ජීවිතය, ජීවත්වීමේ ආස්වාදය මෙන් ම ජීවන අරගල ගැන ද අපි නිතර කතා කරමු. ජීවය හට ගැනීම නැතිනම් උපත ගැන අප කතා කරන්නේ සතුට දරාගෙන මහත් අභිරුචියකිනි. එහෙත් ජීවිතයේම අනිවාර්ය අංගයක් වන මරණය බොහෝ දෙනා මග හැර යන මාර්‍තෘකාවකි. එසේ වුවද, මරණය හා මියයාම(death and dying) විරල දුර්ලභ සිද්ධි නොවේ. මේවා ගැන කතාබහ කිරීම අඩු බව සැබවි. එහෙත්, මේවා ගැන කතා නොකොට සිටිය ද ඉන් මග හැර යාම කළ නොහැක්කකි. මෙලෙස සාකච්ඡාවට නොගැනීම නිසා ම මරණය හා මරණයට පත්වීම ගැන අපේ අවබෝධය ද හීනය. මේ ගැන අවධානය යොමු කරමින් තතු 2015 දෙසැම්බර් 01දා ලිපියක් පළ කළ බව අපේ පාඨකයන්ට අමතක නැතුවා ඇති. අද පළවන්නේ ඊට අදාල තවත් ලිපියකි.
යම්කිසි මොහොතක දී කන්තුක පුප්ඵුෂිය ප්‍රතිජීවනය(Cardio-Pulmonary Resuscitation -CPR හෘදය සහ පෙනහළු ක්‍රියාකාරීත්වය යළි ප්‍රකෘතිමත් කිරීම පිණිස ගන්නා වූ හදිසි අවස්ථා ක්‍රියාදාමයකි) නතර කිරීමට ගන්නා වූ තීරණය මිය යමින් සිටින හෝ මිය යාම පිළිගත හැකි සියළු දෙනාටම පාහේ ගැලපෙන්නකි. මිය යමින් සිටින පුද්ගලයන්, ඔවුන්ගේ පවුල් වල අය සහ උපස්ථාන කණ්ඩායම් ද අනෙකුත් වැදගත් තීන්දු ගැනීම ද ඒවා වාර්තා කර තැබීම ද සිදු කළ යුතුවේ. (නිදසුන්: මිය යමින් සිටින තැනැත්තා රෝහල් ගත කළ යුතු ද නැතිනම් සංවෘතකයක් (a ventilator) භාවිතා කළ යුතු ද වැනි තීරණ) මෙවැනි තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමේ දී බොහෝ විට සුවිශේෂී ක්‍රියා මාර්ග ගත යුතුවේ.

පුද්ගලයෙකු නිවසේ දී මිය යනු ඇතැයි අපේක්ෂිත නම් ඇමතිය යුත්තේ කාටද (වෛද්‍යවරයෙකුට හෝ ගිලන් නිවාස සාත්තු සේවිකාවකට) යන්න මෙන් ම ඇමතිය නොයුත්තේ කාටද (ගිලන් රථ සේවාවකට) වැනි කලින් සොයා බැලිය යුතුව ඇත. නීතිමය උපදෙස් ලබා ගැනීමේ දී මෙන් ම භූමදාන හෝ ආදාහන කටයුතු යෙදීමේ දී ඔවුනට සහාය අවශ්‍ය වේ. අදාල පුද්ගලයා හෝ පවුලේ අය සහ උපස්ථාන කණ්ඩායම අවයව හෝ පටක ප්‍රදානයක් ගැන සුදුසු නම් මරණයට පෙර නොඑසේ නම් පුද්ගලයා මිය ගිය වහාම සාකච්ඡා කළ යුතුව ඇත. මිය ගිය අයගේ සිරුර සම්බන්ධයෙන් ආගමික වතාවත් ද බලපෑමක් ඇති කිරීමට ඉඩ තිබේ.
මරණාසන්නයේ ඇතිවන සාමාන්‍ය ශාරීරික ලක්ෂණ ගැන මිය යන පුද්ගලයා සහ පවුලේ සාමාජිකයින් සූදානමින් සිටිය යුතුවේ. සිහි ඇති බව හීන වී යා හැකිය. අතපය ශීතල වී ඇතැම් විට නිල් පැහැ ගැන්වී හෝ සලප ලප හෝ පලු සහිත විය හැකිය. හුස්ම ගැනීම අක්‍රමවත් වීමට ඉඩ තිබේ. අවසාන පැය කිහිපයේදී ව්‍යාකූල බව සහ නිදිබර ගතිය ඇතිවිය හැකිය. උගුරේ ඇතිවන ස්‍රාවයන් නිසා හෝ උගුරේ පේශි ඉහිල් වීමෙන් හුස්ම ගැනීම හඬ සහිත විය හැකිය. මෙය ගොරොද්දය හෙවත් පණ අදින විට නඟන ගොර ගොර හඬ (death rattle) ලෙස සමහරු දක්වති. (මරණාසන්න) පුද්ගලයා වෙනස් ආකාරයකට තැබීම, දියර වර්ග ගැනීම සීමා කිරීම, ස්‍රාවයන් වියලා දැමීමට ඖෂධ භාවිතය, ශබ්දය අඩු කිරීමට දායක වේ. එවැනි ප්‍රතිකාරක වල අරමුණ පවුලේ අය හෝ උපස්ථාන කණ්ඩායම යහතන් තැබීමයි. මන්ද ශබ්ද සහිත හුස්ම ගැනීම ඇතිවන අවස්ථාව ඇතිවන්නේ මිය යාමට ආසන්න තැනැත්තාට ඒ ගැන අවබෝධයක් නැති විටකදීය. අනික ගොරොද්දය ඇදීම මිය යන පුද්ගලයාට අපහසුවක් ඇති නොකරයි. (අපහසුවක් ඇති වෙතැයි පවුලේ අයට හා උපස්ථායකයන්ට සිතුනත්) මෙම ශබ්ද සහිත හුස්ම ගැනීම පැය ගණන් පැවතිය හැකි අතර බොහෝ විට ඉන් ගම්‍ය වන්නේ මරණය පැය ගණනකින් හෝ දින කිහිපයකින් සිදු වීමට ඉඩ ඇති බවයි.
මරණය සිදුවන අවස්ථාවේ මාංශ පේශි කිහිපයක් හැකිලීමට පුළුවන. පපුව හුස්ම ගැනීමට යාමේදී මෙන් උස් පහත් විය හැකිය. හුස්ම ගැනීම නතර වීී වනාඩි කිහිපයක් යන තුරු හදවත ගැස්ම පැවතිය හැකිය. කෙටි පරිග්‍රහණයක් ඇතිවීමට පුළුවන. අනුනට ද අවදානමක් ඇති කරන ස්පර්ශයෙන් බෝවන රෝගයකින් මිය ගිය අය පෙලෙමින් සිටියා නම් හැර අත ගෑම, ස්නෙහයෙන් පිරිමැදීම, සිරුර අල්වාහෙන සිටීම මිය ගොස් ටික වේලාවක් යන තුරුම පවා අනුමත කළ හැකි ක්‍රියා බව පවුලේ සාමාජිකයින් ඒත්තු ගත යුතු වේ. පොදුවේ ගත් කල, මිය යාමෙන් පසුව සිරුර දැකීම මිය ගිය අයගේ පවුලේ අයට සහනයක් විය හැකිය. පුද්ගලයා මිය ගියේ නැතැයි යනුවෙන් පසුව ඇතිවන සුලබ එහෙත් අතාර්තික සිතුවිල්ල පහකර ගැනීමට ද එය උපකාරී වෙයි.

පුද්ගලයෙකුගේ ජීවිතයේ අවසන් මොහොත පවුලේ සාමාජිකයන් ගේ, ඥාති මිත්‍රාදීන් සහ සත්කාර කරන්නන් මත දිගු කලක් යන තුරු පවතින බලපෑමක් ඇති කළ හැකි වේ. අවකාශයක් ඇත්නම්, මිය යෑමට ආසන්න තැනැත්තා සන්සුන්, නිහඬ සහ ශාරීරිකට පහසුව දැනෙන තැනක රැඳවිය හැකි නම් හොඳය. අත් අල්වාගෙන සිටීම යනාදී වශයෙන් පවුලේ අය එම තැනැත්තා හා ශාරීරික සබඳතාවන් පවත්වාගෙන යාම මැනවි. මිය යන තැනත්තා ගේ ආශාවක් වේ නම් පව්ලේ සාමාජිකයන්, හිත මිත්‍රාදීන් සහ පූජක පක්ෂය මරණ මොහොතේ දී පැමිණ සිටීම යෝග්‍යය.
තමන් ගේ ප්‍රියයා මිය ගියාට පසු ජීවිතය ඉදිරියට පවත්වාගෙන යාම කරුණු ගණනාවක් මත රඳා පවතී. මියගිය හා පවත්වාගෙන ගිය සම්බන්ධතාවන් ස්වරූපය, මියගිය අයගේ වයස, එම අයගේ අවසාන කාලයේ දී අත්දැකීම් හා ලබා ගත හැකි චිත්ත වේගී සහ මූල්‍යමය සම්පත් ඒ අතර වේ. මියගිය අරබයා පවුලේ අයගෙන් බලාපොරොත්තු වූ දෙය ඉටුවන්නේ ද යන්න පවුලේ අය බොහෝ විට විමසා බැලිය යුතු වේ. තම ප්‍රියයා මියගොස් සති කිහිපයකට පසුව වෛද්‍යවරයා සමග කතා බහක යෙදීම හිතේ පැසවන ප්‍රශ්න ගණනාවකට පිළිතුරු ලබා ගැනීමට මග පාදයි. පවුලේ සාමාජිකයා මියගොස් අඩු තරමේ මාස 6 ක් වත් යනතුරු දුක ශෝකය පහව නොයයි. අදහා ගැනීමට නොහැකිවීම(disbelief), කෝපය, විශාදය, පාලුව, තනිකම, අන්දමන්ද වීම හා පුල පුලා සිටීම, මෙම කාල ඡේදය හා සම්බන්ධය. දුක හා ශෝකය කාලයත් සමග වියැකී යයි. එහෙත් අහිමිවීමේ සිතුවිල්ල රැඳී පවතී. මරණය තේරුම් ගෙන ජීවිතය ඉදිරියට ගෙනයාමට තමතමන්ව හැකි වෙන තරමටම මරණයෙන් ‘ගොඩ ඒමට’ හැකියාවක් මිනිස්සුන්ට නොමැත.
MSD Manual Consumer Version හි When Death Is Near – Fundamentals ලිපිය ඇසුරෙනි




ප්‍රතිචාරයක් ලබාදෙන්න