විදු නැන නුවණ – Science Literacy for All

සෙනසුරු ග්‍රහයාගේ එන්සෙලාඩස් චන්ද්‍රයා

එන්සෙලාඩස් යනු සෙනසුරු ග්‍රහයාගේ චන්ද්‍රයන් අතුරෙන් හයවැනියට විශාලතම  චන්ද්‍රයායි. එහි ප්‍රමාණය එංගලන්තයේ ප්‍රමාණයට සමානය. වැඩිපුරම අලුත් අයිස්වලින් වැසුණු මතුපිටක් සහිත එය සමස්ත සෞර ග්‍රහ මණ්ඩලයෙන්ම වඩාත්ම දීප්තිමත් වස්තුවයි. 2004 දී කැසිනි විපරම පැමිණීමට පෙර එන්සෙලාඩස්  සැලකුණේ මූලික වශයෙන් කුතුහලය දනවන ආකාරයේ තරුණ (අලුත්) මතුපිටක් සහිත සීතල අයිස් බෝලයක් ලෙස පමණකි.

සෙනසුරු වටා කක්ෂගත ගමනේදී කැසිනි එන්සෙලාඩස් ආසන්නයෙන් යන අතරතුරේ එහි පරාචක්‍රෙයහි සුළු වෙනස්කම් පෙන්නුම් කළේ මුලින් සිතුවාට වඩා මෙම චන්ද්‍රයා ඝනත්වයෙන් වැඩි බවයි. ඔව්, සෙනසුරුගේ අනෙකුත් අයිස්මය චන්ද්‍රයන්ට වඩා වැඩි අගයක් සහිතව ඝනත්වයෙන් වැඩි බවයි. එහෙයින්, එන්සෙලාඩස් අයිස් පෘෂ්ඨයට යටින් පාෂාණමය හරයක් (core) තිබීමට ඉඩ කඩ ඇත.

එන්සෙලාඩස් පෘෂ්ඨයේ විවිධ ලක්ෂණ කැසිනි විපරමෙන්  ලබා ගත් අනුරූප මගින් පෙන්නුම් කෙරේ. උතුරුකරයට වෙන්ට පුළුල් ලෙස පැතිරුණු ආවාට සහිත ප්‍රදේශ ඇත. වඩාත් වයසින් අඩු, සමතලා දකුණු දිග භූමිභාගයෙහි ඇත්තේ ආවාට ස්වල්පයකි. විවර. වැටි, මියර  හා ජිද්‍රා පොදුවේ සෑම තැනකම දැකිය හැකිය.  මෙයින් වඩාත් ම කැපී පෙනෙන්නේ දක්ෂිණ ධ්‍රැවයට ආසන්නයේ ඇති ‘කොටි වයිරම්’ (tiger stripes) ය. කැසිනි අධෝරක්ත අනුරූපවල, මෙම ‘වයිරම්’ මතින් තාපය උඩට මතුවනු දැක්වේ. එහි උෂ්ණත්වය අසළ ඇති සෙන්ටිග්‍රේඩ් අංශක -200 අයිස්වලට වඩා ‍සෙන්ටිග්‍රේඩ් අංශක 100ක් වැඩිය.

කැසිනි මගින් ලබා ගත් වැදගත්ම සොයා ගැනීම වන්නේ වයිරම් අතර අයිස් ගීසරයි. ඒවායින් පිටවන රොටු කිලෝමීටර් 100ක් තරම් උසකට නගියි. මෙම අයිස් ස්ඵටික ආපසු මතුපිටට ඇද වැටෙයි. මතුපිට අලුත් අයිස් ප්ලාවිත හඟවන්නේ ඒවාට අවුරුදු මිලියනයකට වැඩි ජීවිත කාලයක් හිමි බවයි.

චන්ද්‍රයාගේ මතුපිට උත්කර්ෂවත් දර්ශනය සිහියට නගාගන්න. ගීසර අයිස් බොහොමයක් අවකාශයට විදිනු ලබන්නේ රයිෆල් උණ්ඩයක වේගයෙන් අඩකට වැඩි ප්‍රවේගයකිනි. සෙනසුරුගේ පිටත වළල්ල සාදනු ලබන්නේ මෙම අයිස් ස්ඵටික මගිනි. වළලු දිගටම පවත්වාගෙන යාමෙන්ද හැඟෙන්නේ ගීසරවලට දීර්ඝ ආයු කාලයක් අැති බවයි.

කැසිනි මගින් නිරීක්ෂණය කරනු ලැබූ එන්සෙලාඩස් ගීසර ක්‍රියාකාරීත්වය මත යුරෝපා චන්ද්‍රයාගේ මෙන් අභ්‍යන්තර උදම් තාපනය වැදගත් කාර්යභාරයක් ඉටු කිරීමට ඉඩ ඇත. සෙනසුරු ආසන්නව එන්සෙලාඩස් කක්ෂගතව ගමන් කිරීමට ගතවන්නේ පැය 33 කාලයක් පමණකි. එමෙන්ම එහි කක්ෂය මදක් ඉලිප්සාකාරය. එපමණක් නොව පාෂාණමය හරයක් සහිත එන්සෙලාඩස් සෙනසුරුගේ ඝනත්වයෙන් අඩු චන්ද්‍රයන්ගෙන් සිදුවනවාට වඩා විකිරණශීලි මූලද්‍රව්‍ය ක්ෂයවීමෙන් සැලකිය යුතු තාප දායකත්වයක් තිබෙන්නට පුළුවන.

තාපය පාර‍භෞතික ජලාශවලට මගපාදයි. මෙකී විල් හා සාගර, අයිස් තුළ අධිකව පීඩනයට පත්ව ඇත. මතුපිට වෙත ඇති ඕනෑම වා සිදුරක් හෝ පිටකරණයකින් හඟවන්ෙන් පිපිරීමක් සහිත මිදීයාමකි. එන්සෙලාඩස් වයිරම් එහි කක්ෂය සමග නැමෙන බව කැසිනි අනුරූප දක්වයි. එවැනි උදම් බලපෑම් ගීසර සඳහා මතුපිට හිඩැස් විවෘත කර දෙයි. එවැනි මතුපිට නැමීම් හඟවන්නේ විශාල පාරභෞතික සාගරයක් ඇති බවයි.

ගීසර ෙරාටු හරහා කැසිනි ගමන් කර ඇති අතර ස්කන්ධ වර්ණාවලී මානයක් මගින් ඒවායේ සංයුතිය මැනබලා තිබේ. එමගින් වැඩියෙන් ම සොයාගෙන ඇත්තේ ජලය වන අතර ඇමෝනියා හා කාබන්ඩයොක්සයිඩ් යම් ප්‍රමාණයක් ද එමෙන්ම ප්‍රොපේන් සහ ඇසටලීන් වැනි  හයිඩ්‍රොකාබන් සොයා ගෙන ඇත.

මෙලෙස එන්සෙලාඩස් සතුව පාරභෞතික ඓන්ද්‍රීය ද්‍රව්‍ය, ජලය හා තාපය ඇත. වෙන වචනවලින් කීවොත් ජීවිතය ඇතිවීම සදහා අවශ්‍ය සියලු අමුද්‍රව්‍ය ඇත. පහසුවෙන් විශ්ලේෂණය කිරීමට හැකිවන පරිදි ඒ අභ්‍යන්තරික දැයෙහි ‘සාම්පල’ අභ්‍යවකාශයට වේගයෙන් විදුනු ලැබේ. යුරෝපා චන්ද්‍රයා මත නම් මේවා සොයාගැනීම පිණිස අයිස් තට්ටුව විදගෙන අභ්‍යන්තරයට යා යුතුය. එහෙත් එන්සෙලාඩස් ආසන්නයේ පියාසර කරන යානයක් මගින් එවැනි විශ්ලේෂණය සිදු කළ හැකිය. අනාගතයේදී එන්සෙලාඩස් වෙත මෙහෙයුම් සිදුකෙරෙන්නේ එම ‘සාම්පල’ රැගෙන ආපසු පෘථිවිය බලා ඒමටයි. එහි ගොස් ආපසු එන චාරිකාවක් සඳහා ගතවන්නේ වසර 15 කට අඩු කාලයකි. කැසිනි යානයේ මෙහෙවර 2017 දී අවසන් වෙයි. ඒ එය සෙනසුරු මත කඩා වැටීමෙනි. එසේ කෙරෙන්නේ පෘථිවියෙන් ගමන් ආරම්භ කළ යානයක් මගින් එන්සෙලාඩස් දූෂණය වීම වැලැක්වීමටය. එමගින් අනාගතයේදී එන්සෙලාඩස් වෙතින් ලබා ගන්නා සාම්පලවල පිරිසිදු  බව රැකගත හැකිය.

Visual Guide to the Universe (by Professor David M. Meyer ) ග‍්‍රන්ථය ඇසුරෙන් සැකසෙන ලිපි මාලාවක තවත් ලිපියක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: