරණ මහ පොළව මතට වැටී අනතුරුව ආපසු වායු ගෝලයට පොලා පනින්නේ තපය හැටියටයි. වායුගෝලයේ තිබෙන වායු මේ තාපය හසු කරගන්නේ අභ්‍යවකාශයේ රික්තය වෙත මිදී යාම වළක්වාලමිනි(ග්‍රහ ලෝක වාසීන්ට නම් මෙය යහපත් ප්‍රවෘත්තියක් වනු ඇත). 1895 දී Arrhenius ඉදිරිපත් කළ පර්යේණ වාර්තවකින් පෙන්වා දෙනු ලැබුවේ කාබන් ඩයොක්සයිඩ් වැනි හරිතාගාර වායු පෘථිවි පෘෂ්ඨයට සමීපව තාපය හසු කරගන්නට නැතිනම් කොටු කර ගන්නට හැකි බවත් එසේම එම වායූන් වල සුළු ප්‍රමාණයක වෙනස් කම් වුව හසු කරගන්නා තාප ප්‍රමාණයෙහි විශාල වෙනසක් ඇති කල හැකි බවත්ය.
හරිතාගාර වායු මගින් ගෝලීය උණුසුම්වීම ඇතිවන හැටි
කාර්මික විප්ලවය ආරම්භයේ පටන් මනුෂ්‍යයන් වන අපි වායුගෝලයේ වායු තුලනය සීඝ්‍රයෙන් වෙනස් කරමින් සිටින්නෙමු. ගල් අඟුරු සහ ඛනිජ තෙල් වැනි ෆොසිල දැවීමෙන් ජල වාෂ්ප, කාබන් ඩයොක්සයිඩ්(CO2), මීතේන්(CH4), ඕසෝන්, සහ නයිට්‍රස් ඔක්සයිඩ්(N2O) මුදා හැරේ. ඒවා සැලකෙන්නේ මූලික හරිතාගාර වායූන් ලෙසයි. මේ අතුරෙන් වඩාත්ම සුලබ හරිතාගාර වායුව වන්නේ කාබන් ඩයොක්සයිඩ්ය. මෙයට අවුරුදු 800,000ක් පමන කාලයකට පෙරත්, කාර්මික විප්ලවය ආරම්භයත් අතර වායුගෝලයේ අඩංගුව තිබෙන CO2 සෑම මිලියනයකට කොටස් 280ක් පමණ විය.(parts per million – ppm ). ඒ කියන්නේ වාතයේ සෑම වා අණු මිලියනකට CO2 අණු 280ක් පමන ඇත යන්නයි. නවතම සම්පුර්ණ සංක්‍යාලේඛන දැනට තිබෙන වර්ෂය වන්නේ 2020 යි. එම වර්ෂයේ වායුගෝලයේ අඩංගුව තිබෙන CO2 සෑම මිලියනයකට කොටස් 412.5ක් වන බව(412.5ppm) පාරිසරික තොරතුරු පිළිබඳ ජාතික මධ්‍යස්ථාන පවසයි.
එය(වැඩිවීම) එතරම් විශාල ප්‍රමානයක් නොවේ යයි කෙනෙකුට සිතෙන්නට පුළුවන. එහෙත්, Scripps Institution of Oceanography දක්වන අන්දමට, තෘතීය භූ යුගයේ අවසාන අවදිය වන, වසර මිලියන 5.3කට පමණ සිට මිලියන 2.6කට පෙර පැවති ප්ලයෝසීන(Pliocene) අවදියෙන් පසුව CO2 මට්ටම් කිසිදා ඔය තරම් ඉහලින් පැවතී නැත. එම අවදියේ ආක්ටික් හෙවත් උත්තර ධ්‍රැව ප්‍රදේශය අඩු තරමින් වසරේ එක් කොටසකදී වත් හිම වලින් තොර වූ අතර අදට වඩා සැලකිය යුතු මට්ට්මකින් උණුසුම් විය.
පාරිසරික සංරක්ෂණ නියෝජිතායතනයේ(Environmental Protection Agency — EPA) විශ්ලේෂණයක් අනුව 2016දී එක්සත් ජනපද හරිතාගාර විමෝචන සියල්ලෙන්ම ඡ්O2 සියයට 81.6ක් විය.

“ඉහළ නිරවද්‍යතාවකින් යුතු උපකරණ යොදා කළ මිනුම් පෙන්නුම් කරන අන්දමට අපි දන්න්වා වායුගෝලයෙහි CO2 මින් පෙර කිසිද නොවූ විරූ වැඩිවීමක් තියන බව. ඒ වගේම කාර්මික විප්ලවය ආරම්භයේ පටන් මනුෂ්‍යයන් වන අපි වායුගෝලයේ වායු තුලනය සීඝ්‍රයෙන් වෙනස් කරමින් සිටින්නෙමු. ගල් අඟුරු සහ ඛනිජ තෙල් වැනි ෆොසිල දැවීමෙන් ජල වාෂ්ප, කාබන් ඩයොක්සයිඩ්(CO2), මීතේන්(CH4), ඕසෝන්, සහ නයිට්‍රස් ඔක්සයිඩ්(N2O) මුදා හැරේ. ඒවා සැලකෙන්නේ මූලික හරිතාගාර වායූන් ලෙසයි. මේ අතුරෙන් වඩාත්ම සුලබ හරිතාගාර වායුව වන්නේ කාබන් ඩයොක්සයිඩ්ය. මෙයට අවුරුදු 800,000ක් පමන කාලයකට පෙරත්, කාර්මික විප්ලවය ආරම්භයත් අතර වායුගෝලයේ අඩංගුව තිබෙන CO2 සෑම මිලියනයකට කොටස් 280ක් පමණ විය.(parts per million – ppm ). ඒ කියන්නේ වාතයේ සෑම වා අණු මිලියනකට CO2 අණු 280ක් පමන ඇත යන්නයි. නවතම සම්පුර්ණ සංක්‍යාලේඛන දැනට තිබෙන වර්ෂය වන්නේ 2020 යි. එම වර්ෂයේ වායුගෝලයේ අඩංගුව තිබෙන CO2 සෑම මිලියනයකට කොටස් 412.5ක් වන බව(412.5ppm) පාරිසරික තොරතුරු පිළිබඳ ජාතික මධ්‍යස්ථාන පවසයි.
එය(වැඩිවීම) එතරම් විශාල ප්‍රමානයක් නොවේ යයි කෙනෙකුට සිතෙන්නට පුළුවන. එහෙත්, Scripps Institution of Oceanography දක්වන අන්දමට, තෘතීය භූ යුගයේ අවසාන අවදිය වන, වසර මිලියන 5.3කට පමණ සිට මිලියන 2.6කට පෙර පැවති ප්ලයෝසීන(Pliocene) අවදියෙන් පසුව CO2 මට්ටම් කිසිදා ඔය තරම් ඉහලින් පැවතී නැත. එම අවදියේ ආක්ටික් හෙවත් උත්තර ධ්‍රැව ප්‍රදේශය අඩු තරමින් වසරේ එක් කොටසකදී වත් හිම වලින් තොර වූ අතර අදට වඩා සැලකිය යුතු මට්ට්මකින් උණුසුම් විය.
පාරිසරික සංරක්ෂණ නියෝජිතායතනයේ(Environmental Protection Agency — EPA) විශ්ලේෂණයක් අනුව 2016දී එක්සත් ජනපද හරිතාගාර විමෝචන සියල්ලෙන්ම ඡ්O2 සියයට 81.6ක් විය.
“ඉහළ නිරවද්‍යතාවකින් යුතු උපකරණ යොදා කළ මිනුම් පෙන්නුම් කරන අන්දමට අපි දන්න්වා වායුගෝලයෙහි CO2 මින් පෙර කිසිද නොවූ විරූ වැඩිවීමක් තියන බව. ඒ වගේම ඡ්O2 අධෝරක්ත විකිරණය්(තාපය) අවශෝෂණය කරගන්නා බවත්, ගෝලීය මධ්‍යන්‍ය උෂ්ණත්වය ඉහළ යමින් පවතින බවත් අපි දන්නවා” යයි පෙන්සිල්වේනියාවේ, යෝක් කොලීජියේ රසායන විද්‍යා මහාචාර්ය කීත් පීටමෑන් සහ සහායක රසායන විද්‍යා මහාචාර්ය ග්‍රෙගර්ය් ෆෝයි එකාබද්ධ නිවේදනයක් සඳහන් කරති.
CO2 වායුගෝලයට විවිධාකාර මාර්ග ගණනාවකින් ප්‍රවිෂ්ට වේ. ෆොසිල ඉන්ධන දහනය, CO2 මුදා හැරෙයි. ඒ වාගේම, ගෝලීය උණුසුම්වීමට දායක වන එක්සත් ජනප්ද විමෝචන අතර විශාලතම දායකත්වය සපයන්නේ CO2 ය. 2018ටේ Eඵ්A වාර්තාවක් අනුව විදුලිය ජනනය ඇතුළුව එක්සත් ජනපද ෆොසිල ඉන්ධන දහනය මගින් 2016 වර්ෂයේ දී මෙට්‍රික් ටොන් බිලියන 5.3කට මදක් වැඩියෙන් වායුගෝලයට මුදා හරිණු ලැබිණ. විදුලිය ජනනය සඳහා නොවන ෆොසිල භාවිතය, යකඩ සහ වානේ නිෂ්පාදනය්, සිමෙන්ති නිෂ්පාදනය සහ කැළිකසල භස්මීකරණය(දැවීම) එක්සත් ජනපද වාර්ෂික පූර්න CO2 මුදා හැරීම මෙට්‍රික් ටොන් බිලියන 6.5ක් දක්වා විහළ නැංවීමට දායක විය.

අධෝරක්ත විකිරණය්(තාපය) අවශෝෂණය කරගන්නා බවත්, ගෝලීය මධ්‍යන්‍ය උෂ්ණත්වය ඉහළ යමින් පවතින බවත් අපි දන්නවා” යයි පෙන්සිල්වේනියාවේ, යෝක් කොලීජියේ රසායන විද්‍යා මහාචාර්ය කීත් පීටමෑන් සහ සහායක රසායන විද්‍යා මහාචාර්ය ග්‍රෙගර්ය් ෆෝයි එකාබද්ධ නිවේදනයක් සඳහන් කරති.
CO2 වායුගෝලයට විවිධාකාර මාර්ග ගණනාවකින් ප්‍රවිෂ්ට වේ. ෆොසිල ඉන්ධන දහනය, CO2 මුදා හැරෙයි. ඒ වාගේම, ගෝලීය උණුසුම්වීමට දායක වන එක්සත් ජනප්ද විමෝචන අතර විශාලතම දායකත්වය සපයන්නේ CO2 ය. 2018ටේ Eඵ්A වාර්තාවක් අනුව විදුලිය ජනනය ඇතුළුව එක්සත් ජනපද ෆොසිල ඉන්ධන දහනය මගින් 2016 වර්ෂයේ දී මෙට්‍රික් ටොන් බිලියන 5.3කට මදක් වැඩියෙන් වායුගෝලයට මුදා හරිණු ලැබිණ. විදුලිය ජනනය සඳහා නොවන ෆොසිල භාවිතය, යකඩ සහ වානේ නිෂ්පාදනය්, සිමෙන්ති නිෂ්පාදනය සහ කැළිකසල භස්මීකරණය(දැවීම) එක්සත් ජනපද වාර්ෂික පූර්න CO2 මුදා හැරීම මෙට්‍රික් ටොන් බිලියන 6.5ක් දක්වා විහළ නැංවීමට දායක විය.
වායුගෝලයේ අතිරේක CO2 සඳහා දායකවන තවත් සාධකයක් වන්නේ වනාන්තරවල ඇති ගස් කපා හෝ පුළුස්සා දමා වැනසීම හෙවත් වනහරණයයි.(deforestation). ඇත්ත වශයෙන්ම, ලෝක ආහාර හා කෘෂිකාරමික සංවිධානය දක්වන අන්දමට වනහරණය තමයි මිනිසා මූලිකව ඇති වුණ දෙවැනියට විශාල CO2 ප්‍රභවය. ගස් මිය ගිය විට, ඒවා (ජීවත්ව සිටි අවධියේ) ප්‍රභසංශ්ලේෂණයෙන් ගබඩා කරගත් කාබන් මුදහරියි. තවද, වන භූමි ගොවිපළ, වාසභූමි, හෝ කෘෂිකාර්මික ඉඩම් බවට පර්වර්තනය වීම හේතුවෙන් වායුගෝලයෙන් කාබන් උරා ගැනීම පිණිස ඉතිරිවන්නේ සුලු ගස් ප්‍රමානයකි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 2020 ගෝලීය වන සම් පත් ඇගැයීම අනුව 1990වේ සිට හෙක්ටෙයර් 420ක් පමණ වනභූමි වනහරණය නිසාවෙන් අහිමිවී ඇත. එහෙත් ශුභ ආරංචිය වන්නේ 2015න් පසුව වන විනාශවන අනුපාතය මන්දගාමී වි ඇත යන්නයි.


ගෝලීය වශයෙන් ගත් කල දෙවනියට වඩාත් සුලබ හරිතාගාර වායුව මීතේන් වායුව වුවත්, තාපය හසු කර ගැනීමේ දි වඩාත්ම කාර්යකෂම මීතේය. තාපය හසු කර ගැනීමේ දී මීතේන් වායුව, කාබන් ඩයොක්සයිඩ් වලට වඩා 25 වාරයක් කාර්යකෂමක බව EPA වාර්ත කරයි. 2016 වර්ෂයේ දී එක්සත් ජනපද සමස්ත හරිතාගාර වායුවලින් මීතේන් 10%ක් පමන වූ බව EPA කියයි.
මීතේ විවිධ ස්වභාවික ප්‍රභව ගණනාවකින් ආ හැකි නමුත් පතල් කැනීම්, ස්වභාවික වායු උපයෝජනය, මහා පරිමාණයෙන් පශූ සම්පත වර්ධනය කිරීම, සහෛඩම් පිරවීම ආදිය සිදු කිරීමෙන් මනුෂ්‍යයන් මීතේ විමෝචන විශාල කොටසකට වග කිව යුතුය. EPA දක්වන අන්දමට එක්සත් ජනපද මීතේ වායු ඇතිවීමේ එක් තනි විශාලතම ප්‍රභවය ගවයින්ය. එරට සමස්ත මීතේන් විමෝචනවලින් ආසන්න වශයෙන් 26%ක්ම එන්නේ සතුන්ගෙනි’
දේශගුන විපර්යාසය ගැන කතා කිරීමේ දි වඩාත්ම වැදගවන්නේ එහි බලපැම්ය. දැනටමත් අද ලිපිය අපගේ සමාන්‍ය බ්ලොග් ප්‍රමානය ඉක්මවා ගොස් ඇති හෙයින්, දේශගුන විපර්යාසයේ බලපෑම් තවත් ලිපියකින් සාකච්ඡා කිරීමට තීරණය කළෙමු. බලාපොරොත්තුවන්න! නිතිපතා thathu.com කියවන්න.
Live Science හී පළවන What is global warming? යන ලිපිය අසුරෙනි.