හිස කැක්කුම නැතිනම් හිස රුදාව  නොසෑදුනු කෙනෙක් අප අතරින් හොයා ගන්න බැහැ. බෝ හෝ වෙලාවට මෙම හිස රුදා හැදෙන්නේ  විභාගයක්. සම්මුඛ පරීක්ෂණයක් විවාහ මංගල්‍යයක් ආදී ජීවිතයේ වැදගත් අවස්ථාවක් අභිමුඛවයි. සමහරුනට හිස කැක්කුම රෝගයකට වඩා රෝගයක ලක්ෂණයක්. ‘හිසි කැක්කුමයි, උණ ගන්නනද කොහෙද‘ කියලා කියන්නේ එතකොටයි. වැඩ කිරීමේ වෙහෙස වැඩි වුනහම, වෙනත් ආතතියක් ඇති වුනහම මේක මහා හිස රදයක් කියන්නේ සමහරවිට ඇත්තටම හිසරදයක නොමැතිව කතා කිරීමේ එක්තරා විලාසයක් හැටියටයි. මේ කොයි ආකාරයට බැලූවත් අපට පේන්නේ හිස රදය ඉතා සුලබ, සාමාන්‍ය දෙයක් බවයි.  ඒත් ඇත්තටම හිසරදය කියන්නේ කුමක්ද? අපි ටිකක් සොයා බලමු.

Brainහිසරුදාව එන්නේ  හිස ඇතුළේ  මොළයෙන් කියලා වගේ අපට සිතුනාට, මොළයටම හිස රුදාවක් හැදෙන්නේ නැහැ. ඇත්තටම හිසරුදාව ඇතිවන්නේ අපේ හිසෙහි හා බෙල්ලේ මාංශ පේශිවල, රුධර වාහනීවල සහ ස්නායුවලයි. මෙම ස්ථානවල තදවීමක් හෝ ඉදිමිමක් ඇතිවූ විට එමගින් ස්නායු මත පීඩනයක් ඇති කරනවා.  එවිට ස්නායු මොළය වෙත පණිවුඩයක් යවනවා. එහි ප‍්‍රතිඵලයක් ලෙස තමයි හිස කැක්කුම දැනෙන්නේ. වඩාත්ම සුලබ හිස රද වර්ගය තමයි  ආතති හිසරුදාව. ඔබේ බෙල්ලේ(ග‍්‍රීවයේ) මාංශ පේශි නිතර නිතර වුවමනාවට වඩා සංකෝචනය වුවිට ආතති හිසරුදාව.ඇතිවේ. ආතති හිසරුදාවේ එක දිගට ඇතිවන මේ වේදනාව දැනෙන විට අපට සිතෙන්නේ  යමෙකු හිස මිරිකන්නාක් ලෙසය. ඉරුවාරදය වශයෙන් ද සමහරු හඳුන්වන මීග්රේන් නම් හිසරදය එක දිගට අල්ලා සිටින ඇතැම්විට වෛද ්‍ය ප‍්‍රතිකාර කි රීමෙන් පවා සහන නොසැලසෙන හිස රුජාවකි.

හිස රුජාව වැළඳීමට බලපාන හේතු ගණනාවක්ම තිබෙනවා. අපට සෑදෙන සෙම්ප‍්‍රතිශ්‍යාව වැනි වෙනත් රෝගාබාධයකට එය සම්බන්ධය. ඉන් ඔබ සුවපත් වන විට  හිස කැක්කුම ද පහව යයි. එලෙස රෝගයකට හෝ අසනීපයකට එය සම්බන්ධ නොමැති නම් හිස රුජාව මුදා හැරෙන්නේ  වෙනත් සාධක හේතුවෙනි. උදාහරන වශයෙන් නිදිවැරීම, දුෂ්පෝෂණය. අධිකව හිරු එළියට නිරාවරණයවීම, ආතතිය, දීර්ඝ වේලාවක්  රූපවාහිනිය  නැරඹීම, අසාත්මිකතා අාදිය දැක්විය හැකියි. හිස රුජාව ආරට එන්න පුළුවන් බව විශෙෂඥයෝ පවසනවා. මීට අමතරව, දත්වල සහ හණුවල ගැටළු, බෙල්ලට තුවාල සිදුවිම. ඇස් වෙහෙසීම, රුධිර පීඩනය, ඇතැම් ඖෂධ භාවිතය, හෝමෝන ගැටළු මෙන්ම නාසයේ,කනේ හෝ උගුරේ ආබාධ හේතුවෙන් ද හිස රුජාව වැළඳේ.

හේතුව කුමක් වුවත් හිස රුජාවක් සෑදුනු විට අපට අවශ්‍යවන්නේ ඉක්මණින් ඉන් ගැලවීමටය. ඉන් දැනෙන වේදනාවටත් අමතරව  හිස රදයක් ඇතිවූ වට අවධානය ගිලිහීම, නොරුස්සන පහසුවෙන් කෝප වෙන ගතිය ඇතිවීම ස්වභාවයයි.

painkillerහිස රුජාවට ගොඩ වෙදකම් කිරීමට බෝහෝ දෙනා පුරුදුව සිටිනවා. ඒෙහත් පහසුවෙන් මිලදි ගත හැකි පැරසිටමෝල් හෝ ඇස්ප‍්‍රින් භාවිතය වඩාත් ප‍්‍රචලිත ක‍්‍රමයයි. මසාජ්කිරීම වැනි ගත සැහැල්ලූවෙන් තබා ගැනීමේ ක‍්‍රම අනුගමනය කිරීම, ආතති කළමනාකරණය, අතුරුඵල ලෙස හිස රුජාව  ඇතිකරවන ඖෂධ භාවිතය නතර කිරීම  හිස රුජාව ඇතිකරීමට පාදක වන රෝග හෝ අසනීප තත්ත්වයන්ට ප‍්‍රතිනාර කිරිම ද මේ සඳහා අනුගමනය කෙරෙන ක‍්‍රම අතර වෙනවා.

කොහොමටත් හිසරදය හිසරදයක් කර ගත යුතු නැතුවා සේම හිසරුදාව නොසලකා හරින්නත් හොඳ නැහැ.

 

Wonderopolis හි  Why Do People Get Headaches?ලිපිය  හා http://www.betterhealth.vic.gov.au/bhcv2/bhcarticles.nsf/pages/headache  යන වෙබ් අඩවිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending