The Search For Other Earths
කෙප්ලර් මෙහෙයුමට ස්තුතිවන්ත වෙන්න ක්ෂීරපථය ගැලැක්සියේ පෘථිවි ප්‍රමාණයේ ග්‍රහයන් බිලියන ගණනාවක් ඇති බව අපි දන්නෙමු. එමෙන්ම, පෘථිවි ප්‍රමාණයේ, පෘථිවි ස්කන්ධය සහිත බහීර්ග්‍රහයා (exoplanet) ඉතා ඉක්මනින් සොයා ගැනීමට ද ඉඩ ඇත. ඒ එම ග්‍රහලෝකයේ සත්කාරක තාරකාවට ඔබ්බෙන් (සිය පැවැත්මට දායක වන තාරකාවට ඔබ්බෙන්) ජීවීන්ගේ වාසයට සුදුසු කලාපයකදීයි. එවැනි බහීර් ග්‍රහයන් පිළිබඳ විශාල නියැදියක් දශකයක් ඇතුළත අපට ලැබෙනු ඇත. එවිට අපේ මේ පෘථිවිය මෙන් ලෝක සෙවීම, ජීවීන් ඇතිවීමට ඉඩ ඇති ජීවය පවත්වාගෙන යාමට හිතකර ලෝකවලට පමණක් සීමා කිරීමට අවස්ථාව සැලසේ. ඇත්තටම බහිර්ග්‍රහයන් අනුරූපණය නොකරම ඒවා ගැන අපට කොපමණ නම් උගෙන ගත හැකි ද යන්න පුදුම එළවන සුළුය. එලෙසම, විවිධ වූ තරංග ආයාම (wavelengths) ඔස්සේ ක්ෂීර පථය විස්තරාත්මකව අනුරූපණය කිරීමෙන් එය පිළිබඳව අපට කොපමණ නම් උගෙන ගත හැකිද යන්න ද පුදුමය දනවන සුළුය.
බහීර් ග්‍රහයන්(Exoplanets)
- සූර්යයා වටා කක්ෂ ගතව ඇති විවිධාකාර වූ වස්තු පුළුල් පරාසයකින් සෞර ග්‍රහ මණ්ඩලය සමන්විතය. ඒවා අතර කුඩා වස්තු බිලියන ගණනාවක් ඇත. ඒවා ප්‍රමාණයන් හා ස්වභාවයෙන් ග්‍රහක පථයේ පාෂාණවල සිට අයිස්මය චන්ද්‍රයන් වන යුරෝපා සහ එන්සෙලාඩස් දක්වා වෙනස් වන පරාසයක ගනී. සූර්යා වටා කක්ෂගතව ඇති විශාලතම වස්තු වන්නේ ග්‍රහයන් හෙවත් ග‍්‍රහ ලෝකය. ඒවා(ග‍්‍රහ ලෝක) ඇත්තේ අටක් පමණකි.
- ග්‍රහයන් අතර රජු හෙවත් විශාලතමයා බ්‍රහස්පතිය. බ්‍රහස්පතිගේ ස්කන්ධය සෙසු ග්‍රහයන් සියල්ල එක් කළ විට ලැබෙන ස්කන්ධයට වඩා වැඩියි. එසේ වුවද මේ වායු යෝධයාගේ වර්ණවත් වායුගෝලීමය ලක්ෂණවලට යටින්, පැහැදිලිව දැකිය හැකි ඝන මතුපිටක් නොමැත. (අඟහරු ලොව) ධ්‍රැව අයිස්වැස්ම, මළ යමහල් සහ තුනී අයිස් වලාකුළු ඇතුළුව, කුඩා පාෂාණමය ග්‍රහයන් අතරේ අඟහරු ග්‍රහයා හා පෘථිවිය අතර සමාන කම්ඇත. කෙසේ වෙතත් අඟහරු මතුපිට ද්‍රව ජලය නොමැති අතර ඊට ඇත්තේ වැඩිකොටම කාබන්ඩයොක්සයිඩ්වලින් සමන්විත ඉතා තුනී වායුගෝලයක් පමණකි.
- මේ ග්‍රහලෝක සියල්ල අතරේ ගත් කළ ද්‍රව ජලයෙන් සමන්විත මතුපිට සාගර, ඔක්සිජන් වායුවෙන් පොහොසත් වායුගෝලයක් සහ අපමණ ජීවීන් ඇත්තේ පෘථිවියෙහි පමණකි. ඉතින්, පෘථිවිය සමස්ත සෞරග්‍රහමණ්ඩලයෙහිම අසාමාන්‍ය දෙයක්ද නැතහොත් සමස්ත ක්ෂීරපථ ගැලැක්සියේම අසාමාන්‍ය දෙයක් ද?
- ඇත්තටම, 1990 ගණන්වල මුල් කාලය වනතුරුම සමස්ත විශ්වයෙහිම දැන සිටි ග්‍රහයන් ස්ථානගතව තිබුණේ අපේ සෞර ග්‍රහ මණ්ඩලය තුළය. ඒ කාලයෙන් පසුව, වෙනත් තාරකා වටකරගත් බහීර්ග්‍රහයන් සිය ගණනක් සොයා ගනු ලැබ ඇත්තේ විවිධ වක‍්‍රකාර ක්‍රමවේදයන් උපයෝගී කර ගනිමිනි. ආරම්භකව, මෙකී ක්‍රමවේද සංවේදී වූයේ බ්‍රහස්පති ස්කන්ධය සමාන බහීර් ග්‍රහයන් සෙවීමට පමණකි.
- කෙප්ලර් අභ්‍යාවකාශ නිරීක්ෂණාගාරය අභ්‍යවකාශ ගත කෙරුණේ 2009 වසරේදීය. එහි මූලික අභිමතාර්ථය වූයේ ක්ෂීර පථය ගැලැක්සිය තුළ පෘථිවි ප්‍රමාණයේ ග්‍රහයන් සුලබ ද නැද්ද යන්න නිර්ණය කිරීමයි. කෙප්ලර් මගින් බහීර්ග්‍රහයන් සොයා ගනු ලබන්නේ කක්ෂ ගත බාහීර් ග්‍රහයන් තාරකා ඉදිරිපසින් ගමන් කරද්දී ඒවායේ දීප්තියෙහි ඇතිවන ඉතා සූක්ෂම ග්‍රහණ නිරීක්ෂණය කිරීමෙන් සහ වේලාවන් ගණනය කිරීමෙනි. සිය මෙහෙයුම ආරම්භයේ සිට මේ දක්වා කෙප්ලර් මගින් බහිර් ග්‍රහයන් ලෙස සුදුසුකම් ලැබිය හැකි ග්‍රහයන් දහස් ගණනක් සොයා ගනු ලැබ ඇත. ඉන් බොහොමයක් පෘථිවි ප්‍රමාණයේ ය. මෙම ප්‍රයත්නයේ සුවිශේෂීම අපේක්ෂාව වන්නේ, සිය පැවැත්මට දායක වන තාරකාවට ඔබ්බෙන් ජීවින් විසිය හැකි කලාපයක කක්ෂගතව ඇති ප්‍රථම පෘථිවි ප්‍රමාණ, පෘථිවි ස්කන්ධයෙන් යුතු බහීර් ග්‍රහයා සොයා ගැනීමයි. බහීර් ග්‍රහයන් සොයා ගැනීමේ අනියම් හෙවත් වක්‍ර මාර්ග අවශ්‍ය වන්නේ ඒවා පිහිටා ඇති ග්‍රහ පද්ධතිවල තාරකාව හෙවත් සූර්යයාගේ (සත්කාරක සූර්යයා ලෙස ද හඳුන්වනු ලැබේ) එළිකණ (glare)කෙළින්ම (ඍජුවම) ප්‍රතිරූපනය කිරීම තරම් නොහැකි තරමට එම බහිර් ග්‍රහයන් සියල්ලම පාහේ දුබල ආලෝකයකින් යුක්ත නිසයි. පෘථිවිය මත පිහිටා ඇති හෝ අභ්‍යවකාශයේ පිහිටා ඇති හෝ කිසිම ටෙලස්කෝපයකට අපේ සූර්යයා බදු තාරකාවක් වටා කක්ෂ ගතව සිටින පෘථිවි ප්‍රමාණයේ හෝ බ්‍රහස්පති ප්‍රමාණයේ හෝ ග්‍රහයෙක් ප්‍රකාශ තරංග ආයාම ඔස්සේ ප්‍රතිරූපණය කිරීමේ හැකියාවක් දැනට නැත.
Visual Guide to the Universe (by Professor David M. Meyer ) ග‍්‍රන්ථය ඇසුරෙන් සැකසෙන ලිපි මාලාවක තවත් ලිපියක්