මානවයන්ගේ යුගයට නිල වශයෙන් මුල පිරුණේ න්‍යෂ්ටික යුගය ආරම්භයේ දී බවට භූ විද්‍යාඥයෝ නිගමනය කරති. මානවයන් ජීවත් වන්නේ නව භූ විද්‍යාත්මක වකවානුවක ය. එම වකවානුව වැඩි කොටම ඔවුන්ගේ ම දායකත්වයෙන් නිර්මාණය කර ගත්තකි යයි ීජසැබජැ සඟරාවේ පළ වූ ලිපියකින් විද්‍යාඥයෝ පෙන්වා දෙති. අන්තර් ජාතික භූ විද්‍යාඥයන් කණ්ඩායමක් නිගමනය කරන අන්දමට පෘථිවිය මත මිනිසුන්ගේ බලපෑම කොපමණ නම් පුළුල්ව පැතිර ඇද්ද කෙතරම් ප්‍රස්ථිතික ද (කාලයක් පවතී ද) කියතහොත් නව භූ විද්‍යාත්මක කාල ඒකකයක් නිර්මාණය කරමින් ඊට නිල පිළි ගැනීමක් ලැබිය යුතුව ඇත. මෙම කාල ඒකකය නව මානව වකවානුව(Anthropocene epoch) ලෙස හැඳින්විය යුතු යයි ඔවුහු යෝජනා කරති.
“අප කියා සිටින්නේ මානවයන් යනු භූ විද්‍යාත්මක ක්‍රියාදාමයක් බවයි” බ්‍රිතාන්‍යයේ භූ විද්‍යා සමීක්ෂණයේ භූ විද්‍යාඥ, නව අධ්‍යයනයේ සම කතුවර කොලින් වෝටර්ස් ප්‍රකාශ කරයි. “පෘථිවි ග්‍රහයා හැඩ ගන්වන ප්‍රමුඛතම බලවේගය අප තමයි. තව දුරටත් එම බලවේගය ගංගා, අයිස් හෝ සුළං නොවේ. මිනිස්සු තමයි බලවේගය.”

අප මේ ලිපියේ මාතෘකාවට “නව මානව” යන පදය යොදා ගත්තේ Anthropocene කියන ඉංග්‍රීසි වචනයෙනි. එහි Anthropo යෙදෙන්නේ මිනිසා යන්නටයි. cene යන්න “නව” යන අරුත් ගනී. මානවයන් ගෝලීය මට්ටමින් කෙරෙන බලපෑම හැඳින්වීම සඳහා යොදා ගන්නා හෙවත් නව මානව වකවානුව යන්න පාරිසරික ක්ෂේත්‍රයේ නව ප්‍රචාරාත්මක පාඨයක් ලෙස ක්‍රි:ව:2000 සිට ජනප්‍රිය වෙමින් පවතී. එම පාඨය ජනප්‍රිය කිරීමට මුල් වුනේ වායුගෝලීය රසායනාඥ, නොබෙල් ත්‍යාගලාභී පෝල් කෲට්සන් ය. කෙසේ වෙතත්, මෙම වචනය භූ විද්‍යාවේ නිල නාමකරණයේ (නිඝන්ඩුවේ) කොටසක් බවට පත් කර නිල වශයෙන් පිළි ගැනීමට ලක් කිරීම පිණිස විද්‍යාඥයන් අතර උත්සහායක් මෑතක වර්ධනය වෙමන් පවතී. එම උත්සහායේ යෙදී සිටින්නන් දරන්නේ මෙබඳු මතයකි: මානව වර්ගයාගේ ආධිපත්‍යයට නතු වූ වර්තමාන භූ විද්‍යා වකවානුව, මානව සමාජ වර්ධනය වී සරුවට වැඩෙන්නටවූ පසුගිය වසර 12,000 ක හොලෝසීන වකවානුවට (Holocene epoch) වඩා හාත්පසින් ම වෙනස් ය.
නව මානව භූ විද්‍යා වකවානුවක් නිල වශයෙන් ස්ථාපිත කරන්නැයි මුලින් ම ඉල්ලා සිටියේ මෙම අධ්‍යයනය මගින් නොවේ. එහෙත් මෙතෙක් ඉදිරිපත් වූ පරිපූර්ණ අධ්‍යයනය මෙයයි. මානව ක්‍රියාකාරකම් තුළින් භූ විද්‍යාත්මක ස්ථරයන් මත මිනිය හැකි සංඥා ඉතිරි කරනු ලැබ ඇද්ද ?, එමෙන්ම එම සංඥා හොලෝසීන වකවානුවේ සංඥාවලට වඩා කැපී පෙනෙන ආකාරයෙන් වෙනස් ද? යන්න සොයා බැලීම වෝටර්ස් සහ සගයන්ගේ අරමුණ විය. මෙම ප්‍රශ්න දෙකට ම පිළිතුර පැහැදිලිව ම “ඔව්” යන්න බව ඔවුන්ගේ මතය යි. මේ සම්බන්ධයෙන් පළ වී ඇති විද්‍යාත්මක ලේඛන විමසූ පරීක්ෂකයන්ට පෙනී ගියේ මෙතැන් සිට වසර මිලියන ගණනක් ගිය තැන ද හඳුනාගත හැකි වෙන සංඥා අයිස් සහ පාෂාණ මත නිපදවීමට හැකිවන අන්දමට මිනිසුන් නොයෙක් ආකාරයට පෘථිවිය වෙනස් කර ඇති බවයි.
මේ සංඥා අතර: කොන්ක්‍රීට්, ඇළුමිනියම් සහ ප්ලාස්ටික් වැනි අද්විතීය මානව නිෂ්පාදනයන්ගේ බහුලත්වය; හරිතාගාර වායු, කාබන්ඩයොක්සයිඞ් සහ මීතේන් වල වායුගෝලීය මට්ටම් ඉහළ යාම; පොහොර සහ පළිබෝධ නාශක භාවිතයෙන් පසෙහි නයිට්‍රජන් සහ පොස්පරස් ඉහළ මට්ටමක පැවැතීම; විසිවැනි සියවසේ භූමිය මත න්‍යෂ්ටික අවි පරීක්ෂණ පැවැත්වීමේ ප්‍රතිඵලයක් ලෙස විකිරණ පතිතවීම. එපමණක් නොව මානවයන් විසින් යළි මකා දැමිය, වෙනස් කළ නොහැකි ලෙස ජෛව විද්‍යාත්මක රාජධානිය හැඩ ගස්වමින් ගෘහාශ්‍රිත සතුන් කිහිපයක් සහ වගා කළ බෝග කිහිපයක් වර්ධනය කර ප්‍රමුඛත්වයට ගෙන එමින් සෙසු විශේෂ නෂ්ටප්‍රාප්ත භාවයට පත් කිරීම කැපී පෙනෙන සංඥා වකි.
“මෙම විපර්යාසයන් ඇත්ත වශයෙන් ම ෆොසිල වාර්තාවල පැහැදිලිව ම සටහන් වේවි” යනුවෙන් පවසන ස්මිත්සෝනියානු ස්වභාවික ඉතිහාසය පිළිබඳ ජාතික කෞතුකාගාරයේ ෆොසිල ශාක සංරක්ෂකයෙකුවන ස්කොට් වින්ග් “ මෙයට වසර 300 කට පෙර අවසාදිතවල තැන්පත් වී ඇති ප්‍රමාණය හා සසඳන විට ගවමස් හා කුකුළු කටු සහ ඉරිඟු බඩ තැන්පත් ව ඇති ප්‍රමණය වැඩිවීම සිතා ගැනීමට හැකියි.”
පෘථිවියේ ඉතිහාසය තුළ මෙතෙක් වාර්තා නොවූ ප්‍රමාණයකින් මිනිසුන් සත්ව හා ශාක විශේෂ මිශ්‍ර කිරීමට දායක වී ඇතැයි වෝටර්ස් පවසයි. “ දැකීමට ප්‍රිය ශාකයක් අපට හමු වුනොත් වසරක් ඉක්ම යෑමටත් කලින් මුළු ගෝලය පුරාම එය පැතිරගොස් හාමාරයි. මෙවා මගින් අවසාදිත වල නිර්මාණය කෙරෙන පරාග සංඥා ඉතාමත් ව්‍යාකූලයි. කලින් එවැන්නක් සිදුවීමට මහද්වීප දෙකක් ඝට්ටනය වනතුරු බලා සිටීමට සිදු වුණා.”.
භූ වකවානුවක් (geologic epoch)ලෙස ගත් කළ නව මානව වකවානුව තවම ලාබාලයි. වෝටර්ස් ඇතුළු කණ්ඩායම කියන්නේ එය ආරම්භ වන්නට ඇත්තේ 1950 දී පමණ යනුවෙනි. ඒ කියන්නේ න්‍යෂ්ටික යුගය සහ විසිවන සියවස මැද ඇති වූ ජනගහනය වර්ධනය, කාර්මිකකරණය සහ ඛනිජ සහ බලශක්ති පරිභෝජනය සීඝ්‍රයෙන් ඉහළ යෑමත් සමගයි. භූ ස්තර විද්‍යාත්මක හා භූ රසායනික වශයෙන් කැපී පෙනෙන සංඥා නිර්මාණය කිරීමට තරම් ප්‍රමාණවත් වන තරමට මිනිසා විසින් පෘථිවිය වෙනස් කරන ලැබ ඇතැයි යන අදහසට වින්ග් එකඟ වෙයි. “සංඥා සුවිශේෂී හා විශාල වනවා පමණක් නොව අනාගතයේ වසර මිලියන ගණනාවක් තුළ පවතීවි” යයි ඔහු කියයි. නව මානව භූ විද්‍යාත්මක වකවානුව නිල වශයෙන් පිළිගනු ලැබීම විද්‍යාත්මක වශයෙන් වැදගත් වනවා පමණක් නොව මිනිසා පෘථිවිය වෙනස් කරමින් සිටින ආකාරය පිළිබඳ පොදු ජන සංජානනය කෙරෙහි ප්‍රබල බලපෑමක් ඇති කිරීමට ද සමත් වනු ඇතැයි වෝටර්ස් සහ වින්ග් යන දෙදෙනාම කියා සිටිති.
Smithsonian Science හි The Atomic Age Ushered In the Anthropocene, Scientists Say ලිපිය





වසර මිලියන ගණනක් ගියත් දැකිය හැකි නව මානව වකවානුවක(anthropocene) සලකුණු | thathu.com වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න