විශ්වය බිහිවූ බිග් බෑන්ග් නම් හැදින්වෙන අවස්ථාවේ ඇති වූ දෝංකාරය තවමත් දැනෙන බැවින් එමගින් විශ්වය බිහිවීම පිළිබඳ තොරතුරු ලබා ගත හැකියැයි විද්‍යාඥයෝ අදහස් කරති.
විශවය තුළ ඇති වූ මුල්ම ආලෝකය වසර බිලියන 13කට වඩා පැරණි විය යුතුය. පෝටොන් අංශු යනුවෙන් හැඳින්වෙන ආලෝක අංශු ගැන සලකා බැලුවොත් මුල්ම පෝටෝන අංශු ඇතිවන්නට ඇත්තේ බිග්බැන්ග් අවස්තාවේදී ඇති ප්ලාස්මාව ආලෝකය විනිවිද යාමට තරම් සිසිල් වූ විටදීය. විශවයේ මුල් අවස්ථාව පිළිබඳ තොරතුරු මෙම පෝටෝන වල ගැබ්ව තිබෙන්න්ට ඇත. නමුත් කාලයාගේ ඇවෑමෙන් එම පොටෝන දුර්වල වි ගොස් දැන් විශ්වය පුරා පැතිරුනු අඩු මට්ටමේ විකිරණ මුහුදක් ලෙස හැඳින්විය හැකි කොස්මික්-මයික්‍රොවේව් පසුබිමක් cosmic microwave background බවට පත්ව තිබේ. ඔබේ ටෙලිවිෂන් යන්ත්‍රය ක්‍රියාත්මක කලවිට චැනල් නාලිකා වලින බැහැරව ඔබට ඝොෂාවක් සහිත අපැහැදිලි ඉරිමෙන් දැක ගන්නට ලැබෙන්නේ එකී කොස්මික්-මයික්‍රොවේව් පසුබිමයි.
එහෙත් කැනඩාවේ ඔන්ටේරියෝහි වොටර්ලූ සරසවියේ එඩුවාඩෝ මාටින් මාටිනෙස් පවසන අන්දමට කොස්මික්-මයික්‍රොවේව් පසුබිමට වඩා මැනවින් විශ්වයේ මුල් අවස්ථාව පිළිබඳ තොරතුරු ලබා ගත හැකි වෙනත් ක්‍රමයක් ඹහු සිය සගයන් සමග එක්ව සොයාගෙන තිබේ. ඹවුන් ගණන් බලා ඇති අන්දමට එකී පොටෝන නිපදවූ පරමාණුක ශක්තිය මුදා හරින ලද අවස්ථාවේදී විදයුත් චුම්බක ක්ෂේත්‍රයේද කිසියම් ආකාරයක දෝංකාරයක් ඇතිවිය. විද්‍යුත්චුම්බක ක්ෂේත්‍රය යනු ආලෝකයේ පදනමයි.
මේ දෝංකාරය තුළ කෙසේ තොරතුරු ගැබ්ව ඇතිදැයි සිතා ගැනීමට එඩුවාඩෝ සහ ඔහුගේ සගයන් මුල්කාලීන විශ්වයේ තිබූ එම දෝංකාරය සංඛ්‍යාණ අන්දමට 0 සහ 1 යන අංක යොදා කේත ගත වන්නට ඇතැයි උපකල්පනය කළා. මේ දෝංකාරයට ඇත්තේ ආලොකයට වඩා අඩු වේගයක් නමුත් අර පෝටෝන් හා සැසඳු විට ඒවා ලෙහෙසියෙන් වියැකී යන්නේ නැහැ. ඒ අනුව මේ කියන දෝංකාරයට පෝටොන් වලට වඩා වැඩි තොරතුරු ප්‍රමාණයක් දිගු දුරක් ඔස්සේ ගෙනයා හැකියි. සාමාන්‍ය ගුවන්විදුලි තරංග ඹස්සේ යවනවාට වඩා වැඩි තොරතුරු ප්‍රමාණයක් මේ මගින් ලබා ගත හැකියි යනුවෙන් එඩුවාර්ඩෝ පවසයි. මුල්කාලීන විශ්වයේ පසුබ්ම් සංඥාවන් පිළිබඳ තොරතුරුත් මේ ආකාරයට ලබාගත හැකියි. අභියෝගය වන්නේ ඒ දෝංකාරවල ස්වාභාවය දැන ගැනීමත් ඒවා ග්‍රහණය කරගත හැකි රිසීවර හෙවත් ග්‍රාහක නිපදවා ගැනීමත්ය. මේ සම්බන්ධයෙන් හාවඩ් විශ්ව විද්‍යාලයේ ඇවි ලොබ් පවසන අන්දමට මේ අදහස සිත් ඇදගන්නා සුළු වුවත් තාමත් පවතින්නේ න්‍යායික මට්ටමේය. යෝජිත ක්‍රමයේ කතෘවරු එය සුවිශේෂ වශයෙන් යොදාගන්නා ආකාරත් ඒ නිසා ඇතිවන නිරීක්ෂණය කළහැකි දේවල් ගැන උදාහරණත් පැහැදිලි කළ යුතුබව ඹහු පවසයි.




ප්‍රතිචාරයක් ලබාදෙන්න