මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහි තවත් ලිපියක්

albert einstein සඳහා පින්තුර ප්‍රතිඵල

නිව්ටෝනියානු යාන්ත්‍ර විද්‍යාව ප්‍රකාශ කරන්නේ  ස්කන්ධය, අවකාශය, සහ කාලය යන සියල්ල වියුක්ත බවයි. සියලුම ප්‍රායෝගික අවශ්‍යතාවන් වලටම පාහේ  මෙකි උපකල්පනයන් බොහොම හොඳින් ක්‍රියා කෙරේ.  එහෙත්, ඇල්බට් අයින්ස්ටයින්ගේ විශේෂ සාපේක්‍ෂතාවාදය  (1905)  සහ සාමාන්‍ය හෙවත් සාධාරණ සාපේක්‍ෂතාවාදය  (1915) මගින් දැක්වුයේ ඇතැම් තත්ත්වයන් තුළ නිව්ටෝනියානු යාන්ත්‍ර විද්‍යාව තව දුරටත් වලංගු නොවන බවයි.

සාපේක්ෂතාව පිලිබඳ විශේෂ න්‍යායෙන් කියැවෙන්නේ නිරික්ෂකයාගේ චලනය සැලකිල්ලට නොගෙන, රික්තයක නියත  ආලෝකයේ වේගයට වැඩියෙන් කිසිම දෙයකට ගමන් කල නොහැකි බවයි. වස්තුවක් නිරීක්ෂකයෙකු ඉක්මනින් පසුකර යයි නම් එය (එම වස්තුව) කෙටියට එමෙන්ම වඩාත් දැවැන්තව පෙනී යයි. කෙසේවෙතත්, මෙම ප්‍රතිවිපාකය වඩාත් කැපිපෙනෙන්නේ  ආලෝකයේ වේගයට ආසන්න වේගවලදී පමණක්ය. එලෙසම, නිරිකෂකයාට සාප්ක්ෂව සමාන වේගයන්  පසුකර යන ඔරලෝසුවක් එය නිශ්චලව තිබෙන අවස්ථාවට වඩා සෙමින් ක්‍රියා කරන බවක් පෙනීයයි, සාධාරණ සාපේක්ෂතාවාදය අවකාශ කාලය පිලිබඳ අදහස ගෙන හැර පායි. තවද, ගුරූත්වය හරහා ස්කන්ධයට  අවකාශය සහ කාලය යන දෙකම නැවිය හැකි බව ද ඉන් කියෑවේ. සම්පරික්ෂණ මාර්ගයෙන් පසුව අයින්ස්ටයින්ගේ  සිද්ධාන්ත වලංගුකරණය වී තිබේ.

 

Big ideas in brief (Quercus, 2013) නම් ග්‍රන්ථයේ Relativity යන කොටස ඇසුරෙනි

 

 

 

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending