සංවර්ධනය හා පරිසරය සුරැුකීම අතර කිසියම් සමතුලිත බවක් රැුකගැනීමේ ගැටළුවට ලෝකයේ බොහෝ රටවල් මුහුණ පා සිටියි. මේ දෙක එකිනෙකට ගැටුම්කාරී වෙතැයි හෝ විය යුතු යයි සිතීම මේ ගැටළුවට මුලයි. එහෙත් සංවර්ධනයත් අඩාල කර නොගෙන පරිසරය ද රැුකගැනීමේ සාර්ථක ප‍්‍රයත්නයක් ගැන බ‍්‍රසීලයෙන් වාර්තාවෙයි.

ඇමසන් වැසි වනාන්තරය සංරක්ෂණය බ‍්‍රසීලයේ ඉහළම ප‍්‍රමුඛතාවකි. 1990 ගණන්වල සහ 2000 ගණන්  මුල් වසරවල සෝයා බෝංචි වගාව සහ ගව පට්ටි පාලනය සිඝ‍්‍රයෙන් ව්‍යාප්තවීමේ හේතුවෙන් කැළෑ කපා ඉවත් කිරීම හෙවත් වන නාශනය(deforestation) භයානක මට්ටමකට පැමිණියේය. කෙසේවෙතත්, ගොවියන් හා පරිසර ක‍්‍රියාකාරීන් එක්ව රජයේ ද ආධාර ඇතිව වැසි වනාන්තරයේ වර්ග සැතපුම් 33,000 කට වැඩි පූමාණයක් — ඒ කියන්නේ පාපන්දු පිටි මිලියන 14 කට වැඩි පූමාණයක් සුරක්ෂිත කිරීමට සමත් වී සිටිති. මේ වනාන්තර රැුකගැනීමේ හේතුවෙන් කාබන් ඩයොක්සයිඞ් ටොන් බිලියන 3.5ක් වායුගෝලයට එක්වීම වැළැක්වීමට හැකිවී තිබේ. ඒ අතරම වැදගත් කාරණය වන්නේ මෙලෙස ඉඩම් භාවිතයේ සීමා කිරීම් තිබියදී පවා බ‍්‍රසීලයේ සෝයා බෝංචි නිෂ්පාදනය ඉහළ යාමයි. බ‍්‍රසීලය දැන් ලෝකයේ වැඩියෙන්ම සෝයා බෝංචි නිෂ්පාදනය කරන රටවල් අතර දෙවැනි තැන හිමි කර ගෙන ඇත.amazon_soy body

කෙනෙකු විස්මයට පත් කිරීමට තරම් වන මේ සුබදායී තත්ත්වය ඇතිවූයේ කෙලෙසද? ඊට ලැබෙන පිළිතුර ප‍්‍රතිපත්ති සම්පාදකයන්ට, පරිසරවේදීන්ට පමණක් නොව තුන්වැනි ලෝකයේ අප වගේ රටවල ඇත්තතන්ට ද බෙහෙවින් වැදගත් වනු ඇත. ප‍්‍රධානතම සාධකය: කාර්යක්ෂමතාව —  ඔව්,  කාර්යක්ෂමතාව  කෙරෙහි බ‍්‍රසීල ගොවියන් අවධානය යොමු කිරීමයි. නවීන යන්ත‍්‍රසූත‍්‍ර භාවිතය හා ඉක්මනින් අස්වැන්න ලද හැකි බීජ භාවිතය හරහා සාමාන්‍ය වගා රටාවට අතිරේක වගා කන්නයක් එකතු කරගැනීමට ඔවුහු සමත්ව සිටිති. එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අනුව බ‍්‍රසීලයේ 2014 2015 සෝයා බෝංචි අස්වැන්න වාර්තාගත ටොන් මිලියන 104.2ක් තරම් ඉහළ අගයක් ගනු අැත. එය ඊට පෙර වසරට වඩා ටොන් මිලියන 8.6 ක වැඩිවීමකි. ‘‘ වැඩි වැඩියෙන් ආහාර  නිපදවීමත්, පරිසරය ආරක්ෂාකරගැනීමත් එකිනෙකට ගලපා ගැනීමට නොහැකි කාරණා නොවේ යන්නට මෙය කදිම නිදසුනකි‘‘ යයි ලෝක බැංකුවේ කෘෂිකර්මාන්ත අධ්‍යක්ෂ ජර්ගන් වෝගල් පවසයි.

National Geographic (2015 May) හි  Soybeans on the Rise ලිපිය ඇසුරෙනි

One response to “පරිසර හානියක් නොමැති සංවර්ධනය: බ‍්‍රසීලයේ පාඩම”

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending