කාබෝහයිඩ්‍රේට යනු කාබන්, හයිඩ්‍රජන් හා ඔක්සිජන් පරමාණු වලින් සැදි කාබනික සංයෝග වේ.ආහාර විද්‍යාවේ දී හා සාමාන්‍ය භාවිතයේ දී, කාබෝහයිඩ්‍රෙට් යන්නෙන් බොහෝ වේලාවට අදහස් වන්නේ චොක්ලට් වැනි පැණි රස ආහාර හෝ පාන්, බත්, පැස්ටා වැනි පිටි සහිත ආහාර ය. වඩාත් මූලික ම කාබෝහයිඩ්‍රේට වන්නේ සරල සීනි හෙවත් මොනොසැකරයිඩ ය (monosaccharides). ඒවා නම් ; පළතුරුවල පැණි රස ඇති කරන ෆ්‍රක්ටෝස්(C6H12O6), RNA නම් වූ ජානමය අණුවෙහි කොඳු නාරටිය සාදන රයිබෝස් (C5H10O5) ආදීන්ය. මොනොසැකරයිඩ, විශේෂයෙන්ම ග්ලූකෝස් පරිවෘත්තිය (metabolism) සඳහා යෙදෙන ප්‍රධානම ඉන්ධනය ද වේ.ග්ලූකෝස් වලට ෆ්‍රක්ටෝස් වලට සමාන රසායනික සූත්‍රයක් ඇති මුත් වෙනස්, සාමාන්‍යයෙන් මුදු හැඩැති අණුක ව්‍යුහයක් ඇත.

අප සාමාන්‍ය සීනි ලෙස හඳුන්වන  විශාල ඩයිසැකරයිඩ සුක්‍රෝස් (C12H22O11) සෑදී ඇත්තේ ෆ්‍රක්ටෝස් හා ග්ලූකොස් වලිනි. වඩාත්ම සංකීර්ණ කාබෝහයිඩ්‍රේට වර්ගය පොලිසැකරයිඩ ය(polysaccharides). ග්ලූකෝස් ඵ්කක දහස් ගණනකින් සැදි පිෂ්ටය මේ පොලිසැකරයිඩ වලට උදාහරණයකි. ශාඛ සිය ග්ලූකෝස්, පිෂ්ඨය ලෙස ගබඩා කරයි. එහෙත් මිනිසුන් සහ බොහෝ සතුන් ග්ලූකෝස් ගබඩා කරනුයේ ග්ලූකෝස් අතු වලින් වට වූ ප්‍රෝටීන් මධ්‍යයක් ඇති ග්ලයිකොජන්(glycogen) අණු ලෙසින් ය.

“කාබෝහයිඩ්‍රේට් යනු මොනවාද?”ට එක් ප්‍රතිචාරයක්

kavishka chiranjaya වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending