සියළු ජීවීන් සෑදී ඇති මූලික තැනුම් ඒකකය ෙසෙලයි. මිනිස් සිරුර සෑදී ඇත්තේ ෙසෙල ට‍්‍රිලියන ගණනාවකිනි. ඒවා ශරීරයට ව්‍යුහය සපයයි. ෙසෙල, ආහාරවලින් පෝෂක උකහාගෙන එම පෝෂක ශක්තිය බවට හරවයි. එමෙන්ම ෙසෙල විශේෂිතවු කාර්යයන් ඉටුකරයි. තවද ෙසෙලවල ශරීරයේ ආවේණික ද‍්‍රව්‍ය අඩංගු අතර ෙසෙලවලට තමන්ගේම අනුපිටපත් සකස් කරගැනීමට හැකිය.
ෙසෙල කියන්නේ මොනවාට ද?
ෙසෙලවල කොටස් ගණනාවක් ඇත. ඒ හැමකටම එකිනෙකට වෙනස් කාර්යයන් පැවරී තිබේ. ඉන්ද‍්‍රියිකා යනුවෙන් හැඳින්වෙන මින් සමහර කොටස් ඇත්තවශයෙන්ම ශරීරය තුළ එක්තරා කාර්යභාරයක් ඉටුකරන විශේෂිත ව්‍යුහයන්ය. මානවයන් වන අපගේ ෙසෙලවල අඩංගු ප‍්‍රධාන කොටස් ගැන අපි දැන් සොයා බලමු.
ෙසෙලප්ලස්මා
ෙසෙල තුළ ෙසෙලප්ලස්මාව සෑදී ඇත්තේ ෙසෙලසොලය යනුවෙන් හඳුන්වනු ලබන ජල්ලි සමාන තරලයකින් සහ න්‍යෂ්ටිය වටකොට ගත් අනෙකුත් ව්‍යුහයන්ගෙන්ය.
ෙසෙලසැකිල්ල
ෙසෙලසැකිල්ල යනු ෙසෙලවල ව්‍යුහමය රාමුව සාදනු ලබන දිගු තන්තුවල ජාලයකි. වැදගත් කාර්යයන් ගණනාවක් ෙසෙලසැකිල්ල වෙත පැවරී ඇත.
ෙසෙලවල හැඩය තීන්දු කිරීම, ෙසෙල විභේදනයට හවුල්වීම සහ ෙසෙලවලට එහාමෙහා යාමට ඉඩ සැලසීම එම වැදගත් කාර්යයන් අතරවේ. ෙසෙලය තුළ ඉන්දි‍්‍රයිකා සහ අනෙකුත් ද‍්‍රව්‍යයවල සංචලනයට මග පෙන්වීම පිණිිස පථයක් බඳු පද්ධතියක් ද එමගින් සපයයි.
අනතඃප්ලාස්මීය ජාලිකාව
ෙසෙලය මගින් නිර්මිත අණු සැකසීමට මෙම ඉන්ද‍්‍රීයිකාව උපාකාරීවෙයි. එපමණක් නොව අනතඃප්ලාස්මෘය ජාලිකාව මගින්, ෙසෙලය ඇතුළත හෝ පිටත විශේෂිත ගමනාන්ත වෙත එම අණු ප‍්‍රවාහනය කරනු ලැබේ.
ගොල්ජි දේහ
අනතඃප්ලාස්මෘය ජාලිකාව මගින් සකසනු ලැබූ අණු ෙසෙලයෙන් පිටතට ප‍්‍රවාහනය කිරීම සඳහා අසුරනු ලබන්නේ ගොල්ජි දේහ මගිනි.
ලයිසොසෝම සහ පෙරොක්සිසෝම
මේ ඉන් තමයි ෙසෙලයේ ප‍්‍රතිචක‍්‍රීය මධ්‍යස්ථානය. ඒවා, ෙසෙලය ආක‍්‍රමණය කරන ආගන්තුක බැක්ටීරියා ජීරණය කරයි, ෙසෙලයෙන් විෂ ද්‍රව්‍ය පළවාහරින අතර අබලන් වූ ෙසෙල කොටස් ප‍්‍රතිචක‍්‍රීය කරණය කරයි.
මයිටකොන්ඩ‍්‍රියා
ෙසෙලයට ප‍්‍රයොජනයට ගත හැකි ස්වරූපයකට ආහාර ශක්තිය බවට පරිවර්තනය කරන සංකීර්ණ ඉන්ද‍්‍රියිකා මයිටකොන්ඩ‍්‍රියා ලෙස දැක්විය හැකියි. න්‍යෂ්ටියේ වලින් හුදකලාව මයිටකොන්ඩ‍්‍රියාවලට තමන්ගේම ප‍්‍රවේණි ද‍්‍රව්‍ය ඇත. එමෙන්ම ඒවාට තමන්ගේම අනුපිටපත් සකස් කර ගත හැක.
න්‍යෂ්ටිය
වර්ධනයට, පරිණතවීමට. විභේදනයට හෝ මරණයට පත්වීමට ෙසෙලය වෙත විධාන යවමින් ෙසෙලයේ පාලන මැදිරිය ලෙස කටයුතු කරන්නේ න්‍යෂ්ටියයි. ෙසෙලයේ ආවෙණික ද‍්‍රව්‍යය වන DNA (deoxyribonucleic acid) තැන්පත් කෙරෙන්නේ ද එහිය. න්‍යෂ්ටිය වටවී ඇත්තේ න්‍යෂ්ටි අවරණය ලෙස හදුන්වන පටලයෙනි. න්‍යෂ්ටි අවරණය DNA ආරක්ෂා කරන අතර ෙසෙලයේ සෙසු කොටස් වලින් න්‍යෂ්ටය වෙන්කරයි.
ප්ලාස්ම පටලය
ප්ලාස්ම පටලය යනු ෙසෙලයේ පිටත අතුරන ලද ආස්තරයයි. එය ෙසෙලය එහි පරිසරයෙන් වෙන් කරනු ලබන අතර ද‍්‍රව්‍යවලට ෙසෙලයටඇතුල්වීමටත් පිටවීමටත් අවසර ලබාදෙයි.
රයිබොසෝම
රයිබොසෝම යනු ප්‍රෝටිහ් නිර්මාණය කිරීම පිණිස ෙසෙලයේ නියෝග සකසනු ලබන ඉන්ද‍්‍රියිකාය. මෙම ඉන්ද‍්‍රියිකාවලට ෙසෙලප්ලස්මා තුළ නිදහසේ පාවීමට හෝ අන්තඃප්ලාස්මීය ජාලිකාවට සම්බන්ධ විය හැකිය.
මීළගට DNA යනු කුමක්ද?
US National Institutes of Health, Department of Health & Human Services මගින් පළ කරනු ලබන Help Me Understand Genetics (Published August 10, 2015) අත්පොත ඇසුරෙන් සකස් කෙරේ














Kanchana වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න