ත‍්‍රස්තවාදය යන්න නුහුරු රටක් අද ලොවේ  නොමැති තරම්ය. ඒ තරමටම එය ලෝක ව්‍යාප්තය. එක් ත‍්‍රස්තවාදී සිද්ධියක මතකය ඈත් වන්නත් කලින් තවත් ත‍්‍රස්තවාදී සිද්ධි ඉස්මතුවීමේ හේතුවෙන් ත‍්‍රස්තවාදය නිරන්තරවම අපගේ සාමූහික චිත්ත සාමය බිඳ හෙළීමට දායක වෙයි. මෑතක බලවත් අයිඑස්අයිඑස් (ISIS) වැනි අන්තවාදී කණ්ඩායම්වල කි‍්‍රයාකාරිත්වය ව්‍යාප්තවීම නිසා බොහෝ රටවලට බලවත් තර්ජන එල්ලවී තිබේ. ඉතා මෑතක සිට විශේෂයෙන්ම ඇමරිකාවේ හා යුරෝපයේ රටවලට එල්ල වෙන ත‍්‍රස්ත ප‍්‍රහාර නිසා මානව සමාජයේ සැලකිය යුතු සාමාජිකයන් කොටසක් බියෙන් බියට පත්වෙති.o-PSYCHOLOGY-EXPERIMENT-facebook-150x150

එහෙත් ඇමරිකා එක්සත්  ජනපදයේ හිටපු ජනාධිපතිවරයෙකු වූ ෆ‍්‍රෑන්ක්ලින් ඩි. රූස්වෙල්ට් ගේ ප‍්‍රකට ප‍්‍රකාශය පරිදි ‘බියවීම ම පමණක්’ (“fear itself,” ) එතරම් ප‍්‍රයෝජනවත් නැත. තර්ජනයකට මුහුණදීමට නම් එය හැඩ ගස්වන බලවේගයන් අවබෝධකර ගැනීම යෙහෙකි. විද්‍යාව ඇතුල්වන්නේ එතැනටයි.  බෝම්බකරුවෙකුගේ සිත පිළිබඳව අපට මනෝවිද්‍යාවෙන් දැන ගත හැක්කේ කුමක්ද? යම් අයෙකු භක්ති උන්මාදකයෙකු (a fanatic) වීමට මුලින්ම හේතුවන්නේ කුමක්ද? පසුගිය වසර පහ ඇතුළත සිරියාවේ සහ ඉරාකයේ අන්තවාදී කණ්ඩායම් විදේශීය සටන්කරුවන් 30,000ක් පමණ බඳවා ගැනීමට සමත් ව සිටින්නේ කෙසේද? (මේ සංඛ්‍යාව 2014 සහ 2015 ඇතුළත පමණක් දෙගුණ වූවකි.) සියල්ල නැතිබංගවී යාමට කලින් මෙම පිරිසෙන් කොටසක් අපට ආපසු කැඳවා ගත නොහැකිද?

images

මේ පිළිබඳව, විශේෂඥයන්ගේ සහභාගිත්වය ඇතිව සිදුකෙරුණු පුළුල් අධ්‍යයනයක් අළලා ලිපි පෙළක් පළ කිරීමට තතු සැලසුම් කර ඇත. මේ මුල් විශේෂ වාර්තාවේ එහි ඇතැම් විශේෂඥයන් දක්වා ඇති කාරණාවල අවධාරිත අංග දැක්වේ. සමාජ මනෝවිද්‍යාඥයන් වන ස්ටීවන් ඞී. රිචර් සහ එස්. ඇලෙක්සැන්ඩර් හස්ලම් තර්ක කරන්නේ ත‍්‍රස්තවාදීන් මනෝව්‍යාධිකයන් හෝ පරපීඩාකාමීන් ලෙස අප විසින් සලකනු ලැබූවත් වැඩි දෙනෙකු එසේ නොවන බවයි. ඇත්තටම ඒ වෙනුවට ඔවුන් වැඩිදෙනා සාමාන්‍ය ජනතාවය. යුක්ති සහගත හා උදාර ලෙස ඔවුන් දකින අරමුණක් වෙනුවෙන් විනාශයන් සිදු කිරීමට, හානි පැමිණවීමට සමූහ ගතිකයන් (group dynamics) මගින්  ඔවුන්ව හැඩගස්වනු ලැබේ. තීරණාත්මක සාධකයක් වන්නේ එම සමූහ ගතිකයන් අප සැමටම අදාළ වීමයි. අපේ වුවමනාවට වඩා අධික ප‍්‍රතිචාරයන් හා බිය හේතු කොට ගෙන වඩාත් අධික අන්තවාදයක් ජනිත කරවන බවත් එය අනෙකුත් උගතුන් විසින් ‘සම අන්තවාදීකරණය ‘ (co-radicalization) ලෙස හඳුන්වා ඇති චක‍්‍රයකට මඟ පාදන බවත් රිචර් සහ හස්ලම් පැහැදිලි කරයි.

ISIS-and-the-psychology-of-terrorism

මෙම චක‍්‍රයට හසු වූ සිය ගණන් තරුණ පිරිස් පිළිබඳ විශ්ලේෂණයක යෙදෙමින් ඇය උකහා ගත් දේවල් පිළිබඳව ප‍්‍රංශ ජාතික මානව විද්‍යාඥ ඩවුනියා බවුසාර් විස්තර කරයි. ජිහාඞ් ආකර්ෂණයෙන් ගැටවරයන් ආපසු ගලවා ගත හැක්කේ විචාර බුද්ධියෙන් නොව චිත්තාවේග හෙවත් හැඟීම්වල ග‍්‍රහණයෙන් පමණකැයි ඇය පවසයි. අන්තර්ජාලයේ අඳුරු සෙවණැලිවලින් පිරි ලෝකය ගැන දෙමාපියන් සිය දරුවන් සමග කතා බහ කළ යුතු බව ඇය අවධාරණය කරයි. බටහිර යුරෝපයේ මෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ තරුණ පිරිස් අන්තවාදී සංවිධානවලට බඳවා ගැනීමේ ප‍්‍රධාන වේදිකාව  මෙම අඳුරු සෙවණැලිවලින් පිරි ලෝකයයි.

මෙම වක‍්‍රය බිඳීමේදී අපට සැමට ආධාර විය හැක්කේ කෙසේද යන්න ගැන සමාජ මනෝවිද්‍යාඥයන් වන කෙවින් ඩටන් සහ ඩොමිනික් ඒබ‍්‍රම්ස් සැලකිල්ල යොමු කරති. ඊට පැහැදිලි යෝජනා ඔවුන් උකහා ගන්නේ ප‍්‍රධාන පෙළේ අධ්‍යයන හතරකිනි. වඩා පුළුල් සමාජ අනන්‍යතාවකට වැඩි වැදගත් කමක් දෙමින් අනෝ‍යාන්‍ය අවිශ්වාසයේ හිඩැස පියවීම එක් යෝජනාවකි. එමෙන්ම විවාදාත්මක මත ගෙනෙන පණ්ඩිතයන්ට හා ගැටුමට බර දේශකයන්ට සවන්දෙනවාට වඩා මේ ගැන පර්යේෂණ කරන්නන්ගේ හඬට සවන් දෙමින් සන්සුන්ව සිටීම තවත් අදහසකි.

Scientific American හි පළවූ Special Report: The Psychology of Terrorism නම් ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending