ප්‍රවේණි ද්‍රව්‍ය විශ්ලේෂණයන් පෙන්නුම් කරන්නේ අභිරහස් මුතුන් මිත්තන් තිදෙනෙකු නවීන කෙසෙල් සඳහා DNA දායක වී ඇති බවයි, වල් කෙසෙල් වල ඇට(බීජ) ඉවත් කර අද අප ආශාවෙන් කන මාංසමය පලතුර නිර්මාණය කිරීමට අභිජනනය උපකාරී වී තිබේ.
මනුෂ්‍යයන් වශයෙන් අප, අපේ ආහාර ලැබෙන්නේ කොහෙන්දැයි දැන ගැනීමට කැමතියි. එසේ නමුත් නවීන කෙසෙල් වල මූලාරම්භය ගැන විමසිලිමත් වෙද්දී විශේෂඥයින් පවා අන්ද මන්ද වී සිටිති. වල් සහ වගා කරන ලද කෙසෙල් වර්ග 100 කට වඩා වැඩි ප්‍රමාණයක් අළලා සිදු කෙරුණු විස්තීර්ණ ජාන විශ්ලේෂණයක් මගින් කෙසෙල් පලතුර ගෘහාශ්‍රිතකරණය තුල පැටලී ඇති ඉතිහාසයෙන් ‘ලෙලි ගලවනු ලබද්දී’ හෙළි කරනු ලබන්නේ, කලින් නොදන්නා සහ සමහර විට අදටත් පවතින (කෙසෙල්වල)මුතුන් මිත්තන් තිදෙනෙකු ඇති බවයි. කෙසෙල් බෝගය ගැන උනන්දුවන විශේෂඥයින් එම අද්භූත නැතිනම් අභිරහස් පූර්වගාමීන් සොයා ගැනීමට අවශ්‍ය වෙන්නේ, නවීන කෙසෙල් බෝග නිරෝගීව තබා ගැනීමට එම ආදිතම කෙසෙල්වල ජාන උපකාරී වේද යන්න සොයා බැලීම සඳහාය.

කැනඩාවේ, වැන්කුවර් හි බ්‍රිතාන්‍ය කොලොම්බියා විශ්ව විද්‍යාලයේ පරිණාමීය ජීව විද්‍යාඥයෙකු වන, නව අධ්‍යයනයට සම්බන්ධ නොවූ Loren Rieseberg පවසන්නේ “කෙසෙල් ගෘහාශ්‍රිතකරණය මා කලින් අවබෝධ කරගෙන තිබුණාට වඩා බෙහෙවින් සංකීර්ණය” යනුවෙනි.
මීට වසර 7000 කට පමණ පෙර කෙසෙල් යනු අද අප දන්නා බීජ රහිත, මාංසමය පලතුරු නොවේ. කෙසෙල් ගෙඩියේ ආහාරයට ගන්නා මදය, කළු බීජ වලින් පිරී තිබූ අතර ආහාරයට ගත නොහැකි තරම් විය. ඒ වෙනුවට මිනිසුන් කෑවේ කෙසෙල් ගසේ මල් හෝ එහි භූගත අල ය. එදා ජීවත් වූවෝ, රැහන් සහ ඇඳුම් සෑදීම පිණිස කෙසෙල් ගසේ කඳේ කෙඳි යොදා ගත්හ. ඉවත් කළහ. එදා කෙසෙල් ගස් “අද මිනිසුන් විසින් සිය ගෙවත්තේ හෝ වගා බිමේ වගා කරනු ලබන කෙසෙල්වලට වඩා බොහෝ වෙන”යනුවෙන් කෙසෙල් ප්‍රභේද ගබඩා කරන Alliance of Bioversity International ආයතනයෙහි ජාන සම්පත් විද්‍යාඥවරියක් වන Julie Sardos පවසයි.

ඉන්දියාවේ සිට ඕස්ට්‍රේලියාව දක්වා පුළුල් ප්‍රදේශයක වැවෙන Musa acuminata නම් විශේෂය, කෙසෙල් වල වඩාත් කැපී පෙනෙන ආදිතමයා බව විද්‍යාඥය කලින්ම දැන සිටි කරුනකි. අප දන්නා ආකාරයේ ගෘහාශ්‍රිතකරනය කළ කෙසෙල් මුලින්ම දෛන්නට ලැබුණේ පැපුවා නිව්ගිනියාවේ යන්න බොහෝ පර්යේෂකයන් එකඟ වන්නාවූ කාරණාවකි. අද වන විට කෙසෙල් වර්ග බොහොමයක්ම තිබේ — අවසාන වශයෙන් ගණන් ගැනීමේදී හෙළි වූයේ 1000 කට වඩා වැඩි සංඛ්‍යාවක් ඇති බවයි.ය. කෙසෙල් ගෘහාශ්‍රිතකරන ක්‍රියාවලියේදී, සුපිරි වෙළෙඳසල්වල තිබෙන නවීන කෙසෙල් ගෙඩිවල බීජ නැති වී ගොස්, මාංසල ගතිය වැඩි වූ පමණක් නොව මිහිරි රසයෙන් ද වැඩිවිය. හා පැණිරස බවට පත් විය. කෙසේවෙතත්, එම ගෘහාශ්‍රිතකරණය සිදුවූයේ කෙසේද සහ කවදාද යන්න නිශ්චිතව නිගමනය කිරීමට අපහසුය. කාරණාව තවත් සංකීර්ණ බවට පත්කරමින්, සමහර කෙසෙල් වල සාමාන්‍ය වශයෙන් වර්ණදේහ කට්ටල දෙකක් ඇති අතර අනෙක් ඒවාට කට්ටල තුනක් හෝ වැඩි ගණනක් ඇත, මෙයින් ගම්‍යවන්නේ සමහරක් වර්තමාන දෙමුහුන් කෙසෙල්, කෙසෙල් වර්ග දෙකක් හෝ වැඩි ගණනක් අන්තර් අභිජනනයෙන් හටගත් ඒවා හෝ සමහරක් විවිධ විශේෂ වීමට පවා ඉඩ ඇති බවයි.

නූතන කෙසෙල් වල ගැඹුරු ඓතිහාසික ජාන සංචිතය ගැන සොයා බැලීම සඳහා උත්සාහ කිරීමට හොඳ හේතුවක් තිබේ: වාර්ෂිකව කෙසෙල් බිලියන 100 ක් නිෂ්පාදනය කරන්නාවූ ඩොලර් බිලියන 8 කින් සමන්විත වන කෙසෙල් කර්මාන්තය පැනමා රෝගය(Panama disease) සහ කෙසෙල් බැක්ටීරියා මැලවීම(banana bacterial wilt) වැනි රෝගවලින් තර්ජනයට ලක්ව ඇත. කෙසෙල් අභිජනනය කරන අය එවැනි රෝග කාරක වලට, විශේෂයෙන්ම, එක්සත් ජනපදයට සහ යුරෝපයට අපනයනය කරන සියලුම කෙසෙල්වලින් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් සමන්විත වන කැවෙන්ඩිෂ් කෙසෙල් වලට වින කරන රෝග කාරක වලට එරෙහිව සටන් කිරීම පිණිස ක්‍රම සෙවීමට වෙහෙසෙමින් සිටිති, ඥාතීත්වය ඇති වල් කැලෑ විශේෂ සහ රෝග වලට වඩා ප්රතිරෝධ දක්වම අප්‍රකට වර්ග සමහරු එකතු කරති. එහෙත් කෙසෙල්වල ඈත මුතුන් මිත්තන්ගේ ජාන හඳුන්වා දීම නූතන කෙසෙල් වඩාත් ද්හැඩි කිරීමට ද උපකාරී වේ. ප්‍රවේණික විශ්ලේෂණ මගින් ගෘහාශ්‍රිතකරණයේ ඉතිහාසය පිලිබඳ විසිටුණු තොරතුරු කොටස් එකට එකතු කිරීමට සහ එම මුතුන් මිත්තන්ගෙන් පැවත් එන ජීවමාන සාමාජිකයන් හඳුනා ගැනීමට ද උපකාරී වේ.

දකුණුදිග ප්‍රංශයේ, Montpellier හී අන්තර් ජාතික සංවර්ධනය සඳහා වූ ප්‍රංශ කෘෂිකර්ම පර්යේෂණ කේන්ද්‍රයේ(French Agricultural Research Centre for International Development) කෙසෙල් ජානමය ද්‍රව්‍ය අධයන විද්‍යාඥ Nabila Yahiaoui සහ සගයන් විසින් මීට පෙර, වල් සහ වවනු ලබන කෙසෙල් වර්ග වලින් එකතු කරගන්නා ලද සාම්පල 24 ක DNA සංසන්දය කර තිබුණි. ඉන් කිහිපයක ඔවුන්ට හමුවූ දෑ ඔවුනට ප්‍රහේලිකාවක් ගෙන ආවේය. එනම් අනෙක් සාම්පල සමග කිසිම ගැලපීමක් නැති DNA තිබීමයි. එම සොයගැනීම පදනම් කරගෙන 2020 දී ඔවුන් යෝජනා කළේ, M. acuminata සහ සම්බන්ධයක් ඇතයි දැන සිටි අනෙකුත් වල් වර්ගවලට අමතරව නොදන්නා විශේෂ දෙකක් වර්තමාන කෙසෙල් පලතුරට DNA දායක කර ඇත යන්නයි
නව අධ්‍යයනයේ දී, සර්ඩෝස් සහ ඇගේ සගයන් එම කාර්යය පුළුල් කර, වර්ණදේහ කට්ටල දෙකක් සහිත කෙසෙල් ප්‍රභේද කෙරෙහි අවධානය යොමු කළහ, මන්ද ඒවා පළමු ගෘහාශ්‍රිතිකරනය කළ කෙසෙල්වලට වඩා සමීපව සම්බන්ධ වී ඇති බැවිනි. (කැවෙන්ඩිෂ් කට්ටල තුනක් ඇත.) ඔවුහු, වල් ඥාතී විශේෂයන්ගේ සාම්පල 68 ක සහ සර්ඩෝස්ගේ කණ්ඩායම විසින් පැපුවා නිව්ගිනියාවෙන් එකතු කර ගන්නා ලද ප්‍රභේද 25 ක් ඇතුළුව වගා කරන ලද කෙසෙල් වර්ග 154 ක DNA සාම්පල ලබා ගත්හ. “එය සැලකියයුතු ප්‍රභේද සංඛ්‍යාවක් වන අතර ඒවායින් සමහරක් ලබා ගැනීම දුෂ්කර කාර්යයක් වන්නට හැකි බව මෙම පර්යේෂණයට සම්බන්ධ නොවූ ඕස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාඥ ටිම් ඩෙන්හැම් පවසයි.
කෙසෙල් මුලින් නිව් ගිනියාවේ වගා කරන ලද බවට වැඩි සාක්ෂි සැසඳීම මගින් සපයනු ලැබූ අතර ප්‍රථමයෙන්ම ගෘහස්ත්‍රිකරනය කරනු ලැබුවේ M. acuminata හී “banksia” “බෑන්ක්සියා” නම් උප විශේෂය බව හෙළිවිය. පසුව එම උප විශේෂය, වඩාත් පුළුල් ලෙස වගා කරන ලද ප්‍රභේද සඳහා දායක වූ බවසර්ඩෝස් සහ සගයෝ මෙම මාසයේ Frontiers in Plant Science හි වාර්තා කරති. “මෙය [නිගමනය] වැදගත් වේ,” ඩෙන්හැම් පවසයි. “එය මීට පෙර සිදු කළ පුරාවිද්‍යාත්මක, උද්භිද විද්‍යාත්මක, භාෂාමය සහ ජාන අධ්‍යයනයන් සනාථ කරයි.”
කෙසෙල් ජානමය ද්‍රව්‍යවල තුන්වන නොදන්නා ප්‍රභවයක්ද පවතින බව සාම්පල මගින් පෙන්වා දී ඇතැයි කණ්ඩායම වාර්තා කළේය. විද්‍යාඥයින් තවමත් එම විශේෂ තුන හඳුනාගෙන නොමැත; ඒවායේ දත්ත යෝජනා කරන්නේ ඉන් එකක් නිව් ගිනියාවෙන්, එකක් තායිලන්ත බොක්කෙන් සහ තුන්වැන්න උතුරු බෝර්නියෝ සහ පිලිපීනය අතර කොහේ හෝ සිට පැමිණි බවයි.

නිව් ගිනියාවේ නවීන කෙසෙල් වර්ග ඒවායේ වල් මුතුන් මිත්තන්ට වඩා ජානමය වශයෙන් විවිධතවය උසුලන බව දැන ගත් විට ඩෙන්හැම් පුදුමයට පත් විය. “මූලින් සිදුකරන ගෘහාශ්‍රිතකරණය අවහිරයකින් කෙලවර වන බවට අනුමාන කරන බොහෝ ප්‍රවේණි විද්‍යාත්මක තර්ක වලට මෙය පටහැනියි” ඔහු පවසයි. කෙසෙල් වගා කරන්නන් කෙසෙල් වර්ග වැඩි දියුණු කිරීමට ක්‍රියා කරන විට පවා, ඒවායේවල් ඥාතීන් සමඟ අධික ලෙස අන්තර් අභිජනනය සිදු වීමෙන්ජානමය වශයෙන් විවිධ මුතුන්මිත්තන් සහිත ප්‍රභේද පොකුරු ඇති වූ බවට ඔහු සැක කරයි. “[සමහර] භෝගවල පරිණාමය තුළ දෙමුහුන්කරණයේ වැදගත්කම මෙම අධ්‍යනය තවදුරටත් තහවුරු කරයි,” Rieseberg කියා සිටියි. Rieseberg විසින් සූරියකාන්ත ශාකය සමඟ කරන ලද පර්යේෂණවලින් අන්තර් අභිජනනය, පරිණාමය සඳහා වැදගත් විය හැකි බව පෙන්නුම් කර තිබේ.
ක්ෂේත්‍රය තුළ සම්භාවිතාවයන් බහුල වෙමින් පවතී: සර්ඩෝස් සහ කෙසෙල් ගැන දැඩි උනන්දුවක් දක්වන අනෙකුත් පිරිස්, කුඩා ගොවිපලවල් සහ පූර්වජ කෙසෙල් නිජබිම් වල වෙනත් ස්ථාන වෙත ගොස් වඩාත් නවීන පරම්පරාවන් සොයා ගත හැකිදැයි බැලීමට බලාපොරොත්තු වෙති. එවායේ ද රෝග වලට ප්‍රතිරෝධීවන ජාන වෙතොත්, වාණිජ කෙසෙල් සමඟ දෙමුහුන් කළ හැකිය. “නියැදි ලබා ගැනීම පිණිස තවමත් පිරික්සුම් නොකළ කෙසෙල් විවිධත්වයක් බහුලව දකින්නට පුළුවන් වෙන්න ඉඩ තියෙනවා,” Rieseberg පෙන්වා දෙයි.
Science(American Association for the Advancement of Science) හී පලව ඇති Researchers have gone bananas over this fruit’s complex ancestry යන ලිපිය අසුරෙනි