ක්‍රි.ව. 1905 දී ජර්මනියේ ඇඩොල්ෆ් ෆොන් බේයර් ට නොබෙල් ත්‍යාගය හිමිවන්නේ කිසියම් සංයෝගයක් සංසේචනය කිරීම නිසයි. මේ සංයෝගය අනතුරුව බ්ලු ජීන්ස් නිෂ්පාදනයටත්, එකල ඉන්දියාවේ සාගින්න අඩුකිරීමටත් එකසේ වැදගත් වුනා. ඒ සංයෝගය තමයි අවරිය හෙවත් ඉන්ඩිගෝ(indigo). බේයර් 1880 දී ඉන්ඩිගෝ සංසේචනය කර එහි අණුක ව්‍යුහය නිශ්චිතවම නිර්ණය කරා. ඒ වෙනුවෙන් 1905 නෝබල් ත්‍යාගය ප්‍රදානය කරමින් ප්‍රකාශ වුණේ “කාබනික ඩයි හා හයිඩ්රෝඇරෝමැටික(hydroaromatic) සංයෝග සම්බන්ධයෙන් ඔහුගේ කාර්යය හරහා කාබනික රසායන විද්‍යාවේ සහ රසායන කර්මාන්තයේ වැඩිදියුණුවට ඉටු කළ සේවාව ” වෙනුවෙන් ප්‍රදානය සිදු කළ බවයි. Indigofera ගණයේ පඳුරෙහි ස්වභාවිකව ඉන්ඩිගෝ හටගන්නා අතර වර්ණකයක් ලෙස අනාදිමත් කාලයක සිට දැන හඳුනා ගෙන තිබුනා. . ආදී කාලයේ සිට සෑම ආකාරයකම රෙදි ඩයිකිරීම පිණිස යොදාගත් වර්ණකය ඉන්ඩිගෝය. බ්‍රිතාඥ නැවියන්ගේ නිල ඇඳුම් (යුනිෆෝම්) පාට කෙරුණේද එම ඩයිවලින් තමයි.

මේ හේතුවෙන් එකල ඉන්දියාවේ පාලනය කළ බ්‍රිතඥයන් Indigofera පලැටිය ඉන්දියාවේ බහුලව වගාකෙරුණු අතර යුරෝපයට අපනයනය ද කෙරුණා. කෙසේවෙතත්, ගල්තාරවලින් පහසුවෙන් වෙන්කර ගත හැකි රසායනවලින් ඉන්ඩිගෝ සංසේචනය කර ගැනීමට බෙයර්ගේ සොයාගැනීම හේතුවෙන් අවස්තාව උදාවුණා. සිය සුප්‍රකට නිල් ජීන්ස් (බ්ලු ජීන්ස්) වර්ණ ගැන්වීමට ලීවය් ස්ට්‍රාවුස් ඉන්ඩිගෝ යොදා ගත්තා. මෙහිදී වඩාත් වැදගන්නේ කෘතීම ඉන්ඩිගෝ සෑදීමේ ක්‍රියා මාර්ගයක් සොයා ගැනීමත් සමගම් Indigofera පලැටිය වගා කිරීම සඳහා යොදා තිබූ ඉන්දියාවේ අක්කර දහස් ගණන් වගා බිම් ධාන්‍ය වගාවට යොදා ගැනීමට හැකි වීමයි. ඉන්ඩිගෝ අපනයන ආදායමෙන් කන්න දුන්නට වඩා වැඩි පිරිසකට ආහාර සැපයීමට එය මග පෑදුවා.
Brain Fuel (by Joe Schwarcz, PhD) නම් ග්‍රන්ථයේ
The 1905 Nobel Prize in Chemistry was awarded to Adolf von Baeyer for the synthesis of a compound that eventually proved to be important to blue jean manufacturers and also reduced starvation in India. What was this compound? කොටස ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න