සැමට විදු නැන නුවණ – Science Literacy for All

බුද්ධිමත් ජීවිතය : 8 අන්තර්ජාලයේ නිර්මිතය(ARCHITECTURE)

ගුරුත්වය පිළිබඳ නිව්ටන්ගේ සාමාන්‍ය නීතියේ සිට ස්වභාවික වරණය මගින් සිදුවන පරිණාමය පිළිබඳ ඩාවින්ගේ මතය දක්වා අප මවිතයට පත් කරන දේ කොපමණ නම් විද්‍යාව අපට උරුම කර දී ඇත් ද? එය විශ්මය ජනකය, ප‍්‍රයෝජනවත්ය. එමෙන්ම බොහෝ විට මනහරය. එසේ වුවද, අපේ එදිනෙදා යථාර්ථයන්ගෙන් විද්‍යාව මදක් වියෝ වී ඇතැයි සමහර විට අපට දැනී යයි. විද්‍යාවේ උදාර එමෙන්ම ගරු ගාම්භීර මෙකී සිද්ධාන්තවලට ඔබ්බෙන් වෙනත් දැනුම් සම්භාරයක් ඇත. එම අදහස් ග‍්‍රහනය කරගන්න. ඒවා වඩාත් යහපත්, වඩාත් ප‍්‍රීතිමත් සහ වඩාත් බුහුටි ජීවිතයක් ගත කිරීම සඳහා අපට උපකාරී විය හැකිය. ලොව සැරීමට ඔබට අවශ්‍ය වන විද්‍යාව මෙයයි.

අන්තර්ජාලයේ නිර්මිතය(ARCHITECTURE)

Sally Adee විසිනි

ඔබේ දත්ත යන්නේ කොයිබටද යන්න මත ඔබට (දත්ත) සැඟවිය හැකි ප‍්‍රමාණය තීරණය වේ.

ඔබේ බුහුටි දුරකතනය(smart phone) ඔබගේ කුඩා දරුවා වෙත යොමු කර එහි ඇති කැමරාවේ අයිකනය ‘ටච්’ කළ විට ක්ෂණිකව ඔබේ සුරතල් බිළිඳාගේ ඡායාරූපයක් ඔබගේ කැමරාව තුළ රැඳේ.  බුහුටි දුරකතනයේ මුහුණත තව කීප සැරයක් එහෙ මෙහෙ කළ විට ඔබට ඊමේල් ඇමුණුමක් හැටියට හෝ වෙනත් ‘ඇප්’එකකින්(යෙදුම් එකකින්)  හෝ බිළිඳාගේ රුව වහා ඔබේ දෙමාපියන් වෙත යැවිය හැකිය. ඒ සැනෙන් දුර  ඈත සිටින මහළු මව සහ පියා කුඩා මිණිබිරියගේ රුව දැක ඉමහත් සන්තෝෂයට පත් වෙති. මෙය බුහුටි දුරකතන උපයෝගී කරගෙන සිදු කළ හැකි ඉතා සරල ක‍්‍රියාවක් වන අතර (ඔව් පෙර කාලයේ නම් ඔය සඳහා කොපමණ කාලය, ශ‍්‍රමය හා මුදල් වැය කරන්නට සිදු වුණා ද?) ලොව පුරා දිනපතා එක එක වේශයෙන් ලක්ෂ ගණන් වාර වලින් සිදුවන සුලබ ක‍්‍රියාවකි.

Image result for old woman using a smartphone

පෞද්ගලික දත්ත ලෙස සලකතොත් මේ ආකාරයේ  ’තොරතුරක්’ (එනම් ඡායාරූප දත්තය) උපද්‍රව ගෙන එන සුළු නොවේ. සුරතල් බිළිදෙකුගේ රුවක් කිසිවෙකුටත්  හානියක් ගෙන ඒම සඳහා කෙසේ යොදා ගන්න ද? එහෙත් මෙතැන යටපත් කළ නොහැකි සත්‍යය මෙයයි:  ඕනෑම පෞද්ගලික තොරතුරක් වග විභාගයකින් තොරව දස අත විසුරුවා හැරීම අවදානම්දායකය! මෙය කෙන්ද, කන්ද කර දැක්වීමක් ලෙස ඔබට එකවර සිතෙන්නට පුළුවන. ‘මට හංගන්න දෙයක් නෑ. ඒ හන්දා මට බයවෙන්න දෙයකුත් නැහැ’ යනුවෙන් ඔබ සිතනවා විය හැකිය.

එහෙත් මේ කාරණාව ඒ දැක්වූ තරමට සරල නොවේ. 2015 දී ඈෂ්ලි මැඩියන් වෙබ් අඩවියේ(මේ වෙබ් අඩවිය සේවය සැපයුයේ දෙදෙනෙකු අතර ‘සම්බන්ධතාවක්’ ඇතිකරගැනීමට දායක වන සේවා සැපයීමටයි. ඒ අනුව, සේවාදායකයන්ගේ තොරතුරුවල රහස්‍ය භාවය රැකීමට එම වෙබ් අඩවිය ඇප කැප වී සිටියේය). දත්ත හොරෙන් ලබාගෙන නිරාවරණය කිරීමේ සිද්ධිය සැලකිල්ලට ගන්න. එවිට ඔබට සිතා ගන්නට පුළුවන් වේවි ගූගල් මගින් එක් රැස් කරගෙන ඇති ඔබේ විද්‍යුත් ලිපි සියල්ල හෝ මුහුණු පොතෙහි ඒ ඒ තැන්වල ඇති ඔබට අදාල ඡායාරූප වලට සිදුවිය හැකි දේ ගැන සිතන්න. ඔබත්,  ඔබ වැනි මිලියන ගණන් පොදු ජනතාව මෙන්ම නීති විරෝධී මෙන්ම සදාචාර විරෝධී ක‍්‍රියා කිසිවක්ම කළ අයෙකු නොවේ. එහෙත් ඔබ මෙතෙක් බෙදා හදාගත් නැතිනම් අපට දැන් හුරු විදිහට කියනවා නම් මෙතෙක් කල් ‘‘ෂෙයාර්’’ කරගත් ඡායාරූප ඒවාට දැක්වූ ‘‘කමෙන්ට්ස්’’ ආදිය වෙනකෙකු සතු කරගත් දත්ත සමුදායක් බවට පත්වුවහොත් ලොව පුරා ඔබගේ පෞද්ගලික සබඳතාවලට, ව්‍යාපාර ගණුදෙනු වලට කොපමණ නම් හානිකර විය හැකිද?

Image result for server farm

තවද අවදානමට ලක්වීම් බොහෝ තිබේ. වෙබ් අඩවියේ ප‍්‍රදර්ශනය වන ද්‍රව්‍ය (ලිපි,රූප ආදිය) බෙහෝ විට ගබඩා කෙරෙන්නේ මධ්‍යම සර්වර් පොකුරක් හෙවත් දත්ත කේන්ද්‍රයකය(data centre).  ඔබ ඡායාරූප උත්පතනය(upload – උඩුගතකිරීම) කරන සෑමවිටම ඒවා පෙර කී සර්වර් පොකුරූ වෙත රැහැන් මගින් ගෙන යනු ලැබේ. ආරක්ෂාව සැලසීමේ විධි විධාන ඇතත් න්‍යායාත්මකව ගතහොත් අතරතුර දී හෙවත් අතරවාරයේ දී,  මේ දත්ත අනවසරයෙන් ලබා ගැනීමට හෙවත් ‘හැක්’ කිරීමට (hack – අපහරණය), සොරකම් කිරීමට හෝ සංශෝධනය කිරීමට හැකියාව ඇත. නැවත අපි අර බිළිඳාගේ මුල් ඡායාරූපයට යොමුවෙමු. නිකමට සිතන්න මිණිබිරියගේ ඡායාරූපය දුටු සැණින් ඉන් ප‍්‍රමෝදයට පත් ඔබේ මව ඡායාරූපය මුහුණ පොතට උත්පතනය කළේ යයි කියා.  එවන් එදිනෙදා සිදුවන ඉතා සාමාන්‍ය සිදුවීමක දී පවා ලොව පුරා අනපේක්ෂිත මාර්ග ඔස්සේ තොරතුරු එහාට මෙහාට යැවීම සිදුවේ. මෙය බොහෝ විට මග පාදන්නේ නුහුරු, පෞද්ගලිකබව නීතිරීති වලට යටත් ස්ථානවල ගබඩාවීමයි. (ලොව වටා ක්ෂුද්‍ර තත්පර 80 කින් යන කොටස බලන්න).

Image result for hacking

සිත තබා ගත යුතු තව තවත් කරුණක් මෙන්න. ගූගල්, මුහුණු පොත(ෆේස්බුක්) වැනි සමාගම් ඔබේ තොරතුරුවල පිටපත් ගණනාවක්ම බොහෝ විට තබා ගනිති. ලන්ඩනයේ පිහිටි ගෝලීය දත්ත තාක්ෂණ(‘GlobalData Technology’) ආයතනයේ අන්ඩි‍්‍රයාස් ඹලා නම් විශ්ලේෂකයා දක්වන පරිදි මුහුණු පොත සෑම ආකාරයකම පාහේ උපකරණ මගින් ‘කියැවීමට’ හැකිවන අන්දමේ ආකෘති වලට(formats) ඔබේ දත්ත පිටපත් කරන අතර එපමණ නොව උපස්ථ පිටපත් ද(backup copies) නිර්මාණය කරයි. ඔබේ මව(සහ පියා)  මෑතක ඇමරිකාවේ චාරිකාවක යෙදී සිටියේ නම් ඔවුන් උත්පතනය කළ බිළිඳියගේ ඡායාරූපය මුහුණු පොත මගින් ඇමරිකා එක්සත් ජනපද දත්ත මධ්‍යස්ථානයක් වෙත යවා තිබීමට ඉඩ ඇත. මන්ද මව  නැවත ඇමරිකාවට ගිය දිනක ඡායාරූපය සඳහා කල් මැරීමට අවශ්‍ය නොවන අදහසිනි.

කෙටියෙන් කියතහොත් වරක් අහඹු ලෙස ඡායාරූපයක් බෙදා හදා ගැනීමේ සරල ක‍්‍රියාවක් මගින් ‘හැක්’ කිරීමේ විභවය සහිත දත්ත ‘මහා ගොඩක්’ නිපදවීමට පුළුවන. මේ තත්ත්වය යටතේ අප සියළු දෙනාට පරිස්සමෙන් වැඩ කටයුතු කළ යුතු යැයි ලන්ඩනයේ සිට සිය වෘත්තීය කටයුතු කරන උපදේශීකාවක වන ජුඩිත් ලිව්ස් පවසයි. ඇය කලින් විද්‍යුත් තැපැල් ආරක්ෂාවට අදාලව රුකියා කළ අයෙකි. ”අපට හිතන්න තියෙන්නේ අප කරන හැම දෙයක්ම දැකිය හැකි රහසින් පසුපස ලූහුබඳින්නෙකු ඇතැයි යනුවෙනුයි” ඇය සඳහන් කරයි.

භෞතික අන්තර්ජාලය ගැන මනසේ පරිපූර්ණ ආකෘති සහිත පුද්ගලයන්ට පෞද්ගලිකත්වයට ඇතිවිය හැකි අවදානම ගැන සම්පූර්ණ අවබෝධයක් ඇතැයි අධ්‍යයන පෙන්නුම් කරයි. අවාසනාවකට මෙන් එම පර්යේෂණයම දක්වා සිටින්නේ එකී පරිපූර්ණ අවබෝධය, ‘ආරක්ෂිත විඩාව’(“security fatigue”), ඇති කිරීමට මග පෑදිය හැකි බවයි. කෙසේ වෙතත් මේ අවබෝධය ඇතිකර ගැනීමෙන් අපට අත්පත් කළ හැක්කේ කුමක් ද? සුලබව කළ හැකි දෙයක් තමයි (දත්ත) සෑම දෙයක්ම ගුප්ත කේත ගත කිරීමයි(encrypt). ගුප්ත කේතගත කිරීම, සම්ප‍්‍රදයාණුකූලව ඉගෙනීමට අසීරු විෂයක් ලෙස සැලකේ. තවද ඒ සඳහා ඔබ පමණක් නොව ඔබ හා සන්නිවේදනයේ යෙදෙන සියල්ලන්ගේම නොමසුරු සහාය අවශ්‍ය වේ. “අපට පෞද්ගලික රහස්‍යභාවය රුක ගැනීමට අවශ්‍ය නම් කළ හැකි එකම දෙය සාමුහිකව එය සිදුකිරීමයි” යනුවෙන් පෙන්සිල්වේනියාවේ, පිට්ස්බර්ග් හි කානගී මෙලන් විශ්ව විද්‍යාලයේ සයිබර් පෞද්ගලිකත්ව පර්යේෂකයෙකු වන ඇලෙස්සැන්ඩ්‍රො ඇකුවිස්ට් කියයි.

https වැනි ගුප්ත කේත ගත කෙරුණු වෙබ් සන්නිවේදන නාමාවලීන් අන්තර්ජාල සාප්පු සවාරි සහ බැංකු ගත කිරීම් සඳහා බහුලව යොදා ගැනේ. එමෙන්ම ඇතැම් ජනප‍්‍රිය පණිවුඩ හුවමාරු යෙදුම් (messaging apps)  මගින් මේ කාර්යයන් වඩාත් පහසු කර ඇත. එහෙත් වඩාත් සුරක්ෂිත පිළියමක් වන්නේ උපකරණ සහ මාර්ගගත සේවාවාල හරාත්මක සැලසුම තුළම ආරක්ෂිත පියවර අන්තර්ගත කිරීමයි. 2015 සැප්තැම්බරයේ මුලින්ම හඳුන්වා දුන් Blackphone, ගූගල් ඇන්ඩ්‍රොයිඞ් මගින් බලගැන් වූ ඔබ කැමති  ඕනෑම ‘ඇප්’ එකක් භාවිතා කිරීමට ඉඩ සලසයි.Blackphone එමගින් අපේක්ෂා කරන දත්ත වෙනුවට දුරකතනයේ හිස් ක්ෂේත‍්‍ර පුරවයි.

Image result for original blackphone

දියත් කරන අවස්ථවේ Blackphone  වටිනාකම ඩොලර් 799 කි. ඒත් තුන්වැනි පාර්ශවයකට නොලැබුණාට ගූගල් ආයතනයට ඔබේ දත්ත ලබා ගැනීමට තවමත් අවස්ථාව තිබේ. තවද, අනෙක් අය ඔබේ දත්ත සුරුකිව රුක නොගනීවී යන බිය පහ කිරීමට ද එය අසමත්ය.‘‘ඔබ කෙතරම් ආරක්ෂිතව දත්ත ෂෙයාර් කර ගත්තත් එය ලබන්නා මෝඩ ලෙස ක‍්‍රියා කිරීමට අවස්ථාව නැතිනම්  ඉඩකඩ තිබෙනවා’’ ලිව්ස් පෙන්වා දෙයි.

අන්තර්ජාලය ක‍්‍රියා කරන ආකාරය ගැන මූලික අදහසක් තිබීමෙන් අප තොරතුරු කොපමණ බෙදා හදා ගත යුතුද යන්න ගැන අදහසක් ලබා ගත හැකිය.

ලොව වටා මයික්‍රෝ තත්පර 80 කින්:

ඔබගේ සිඟිති දියණියගේ ඡායාරූපයක් සැතපුම් ගණනාවක් දුරින් පදිංචි ඔබේ මව  වෙත යැවීමට ඔබ ගූගල් ආයතනයේ ජීමේල් (Gmail) සේවාව යොදා ගන්නවා. මව වහාම එම සේයාරුව මුහුණ පොතට යොමු කරනවා. මේ දත්ත ඉහතින් දක්වා ඇති සේවාදායක ගබඩාවක වැනි ගබඩාවක තැන්පත් වේ- ඒත් ඒ කොයිබද? New Scientist’s සඟරාවේ ලන්ඩන්, බොස්ටන් සහ සිඞ්නි කාර්යාලයන්ගෙන් පටන්ගෙන එය මෙබඳු ආකාරයක ගමනක යෙදෙයි.

ලන්ඩනයේ සිට …..

ජීමේල් තැපෑල ලන්ඩන් අවට සරා අනතුරුව මුහුදු යටින් අයර්ලන්තයේ ඩබ්ලින් වෙත යන්නේ එහි ගබඩා කිරීමටය. ගුගල් සතුව එහි විශාල දත්ත මධ්‍යස්ථානයක් ඇත්තේය.  මව  බිළිඳියගේ රුව මුහුණපොතට ඇතුල් කළ විට එය ස්විඩනයේ ලූ ලීයා හි මුහුණු පොතෙහි යුරෝපීය දත්ත මධ්‍යස්ථානය වෙත පැමිණෙයි. සිය රට හරහා යන  ඕනෑම දත්තයක් පරීක්ෂා කිරීමට ස්විඩනය ඉඩ දෙයි. තවද එය ඔරිගන් හි ප‍්‍රයින්විල් හි මුල් දත්ත මධ්‍යස්ථානයෙහි දී ද උපස්ථ කෙරේ.

බොස්ටන් සිට…

ඇමරිකා එක්සත් ජනපදයෙන් පිට නොවී රට තුළ එහා මෙහා යාමෙන් පසුව ඡායාරූපය උතුරු කැරොලිනාවේ ලෙනෙයිර් වෙත ළඟ වේ. ගූගල් ඇමරිකා එක්සත් ජනපද දත්ත මධ්‍යස්ථාන හත අතුරෙන් ආසන්නම එක ඒකයි. එය ප‍්‍රයින්විල් වලද ගබඩා කෙරෙන අතර තවත් දෙතුන් පලක උපස්ථ කෙරේ. ඉතින් මේ වටවංගු මාවතේ දී ගුගල් ගුප්ත කේත ගත කරන නිසා ‘හැක්’ කිරීම ගැටළුවක් නොවන්නට පුළුවන. එහෙත් ඇමරිකා එක්සත් ජනපද තාක්ෂණික සමාගම සේවාදායකයන් ‘පස්සා දොරෙන් සපයන  ඇ.එ. ජනපද ජාතික ආරක්ෂක ඒජන්සියට නම් එය වඩාත් බලපානු ඇත.

සිඩ්නි සිට …

ගුගල්වත්, මුහුණු පොතවත් ඔස්ට්‍රලියාවේ දත්ත කේන්ද්‍ර පවත්වාගෙන යන්නේ නැත. ඊමේලය ගබඩාවෙන්නේ එක්කෝ සිනප්පුරුවෙදිය; නැතිනම් තායිවානයේදීය. නැවතත් මුහුණු පොතේ චායාරුපයේ ගමනාන්තය බටහිර ඇ.එ. ජනපදයයි. පෞද්ගලිකත්වයට අදාළ සිය නීතිරීතිවල ආරක්ෂාවෙන් පිටතට දත්ත යනවාට බොහෝ රාජ්‍යයන් කැමැති නැත. 2015 දී යුරෝපීය අධිකරණයක් ලබාදුන් තීන්දුවක් අනුව අත්ලාන්තික් සාගරය හරහා දත්ත ‘ගසා කෑමට’  ඇමරිකා එක්සත් ජනපද සමාගම්වලට තවදුරත් ඉඩ නොලැබෙනු ඇත, තම රට තුලම දත්ත කේන්ද්‍ර තබා ගත යුතුයි ලොව පුර රටවල් වලට තදින් කියා සිටීමට මෙම තීන්දුව මග පෑදෙතයි අපේක්ෂිතයි.

NEW SCIENTIST(The Collection): ESSENTIAL KNOWLEDGE(VOL FOUR-ISSUE THREE) හි NEED TO KNOW: INTERNET ARCHITECTURE යන කොටස ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: