මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහී තවත් ලිපියක් 

ජීවිතය, විශ්වය ආදී වශයෙන් සෑම දෙයකටම අරමුණක් හෙවත් අර්ථයක් ඇතැයි යන විශ්වාසය — එනම්  නිෂ්ඨා කාරණය,  හඳුන්වනු ලබන්නේ සාධ්‍යතාවාදය(teleology) යනුවෙනි. මේ බුද්ධිමත් ප්‍රවනතාව, සුවිශේෂී ඉලක්කයක් ළඟා කරගනු වස් සාමාන්‍යයෙන් තර්කානුකුලව ක්‍රියා කරමින් ඇතිවන මිනිසුන් හැසිරෙන ආකාරයෙන්  හට ගත හැකිය. අභිප්‍රායන් කෙරෙහි යොමුවූ අපගේ චර්යා විස්තර කිරීමට අප යොදාගන්නා,  පුර්ව නිර්ණිත හෝ අපේක්ෂිත නිෂ්ඨාවන්ට සම්බන්ධ භාෂා ආකාරයන් මානව නොවන ක්‍රියාදාමයන් කෙරෙහි  යෙදීමට අපව දිරිමත් කරයි.

මේ ආකාර සාධ්‍යතාවාදී චින්තන බොහොමයකින්  ගම්‍ය හෝ සුප්‍රකාශ(explicit) වන්නේ ස්වාභාවික සංසිද්ධි, විශේයෙන්ම මේ මිහිතලය මත ජිවය පිටුපස ඇති සැලසුමක්(design) පිලිබඳ සංකල්පයකි. ඇතැම් ක්‍රිස්තියානි භක්තිකයන් උදක්ම කියා සිටින්නේ ‘බුද්ධිමත් නිර්මාණකරුවෙකු’(intelligent designer)  එනම්, දෙවියෙකු නොමැතිව මෙය සිදුවිය නොහැකි බවයි. කාරණාවලට නැතිනම් දෙයකට  අරමුණක් පැවරීමේ භාෂමය චර්යාව ඇතැම් අවස්ථාවල ඩාවින්වාදීන් පවා හසුවූ උගුලක් සේ පෙනී යා හැකිය.  එසේ වුවද ඇත්තවශයෙන්ම එය, සසම්භාවී  ජානමය විකෘතියක් ජීවියෙකුට කාර්යබද්ධ වාසියක් අහම්බෙන් සලසා දෙන්නේ කෙසේද මෙන්ම ඒ අනුව ස්වභාවික වරණයෙන් චිරස්ථායි වන්නේ  කෙසේද යන්න  කෙටියෙන් පැහැදිලි කිරීමකි.

 

Big ideas in brief (Quercus, 2013) නම් ග්‍රන්ථයේ  Purpose කොටස ඇසුරෙනි

 

 

 

 

One response to “සංකල්ප සාර සංග්‍රහය 27: අරමුණ (Purpose)”

son gone වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending