මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහි තවත් ලිපියක්

Image result for william hogarth

“රම්‍යතාව, බොහෝ දෙනෙකුගේ ඇසට හසුවී  ඇවැත් දෙසුවේ වී නමුත් එය එසේ වුයේ කෙසේ දැයි පහදා දීමට ගන්නා ලද අසාර්ථක ප්‍රයත්න බොහොමය හමුවේ ඒ ගැන සොයා බැලීම මුළුමනින්ම පාහේ අතහැර දමා ඇත…” යනුවෙන් ඉංග්‍රීසි ජාතික චිත්‍ර ශිල්පී  විලියම් හොගාත් 1753 දී ලියා තැබිය. හොගාත් ඇත්තටම එලෙස අදහස් දැක්වුයේ කලාකෘති සම්බන්ධ අපේ අත්දැකීම්වල  ස්වභාවය පැහැදිලි කිරීමට ඇති අපහසුතා පිළිබඳවයි.

Related image

ශත වර්ෂ ගණනනාවක් මුළුල්ලේ පැවතී  අදහස වුයේ රම්‍යතාව යනු ඇතැම් කලාකෘති සතුව පවතින අමූර්ත එහෙත් සැබෑ ගුණයක් යනුවෙනි. මේ ආස්තානයට පටහැනිව, “රම්‍යතාව යනු යම් දෙයක ගැබ්ව පවතින ගුණයක් නොවේ. එය හුදෙක් පවතින්නේ ඒවා අරමුණ වශයෙන්  ගත් සිතෙහි පමණකි” යනුවෙන් ස්කොට්ලන්ත ජාතික දර්ශනවාදියෙකුවූ  ඩේවිඩ් හියුම් 1757 දී ලීවේය. එක් එක් පුද්ගලයා දරන මතයට එක සමාන වටිනාකමක් නුදුන්නාට  දැන් පුළුල්ව  ප්‍රමුඛත්වයට පත්ව ඇත්තේ මෙම අදහසයි.  අප නැඹුරුවන්නේ ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්ගේ විචාර බුද්ධියට ගරු කිරීමටයි. මෙකි ප්‍රවීනයන්ට තම මනාපය සාධාරණීකරණය කළ හැක්කේ  ‘රම්‍යතාව’ යනුවෙන් වෙන්කොට දැක්විය හැකි ගුණයක් හඳුනා ගැනීමෙන් වත් නොව, කලාකෘතිය අප තුළ දනවන භාවයන් ගැන අපට කියා පෑමෙන් වත් නොව ඒ ඒ කලා කෘතිය ගැනම විස්තර කිරීමෙන් හා එය වෙනත් කෘති හා සංසන්දනය කිරීමෙන් ය.

 

Big ideas in brief (Quercus, 2013) නම් ග්‍රන්ථයේ Beauty යන කොටස ඇසුරෙනි

 

 

One response to “සංකල්ප සාර සංග්‍රහය 66: රම්‍යතාව (Beauty)”

Kolitha Mendis වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending