සංකල්ප සාර සංග්‍රහය 18: ප්ලතෝනිකවාදය (Platonism)

Posted by

මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහී තවත් ලිපියක්

සමස්ත බටහිර දර්ශනවාදයම වනාහි, ප්ලටෝගේ අදහස්වලට එක්කල පාදක සටහන්  හෙවත් අධෝලිපි මාලාවක් ලෙස විස්තර කෙරනවා. අතීතයේ විසු ග්‍රීක දර්ශනවාදියෙකුවන ප්ලටෝගේ කල් පවතින බලපෑම කෙබඳු දැයි එයින්ම වටහා ගත හැකියි. ප්ලටෝ(ක්‍රි: පු: 427 – 347) ජිවත් වුනෙත්, ඔහුගේ ඉගැන්වීම් සිදු කෙරුනෙත් ඇතන්ස් වලදියි. ඔහු එහි පිහිටවූ පාසල හැදින්වුයේ ‘ඇතන්ස් ශාස්ත්‍රාලය'(the Academy) යනුවෙන්. ප්ලටෝ, සුප්‍රකට දර්ශනවාදියෙකු වූ සොක්‍රටිස්ගේ ගෝලයායි.එමෙන්ම, ඔහුගේ රචනා බොහොමයක් සමන්විත වන්නේ සොක්‍රටිස් සහ සොක්‍රටිස්ගේ අනුගාමිකයන් අතර සිදු කෙරුණු සංවාද හැටියටයි.   ඒ කොහොම වුනත් මේ ‘සංවාද’ වලදී සොක්‍රටිස්ගේ අදහස් මෙන්ම ප්ලටෝගේ චින්තනයන් කොපමණ සමීපව නියෝජනය වන්නේ ද යන්න අඥාතය.

woe

          මේ සංවාදවලට යොදා ගෙන ඇත්තේ අද වඩාත් සුප්‍රකටව හැඳින්වෙන  ‘සොක්‍රටීස් ක්‍රමයයි’.  මේ ක්‍රමයේදී සිදුවන්නේ නොදැනුවත් බව මවාපාමින් සොක්‍රටීස් තම අනුගාමිකයෙකෙගෙන් ප්‍රශ්නයක් අසන අතර එම අනුගාමිකයන්ම කියූ දෙය ඔවුන් අතින්ම  නිශේධනයවන  තුරු ප්‍රශ්න ඇසීම දිගටම සිදු කිරීමයි. මේ ආකාරයට ගැටළු නිරාකරණය කර ගනු ලබන අතර ඉන් සත්‍යය වෙත වඩාත් සමීප ප්‍රවේශයක් ඇතිවෙයි. මේ සංවාද මාලාවේ මුල් සංවාද යොමු වුයේ  සුශිලබව සහ ධෛර්යය වැනි ‘සද්ගුණයන්’ කෙරෙහිය. තවද, සද්ගුණය යනු දැනුමය එමෙන්ම වැරදි ක්‍රියා යනු නොදැනුවත් කමේ ඵලයක්ය යනුවෙන් අවසානයේ නිගමනය වූ බවක් පෙනී යයි. ක්‍රමයම තමයි මේ වඩාත් කැපී පෙනෙන ලක්ෂණය වුයේ — අදාළ උපකල්පන දැඩිව අභියෝගයට ලක් කිරීමත් එමෙන්ම තර්කානුකුලව වාද කිරීමත් යන මේ ලක්ෂණ දෙක සැබෑ දර්ශනවාදයේ ප්‍රමිති ලාංජන විය.

          සංවාදයන්හිදී යථාර්ථයෙහි පරම ස්වභාවය ගැන ද සාකච්චා කෙරුනා. ප්ලටෝට අනුව මෙය සමන්විත වන්නේ අප භෞතික ලෝකයේ දකින දෙයට වඩා කල්පිතයන් හෝ ආකාරයන් ගෙනි. ආකාරය   සාධුත්වය හෙවත් යහපතයි. මෙය ඥානයට සම කෙරේ. මේ සංකල්පය පැහැදිලි කරනු වස් ප්ලටෝ ඔහුගේ The Republic නම් කෘතියෙහි ලෙනක සිරකරුවන් උපමා කතාව ගෙන හැර දක්වනවා. මේ කෘතියෙහි දේශපාලනය ගැන ද සඳහන් වෙන්නේ සාධාරණත්වයේ ස්වභාවය ගැන සාකච්චා කරමිනි. එමෙන්ම දර්ශනවාදී රජුන් විසින් පාලනය කරනු ලබන ධාර්මිෂ්ට පරමාදර්ශී රාජ්‍යයක් මවාගනිමිණි.

 

          පසු කාලින රෝමානු අධිරාජ්‍යය යටතේ නව- ප්ලතෝනිකවාදින්(Neo-Platonists) ප්ලටෝගේ ‘ආකාර’ මත පදනම්ව ගුප්ත දර්ශන වාදයක් ගොඩ නැගු අතර ‘සත්තා දාමය'(the chain of being) ලෙස දැක්වෙන ගුඪ  ඥාන ධුරාවලියක් ගැන හැර පැවා. මෙය, පුනුරුදය දක්වා සහ ඉන් ඔබ්බටත් යුදෙව්, ක්‍රිස්තියානි සහ ඉස්ලාමිය දාර්ශනිකයන් අතරේ බලපෑම් ඇති කල ද ප්ලටෝගේම  කෘති මෙන් වැදගත් කොට සැලකුණේ නැහැ.

 

Big ideas in brief (Quercus, 2013) නම් ග්‍රන්ථයේ Platonism කොටස ඇසුරෙනි

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.