සැමට විදු නැන නුවණ – Science Literacy for All

ශ්වේතාණු හෙවත් සුදු රුධිරාණු සහ ව්‍යාධිවලට එරෙහි ආරක්ෂාව

සුදු රුධිරාණු(White blood cells WBCs) හෙවත් ලිව්කොසෛට(leukocytes) සාමාන්‍යයෙන් ගෙදර දොරේ කටයුතු වැනි  අපද්‍රව්‍ය, ධුලක සහ හානි පැමිණි හෝ අස්වාභාවික සෛල ඉවත්කිරීම යන කාර්යභාරය සිරුර තුල ඉටුකරයි. එහෙත් ඒවා  ලෙඩරෝග වලට එරෙහි සටනේදී ඉටුකරන්නේ යූද්ධයක දී සොල්දාදුවන් ඉටු කරන අන්දමේ හෙවාපන්නයේ රාජකාරිය. ලිව්කොසෛට නියෝජනය කරන්නේ සම්පුර්ණ රුධිරයෙන් 1%  වැනි සුළු ප්‍රමාණයක් වුවද  අපට ඒවා නැතුව කොහෙත්ම ජීවත්විය නොහැක. අප වට කරගෙන සිටින ක්ෂුද්‍ර ජිවින්ට අපි ගොදුරු වන්නෙමු.  ක්ෂුද්‍ර ජිවින්ට අපේ ශරිරය ප්‍රතිචාර දක්වද්දී සුදු රුධිරාණු ප්‍රමාණය වැඩිවන නිසා ආසාදනයක දර්ශකයක් ලෙස බොහෝ විට සුදු රුධිරාණු ගණනයන් (WBC counts) යොදා ගනු ලැබේ.

Image result for wbc engulfing pathogens

සුදු රුධිරාණු ද නිපදවනු ලබන්නේ රතු ඇට මිදුලුවලය. කෙසේවෙතත්, පට්ටිකා(platelets) සහ රක්තාණු(red blood cells) මෙන් නොව සුදු රුධිරාණු න්‍යෂ්ටිකෘතයි (nucleated). එපමණක් ද නොව ඒවා රුධිර ධාරාවේ සංසරණය වුව ද එයටම සීමාවී නැත. රුධිර වාහිනී වල බිත්ති සෑදී ඇති අසල්වැසි සෛල අතර හිරවී මිරිකීමෙන් සුදු රුධිරාණු වලට රුධිර සංසරණ පද්ධතියෙන් ඉවත්ව ආසාදනයක්, පටක හානියක් හෝ ප්‍රදාහයක්(inflammation )   හටගෙන ඇති ස්ථානය වෙත යා හැකිය. කේශ නාලිකාවලින් හෙමින් සීරුවේ සෛල නහවන තරලය වෙත පැනගැනීමෙන් අනතුරුව සුදු රුධිරාණු පටක අවකාශයේ සැරිසරයි. ආක්‍රමණික ක්ෂුද්‍ර ජීවින් විසින් හෝ හානි පැමිණි සෛල මගින් මුදා හැරෙන රසායන වලට සුදු රුධිරාණු ආකර්ෂණය වන අතර පටක හානිය හෝ ආසාදනය ඇති ස්ථාන වල ගැවසීමට හේතුවෙයි. ඇතැම් වර්ගවල සුදු රුධිරාණු එවිට ‘දොෂාරෝපිතයා’ ගිලගනිමට ඉඩ ඇත.  මේ ක්‍රියාදාමය හඳුන්වනු ලබන්නේ භාක්ෂසයිටනය හෙවත් පෙගෝසයිටනය(phagocytosis) යනුවෙනි.

සුදු රුධිරාණු කාණ්ඩ දෙකකට වැටේ. මේ අතරින් කණිකාසයිට (Granulocytes) වල සෛල ප්ලාස්මයේ කැටිති නැතිනම් කණිකා(granules) ඇත. මේ කණිකා ඇත්තවශයෙන්ම ආක්‍රමණකාරී ව්‍යාධිජනක, විශේයෙන්ම බැක්ටීරියාවලට විරුද්ධව  ඒවා විනාශ කිරීමට යොදා ගන්නා රසායනික ඇතුලත්  මඩි හෙවත් කෝෂය. නිර්කණිකාසයිට(Agranulocytes)වල සෛල ප්ලාස්මිය කණිකා  නැත්තටම නැති හෝ ඇතත් ඉතා කුඩා කණිකා වශයෙන් ඇත.  මේ කාණ්ඩ දෙක පස් වර්ගයක සුදු රුධිරාණු වලින් සමන්විතය.

කණිකාසයිට (Granulocytes)

සියලුම සුදු රුධිරාණු වර්ණයෙන් තොර අතර ඒවා අන්වික්ෂණයකින් බැලීම සඳහා වර්ණ ගැන්විය යුතුවේ. අන්වික්ෂනිය අධ්‍යයන සඳහා වර්ණ ගැන්විම පිණිස යොදා ගන්නා පාට පදනම් කරගෙන  කණිකාසයිට, උදාසිනකාමි නියුට්‍රොෆිල(Neutrophils), උයොසින්කාමි ඉයොසිනොෆිල(eosinophils),  භාස්මකාමි බේසොෆිල(basophils) යනුවෙන් වර්ගකෙරේ.

නිර්කණිකාසයිට(Agranulocytes)

සිය සෛල ප්ලාස්මියේ  කණිකා දැකිය නොහැකි නිර්කණිකාසයිට,  එකසයිට හෙවත් මොනෝසිට (monocytes) හෝ වසාසයිට හෙවත් ලිම්පොසයිට(lymphocytes) ලෙස වර්ග කරනු ලැබේ.

ඉතින්, වෛද්‍ය වෘත්තිකයෙකු ‘WBC කවුන්ට් එක කොහොමද?’  යයි කියනු ඔබට ඇසුනොත් ඒ කුමක්දැයි යන්න ගැන දළ අදහසක් ඔබට මේ ලිපියෙන් ලැබෙන්නට ඇතැයි සිතමු.

මෙම ලිපියේදී අප සුදු රුධිරාණු ගැන සලකා බලා ඇත්තේ ඉතා ලුහුඬු හෙවත් සංක්‍ෂිප්ත ආකාරයකටය. මේ සම්බන්ධව තව දැන ගත යුතු කරුණු බොහෝයි. එම දැනුම සොයා යන ගමනට මේ ලිපිය අත්වැලක් වේ යයි සිතමු. මිට අදාළ තවත් කරුණු කරණා thathu ඔස්සේ ඉදිරියේදී ගැන ඒමට අදහස් කෙරේ. ඥානයේ ආනන්දය සඳහා නිතර thathu ඇසුරුකරන්න.

Biology of Humans(6th Edition) නම් ග්‍රන්ථයේ Blood (රුධිරය) යන 11 වැනි පරිච්චේදයේ White blood cells and defense against disease යන කොටස ඇසුරෙනි.

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: