සැමට විදු නැන නුවණ – Science Literacy for All

තේ දල්ලේ ලියැවෙන දේශගුණ විපර්යාස බලපෑම්

ගහ කොළ, සතා සීපාව පමණක් නොව මේ මිහිතලය මත ඇති සියල්ලට දේශගුණය සහ එහි විපර්යාස බලපාන බව අප කවුරුත් දන්නා කරුණකි. අප රටේ ප‍්‍රධාන අපනයන බෝගයක්ද වන තේ කොළයටත් දේශගුණ බලපෑමෙන් ගැලවිය නොහැක. උෂ්ණත්වය සහ වර්ෂාපතනයේ වෙනස්කම් සිදුවෙද්දී ලොව පුරා ජනප‍්‍රිය පානයක් වන තේ වල රසය, සුවඳ සහ ගුණය ද වෙනස් වන්නට පටන් අරගෙන ඇතුවා පමණක් නොව, සිය ජීවන වෘත්තිය සඳහා තේ කර්මාන්තයේ නියැළි පිරිස්වල ජීවිතවලට ද බලපෑම් ඇති කිරීහට පටන් ගෙන තිබේ.
මේ ගැන සොයා බැලීමට ඇමරිකාවේ ටෆ්ටිස්් (Tufts) සරසවියේ ජීව විද්‍යාඥ කොලින් ඔරියන්ස් ප‍්‍රමුඛ පර්යේෂකයන් පිරිසක් සිව් වසරක අධ්‍යයනයක් ආරම්භ කර ඇත. ජාතික විද්‍යා පදනම ඊට අරමුදල් සපයයි. අධ්‍යයනයේ දී මුලින්ම පරීක්ෂා කෙරෙන්නේ, තේ වල ප‍්‍රබෝධක, සංවේදක සහ සෞඛ්‍යමය ගුණ කෙරෙහි දායකවන රසායනික සංයෝග කෙරෙහි දේශගුණික විපර්යාස බලපාන අන්දමයි. පර්යේෂකයන්ගේ ක‍්‍රියාකාරකම් මීට පෙර නිරිතදිග චීනයේ යුනාන් (Yunnan) පළාතේ සිදු කළ මූලික පර්යේෂණයක් මත පදනම් වෙනු ඇත. චීනයේ, ජපානයේ ආදී රටවල ජනප‍්‍රිය කොළ තේ (Green Tea)GreenTea ප‍්‍රතිඔක්සිකාරක (antioxidants) ඉහළ සාන්ද්‍රණයකින් සමන්විත වන බව බොහෝ සේ ව්‍යාප්ත මතයකි. එ නිසා, හෘදවස්තුව, රුධිර සීනි හා ජීර්ණයට සම්බන්ධ සෞඛ්‍ය ප‍්‍රශ්න විශාල පරාසයක වළක්වා ගැනීමට හෝ පාලනය කර ගැනීමට කොළ තේ උපකාරී වෙතැයි සැලකේ.
‘‘තේ වල ගුණාත්මක භාවය තීරණය වන්නේ දේශගුණික විපර්යාසයන් මත රඳා පවතින ද්වීතියික රසායන පරාසයක් මතයි. ඒ නිසා දේශගුණික විපර්යාස තේ වෙළඳ පොළ කෙරෙහි වැදගත් විපාක ඇති කළ හැකිය’’යි ඔරියන්ස් පවසයි. හෙතෙම ටෆ්ටිස්් සරසවියේ ජීවවිද්‍යා අංශයේ මහචාර්යවරයෙකි. ‘මිනිස්සු තේ මිළට ගෙන පානය කරන්නේ ඇතැම් ගුණාංග සැලකිල්ලට ගෙනයි. එම ගුණාංග නොමැති නම් ඔවුන් තේ මිලදී ගැනීමෙන් වැළකී සිටීවි ’ යයි ඔරියන්ස් තව දුරටත් ප‍්‍රකාශ කරයි. අධ්‍යයනයේ ප‍්‍රතිඵල තේ වලට පමණක් සීමා නොවී මිදි, චෙරි ආදී අනෙකුත් වගා බෝග කෙරෙහි දේශගුණික විපර්යාසයන්ගේ බලපෑම අවබෝධ කරගැනීමට විද්‍යාඥයන්ට මෙන්ම වගාකරුවන්ට ද උපකාරිවෙතැයි සැලකේ.
තේවල අඩංගු රසායනික සාන්ද්‍රණ ගැන අධ්‍යයනය කිරීමට අමතරව ගුණාත්මක බවින් හීන වූ තේ සම්බන්ධයෙන් තේ පානය කරන්නන් දක්වන ප‍්‍රතිචාර ගැන ද සොයා බැලීමට පර්යේෂකයන් සමීක්ෂණයක් පැවැත්වීමට ද නියමිතයි. එමෙන්ම, කාලගුණ විපර්යාසයන්ගේ බලපෑම අඩුකිරීම පිණිස කුමන වගා ක‍්‍රම අනුගමනය කළ යුතු ද යන්න ගැන පර්යේෂකයෝ සොයා බලති.
ශාකයක් තම සම්පත් යොදා ගන්නා ආකාරය කෙරෙහි බාහිර තත්ත්වයන් බලපාන අන්දම ඇතුළුව ශාක ජෛව විද්‍යාවට සම්බන්ධ මූලික ගැටලු ගැන අධ්‍යයනයට තේ ඉතා යෝග්‍යබව ඔරියන්ස්ගේ අදහසයි. වානිජ බෝග අස්වැන්න කෙරෙහිට වඩා තේවල රසයට දායකවන ශාකවල හමුවන ජෛව සක‍්‍රීය සංයෝග (phytochemicals) වල සංකීර්ණ සම්මිශ‍්‍රනය වඩාත් සංවේදී විය හැකිය. එහෙයින්, මේ සම්බන්ධව පර්යේෂණ පැවැත්වීමට යුනාන් පළාත වඩාත්ම යෝග්‍ය වන්නේ එහි කොළ තේ (Green Tea) ඉස්තරම් ගුණයෙන් යුත් බව සැලකෙන හෙයිනි.
ලොව වඩාත්ම බහුලව පරිභෝජනය කරන පානයන් අතරට තේ ද ඇතුළත් වේ. තේ සඳහා වැඩිම ඉල්ලූමක් ඇති වෙළඳ පොලක් වන්නේ ඇමරිකා එක්සත් ජනපදයයි. ඇමරිකානුවෝ වසරකට තේ ගැලූම් බිලියන 3.6 ක් බොති.

Science (AAAs) හි Reading the Tea Leaves: Impact of Climate Change ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: