කුඩාකාලයේ අප පිහිනන්නට ඉගෙන ගත්තේ අපේ නිවස පිටුපස ඕලන්ද ඇලට පැන නෑමෙනි. එකල දුන්කළවත්තේ ඇල යනුවෙන් හැඳින්වූ ඒ ඇල අප කුඩා අවදියේදී ඉතා විසිතුරු මිරිදිය මතස්‍යන් වර්ග වලින් ගහණ විය. ඒ අතර ඉලත්තියා, කපු හැන්දා. දළයා සහ කහ කොරලියා විශේෂය. එහෙත් දැන් ඒ ඇල මුළු මනින්ම මිය ගිය ඇලකි. ගලා නොයන වතුරෙන් පිරුණද අද ඒ ඇලෙහි විසිතුරු මසුන් තබා දියහූනෙක් වත් දැක ගැනීමට නොහැකිය. ඉලත්තින්, කපුහැන්දන් දැක ඇති ළමයින්ද අද කාලයේ සොයා ගැනීමට නොහැක. මෙය විශේෂයෙන් සටහන් කිරීමට මා කල්පනා කළේ ලොවපුරා 1970 තිබු වනසත්වගහණය 2010 වන විට හරි අඩකින් අඩුවී තිබෙන බවට ලෝක වනසත්ව අරමුදල (WWF) විසින් නිකුත්කරන ලද අළුත්ම සමීක්ෂණ වාර්තාවෙන් හෙලිදරව් වී ඇති බැවිනි. මෙතරම් කෙටි කලකදී ලෝක වනසත්වගහණය 50% කින් අඩුවීම යනු ඉතා බරපතල කරුණකි. මන්ද එමගින් අපේ පෘථිවියේ සෞඛ්‍යය තත්වය සම්බන්ධයෙන් වැදගත් ප්‍රශ්න කිහිපයක්ද මතු කරන බැවිනි.
එකී වාර්තාවට අනුව ක්ෂීරපායී සතුන්, පක්ෂීන්, උරගයන්, උබයජීවීන් සහ මතස්‍යයන්ගේ සංඛ්‍යාව පසුගිය වසර 40 තුළ සියයට පණස් දෙකකින් අඩුවී තිබෙන අතර වායුගෝලයේ ඇති කාබන් ප්‍රතිශතය පසුගිය වසර මිලියනය තුළ දක්නට නොලැබුනු තරම් ඉහළ නැග තිබේ. කාබන් ප්‍රතිශතය ඉහළ යාම නිසා දේශගුණය වෙනස් වි ඇති අතර පරිසර පද්ධතීන්ද අස්ථාවර වී තිබේ.
“අපේ ජීවිත පවත්වා ගැනීමට පෘථිවියට ඇති හැකියාව අපි මොහොතින් මොහොත විනාශ කරගනිමින් සිටින්නෙමු” යැයි පවසන ලෝක වන සත්ව අරමුදලේ සභාපති කාර්ට්ර රොබර්ට්ස් “එහෙත් බරපතල තත්වයන් ඇතිවීම වැලැක්වීමට අවශ්‍ය ඥාණය හා මෙවල්ම් අපසතුව තිබේ. අප ජීවත් වන්නේ සීමිත ධාරිතාවක් ඇති ග්රලෝකයක බැවින් එකී සීමාවන් සලකමින් හා පිළියම් යෙදීම තවදුරටත් ප්‍රමාද කළ නොහැකි දෙයක්” යැ‘යිද කියයි.
ලෝක වනසත්ව අරමුදලේ මේ වාර්තාව සඳහා පදනම් කරගෙන ඇත්තේ පෘෂ්ඨ වංශික සත්වයන් 10,000 ක සාම්පලයක, පරිභෝජනය හා හරිතාගාර වායු වැනි මිනිස් ක්රියාකාරීකම් නිසා උද්ගත වන තත්වයන්, ආහාර සහ මිරිදිය නිෂ්පාදනය සඳහා අවශ්‍ය ස්වාභාවික සම්පත්, වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කර තැන්පත් කරන කාබන් කිඳුම් ඇතුළු මූලික ක්ෂේත්‍ර තුනක දක්නට ලැබුණු වර්තමාන ප්රවණතාවයන්ය.
“මේ වාර්තාවේ බොහෝ දත්තයන් අඩංගුවී ඇති බැවින් නොතකා හැරිය නොහැකි තර්ම් වාර්තාව සංකීර්ණ යැයි කෙනෙකුට සිතෙන්නට පුළුවන්” යැයි පවසන ලෝක වන සත්ව අරමුදුලේ ප්‍රධාන විද්‍යාඥ ජොන් හොඑක්ස්ට්රා “එහෙත් සංකීර්ණ නොවන සරල කාරණය නම් ගොඩබිම විසූ වනසතුන්ගෙන් 39%ක්ද, මුහුදු ජීවීන්ගෙන් 39% ක්ද, මිරිදිය ජීවීන්ගෙන් 76%ක්ද පසුගිය වසර 40තුළ අඩුවීගොස් ඇති බව වාර්තාව මගින් තහවුරු කර ඇති බව” යැයිද කියා සිටියා.
වාර්තාවෙන්පෙන්වා දෙන පරිදි ඉහළ ආදායම් ඇති රටවල විවිධාකාර ජීවීන්ගේ පැවැත්ම හෙවත් ජෛවවිවිධත්වය සියයට දහයකින් ඉහළ ගොස් තිබෙන අතර මැදි ආදායම් සහ අඩුආදායම් ලබන රටවල ජෛවවිවිධත්වය පිලිවෙළින් 18% සහ 58% බැගින් අඩුවී තිබෙනවා. ජෛවවිවිධත්වය බෙහෙවින්ම අඩුවි ඇත්තේ ලතින් අමෙරිකානු රටවලයි. වාර්තාගත දත්ත වලට අනුව ලතින් අමෙරිකානු රටවල වනජීවි ජනගහනය 89% කින් අඩුවී තිබෙනවා.
මේ තත්වයට මුහුණදීම පිණිස මිහිතලයේ ජෛවවිවිධත්වයට හිත කර පාරිභෝජන පිලිවෙත් සහ බලශ්ක්ති නිශ්පාදන පිළිවෙත් අනුගමනය කිරීම අත්‍යවශ්‍යව ඇති බවත් පාරිභෝජනය පරිසර හිතකාමීව කළමණාකරණය කිරීම පෞද්ගලික. ව්‍යාපාරික හා රාජ්‍ය මට්ටමේ ද වගකීමක් විය යුතු බව ලෝක වන සත්ව අරමුදලේ වාර්තාවෙන් නිර්දේශ කර තිබෙනවා.
“මේ වෙනස ඇතිකර හැකි නායකත්වයක් අප සැමට අවශ්‍යය. වෙනත් අයෙකු එය කර දෙනු ඇතැයි සිතා ඔහේ ඉඳගෙන සිටීමෙන් වැඩක් නැත” යනුවෙන් පවසන ලෝක වන සත්ව අරමුදලේ අධ්යක්ෂ ජනරාල් මාර්කෝ ලැම්බෝර්ටිනි නිවේදනයක් නිකුත්කරමින්; “රාජ්‍යනායකයන් ගෝලීය මට්ටමෙන් කල්පනා කළ යුතුව ඇත. අප ජීවත්වන්නේ අසීමිත ලොවකයැ‘යි සිතා කටයුතු කිරීමෙන් පාරිභොගිකයන් සහ ව්‍යාපාරිකයන්ද වැලැකිය යුතු” යැයිද කියයි