මෙයට වසර බිලියන 2.7 කට පෙර පෘථිවිය වෙත පාවී ආ අභ්‍යාවකාශ අංශු තරුණ පෘථිවි ග‍්‍රහයාගේ ඉහළ වායුගෝලයේ රසායනික සංයුතිය පිළිබඳව විද්‍යාඥයන්ට එසැණ දසුනක් සැපයීමට සමත් වෙයි. මේ සම්බන්ධයෙන් සිදු කෙරුණු අධ්‍යයනයකින් දැක්වෙන්නේ, ආදී කාලීන පෘථිවියේ ඉහළ වායුගෝලයෙහි අද පමණටම වාගේ ඔක්සිජන්,  ඒ කියන්නේ 20%ක් පමණ ප‍්‍රමාණයක් ඔක්සිජන් අඩංගුව තිබූ බවයි. මෙය කලකට පෙර විද්‍යාඥයන් උපකල්පනය කර තිබූ දෙයට පටහැනි වන්නකි. එනම්, පෘථිවියේ මුල් යුගයේ පහළ වායු ගෝලය  ඔක්සිජන් හීන නිසා විද්‍යාඥයෝ උපකල්පනය කළේ ඉහළ වායුගෝලය ද ඔක්සිජන් වායුවෙන් තොර බවයි.

Image result for Earth’s Early Atmosphere

නව අධ්‍යයනයේ විස්තර Nature සඟරාවෙහි පළ වී තිබේ. එය, ඇත අතීතයට එබී වායුගෝලීය පරිණාමය පරීක්ෂාකර බැලීමට මෙන්ම වායුගෝලය එහි වර්තමාන තත්ත්වය කරා පරිණාමය වූයේ කෙසේද යන්න ගැන සෙවීමට අලූතෙන් දෘෂ්ටිකෝණයක් ද සපයයි. ‘පරිණාමය වන වායුගෝලය,  භූ විද්‍යාත්මක කි‍්‍රයාදාමයන්  විශාල පරාසයක රසායන සංයුතිය විපර්යාසයට ලක්කරා.  දැවැන්ත ඛනිජ සම්පත් සෑදීමට වගකිව යුතු වන්නේ ඉන් සමහරක් තමයි’ අධ්‍යයනයේ ප‍්‍රධාන කර්තෘ, ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න්හි පිහිටි මොනෑෂ් සරසවියේ ඇන්ඩෲ ටොමිකින්ස් කියයි.  ‘ඉතින් මේ පර්යේෂණය ජෛවීගෝලය (biosphere), ජල ගෝලය(hydrosphere) සහ භූගෝලය(geosphere)  අතර අන්තර් කි‍්‍රයාකාරිත්ව වගේම කාලයාගේ ඇවෑමෙන් ඒවා විපර්යාසයට ලක්වූ ආකාරය ගැන සිතන්නට අපට උපකාරී වෙනවා’ යයි ඔහු පෙන්වා දෙයි.

අධ්‍යයනය සඳහා යොදාගත්  අභ්‍යාවකාශ දූවිලි හෝ ‘ක්ෂුද්‍ර උල්කාෂ්ම’(micrometeorites) එකතු කර ගනු ලැබුවේ බටහිර  ඕස්ටේ‍්‍රලියාවේ පිල්බාරා ප‍්‍රදේශයේ පුරාණ හුණුගල් සාම්පල අතරිනි. කොස්මීය හෙවත් අන්තරීක්ෂ කුඩා ගෝල (spherules) පෘථිවි වායුගෝලයේ සැතැප්ම 50-60 උන්නතාංශයකින් ඇතුල්වෙද්දී උණු වී යයි. ‘මීට පෙර පාෂාණවල තිබී මිනිසුන්ට ක්ෂුද්‍ර උල්කාෂ්ම හමුවී ඇතත්, වායුගෝලීය රසායන සංයුතිය පරීක්ෂාකිරීම පිණිස ඒවා යොදා ගැනීමට කිසිවකුත් කල්පනා කළේ නැහැ.’ ටොමිකින්ස් පෙන්වාදෙයි.

istock_000016392769_large

ක්ෂුද්‍ර උල්කාෂ්ම’(micrometeorites) සොයා ගනු ලැබූ බටහිර  ඕස්ටේ‍්‍රලියාවේ පිල්බාරා ප‍්‍රදේශය

පුරාණ පෘථිවි වායුගෝලය ඉතා ඉහළ දී ක්ෂුද්‍ර වස්තූන් උණුවී යලි හැඩ ගැසෙද්දී ඒවා අවට වාතාවරණයේ ඔක්සිජන් සමග ප‍්‍රතිචාර දක්වමින් ඒවායේ ස්වරූපය පරිවර්තනය විය. වායුගෝලය හරහා ගමන් කරද්දී පුරාණ ක්ෂුද්‍ර උල්කාෂ්ම කුමන රසායනික විපර්යාසයන්ට භාජන වූයේද යන්න පරීක්ෂා කිරීමක් පිණිස ඒවා වෙත එබී බලන්න විද්‍යාඥයන්ට හැකි විය.

අන්වීක්ෂණයක් යොදා ගනිමින් පරීක්ෂා කල ටොමිකින්ස් සහ සගයන්ට දැක ගත හැකි වූයේ ක්ෂුද්‍ර උල්කාෂ්ම යනු ඔක්සිජන්වලට නිරාවරණය වීමෙන් පසුව අයන් ඔක්සයිඞ් ඛනිජ බවට හැරවුණු ලෝහ යකඩ අංශුය හැටියට කලක් පැවති බවයි. එවැනි රසායනික පරිවර්තනයක් සිදුවීමට නම් (වසර බිලියන 3.9 සිට 2.5 දක්වා වූ) ආකීය යුගයේ දී (Archean Eon) පෘථිවියේ ඉහළ වායුගෝලයේ ඔක්සිජන් මට්ටම් කලින් හිතුවාට වඩා බොහෝ ඉහළ මට්ටමක තිබිය යුතු යයි විද්‍යාඥයෝ තර්ක කරති. කණ්ඩායම සිදු කළ ගණනයන්ට අනුව පෙනී යන්නේ පර්යේෂකයන්ගේ නිරීක්ෂණ පැහැදිලි කිරීමට නම් එම අවධියේ ඉහළ වායුගෝලයේ ඔක්සිජන් සාන්ද්‍රණය දළ වශයෙන් 20%ක් ඒ කියන්නේ අද දින මට්ටම වාගේ තිබිය යුතු බවයි.

ටොම්කින්ස් සහ කණ්ඩායම අදහස් කරන්නේ පෙන්සිල්වේනියාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යාඥ ජිම් කේස්ටින් සහ වෙනත් අය විසින් ඉදිරිපත් කරන ලද අදහසකට සිය අධ්‍යයනය සහාය පළ කෙරෙන බවයි. ආකීය යුගයේ දී පෘථිවියේ ඉහළ හා පහල වායුගෝල  පැහැදිලි මිදුම් ආකාර මැද ස්තරයකින් වෙන්වී තිබුණේය යන්න එම අදහසයි. එම ස්තරය සෑදෙන්නට ඇත්තේ හරිතාගාර වායුවක් වන මීතේන්වලින් විය යුතුය. මීතෙන් වායුව අති විශාල ප‍්‍රමාණවලින් ‘මීතේන් කාරකයක්’ (“methanogens”) ලෙසින් හඳුන්වන ජිවීන් විසින් මුල් යුගයේ නිපදවන්නට ඇත. මීතෙන් වායුව හිරුගේ පාරජම්බුල කිරණ අවශෝෂණය කරගෙන උෂ්ණ කලාපයක් නිර්මාණය කිරීම පිණිස තාපය මුදා හරින්නට ඇතැයි ද එම උණුසුම් කලාපය ඉහළ හා පහළ ගෝල ස්තර දෙකක් ලෙස වෙන් කර තබන්නට ඇතැයිද උපකල්පනය කෙරේ. කේස්ටික් මෙම අධ්‍යයනයට සහභාගීවූවෙකු නොවේ.

කෙසේ වෙතත්, ටොමිනික්ස් අවධාරණය කරන්නේ මේ උපකල්පනය තවදුරටත් පරීක්ෂාවට ලක් කර යුතු බවයි. ‘අපි පෘථිවියේ ඉහළ වායුගෝලයේ සාම්පලයක් අරගෙන තියෙන්නේ කාලයේ එක් ලක්ෂ්‍යයක තුළ පමණයි. ඊළඟ පියවර වෙන්නේ භූ විද්‍යාත්මක කාල පුළුල් පරාසයක් ආවරණය වෙන අන්දමට පාෂාණ අතුරින් ක්ෂ්ද්‍රඋල්කාෂ්ම සොයා ගන්නා එකයි’ යනුවෙන් ටොමිකිනිස් කියා සිටියි. සිය කණ්ඩායම කේස්ටින් හා එක්ව පර්යේෂණ කටයුතු සිදුකිරීමට ටොමිකිනිස් බලාපොරොත්තු වෙයි.

Smithsonian Science හී  Ancient Space dust Reveals Surprising Twist in Evolution of Earth’s Early Atmosphere ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending