විදු නැන නුවණ – Science Literacy for All

ලේ නෑයන් අතර සම්බන්ධයක් බිහිවන දරුවන්ගේ දුබලවීමට කෙතරම් සමීප නෑකමක් තිබිය යුතුද?

ප්‍රවේණි හා අභිජනනය ගැන අප බොහෝ දෙනෙකු දන්නා කාරණාවක් ඇත්නම්, ඒ තමයි ළඟම ඥාතීන් අතර විවාහයෙන් හෝ සම්බන්ධයෙන් දරුවන් ඉපදවීම නොකළ යුතු බව. මේ සම්බන්ධව යම් යම් සදාචාරාත්මක තහංචිද නැතුවා නොවේ. එසේ නැතත්, අන්තරාභිජනනය (කිට්ටු ඥාතීන් අතර සංවාසයෙන්) ඇතිවිය හැකි ජානමය දුර්වලතා ගැන බොහෝ දෙනෙකු තුළ බිය පවතී. හැබැයි ඉතින් කිට්ටුයි කියන්නේ කොපමණ නම් කිට්ටුද? සැබැවින්ම ලේ නෑයන්(එකම සීයා කෙනෙකු සිටින නෑයන්)  මේ ගණයට වැටෙන බව සැලකිය හැකිය.  සීයාගේ පියා/අම්මාගෙන්(great-grandparents) හෝ සීයාගේ සීයා/ ආච්චීගෙන් (great great-grandparents)  පැවත එන්නන් සමහර විට මේ ගණයට ඇතුළු නොවන තරමට ‘දුරස්ථ’යි සිතිය හැකියි. කොහොමටත් එකම සීයා කෙනෙකු හෝ ආච්චි කෙනෙකු සිටින මුණුපුරු මිණිපිරියන් අයත් වන්නේ ලේ නෑයන් ගණයටයි.

ලේ නෑයන් අතර සම්බන්ධයක් බිහිවන දරුවන්ට ඇතිවිය හැකි දුබලතා මොනවාද? මුලින්ම සිහියට නැගෙන්නේ හෙමොෆීලියා(Hemophilia)  හෙවත් ප‍්‍රවේණිගත ලේ කැටිගැසීමේ ආබාධයයි. මේ රෝගය යුරෝපයේ රජ පවුල් පෙළපත් හා සම්බන්ධකමක් ඇති බවට ජනප්‍රිය මතයක් පවතී. ඊට හේතු පාදක වන්නට ඇත්තේ රාජකීයන් බොහෝ විට කිට්ටු නෑයන් අතර අවාහ විවාහවලට පෙළඹීම විය හැකියි. ෙමය රාජකීයන්ට ආවේනික වුවක් නොවන අතර සත්තකින්ම කිට්ටු නෑයන් අතර විවාහයන්ටද සම්බන්ධයක් නොදක්වයි. 1965 පටන් දශක තුනකට වැඩි කාලයක් තුළ එක්රැස් කෙරුණු  පර්යේෂණ වාර්තා පෙන්නුම් කරන්නේ ‘දෙවැනි හෝ තෙවැනි පරපුරු’ නෑයන්(second or third cousins)අතර විවාහ හුදෙක් වැදගත් වන්නේ සම්ප්‍රදායන්ට මිස විද්‍යාත්මක සාධකවලට නොවන බවයි.

ජානමය උපදේශන සඟරාවේ (Journal of Genetic Counseling) පළ වු තොරතුරු  පෙන්නුම් කරන්නේ ඇවැස්ස ඥාති සොහොයුරු සොහොයුරියන් එක්වීමෙන් ලබන ළමයි සහ කිසිම ඥාති සබඳතාවක් නොමැති යුවළකට ලැබෙන ළමයි හා සසඳන විට මුහුණපාන්නේ මදක් වැඩි අවදානමකට පමණක් බවයි. සම්බන්ධක පටක ඝනවීමෙන් ශ්වසන ගැටලු ඇති කරන රෝග තත්ත්වයක් වන කෝෂඨ තන්තුවතාව (cystic fibrosis) ඇතිව දරුවෙකු ඉපදීමේ නිදසුන ගත්තොත් එවැනි දරුවෙකු ඉපදීමේ හැකියාව මුළු ජනගහනයට අදාළව 3-4%ක් වේ. ඥාති සොහොයුරු සොහොයුරියන් (second or third cousins) එකතුවකට ලැබෙන දරුවෙකුට මේ අවදානම වැඩිවන්නේ තවත් 1.7% සිට 2.8% දක්වා ප්‍රමාණයකිනි. මෙය අවදානම දෙගුණවීමක් සේ පෙනුනොත් එය එතරම් ලොකු අවදානමක් නොවේ. කෙසේ වෙතත්, ඒවැනි නෑයන්ට වඩා ළඟ සමීපකමක් තිබෙන්නන් අතර ලිංගික එකතුවීමකින් පිළිසිදගැනීමක් නොසිදුවිය යුතු බව පර්යේෂකයෝ අවධාරණය කරති.  එවැනි සබඳතා සඳහා යෙදෙන්නේ ව්‍යාභිචාරය (incest) යන්නයි. ඊට අයත්වන්නේ දෙමාපිය දරු සබඳතා හා සොයුරු සොයුරියන් අතර එක්වීමයි. ඥාති සොයුරියන් යනු සම්පූර්ණ වෙනස් කතාවක් බව සොයුරියන් සොයුරන් අතර විවාහ පිළිබඳව ඉතිහාසයේ දීර්ඝ කාලයක් තිස්සේ සටහන් වන වාර්තාවලින් පෙනේ. පරිණාමවාදයේ පියා ලෙස සැලකෙන චාල්ස් ඩාවින් සිය ඥාති සොයුරියක් වන එමා වෙජ්වුඩ් සමග විවාහ වු අතර දෙපොළට නිරෝගී දරුවන් කිහිප දෙනෙක්ම වූහ.

SCIENCE OF EVERYDAY THINGS VOLUME 3: REAL-LIFE BIOLOGY හි  Breeding within the Family ලිපිය අැසුෙරනි

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: