ජල දූෂණය යනු කුමක්ද?
ජල දූෂණය යනු ජල කඳන් (නිදසුන් විල්, ගංගා, සාගර, භූ ජලධර සහ භූගත ජලය) අපවිත‍්‍රණයයි. බොහෝ අවස්ථාවලදී මේ අපවිත‍්‍රණය සිදුවන්නේ මිනිස් කි‍්‍රයාකාරකම් හේතුවෙනි.
දූෂක හෙවත් දූෂක කාරකවල (ජලය අපවිත‍්‍රණය වන අණු හෝ අංශු, රසායන හෝ වෙනත් ද්‍රව්‍ය) ඇති හානිකර සංයෝග ඉවත් කිරීම සඳහා ප‍්‍රමාණවත්ව පිරියම් නොකර ඍජුවම හෝ වක‍්‍ර ආකාරයකට ජල කඳන්වලට මුදා හැරීමෙන් ජල දූෂණය ඇතිවේ. ජලයට දූෂක එක්වන්නේ ප‍්‍රධාන කොටම මානව හේතූන් හෝ මානව සාධක මගිනි.
ජල දූෂණය, ස්ථානගත ප‍්‍රභවයක් සහිත (Pointsource) ස්ථානයකට සීමා නොවූ ප‍්‍රභවයක් සහිත(Non Pointsource) සහ භූමි සීමා ඉක්මවන (Transboundary) යන වශයෙන් තුන් ආකාරයක් ගනී. සාමාන්‍යයෙන් ජල කඳකට දූෂක පැමිණෙන්නේ එක් ස්ථානයකින් නම් (උදා: කර්මාන්තශාලාවක අපද්‍රව්‍ය පිටකිරීම) එය ස්ථාන ගත ප‍්‍රභවයක් සහිත ජල දූෂණයක් ලෙස හැඳින් වේ.
සමහර අවස්ථාවල ජල දූෂණය ප‍්‍රභව කිහිපයකින් ඇතිවේ. එය ස්ථානයකට සීමා නොවූ ප‍්‍රභවයක් සහිත ජල දූෂණයක් ලෙස දැක්විය හැකිය. දූෂණය, එය සිදු වූ එක් ස්ථානයකට පමණක් බලපානවා විය හැකිය.
එහෙත් බොහෝ විට, විශේෂයෙන්ම ගලා යන ජලය, අපවිත‍්‍රණය බොහෝ ප‍්‍රදේශවලට පැතිරේ. එය භූමි සීමා ඉක්මවන ජල දූෂණයකි.
වාතය දූෂණය වීම හා ගත් කළ ජල දූෂණය වඩාත්ම අවධානය යොමු වූ පාරිසරික ගැටලූ අතරේ දෙවැනි ස්ථානය ගනී. මේ කරුණු සැලකිල්ලට ගන්නා විට අපට ජල දූෂණයට මෙවැනි අර්ථ දැක්වීමක් දැක්විය හැකියි: සජීවීන් කෙරෙහි තීරණාත්මක ප‍්‍රතිඵල අත් කර දෙන ජලයේ භෞතික, රසායනික හා ජීව විද්‍යාත්මක ගුණ වෙනස් කිරීමක් හෝ සංශෝධනය කිරීමක් ජල දූෂණය වේ.
ජල දූෂණ ගැටලූව කුමක්ද?
අපේ මිහිතලය මත 70%ක් පුරා ඇත්තේ ජලයයි. ඔව් පෘථිවි පෘෂ්ඨයෙන් 70%ක් ආවරණය වී ඇත්තේ ජලයෙන්. ජලය ජනතාවට මෙන්ම පරිසරයට නැතුවම බැරි වැදගත් සම්පතක්. ජල දූෂණය ලොව පුරා පාණීය ජලයට, ගංගාවලට, විල් සහ සාගරවලට ද බලපෑම් ඇති කරයි. සංවර්ධනය වෙමින් පවතින බොහෝ රටවල දූෂණය වූ ජලය පානය කිරීමේ හේතුවෙන් ජල දූෂණය මරණවලට සාමාන්‍යයෙන් බලපාන ප‍්‍රධාන සාධකයක් වේ. මෙයටත් අමතරව ජල දූෂණය බලපාන්නේ තනිතනි පුද්ගලයන්ට පමණක් නොව ජනතාවන්ට හා ජලයේ පවතින සමස්ත කි‍්‍රයාත්මක පරිසර පද්ධතිවලටදය.
ජිවිතයේ පදනම වශයෙන් පිරිසිදු ජලයෙහි වැදගත් කම මානවයන් විසින් දැන් වටහා ගනු ලැබ තිබේ. මෑතක කාලවල එන්ට එන්ටම වැඩි සඛ්‍යාවක සංවිධාන හා පාලන ආයතන ජනතාව දැනුවත් කිරීමට ජලමාර්ග ප‍්‍රකෘතිමත් කිරීමට ආරක්ෂා කිරීමට මෙන්ම ජලය අපවිත‍්‍රකරණය වීමෙන් ඈත් කර තැබීමට ආධාරවන භාවිතයෙන් දිරි මත් කිරීමට ද ජල පරිසර පද්ධති විනාශ වී යා නොදී සංරක්ෂණය කිරීමට ද වෙහෙස වී කි‍්‍රයා කරමින් සිටියි.
ජල දූෂණය ගැන ප‍්‍රමාණවත් දැනුමක් ලබා ගැනීමේදී අපට ජල දූෂණ වර්ග හඳුනාගැනීමට ද ඒවාට බලපාන හේතු මෙන්ම ඒවායින් ඇතිවන ප‍්‍රතිඵල ගැනද එම ප‍්‍රතිඵල සමහරක් හෝ වළක්වා ගත හැකි කි‍්‍රයාමාර්ග හා භාවිතයන් ගැන ද දැන උගෙන ගත යුතු වේ. ජල දූෂණය සම්බන්ධයෙන් කි‍්‍රයා කිරීමේදී පුද්ගලයෙකු හෝ පවුලක් හැටියටත් සමාජයක් හැටියට එය ඉමහත් රුකුලක් වනු ඇත.
ජල දූෂණ වර්ග
ජල දූෂණය ප‍්‍රභව ගණනාවකින් සිදු වන හෙයින් සිදුවන ජල දූෂණයද විවිධ වර්ග ගනී. අපි ඉන් කිහිපයක් ගැන සලකා බලමු.
- පෝෂක දූෂණය(Nutrients Pollution):
ඇතැම් අපජලයෙහි මෙන්ම පොහොර සහ කැළිකසලවල ද ඉහළ මට්ටමකින් පෝෂක පවතී. ඒවා අවසානයේ ජල කඳන්වලට එක්වුවහොත්, ජලයෙහි ඇල්ගී සහ වල් වර්ධනය එමගින් දිරිමත් කෙරේ. මෙයාකාරයෙන් එම ජලය පානය කිරීමට නොහැකිවන සේ අපවිත‍්‍ර කෙරෙන අතර ඇතැම් විට ජල පෙරණ පවා අවහිර කිරීමට පුළුවන. උවමනාවට වඩා ඇල්ගී වර්ධනයෙන් ජලයේ ඔක්සිජන් සියල්ල වැයවි යන අතර ජලයේ අනෙක් ජීවීන් එම හේතුව නිසා ඔක්සිජන් නොමැතිව මියයති.
- මතුපිට ජල දූෂණ්‍ය(Surface water pollution) :
ගංගා, විල් කළපු සහ සාගර වැනි පෘථිවි පෘෂ්ඨයේ ඇති ස්වාභාවික ජලය මතුපිට ජලයට ඇතුළත් වේ. මෙකී මතුපිට ජලයට එක්වන අන්තරායකාරී ද්‍රව්‍ය එම ජලයෙහි දියවීමෙන් හෝ භෞතිකව මිශ‍්‍ර වීමෙන් ජලය අපවිත‍්‍රකරණය මතුපිට ජල දූෂණය ලෙස දැක්වේ.
- ඔක්සිජන් ක්ෂයවීම(Oxygen Depleting):
ජල කඳන්වල ක්ෂුද්‍රජීවීහු, වෙසෙති. මේ ජීවීන් අතර ස්වායු (aerobic) මෙන්ම නිර්වායු (anaerobic) ජීවීහු ද වෙති. බැක්ටීරියා හෝ වෙනත් ජීවීන් විසින් වියෝජනය කළ හැකි ජෛවහායනීය () ද්‍රව්‍යය අවසානයේ ජලයට එක්වූ විට එය තව තවත් ක්ෂුද්‍රජීවී වර්ධනය දිරි ගන්වයි. එමෙන්ම, ඒවා ජලයෙහි ඇති ඔක්සිජන් වැඩියෙන් යොදා ගනීති. ඔක්සිජන් ක්ෂය වන විට වායු ජීවීහු මියයති. ඒ අතරේ නිර්වායු ජීවීන් තවත් වර්ධනය වන්නේ ඇමෝනියා සහ සල්ෆයිඩ වැනි හානිකර ධූලක නිපදවමිනි.
- භූගත ජල දූෂණය(Ground water pollution):
මිනිසුන් පසට පළිබෝධනාශක හා රසායනික යෙදූ විට ඒවා වැහි ජලයෙන් සේදී පොළව ගැඹුරට ගෙන යයි. මේවා භූගත ජලයට එක්වීමෙන් භූගත ජලය දූෂණ්‍ය වීමට හේතුවෙති. ඉතින් අප ළිං කණින විට හෝ විදින විට භූගත ජලය දූෂණය වීම ගැන පරීක්ෂාකාරීවීමේ අවශ්‍යථාව මතු වේ.
- 5. ක්ෂුද්‍රජීව විද්‍යාත්මක දූෂණය(Microbiological):
ලෝකයේ බොහෝ ප‍්‍රජාවන් ගතහොත් ජනයා (ගඟක් හෝ ඔයක් වැනි ජල පහරකින්) පිරියම් නොකර දිය කෙළින්ම පානය කරති. සමහරවිට, වෛරස, බැක්ටිරියා සහ ප්‍රෝටෝසෝවා වැනි ක්ෂුද්‍රජීවීන් හේතුවෙන් ස්වාභාවික දූෂණයක් සිදු වේ. මෙකී ස්වාභාවික දූෂණය මසුන් හා අනෙකුත් ජලවාසී ජීවීන්ගේ මරණයට හේතු වේ. එවැනි දූෂණය වු ජලය පානය කරන මිනිසුන්ට දරුණු රෝග ඇති වීමට ද හැකිවේ.
- අවලම්බිත ද්‍රව්‍ය(Suspended Matter):
ඇතැම් දූෂක (ද්‍රව්‍ය. අණු හෝ අංශු සහ රසායනික) පහසුවෙන් ජලයේ දිය නොවෙයි. මේ ආකාර ද්‍රව්‍යයන් අංශුක හෙවත් අංශුමය ද්‍රව්‍යයන්(particulate matter) ලෙස හඳුන්නු ලැබේ. ඇතැම් අවලම්බිත දූෂක පසුව ජල කඳ පතුලේ තැන්පත් වේ. මෙය ජලකඳ පත්ලේ ජීවත් වන ජලජ ප‍්‍රාණීන්ට හානි පැමිණවීමට, මරණය ගෙන ඒමට පවා හේතු වේ.
- රසායනික දූෂණය(Chemical Water Pollution):
බොහෝ කර්මාන්ත ශාලා පමණක් නොව ගොවීහුද අවසානයේ ජලයේ රැඳෙන රසායන සමග කටයුතු කරති. ස්ථානගත ප‍්‍රභවයක් සහිත ජාල දූෂණයේදී මෙය බහුලව සිදු වේ. මේවාට කෘෂිරසායන අඩංගුය. කර්මාන්තශාලාවලින් එන ලෝහ හා ද්‍රාවක (solvents) මගින් ද ජලය දූෂණය විය හැකිය. මේවා ජලජ ජීවී ස්වරූප බොහොමයකට විෂ වන අතර එම ජීවීන්ගේ වර්ධනය අඩාල කිරීමට, වඳබවට පත්කිරීමට හෝ මරණයට පත්කිරීමට හේතු වේ.
- තෙල් ඉහිරුම්(Oil Spillage):
තෙල් ඉහිරුම්වල බලපෑම ඒවා සිදු වූ ස්ථානයට සීමාවූවත් විශාල ප‍්‍රදේශයකට ඒවා පැතිරෙයි. තෙල්, බොහෝ මසුන්ට මරණය ළඟා කරන අතර මුහුදු පක්ෂීන්ගේ පිහාටුවල ඇලීමෙන් ඔවුන්ගේ පියෑඹීමේ හැකියාව නැති කරයි.
ජාල දුෂණය ගැන දැන උගෙන ගත හැකි තවත් කරුණු ගණනාවක් තතු හී ඉදිරියේදී පළවේ. මෙම ලිපි පෙළ කියවන්න.
eSchoolToday හී WATER POLLUTION ලිපි පෙළ ඇසුරෙනි
ගොඩක් හොදයි
තෙරැවන් සියළු යහපත උදාවේවා
ගොඩක් හොදයි ඇත්තටම මේ ලිපිය
Thank you very much
Thank you soo much ❤ This is a very important artical and very useful