සංස්කෘතිය යනු කුමක්ද?
සංස්කෘතිය යන්නට ආගම, ආහාර, අප අඳින දේ, අප එය අඳින ආකාරය, අපගේ භාෂාව, විවාහය, සංගීතය ආදිය ඇතුළත් වෙන අතර සංස්කෘතිය, ලොව පුරා වෙනස් වේ.
සංස්කෘතිය යනු එකෙම පොදු භාෂාව, ආගම, ආහාර පිසීම, සමාජ පුරුදු, සංගීතය සහ කලා පර්හරණයකරන යම්කිසි විශේෂිත පුද්ගලයින් සමූහයක ගති ලක්ෂණ සහ දැනුම ලෙස දැක්විය හැකිය.
භාෂා උපාර්ජනය පිළිබඳ උසස් පර්යේෂණ කේන්ද්‍රය (Center for Advanced Research on Language Acquisition) තවත් පියවරක් ඉදිරියට ගොස්, සංස්කෘතිය යනු ච්ර්යා සහ අන්තර් ක්‍රියාකාරකම් සහ සමාජකරණය මගින් ඉගෙන ගන්නා සංජානන ගොඩනැගීම් සහ අවබෝධයේ හවුල් රටාවන් ලෙස අර්ථ දක්වනු ලැබේ. මේ අනුව, සංස්කෘතිය යනු කණ්ඩායමට අනන්‍ය වූ සමාජ රටාවන් මගින් පෝෂණය වූ කණ්ඩායම් අනන්‍යතාවයක් වර්ධනය වීම ලෙස සැලකිය හැකිය.
“සංස්කෘතිය තුළ ආගම, ආහාර, අප අඳින දේ, අප එය අඳින ආකාරය, අපගේ භාෂාව, විවාහය, සංගීතය, හරි හෝ වැරදි ලෙස අපි විශ්වාස කරන දේ , අපි මේසයේ වාඩි වී සිටින ආකාරය, අපි අමුත්තන්ට ආචාර කරන ආකාරය, අපි, අපේ ආදරණීයයන් සමඟ හැසිරෙන ආකාරය සහ තවත් මිලියන ගණනක් දේවල්,” යනුවෙන් ලන්ඩනයේ Barnet and Southgate කොලීජියේ මානව විද්යාඥවරියක වන Cristina De Rossi පවසයි.
පොහොසත් සංස්කෘතීන් සහිත ප්රංශය, ඉතාලිය, ජර්මනිය, එම එක්සත් ජනපදය, ඉන්දියාව, රුසියාව සහ චීනය වැනි බොහෝ රටවල , සිරිත් විරිත්, සම්ප්‍රදායන්, සංගීතය, කලාව සහ ආහාර අඛණ්ඩව සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමට සමත්වෙයි..
“සංස්කෘතිය” යන වචනය හට ගෙන ඇත්තේ ප්‍රංශ යෙදුමකිනි. ප්‍රංශ යෙදුම, ලතින් “colere” යන්නට ණය ගැතිය. සැන් ෆේන්සිස්කෝ රාජ්‍ය විශ්වවිද්‍යලයේ සම්මානනීය මහාචාර්ය, සුප්‍රකට මාධ්‍ය ‘ගුරු’, ආතර් ආසා බර්ග(Arthur Asa Berger ) දක්වන අන්දමට “colere” යන්න, භූමියට සාත්තු කොට වර්ධනය කිරීම හෝ වගා කිරීම සහ පෝෂණය කිරීම යන තේරුම් ගෙන එයි. “එය ක්‍රියාකාරීව වර්ධනය පෝෂණය කිරීමට සම්බන්ධ වෙනත් වචන ගණනාවක් සමඟ එහි නිරුක්තිය පොදුය.” ඩි රොසි(De Rossi ) පවසයි.


මෙ ලිපියේ මුලදී ම සඳහන් කර ඇති පරිදි සංස්කෘතිය, ලොව පුරා වෙනස් වේ. ඒවා වෙන වෙනම ගෙන සොයා බැලීම අගය ඇති කටයුත්තක් වෙතත්, එය මෙවන් ලිපියක සීමා පරයා යන්නකි. කෙසේවෙතත්, ලොව පුර ප්‍රකට සංස්කෘතීන් කිහිපයක නම් පමණක් මෙහි දක්වමු: නැගෙනහිර සංස්කෘතිය, බටහිර සංස්කෘතිය, ලතින් සංස්කෘතිය, මැද පෙරදිග සංස්කෘතිය, අප්‍රිකානු සංස්කෘතිය(මෙය සම්පූර්ණ ලැයිස්තුවක් නොවන බව සැලකිය යුතුය).

සංස්කෘතික විසර්ජනය යනු කුමක්ද?
Oxford Reference හී සංස්කෘතික විසර්ජනය විස්තර කෙරෙන්නේ මෙසේය: “සංස්කෘතික විසර්ජනය යනු, එක් සංස්කෘතික කණ්ඩායමක් විසින් තවත් සංස්කෘතික කණ්ඩායමක නිර්මාණාත්මක හෝ කලාත්මක ආකෘති, තේමා හෝ භාවිතයන් අත්පත් කර ගැනීම විස්තර කිරීමට භාවිතා කරන යෙදුමකි.”
උදාහරණයක් ලෙස විලාසිතා උපාංගයක් ලෙස ස්වදේශික ඇමරිකානු නොවන පුද්ගලයෙකු ස්වදේශික ඇමරිකානු හිස්වැස්මක් පැළඳ සිටීම දැක් විය හැකිය. මෙයට නිදසුනක් වශයෙන්, Victoria’s Secret සුවඳ විලවුන් නිෂ්පාදකයින් 2012 දී දැඩි ලෙස විවේචනයට ලක් වූයේ නිරූපිකාවක් ලකෝටා(Lakota මිසූරි-මිසිසිපි ගංගා නිම්නවල ජීවත්වී සූ(Sioux) ජනතවගේ බටහිර ශාකාවේ ජනයා ගේ සාමාජිකයන්) යුධ හිස්වැසුමක් සිහිගන්වන හිස් ආවරණයක් පැළඳීමෙන් පසුව යයි USA Today පෙන්වාදෙයි. Khan Academy දක්වන පරිදි මෙම හිස් වැසුම් අර්ථාන්විත සංකේත වලින් පිරී ඇති අතර, එය පැළඳීම ගෝත්‍ර ප්‍රධානීන් හෝ රණශූරයන්, නිර්භීත ක්‍රියාවන් තුළින් උපයාගත් වරප්‍රසාදයකි. නිරිතදිග කාන්තාරයේ Zuni, Navajo සහ Hopi ගෝත්‍රිකයන් විසින් භාවිතා කරන ලද මෝස්තර වලින් ආවේශිත turquoise ආභරණ ද මෙම නිරූපිකාව පැළඳ සිටි අතර, ඉතා වෙනස් සංස්කෘතීන් සහ ඉතිහාසයන් ඇති ගෝත්‍රිකයන් සංස්කෘතික විසර්ජනය මගින් එක ඒකාකෘතික ස්වරූපයකට එකතු කළ හැකි ආකාරය නිරූපණය කරයි.

ඉතාලියේ සුප්‍රකට සුඛෝපභෝගී විලාසිතා නිවසක් වන Gucci, වඩාත් මෑතකදී, එනම් 2019 දී, “the indy full turban” නමින් තලප්පාවක් විකිණීම සම්බන්ධයෙන් සමාන පසුබෑමකට මුහුණ දුන් අතර එය සීක් ප්‍රජාව අතර සැලකිය යුතු කෝපයකට තුඩු දුන්නේ යයි Esquire සඟරාව දක්වයි. සීක් ආපනශාලාහිමියෙකු සහ බලපෑම් කරන්නෙකු වන හර්ජින්දර් සිං කුක්රේජා, Gucci වෙත Twitter පණිවුඩයක් යවමින් කියා සිටින්නේ, “සීක් තලප්පාව යනු සුදු නිරූපිකාවන් සඳහා නැවුම් උපාංගයක් නොව, සික් ජාතිකයින්ගෙ දැඩි ඇදහිල්ල විදහා දක්වන අංගයකි. ඔබේ නිරූපිකාවන් සීක් තලප්පාව, ‘තොප්පි’ ලෙස භාවිතා කර ඇති අතර සීක්වරුන් ඒවා පළඳින්නේ පිළිවෙලට ගැට ගසමිනි. ව්‍යාජ Gucci නිෂ්පාදන විකිණීමට වඩා ව්‍යාජ සීක් තලප්පා භාවිතා කිරීම නරක ය.” යනුවෙනි.

සංස්කෘතිය නිරන්තරව වෙනස්වේ
සංස්කෘතියක පෙනුම, ස්වරූපය කුමක් වුවත්, එක් දෙයක් ස්ථිර ය: එනම්, ‘සංස්කෘතීන් වෙනස් වන්නේය’ යන්නය. “ජනවාර්ගික වශයෙන් අපමණ විවිධ වූ සමාජයන්ගෙන් සැදුම්ලත් අපගේ අන්තර් සම්බන්ධිත ලෝකය තුළ සංස්කෘතිය ප්‍රධාන වී ඇති බව පෙණි යන නමුත් ආගම, ජනවාර්ගිකත්වය, සදාචාරාත්මක විශ්වාසයන් සහ, මූලික වශයෙන්, සංස්කෘතිය සෑදෙන මූලිකාංඟ හා සම්බන්ධ ගැටුම් වලින් ද ගැලී ඇත,” De Rossi පෙන්වා දෙයි, “එහෙත්, එය(සංස්කෘතිය) කවදා හෝ ස්ථාවරව තිබුණේ වී නමුත්, සංස්කෘතිය තවදුරටත් ස්ථාවර නොවේ. එය අත්‍යවශ්‍යයෙන්ම අනිස්ථිර සහ නිරන්තරයෙන් වෙනස්වන් සුළු වේ.”
ඕනෑම සංස්කෘතියක් එක් ආකාරයකින් පමණක් නිර්වචනය කිරීම මේ හේතුවෙන් අපහසු වේ. වෙනස් වීම නොවැළැක්විය හැකි වුවද, බොහෝ අය අතීතයට ගරු කිරීමේ සහ (අතීතය)ආරක්ෂා කිරීමේ අගය දකිති. එක්සත් ජාතීන්ගේ සංවිධානය, එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය (The United Nations Educational, Scientific and Cultural Organization – UNESCO) නමින් කණ්ඩායමක් නිර්මාණය කළේ සංස්කෘතික හා ස්වභාවික උරුමයන් හඳුනා ගැනීම සහ එය සංරක්ෂණය කිරීම සහ ආරක්ෂා කිරීම අරමුණු කරගෙනයි. ජාත්‍යන්තර ගිවිසුමට අනුව ස්මාරක, ගොඩනැගිලි සහ ස්ථාන ද යුනෙස්කෝවේ ආරක්ෂාවෙන් ආවරණය වන්නේ යයි ලෝක සංස්කෘතික හා ස්වභාවික උරුමයන් ආරක්ෂා කිරීම පිළිබඳ සම්මුතිය(Convention Concerning the Protection of the World Cultural and Natural Heritage). මෙම ගිවිසුම 1972 දී යුනෙස්කෝව විසින් සම්මත කරන ලදී.
Live Science හී පළ වී ඇති What is culture? යන ලිපිය අසුරෙනි