මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහි තවත් ලිපියක්
වර්තමානයේ අපට ‘ප්‍රේමය’ යන වදන ඇසෙද්දී අපගේ සිතට මුලින්ම නැගෙන සිතුවිල්ල වන්නේ එක් පුද්ගලයෙකු තවත් පුද්ගලයෙකුට දක්වන තදබල ඇල්ම සහ ලාලසී ආශාව යන්නයි — රොමැන්තික ප්‍රේමයයි. සමහරක් ස්ත්‍රීවාදින් මෙය ප්‍රතික්ෂේප කරන්නේ පුරුෂාධිපත්‍යය තහවුරු කිරිම වස් සිදුකෙරෙන සංස්කෘතික ගොඩනැගීමක් ලෙස බැහැරකරමිනි. මේ අතර සමාජ ජිව විද්‍යාඥයන්(social biologists) කියා සිටින්නේ එහි කාර්යභාරය ලිංගික වරණයට සම්බන්ධ පරිණාමිය එකක් ලෙසටය.

පුරාතන ග්‍රීකයෝ, ප්‍රේමය තුන් ආකාරයක් වශයෙන් වෙන්කොට හඳුනා ගත්හ: මිතුරෙක් සහ මිතුරෙක් අතර ඇතිවන ආකාරයේ සෙනෙහස හෙවත් ආදරය(philos), ලිංගික හෙවත් සරාගී ප්‍රේමය(eros) සහ ආත්මාර්ථකාමයෙන් තොර ආදරය(agape) යනුවෙනි. ප්‍රේමය යන්නෙහි අවසනට කී ආකාරය සඳහා යොදා ගන්නා ‘අගාපය’(agape) යන්න තමයි ශාන්ත පාවුළුතුමාගේ මුල් ග්‍රීක යෙදුමෙහි ද සඳහන් වෙන්නේ: ‘ඇදහිල්ල, බලාපොරොත්තුව සහ ප්‍රේමය සදහටම පවතින ධර්මතා තුනකි. මෙයින් ශ්‍රේෂ්ටතම වන්නේ ප්‍රේමයයි.’(1 කොරින්ති 13:13). ක්‍රිස්තියානි දේවවාදයෙහි සිය මැවීම කෙරෙහි දෙවියන්ගේ ප්‍රේමය — දාන්තේගේ වචනයෙන් කියතහොත් ‘හිරු සහ අනෙකුත් තාරකා මෙහෙයවන ප්‍රේමය’– තමයි උත්තරීතර ප්‍රේමය.

ප්ලටෝ සහ ඇරිස්ටෝටල් දෙදෙනා, ප්‍රේමය සැලකුවේ පරිපුරණත්වය කෙරෙහි ඇති ලාලසාව හැටියටය:’ප්ලතෝනිකප්‍රේමය’ ශාරිරික ආශාව ඉක්මවන්නකි; එමෙන්ම උත්තරීතර ප්‍රේමය වන්නේ ප්‍රඥාව සඳහා ඇති ඇල්මයි — philosophy(දර්ශනවාදය) යන වදනෙහි මුල් තේරුම වූයේ ද එයයි.
Big ideas in brief (Quercus, 2013) නම් ග්‍රන්ථයේ Love යන කොටස ඇසුරෙනි





Kolitha Mendis වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න