විදු නැන නුවණ – Science Literacy for All

හරිතාගාර වායු පිළිබඳ කෙටි හැඳින්වීමක්

පෘථිවියේ වායුගෝලය තුළ තාපය අවූරන වායු හඳුන්වනු ලබන්නේ හරිතාගාර වායු(greenhouse gases) ලෙසිනි. අප කවුරුත් දන්නා පරිදි හරිතාගාරයක් කියන්නේ  පාලිත තත්ත්වයන් යටතේ ශාක වගා කරන ස්ථානයකටයි. පොළොවට පතිත වන සූර්ය විකිරණය ආපසු පරාවර්තනයවීමට ඉඩ නොදී වායුගෝලය තුළ හිරවී තිබෙන්නේ හරියට හරිතාගාරයකදී වාගේයි. මේ බලපෑම හඳුන්වනු ලබන්නේ ද හරිතාගාර ආචරණය (greenhouse effect) ලෙසිනුයි. මෙම බලපෑම ඇතිකරන වායු තමයි ‘හරිතාගාර වායු’ ලෙස දැක්වෙන්නේ. මෙම ලිපියෙන් ඒවා ගැන කෙටි හැඳින්වීමක් ඉදිරිපත් කෙරේ.

greenhouse

කාබන් ඩයොක්සයිඞ් CO2(Carbon dioxide)

හරිතාගාර වායු අතර වඩාත් ප‍්‍රකට කාබන් ඩයොක්සයිඞ් හෙවත් CO2 වායුගෝලයට එක්වන්නේ ෆොසිල් ඉන්ධන, ගල් අඟුරු, ස්වාභාවික වායුව හා ඛනිජ තෙල් ඝන අපද්‍රව්‍ය, ගස් හා දැව නිෂ්පාදන දැවීමෙන් මෙන්ම ඇතැම් රසායනික ප‍්‍රතිකි‍්‍රයාවල ප‍්‍රතිඵලයක් ලෙසිනි. (නිදසුන් : සිමෙන්ති නිෂ්පාදනය) වායුගෝලයෙන් කාබන් ඩයොක්සයිඞ් ඉවත් වන්නේ (sequester පරිවේෂ්ටනය වීම) ඒවා ජෛවී කාබන් චක‍්‍රයේ කොටසක් ලෙස ශාක මගින් අවශෝෂණය කර ගැනීමෙනි.

මීතේන් CH4(Methane)

මීතෙන් වායුව, ගල් අඟුරු, ස්වාභාවික වායු සහ ඛනිජ තෙල් නිෂ්පාදනය සහ ප‍්‍රවාහනය කිරීමේදී විමෝචනය වේ. සත්ව පාලනය ඇතුළු අනෙකුත් කෘෂිකාර්මික භාවිතයන්ගේ ප‍්‍රතිඵලයක් ලෙසට ද,  නාගරිකව ඉඩම් පිරවීම සඳහා යොදා ගන්නා කාබනික අපද්‍රව්‍ය දිරාපත්වීමෙන් ද මීතේන් පිටවේ.

නයිට්රස් ඔක්සයිඞ් N2O (Nitrous oxide)

කෘෂිකාර්මික හා කාර්මික කටයුතුවලදී මෙන්ම ෆොසිල ඉන්ධන සහ ඝන අපද්‍රව්‍ය දහනයේ දී නයිට්රස් ඔක්සයිඞ් වායුව විමෝචනය වේ.

ෆ්ලූවෝරිනීකෘත වායු (Fluorinated gases)

හයිඩ්‍රොෆ්ලූවරෝ කාබන්, පර්ෆ්ලූවොරෝ කාබන්, සල්ෆර් හෙක්සෆ්ලූවොරයිඞ්, සහ නයිට‍්‍රජන් ට‍්‍රයිෆ්ලූවොරයිඞ් යනු විවිධ කාර්මික කි‍්‍රයාවලී ගණනාවකින් විමෝචනය වන කෘතිම, බලගතු හරිතාගාර වායූන්ය. ග්ලූවෝරීනීකෘත වායු ඇතැම් විට අපරිවර්තී ගෝලීය (stratospheric)  ඕසෝන් ක්ෂය කරන ද්‍රව්‍ය සඳහා ආදේශක ලෙස යොදා ගනු ලැබේ. නිදසුන් : ක්ලෝරෝෆ්ලූවරෝ කාබන් හයිඩ්‍රොක්ලොරෆ්ලූවරෝ කාබන් සහ හේලෝන්. මේවා සාමාන්‍යයෙන් පිටවන්නේ කුඩා ප‍්‍රමාණවලිනි. එහෙත් ඒවා ප‍්‍රබල හරිතාගාර වායු නියාවෙන් ඒවා ඇතැම් විට පෘථිවිය උණුසුම්වීමේ ඉහළ හැකියාව ඇති වායු (High Global Warming Potential gases = “High GWP gases”) ලෙස ද දැක්වේ.

maxresdefault-1

මේ එක් එක් වායුව දේශගුණ විපර්යාස කෙරෙහි ඇති වන බලපෑම කාරනා තුනක් මත රඳා පවතී.

මේ වායුවල කොපමණ ප‍්‍රමාණයක් වායුගෝලයේ තිබේද?

සාන්ද්‍රණය හෝ බහුලතාව(Concentration or abundance) යනුවෙන් දැක්වෙන්නේ  කිසියම් වායුවක් වාතයේ ඇති ප‍්‍රමාණයයි. හරිතාගාර වායු විශාල ප‍්‍රමාණයක් විමෝචනයවීමේ හේතුවෙන් වායුගෝලයේ විශාල ප‍්‍රමාණයක් ඒවා ඒකරාශීවීමට මුල පිරේ. හරිතාගාර වායු සාන්ද්‍රණයන් මිලියනයකට කොටසක් (part per million)  බිලියනයකට කොටසක් හෝ ටි‍්‍රලියනයකට කොටසක් ලෙස පවා දැක්වේ. කොටස් මිලියනයකට එක කොටසක් ලෙස දැක්වීම ද්‍රව ගැලූම් 13 ක පමණ එක් ජල බිංදුවක් දමා දියාරු කිරීම හෙවත්  තනුක කිරීම ලෙස  සමාන කිරීමකි.

එම වායු, වායුගෝලයේ කොපමණ වේලාවක් රැඳී පවතී ද?

මේ එක් එක් වායුව, වායුගෝලයෙහි විවිධ වේලා ප‍්‍රමාණයක් රැඳී තිබිය හැකිය. මෙලෙස රැඳී තිබිය හැකිකාලය,  වසර කිහිපයක සිට වසර දහස් ගණනක කාල පරාසයක් විය හැකිය. මේ වායු සියල්ලම හොඳට මිශ‍්‍ර වීමට වුවමනා තරම් කාලයක් වායුගෝලයේ රැඳී පැවතිය හැකිය. මෙයින් අදහස් වෙන්නේ මෙකී හරිතාගාර වායු කෙතෙක් විමෝචනය වුවත් වායුගෝලයේදී මැන බලන විට ලොව පුරා  ඕනෑම තැනක දළ වශයෙන් එකම ප‍්‍රමාණයක පවතිය  යන්නය.

ගෝලීය උෂ්ණත්වයන් කෙරෙහි කොපමණ ප්‍රබල බලපෑමක් කරයිද?

අපේ ග‍්‍රහලෝකය වඩාත් උණුසුම් කිරීමෙහිලා සහ පෘථිවියෙහි පොරෝනය තවත් ඝනකම කිරීමෙහි ලා සමහර වායු අනෙක් ඒවාට වඩා සමාර්ථ කම් දක්වයි. සෑම හරිතාගාර වායුවක් සඳහාම ගෝලීය උණුසුම්වීමේ හැකියාව(Global Warming Potential = GWP) ගණන් බලනු ලැබ ඇත්තේ සාමාන්‍යය ගත්තොත් වායුව කොපමණ කාලයක් වායුගෝලයේ රැඳී තිබේද එමෙන්ම එම වායුව කොපමණ තදින් ශක්තිය අවශෝෂණය කරයිද යන්න පෙන්නුම් වන ආකාරයෙනි. සෑම රාත්තලකටම පහළ GWP අගයක් ඇති වායුවලට වඩා ඉහළ GWP අගයක් ඇති වායු වැඩියෙන් ශක්තිය අවශෝෂණය කරයි. ඒ අන්දමට ඉහළ අගයක් ඇති වායු ගෝලීය උණුසුම්වීමට වැඩියෙන් දායකවෙයි.

 

US Environmental Protection Agency(EPA) හී Greenhouse Gas Emissions යටතේ පළවූ  Overview of Greenhouse Gases නම් ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: