විදු නැන නුවණ – Science Literacy for All

ස්නායුක ආවේග සම්ප්‍රේෂක ගැන කෙටි හැඳින්වීමක්

ස්නායු සම්ප්‍රේෂක (neurotransmitters)වල රසායනික ව්‍යුහය

methamphetamines_nervecellsඅපේ චින්තන ක්‍රියාදාමය තරමක සංකීර්ණ රසායන සංයුතියක ප්‍රතිඵලයක් යයි කීවොත් කෙනෙකු පුදුමයට පත්වන්නට ද බැරි නැත. එමෙන්ම මෙකී සංයෝග එම ක්‍රියාදාමයට සම්බන්ධ ඇතැම් රසායනික ස්ථිතියකි. මෙහි දැක්වෙන්නේ ඒවා අතුරෙන් තෝරාගත් කිහිපයක් පිළිබඳව කෙටි විස්තරයකි. කෙසේ වෙතත් හඳුනාගත් ස්නායු සම්ප්‍රේෂක ලෙස ක්‍රියා කරන ගණන 100ටත් අධිකය. පොදුවේ ගත් කළ, මොළයේ නියුරෝන අතර සංනිවේදනය සිදුවන්නේ ස්නායුක ආවේග සම්ප්‍රේෂ කරන රසායන ඒවායේ සම්පර්කය (synapse) හෙවත්  හිඩැස අතරේ ගමන් කිරීමෙනි. එම රසායන එක් නියුරෝනයක ‘අග්ගිස්සෙන්’ (‘terminal’) මුදා හැරෙන අතර ඊළඟ නියුරෝනයේ ප්‍රතිග්‍රාහකය මගින් ලබා ගැනේ. මෙම ක්‍රියාදාමයේ බලපෑම රඳා පවතින්නේ ස්නායු සම්ප්‍රේෂක වර්ගය මතයි. ස්නායු සම්ප්‍රේෂක ප්‍රධාන වර්ග දෙකකි. සංක්ෂෝභජනක (excitatory) සහ නිශේෂධනීය (inhibitory) යනුවෙනි. සංක්ෂෝභජනක ස්නායු සම්ප්‍රේෂක, ක්‍රියානුවේගී ශක්‍යතාවන් ( ‘action potentials’ )වලට මුල පිරීම පිණිස නියුරෝනවලට මගපාදයි. ක්‍රියානුවේගී ශක්‍යතා යනු අව‍ශ්‍යයෙන්ම විද්‍යුත් සංඥාවකි. අනෙක් අතට නිශේෂධනීය ස්නායු සම්ප්‍රේෂක නියුරෝන මගින් ක්‍රියානුවේගී ශක්‍යතාවයට මුලපිරීම වළක්වයි. සෛල-සෛල අතර සංනිවේදනයේදී ක්‍රියානුවේගී ශක්‍යතාවන් වැදගත් කාර්ය භාරයක් ඉටු කරයි. නිදසුනක් දැක්වුවහොත්, මාංශපේෂී සෛලවල දී ක්‍රියානුවේගී ශක්‍යතා මොළවීම අවසානයේ මගපාදන්නේ සංකෝචනයටයි.

ඇඩ‍්‍රනලින් (Adrenaline)

එපිනෙප්‍රින්(epinephrine) යනුවෙන් ද හැඳින්වෙන ඇඩ‍්‍රනලින් යනු එපිනෙප්‍රින්වල වෛද්‍යමය සංයෝගයකට යෙදෙන වෙළෙඳ ලකුණකි. අධික ආතතියක් හෝ සංක්ෂෝභි අවස්ථාවල දී නිපදවෙන හෝමෝනයකි. එය හද ගැෙහන වේගය වැඩි කිරීම, රුධිර වාහිනී සංකෝචනය කිරීම උත්තේජනය කරන අතර වා මං විස්තාරණය (පුළුල්) කරන්නේ මාංශපේශීවලට ලේ සැපයීම වැඩි කිරීමට හා පෙනහළුවලට ඔක්සිජන් සැපයීම ඉහළ දැමීමටයි. මෙමගින් කායික වශයෙන් ප්‍රබෝධයකට මග පාදන අතර සම්ප්‍රජානනය (awareness) ඉහළ දමයි. අසාත්මිකතා ප්‍රතිචාරවලට ප්‍රතිකාර කරන  EpiPens ක්‍රියාකරන්නේ ඇඩ‍්‍රනලින් එන්නත් කිරීමෙනි.

ෙනාරැඩ‍්‍රනලින් (Noradrenaline)

නොඑපිනෙප්‍රින් යනුවෙන් ද හඳුන්වන ෙනාරැඩ‍්‍රනලින් යනු අවධානය සහ මොළයේ ප්‍රතිචාරාත්මක ක්‍රියා කෙරෙහි බලපාන ස්නායු සම්ප්‍රේෂණයකි. සත්ත්වයන් තුළ ඇතිවන ‘සටන හෝ පළායෑම (‘fight or flight’) ප්‍රතිචාරයේදී ඇඩ‍්‍රනලින් සමග මෙයද සම්බන්ධ වේ. ඇතිවන ප්‍රතිඵලය විස්තර කළොත්, රුධිරය ගලායාම වැඩිකිරීම පිණිස වැළදී ඇතැයි සැලකෙන රෝගීන්ව ප්‍රතිකාර කිරීමේ දී බොහෝ වේලාවලට නිර්දේශ කෙරෙන්නේ මොළයේ නොරැඩ‍්‍රනලින් මට්ටම ඉහළ දැමීමට ආධාරවන ඖෂධයි.

ඩොපමයින්Dopamine

ඩොපමයින් සම්බන්ධවන්ෙන් සුඛ හා තෘප්තිකර වේදනයන්ටය. එය, ඇබ්බැහිය, සංචලනය හා අභිප්‍රේරණය හා සමග ද සම්බන්ධය. ඩොපමයින් මගින් ඇතිවන තෘප්තිකර හැඟීම්වලට කෙනකු ආශක්ත විය හැකිය. එවිට එම ආශාව සංසිදවා ගැනීමට එම පුද්ගලයා ඩොපමයින් මුදා හැරීමට මුල් වන චර්යා නැවත නැවතත් සිදු කරනු ඇත. මෙම චර්යා ආහාර ගැනීම හා ලිංගික ක්‍රියාවල යෙදීම වැනි ස්වාභාවික ඒවා විය හැකි අතර මත්ද්‍රව්‍ය ඇබ්බැහිය වැනි කෘතිම චර්යාවන්ද විය හැකි ය.

සෙරොටොනින් (Serotonin)

යහසාධනය(well-being)හා සන්තුෂ්ටිය යන වේදනයන්ට සෙරොටොනින් දායක වෙතැයි කල්පනා කෙ‍රේ. එය මෙලටොනින් හා එක්ව නිදි චක්‍රය නියාමනය කරන අතර අන්තක (intestinal) චලනයන්ද පාලනය කරයි. සෙරොටොනින් පහළ මට්ටමක තිබීම හා විෂාදය(depression) කාංසාව (anxiety) සහ ඇතැම් මානසික රෝගාබාධ සම්බන්ධයක් ඇති බව සැලකේ. ප්‍රතිවිෂාද (antidepressants) ඖෂධ ක්‍රියාකාරන්නේ සෙරොටොනින් මට්ටම ඉහළ නැංවීමෙනි. ව්‍යායාමය හා ආලෝක මට්ටම ද සෙරොටොනින් මට්ටම් කෙරෙහි ධනාත්මක බලපෑ හැකි ය.

ගැබා (GABA)

ගැමා ඇමයිනෝ බියුටිරික් අම්ලය (Gamma-aminobutyric acid (GABA)) යනු මොළයේ ප්‍රධානතම නිෂේධනීය ස්නායු සම්ප්‍රේෂකයයි. මධ්‍යම ස්නායු පද්ධතියේ මොළවනු ලැබ ඇති ස්නායු සමනය කිරීම එහි කාර්යභාරයයි. ගබා ඉහළ මට්ටමක පැවතීම, මානසික අවධානය හා ලිහිල් බව වර්ධනය කරයි. ගැබා GABA අඩු මට්ටමක පවතින විට කාංසාව (anxiety) ඇතිවන අතර අපස්මාරයට ද  සම්බන්ධ කමක් ඇතැයි සැලකේ. ගැබා චාලක පාලනයට හා දෘෂ්ටිය ට ද දායක  වෙයි. අපස්මාරය  පාලනය කිරීම පිණිස ලබාදෙන ඖෂධ බොහෝ විට ක්‍රියාකරන්නේ මොළයේ ගබා මට්ටම වර්ධනය කිරීමෙනි.

ඇසිටිල්කෝලීන් (Acetylcholine)

බොහෝ විට ACh ලෙස කෙටිකර දක්වන ඇසිටිල්කෝලීන් චින්තනය, ඉගෙනීම හා ස්මෘතිය හා සම්බන්ධව ප්‍රධානම ස්නායු සම්ප්‍රේෂකයයි. ශරිරයේ දී එය සම්බන්ධවන්නේ මාංශ පේෂී ක්‍රියාකාරිත්වය පැනගැන්වීමෙහිදී ය. මොළයේ ඇසිටිල්කෝලීන් නිපදවන කොටස්වලට සිදුවන හානිය හා ඇල්ෂමර් රෝගය හා බැඳි ස්මෘති ඌණතා අතර සම්බන්ධයක් ඇතැයි සැලකේ. නින්දෙන් අවදිවන විට අවධානය සහ ඉන්ද්‍රීය සංජානනය වර්ධනය කිරී‍ම සමගද ඇසිටිල්කෝලීන් සම්බන්ධයයි සැලකේ.

ග්ලු‍ටමේට් (Glutamate)

මොළයේ වඩාත්ම සුලබ ස්නායු සම්ප්‍රේෂකය ග්ලුටමෙට්ය. එමෙන්ම එය ඉගෙනීම, ස්මෘතිය වැනි ප්‍රජානන කාර්යයන්ට සම්බන්ධය තවද ග්ලුටමේට් මොළයේ වර්ධනය හා ස්නායු ස්පර්ශක පාලනය කරයි. ග්ලුටමේට් විශාල ප්‍රමාණ ඇත්තටම නියුරෝනවලට විෂකාරකය. ඒවා වුවමනාවට වඩා පවතී නම් නියුරෝන මරණයට පත්විය හැකිවේ. මොළයට හානි පැමිණීම හෝ ආඝාතය හානිකර අන්දමින් අධික ග්ලුටමේට් ප්‍රමාණයක් නිර්මාණය කිරීමට තුඩු දීමෙන් මොළ සෛල විනාශ වේ.

එන්ඩොපින (Endorphins)

එන්ඩොපීන යනු බහුවිධ ඇමයිනො අම්ල දීර්ඝ දාමවලින් සෑදෙන සංයෝග පරාසයකි. ව්‍යායාම කිරීමේ දී සංක්ෂෝභයකදී වේදනාව, ලිංගික ක්‍රියාකාරිත්වයේදී ඒවා මොළයෙහි මුදා හැරේ. එමගින් යහසාධනය හෝ අමන්දානන්දය පිළිබඳ හැඟීම් ජනිත කරයි. මානවයන් ‍තුළ අඩුතරමින් එන්ඩොපීන වර්ග 20ක් වත් හඳුනාගෙන ඇත. චොක්ලට් හා ‍රසාලිප්ත කෑම වැනි ඇතැම් ආහාර මගින්ද එන්ඩොපීන මුදා හැරීම උත්තේජනය කළ හැකි වේ.

Compound Interest හි A Simple Guide to Neurotransmitters ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: