ජාන: ජීවිතය සඳහා උපදෙස් සපයන අත්පොත්
නවීණ විද්‍යාවේ වර්ධනය සහ සංනිවේදනයේ ව්‍යාපතිය සමග ජාන ගැන දැනුම මෙන්ම උනඳුවද ඉහළ ගොස් ඇත. එසේ වුවද, දිනෙන් දින සීග්‍රයෙන් දියුණුවෙන ප්‍රවේණි විද්යාව ගැන අප බොහෝ දෙනාට ඇත්තේ ඇහුම් මාත්‍ර දැනුමකි. “මිනිහාගේ ජානවල වැරද්ද නේ”, “ඕවා ඉතින් ජානවලින්ම එන ඒවා” ආදී වශයෙන් අපේ කත බහේ දි සඳහන් කලත් ඒ හැම දෙනාටමත් ජාන ගැන ගැඹුරු දැනුමක් ඇතැයි සිතිය හැකිද? මෙම ලිපිය ජාන ගැන, වැඩි දෙනෙකුට තේරෙන අයුරින් සරලව සකස් කළ හඳුන්වාදීමකි.

ප්‍රෝටීන් බොහෝ ජීව ක්‍රියාකාරකම් සිදු කරන අතර සෛල ව්‍යුහයන් සියල්ලම පාහේ සාදයි. සෑදිය යුත්තේ කුමන ප්‍රෝටීන ද, ඒ කවදා, කොතැන, කොපමණ ප්‍රමාණයකින් ද, යන්න සෛල වලට පැවසීම මගින් ජාන හිසකෙස් වර්ණයේ සිට රුධිර සීනි දක්වා සියල්ල පාලනය කරයි. බොහෝ සෛල තුළ ජාන පවතී. සෛලයක් තුළ DNA (deoxyribonucleic acid) රසායනිකයේ දිගු ‘පොටක්’ ඇත. DNA අනුපිළිවෙලක් හේවත් අනුක්‍රමයක් යනු එහි පොට දිගේ රසායනික භස්ම යුගමයේ හෙවත් යුගලයේ නිශ්චිත පෙළ ගැස්මකි. කුමන ප්‍රෝටීන් නිපදවිය යුතුද යන්න සහ ඒ කුමන අවස්ථාවේ ද යන්න තීරණය කරන DNA කොටස ජානයක් ලෙස හැඳින්වේ.
1909 දී ‘ජාන’ යන පදය ප්‍රථම වරට හඳුන්වා දෙන ලද්දේ ඩෙන්මාර්කයේ උද්භිද විද්‍යාඥ විල්හෙල්ම් ජොහැන්සන් විසිනි. එය බිඳී එන්නේ සම්භවය සඳහා භාවිත කරන ග්‍රීක වචනය වන ‘ජෙනොස්'(genos) යන්නෙනි. ජීවියෙකුගේ සම්පූර්ණ DNA කට්ටලයේ ඇති ජාන සංඛ්‍යාව, ජෙනෝමය(a genome) ලෙස හැඳින්වේ, විශේෂයෙන් විශේෂයට ජෙනෝමය වෙනස් වේ. වඩාත් සංකීර්ණ ජීවීන්ට වැඩි ජාන ඇත. වෛරසයක ජාන සිය ගණනක් ඇත. මී මැස්සන්ගේ ජාන 15,000ක් පමණ ඇත. මිනිසුන්ට ජාන 25,000ක් පමණ ඇති බව විද්‍යාඥයන් ගණන් බලා ඇත.
සෑම ජානයකටම කොටස් බොහොමයක් ඇත. ප්‍රෝටීන් සෑදීමේ උපදෙස් පැමිණෙන්නේ එක්සෝන්ස්(exons) නම් කෙටි කොටස්වලිනි. ඉන්ට්‍රෝන(introns) ලෙස හැඳින්වෙන දිගු “විලම්බීත” DNA, එක්සෝන දෙපස පිහිටා ඇත. ජානවලට නියාමන අනුඅනුක්‍රමණයන් ද (regulatory sequences) ඇතුළත් වේ. විද්‍යාඥයන්ට ඒවායේ ක්‍රියාකාරිත්වය සම්පූර්ණයෙන් වටහා ගෙන නැත ද, නියාමන අනුඅනුක්‍රමණ ජාන ක්‍රියාත්මක කිරීමට උපකාරී වේ.

නාසයේ හැඩය ආදී වශයෙන් පුද්ගලයාගේ ඒ ඒ විවිධ ලක්ෂණ තීරණය කිරීමට ජාන උපකාරී වේ. තොරතුරුවලින් පිරී ඇති ජාන, එක් පරම්පරාවකින් තවත් පරම්පරාවකට ඒ ආකාරයේ සමාන ගති ලක්ෂණ උරුම කර දෙයි. ඔන්න ඔය ආකාරයට තමයි ඔබගේ ඥාති සොහොයුරාට ඔබේ සීයාගේ නාසය ඒ ආකරයටම උරුම වුණේ එහෙම තමයි.
පියලි ඇට අඩංගු කරල්
“ජාන විද්‍යාවේ පියා”(The “Father of Genetics”) ලෙස සැලකෙන ග්‍රෙගෝර් මෙන්ඩල් ඔස්ට්‍රියානු පූජකයෙකි. හෙතෙම තම ආශ්‍රමයේ වැඩෙන ශාක පිළිබඳව අත්හදා බැලීම් කරමින් රනිල කුලයේ පැලවල උරුමය ගැන 1860 ගණන්වල දී අධ්‍යයනය කළේය. පියලි ඇට සහිත කොළ පැහැ කරල් ඇති පැල, පියලි ඇට සහිත කහ පැහැ කරල් ඇති පැල සමග බෝ කළ විට සියලුම කරල් කොළ පැහැ ඇති බව ඔහුට එහි දී පෙණී ගියේය. අනතුරුව මෙන්ඩල්, දෙවන පරම්පරාවේ පියලි ඇට සහිත පැල එකිනෙක සමඟ බෝ කරන විට, සමහර පැලවල කොළ කරල් සහ සමහරක් කහ කරල් ඔහුට නිරීක්ෂණය විය. එක් පරම්පරාවකින් අතුරුදහන් විය හැකි ගතිලක්ෂණයක් හෙවත් රූපාණුදර්ශයක්(phenotype) අනාගත පරම්පරාවක නැවත ඇති විය හැකි බව ඔහු සොයා ගත්තේය.
පුද්ගලයන්ට එක් එක් ජානයේ පිටපත් දෙකක් ඇත. ඒ එක් එක් දෙමාපියෙකුගෙන් උරුම කරගනිමිනි. ඉස්මතුවන්නේ කුමන ලක්ෂණය ද යන්න තීරණය කිරීම සඳහා මෙම පිටපත් අන්තර්ක්‍රියා කරන ආකාරය මෙන්ඩෙල් පැහැදිලි කළේය. සියලුම ඇටවල කරල් වල වර්ණය වෙනුවෙන් ජානයක් ඇත. කරල් වර්ණ ජානයේ කොළ සහ කහ දෙකේම අනුවාද හෙවත් ඇලිල(alleles) ඇත. මෙන්ඩල්ගේ හරිත කරල් ඇලිල ප්‍රමුඛ වන අතර කහ කරල් ඇලිල නිලීන(recessive) වේ. ලක්ෂණයේ (කහ) නිලීන ස්වරූපයක් ප්‍රකාශ කිරීම සඳහා, පුද්ගලයන්ට දෙමාපියන් දෙදෙනාගෙන්ම නිලීන ඇලීල උරුම විය යුතුය.
එක් හරිත ඇලිලයක් සහ එක් කහ ඇලිලයක් උරුම වන ශාකයක් හරිත වේ. එසේ වන්නේ නමුත් එයට නිලීන කහ ඇලිලය ජනිතයට ලබා දිය හැකිය. මෙන්ඩල්ගේ (දෙවැනි පරපුරේ දී) පියලි ඇට කරල්කිහිපයක් කහ පැහැයට හැරුණේ එලෙසිනි.
අදහස තවදුරටත් ඉදිරියට ගෙන යමින් …
ලවිත්‍ර සෛල නීරක්තිය(sickle cell anemia) වැනි මනුෂ්‍යයන්ට වැළඳෙන රෝග ද ඒ හා සමාන ආකාරයකින් සම්ප්‍රේෂණය වේ. කෙසේ වෙතත්, ජාන විද්යාව සෑම විටමත් ඒ තරම් සරලව ක්රියා කරන්නේ යයි කිව නොහේ. මෙන්ඩල් තම ගෙවත්තේ දුටු දේට වඩා බොහෝ ජාන විද්‍යාව හෙවත් ප්‍රවේණි විද්‍යාව සහ ආවේණිගත(heredity) අවස්ථා සංකීර්ණ වේ. ගතිලක්ෂණයක්(trait) නියම කිරීමට බොහෝ විට තනි ජානයකට වඩා වැඩි (ජාන) ප්‍රමාණයක් අවශ්‍ය වේ; තවද, එක් ජානයකට, එක් ගතිලක්ෂණයකට වැඩි ගණනකට උපදෙස් ලබා දිය හැක. පිටත කාලගුණයේ සිට ජීවියෙකුගේ ශරීර රසායනය දක්වා පරාසයක පරිසරය, ගති ලක්ෂණ නියම කිරීමේදී විශාල කාර්යභාරයක් ඉටු කරයි.
Live Science, Life’s Little Mysteries හී පළවන Genes: The Instruction Manuals for Life යන ලිපිය ඇසුරෙනි