විදු නැන නුවණ – Science Literacy for All

2034 වනතුරූ  පෘථිවියට ආසන්නමව නැවත නොපායන සුපිරි සඳ පිටුපස විද්‍යාව

2016, නොවැම්බර 13දා කසකශ්ඨාන අහසේ දී සඳ දර්ශනය වූ හැටි

සඳ දැකීම පුංචි අයට පමණක් නොවෙයි අප කාටත් මිහිරි අත්දැකීමක්. පුර පසළොස්වක සඳ තවත් චමත්කාරයි.  හැබැයි ඊයේ අප දුටුවේ සිගිත්තෝ කිරී පැණි ඉල්ලා අඩන “හඳ මාමා” යනුවෙන් හඳුන්වන සඳ  නොව සුපිරි සඳකි. සුපිරි සඳක්? මොකක්ද ඊයේ සඳේ විශේෂත්වය? ඊයේ පැයු නොවැම්බර පුන්සඳ තමයි සුපිරි සඳ ලෙස විස්තර කෙරෙන්නේ. මන්ද එය තමයි පෘථිවියට ආසන්නතම අවස්ථාවේ සඳ. මේ පිටුපස ඇති විද්‍යාව ගැන කරුණු දක්වන්නේ නාසා(NASA)  ආයතනයේ චන්ද්‍ර ගවේෂක ග්‍රහක මෙහෙයුමේ නියෝජ්‍ය විද්‍යාඥ  නොවා පෙට්‍රෝ යි.

“ අර්ථ දැක්වීමක් හෝ නිර්වචනයක් ලෙස සුපිරි සඳ යන පදය යෙදෙන්නේ වසරේ පෘථිවීයට ආසන්නම පුන් සඳ දැක්වීමටයි” පෙට්‍රෝ පහදා දෙයි. ඉතින් මේ සුපිරි සඳ සුපිරි සුපිරි සඳක් වන්නේ අවුරුදු 69 යකට පසු පෑයු වඩාත් විශාල එමෙන්ම වඩාත් ප්‍රභාවත්ම සඳ වීමයි. සුපිරි සඳ යන්න චන්ද්‍රයා  භූ සමිපකයේ(perigee) ඇති හෙවත් චන්ද්‍රයාගේ කක්ෂයෙහි පෘථිවියට ආසන්නම ලක්ෂ්‍යයෙහී ඇතිවන පුන් සඳටයි.  ඇත්තවශයෙන්ම, චන්ද්‍රයා ඊයේ මෙන් නැවත පෘථිවියට ආසන්න වෙන්නේ 2034 වර්ෂයේ නොවැම්බර් 25 දායි.

%e0%b6%b8%e0%b7%96%e0%b6%b1%e0%b7%8a

වඩාත් විශාල එමෙන්ම වඩාත් ප්‍රභාවත්ම සඳ කියන්නේ චන්ද්‍රයා එලෙස හිටි අඩියේ විශාල වන්නට, ප්‍රභාවත් වන්නට පුලුවන්ද?

අත්තවශයෙන්ම බැහැ. මෙහි දී සිදුවන්නේ ප්‍රමාණය වැඩිවීමක් හෝ ප්‍රභාව වැඩිවීමක් නොව චන්ද්‍රයා, සිය  කක්ෂයෙහි පෘථිවියට ආසන්නම ලක්ෂ්‍යයෙහී පිහිටීමයි. ඒ ආසන්නම ලක්ෂ්‍යයට පැමිණියේ නොවැම්බර 14 වෙනිදායි(එනම් ඊයෙයි). චන්ද්‍රයා සහ පෘථිවිය අතර දුර මෙලෙස වෙනස්වීමට හේතුව චන්ද්‍රයා පුර්ණ චක්‍රයක කක්ෂ ගතව ගමන් නොකිරීමයි. “චන්ද්‍රයාගේ කක්ෂය පුර්ණ චක්‍රයක් නොවීමට ප්‍රධාන හේතුව චන්ද්‍රයා මත උදම් හෝ ගුරුත්වාකර්ෂණිය බල ඇදිලි නිසයි,” පෙට්‍රෝ විස්තර කරන්නේ පෘථිවිය, සුර්යයා සහ අපේ සුර ග්‍රහ මණ්ඩලයේ අනෙකුත් ග්‍රහයන් යන සියල්ල චන්ද්‍රයාගේ කක්ෂය කෙරෙහි බලපාන බව සඳහන් කරමිනි. මේ හේතුවෙන් චන්ද්‍රයාගේ කක්ෂය පුර්ණ චක්‍රයක හැඩයේ නොව ඉලිප්සාකාර හැඩයක් ගනී. ඒ කියන්නේ පෘථිවිය සහ චන්ද්‍රයා අතර දුර නියත එකම දුරක පවතින්නේ  නැතුව ආසන්නම ලක්ෂ්‍යයක් (භූ සමිපකය = perigee)ක්, සහ දුරම ලක්ෂ්‍යයක් (භූ දුරකය = apogee) වශයෙන් දුර වෙනස්වන බවයි.

“විවිධ ගුරුත්වාකර්ෂණිය යැතුම්  හා හැයුම් හේතුවෙන් මෙවැනි ආසන්නයේ ගමන් කිරීමේ අවස්ථාව උදා වෙනවා. එපමණක් නොවෙයි, පෘථීවි පෘෂ්ටය 70% ක් පමණ සාගර වලින් වැසි තිබීමේ හේතුවෙන් අපේ චන්ද්‍රයාගේ කක්ෂය මත පමණක් නොවෙයි සාගර මතත් උදම් බලපෑම් ඇතිවෙනවා,” පෙට්‍රෝ තවදුරටත් පැහැදිලිකරයි, “ නොවැම්බර 14 සුපිරි සඳ නිසා ඉතා මද වශයෙන් ඉහල උදම් ඇතිවන්නට ඉඩ තිබුනත් එය එතරම් ප්‍රබල බලපෑමක් නම් නොවෙයි”. හැබැයි, පෙට්‍රෝ පෙන්වා දෙන අන්දමට චන්ද්‍රයාගේ උදම් අදිල්ලෙහි බලපෑම අප බොහෝ දෙනා දන්නා ආකාරයට සාගර මත පමණක් නොවෙයි පෘථීවි කබොල්ල(Earth’s crust) මත ද සියුම් ආකාරයකට බලපෑමක් ඇති කරයි.

සාමාන්‍ය ගතහොත් චන්ද්‍රයා පෘථිවියේ සිට දල වශයෙන් සැතපුම් 238,855 (කිලෝමෙටර 384,400)ක් දුරින් කක්ෂ ගතව ගමන් කරයි. පුර්ණ චන්ද්‍රයෙකු ආසන්නම ලක්ෂ්‍යයට පිවිසි විට සඳ අපට අහසේ  පෙනෙන්නේ සියයට 14ක් විශාලවයි, සියයට 30ක් ප්‍රභාවත්වයි. නොවැම්බර 14දා එනම් ඊයේ කක්ෂ ගතව තිබුනේ සඳ දල වශයෙන් සැතපුම් 221,524 (කිලෝමෙටර 356,508)ක් දුරිණුයි.  මෙය වාර්තා වී ඇති ආසන්නම ලක්ෂ්‍යය නොවෙයි. 1912 ජනවාරියේ දී චන්ද්‍රයා ඊයේට වඩා කිලෝමීටර 100ක් පමණ ආසන්නයෙන් ගමන් කර තිබේ. “හැබැයි 2034 නොවැම්බරයේ සුපිරි සඳ ඊටත් වද්දා ආසන්න වෙනවා” පෙට්‍රෝ පෙන්වාදෙයි.

තතු මෙම වාර්තාව කියවන බොහෝ දෙනෙකුට ඒ සුපිරි සඳත් බලන්න පුළුවන් වෙවී!

 

Space.com හී නොවැම්බර 14 දා පළවූ   Super moon’ Science: NASA Explains the Closest Full Moon Until 2034 වාර්තාව ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: