සැමට විදු නැන නුවණ – Science Literacy for All

මිනිස් ජීවියා : මානව සමාජය

ජීව විශේෂයක් ලෙස ගත් කල. අප අනෙකුත් මිනිසුන්ගේ සමාගමෙහි අපගේ  ජීවිතය ගෙවා දමන සමාජ ජීවියෙකි. එඬේර කණ්ඩායම්, ගම්, පුරවර, රටවල් වැනි  විවිධ ආකාරයේ සමාජමය කණ්ඩායම් වශයෙන් අපි සංවිධාන වන්නෙමු. අප කටයුතු කරගෙන යන්නේ, වෙළහෙළඳාම් කරන්නේ, කී‍්‍රඩා කරන්නේ, ප‍්‍රජනනය කරන්නේ සහ වෙනත් බොහෝ ආකාරවලින් අන්තර් කි‍්‍රයා කරන්නේ එම සමාජ කණ්ඩායම් තුළය. අනෙකුත් සත්ව විශේෂමෙන් නොව අපි සමාජීය චර්යාවෙහි සහ සංවිධානයෙහි   ඕනෑකමින් සිදු කරන වෙනස්කම් සමග සමාජානුයෝජනය(සමාජයට හැඩගැසීම ) කලක් ගත වන විට එක්කරන්නෙමු. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස මානව සමාජයේ හැඩතල නැතිනම් රටා  තැනින් තැනටයුගයෙන් යුගයට සහ සංස්කෘතීන් අතර වෙනස්කම් දක්වන්නේ සමාජයීය ලෝකය ඉතා සංකීර්ණ මෙන්ම ගතික පරිසරයක් බවට පත්කරවමිනි.

මානව චාර්යාව පිළිබඳ අන්තර් ඥානය, මූලයන් බොහොමයකින් පැමිණේ. මේ ලිපි මාලාවෙන් අදහස් ඉදිරිපත් කෙරෙන්නේ  ප්‍රධාන වශයෙන් විද්‍යාත්මක සොයා බැලීම පදනම් කරගෙනය. මූලිකවම එසේ වුවද, සාහිත්‍යය, නාට්‍යය, දර්ශනවාදය සහ අනෙකුත් විද්‍යා නොවන ශික්ෂණයන්ද අප ගැන අපට තිබෙන අවබෝධය කෙරෙහි කැපී පෙනෙන ආකාරයට දායක වෙයි. සමාජ විද්‍යාඥයෝ ප‍්‍රමාණාත්මක සහ ගුණාත්මක ප‍්‍රවේශයන් යොදා ගනිමින් විවිධ සංස්කෘතික දේශපාලනික ආර්ථික සහ මනෝවිද්‍යාත්මක පර්යාලෝකයන්ගෙන් මානව චර්යාව අධ්‍යයනය කරති. පුද්ගලයන් මෙන්ම සමාජ චර්යාවන්හි සමානුයෝගී රටා මෙන්ම එම රටාවල විද්‍යානුකුල පැහැදිලි කිරීම් ඔවුහු සොයා බලති. ඒවා, බොහෝ දෙනා සවිඤ්ඤානකව ලෝකය ගැන සිතූ ආකාරයෙහි කොටසක් නොවීමට  ඉඩ ඇතත් සමහර අවස්ථාවල එවැනි රටා පෙන්වා දුන් කල ඒවා දැබසිටි බවක් හුරු බවක් පෙනී යන්නේය. අනෙක් අවස්ථාවලදී මෙම රටා විද්‍යානුකූල පරීක්ෂණ මගින් හෙළිදරව් කෙරුණු රටා ලෙස  මානව චර්යාඑරි ඇතැම් අංග සම්බන්ධයෙන් ජනයා බොහෝ කල් තිස්සේ දරා සිටින විශ්වාසයන් වැරදි බව පෙන්වා දෙනු ඇත.

මෙම පරිච්ඡ්දයේදී මානව සමාජයේ කේන්ද්‍රීය පැතිකඩ හතක් ගැන විස්තර කෙරේ.

 Image result for CULTURAL EFFECTS ON BEHAVIOR

චර්යාව කෙරෙහි සංස්කෘතික බලපෑම

ජානමය ප‍්‍රවේණිය සහ අත් දැකීම යන දෙකම මගින්  මානව චර්යාව බලපෑමට ලක්වෙයි. ජනයා වර්ධනය වන ආකාරයන් හැඩ ගැසෙනු ලබන්නේ සමාජ අත්දැකීම් මෙන්ම ඔවුන්ගේ ජානමය උරුමයේ විභවය යන සන්දර්භය තුළය. මෙහිදී විද්‍යාත්මක ප‍්‍රශ්නය වන්නේ අත්දැකීම් හා උරුමයෙන් එන විභවය නතිනම් හැකියාව මානව චර්යාව නිර්මාණය කරන්නේ කෙසේද යන්නය.

සෑම පුද්ගලයෙකුම උපත ලබන්නේ සමාජමය හා සංස්කෘතික පසුබිමක් තුළය. එනම් පවුල, ප‍්‍රජාව, සමාජ පන්තිය, භාෂාව, ආගම ආදී වශයෙනි. එසේ උපදින තැනැත්තා අවසානයේ සමාජ සම්බන්ධතා ගණනාවක්ම ගොඩ නගාගනී. දරුවෙකුගේ සමාජ වටාපිටාවේ ගති ලක්ෂණ,ඉගැන්වීම  එමෙන්ම පරිතෝෂ සහ දඬුවම් සහ ආදර්යශය තුළින් එම දරුවා සිතීමට සහ හැසිරීමට ඉගෙන ගන්නා ආකාරය කෙරෙහි බලපායි. මෙකී වටපිටාවට නිවස, පාසල හා අහලපහළ පරිසරය සහ ඇතැම් විට ප‍්‍රදේශයේ ආගමික සහ නීිතිය කි‍්‍රයාත්මක කරන ආයතන ද ඇතුළත්ය. එමෙන්ම ඊට සිය මිතුරන් අනෙකුත් සමවයස්වල උදවිය(සමපදස්ථයන්) ඥාතීන් මෙන්ම විනෝදාස්වාද හා ප‍්‍රවෘත්ති මාධ්‍යයද ඇතුළත් වේ.

පුද්ගලයන් මෙකී බලපෑම් සියල්ලටම මුහුණ දෙන්නේ කෙසේද යන්න හෝ වඩාත් ප්‍රබල වන්නේ කුමන බලපෑමද යන්න පවා කලින් තීරණය කළ නොහැකිවේ. එය එසේ වුවද, පුද්ගලයන් එකම ආකාරයෙ  බලපෑම් රටාවන්ට –ඒ කියන්නේ එක සංස්කෘතියක් තුළ හැදී වැඩෙන අන්දම කෙරෙහි ප‍්‍රතිචාර දක්වන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් යම් සැලකිය යුතු  සමානතාවක් ඇත. එපමණක් නොව  කතා කිරීමේ රටා,කායික ඉරියව්වලින් අදහස් පළ කිරීම(සිරුරු බස) හා හාස්‍ය උපදවන ස්වරූප වැනි සංස්කෘතික වශයෙන් උපද්දවන චර්යා රටා මිනිස් සන්තානය තුළ කොපමණ නම් කාවැදි තැන්පත්වන්නෙ ද  කියතහොත් ඒවා ගැන පුද්ගලයාගේ පූර්ණ දැනීමකින් තොරවම බොහෝ විට කි‍්‍රයාත්මක වේ.

Image result for different cultures of the world

සෑම සංස්කෘතියකම එකිනෙකට තරමක් වෙනස් රටා සහ අර්ථ ජාල ඇතුළත් වේ: ජීවනෝපායන් සලසා ගන්නා මාර්ග,වෙළෙඳාම් සහ ආණ්ඩුක‍්‍රම පද්ධති, සමාජ කාර්යභාරයන්, ආගම්, ඇඳුම් පැළඳුම් මෙන්ම ආහාර හා කලාවන්ට අදාළ සම්ප‍්‍රදායන් චර්යාවන් ගැන ඇති අපේක්ෂාවන් අනෙකුත් සංස්කෘතීන් පිළිබඳ ආකල්ප මෙන්ම මේ කි‍්‍රයාකාරකම් සියල්ල පිළිබඳ විශ්වාසයන් සහ හරයන්වේ.

විශාල සමාජයක් තුළ ප‍්‍රදේශය, වාර්ගික සම්භවය හෝ සමාජ පන්තිය සමග සම්බන්ධ කැපී පෙනෙන වෙනස්කම් සහිත උප සංස්කෘතීන් සහිත කණ්ඩායම් ගණනාවක්ම සිටිය හැකිය. කිසියම් කලාපයක් හෝ ප‍්‍රදේශයක් තුළ එක් තනි සංස්කෘතියක් ප‍්‍රමුඛවේ නම් එහි වටිනාකම් (හරයන්) යෝග්‍ය නැතිනම් ‘හරි’ යයි සලකා එය පවුල් සහ ආගමික කණ්ඩායම් මගින් පමණක් නොව පාසල් හා ආණ්ඩු මගින්ද ප‍්‍රවර්ධනය කරනු ලැබේ. ඇතැම් උප සංස්කෘතීන් (වයාපාරික විධායක නිලධාරීන් සහ අපරාධකරුවන් වැනි) විශේෂ සමාජ ප‍්‍රවර්ග අතර මතුවිය හැකිය. සංගීතඥයන් හා විද්‍යාඥයන් වැනි සමහරෙක් ජාතික සීමා මායිම් අතික‍්‍රමණය කළ හැකිය.

සාධාරණ හෝ අසාධාරණ වේවා, මනෝඥ හෝ අමනෝඥ වේවා සමාජ ප‍්‍රභේදන සෑම සංස්කෘතියම පාහේ කැපී පෙනෙන අංගයකි. ස්ථානය හා කාලය අනුව ප‍්‍රභේදනයන්ගේ ස්වරූපය වෙනස් වේ — ඇතැම් විටක දැඩි කුල ක‍්‍රම, ඇතැම් විටක ගෝති‍්‍රක හෝ වරිග වශයෙන්ද ඇතැම්විටක වඩාත් නම්‍ය සමාජ පන්ති ලෙසද වශයෙනි. පන්ති ප‍්‍රභේද ප‍්‍රධාන වශයෙන් ඇතිවෙන්නේ ධනය, අධ්‍යාපනය හෝ වෘත්තීය (රැකියාව) ජීවනෝපාය පදනම් කරගෙනය. එහෙත් ඇඳුම්, උපභාෂා සහ පාසල් අධ්‍යාපනය හා වැඩ කිරීම කෙරෙහි ආකල්පය වැනි උපසංස්කෘතිකමය වෙනස්කම්වලටද මේ ප‍්‍රභේද සම්බන්ධ විය හැකිය. මෙකී ආර්ථික දේශපාලනික සහ සංස්කෘතික ප‍්‍රභේදයන් සමාජයක සාමාජිකයන් සියලූ දෙනාම පාහේ පිළිගනිති. එමෙන්ම ඒවාට සමහරුන්ගේ අප‍්‍රසාදයද පළ වේ.

(චර්යාව කෙරෙහි සංස්කෘතික බලපෑම ලිපියෙ ඉතිරි කොටස ලබන සතියේ)

American Association for the Advancement of Science මගින් සකසන Science for All Americans On-Line හි පළවූ THE HUMAN ORGANISM නම්  6 වෙනි පරිචේදය ඇසුරෙන් සැකසෙන ලිපි මාලාවක තවත් ලිපියකි මේ.

අද ලිපිය 7 වෙනි පරිචේදයෙහි HUMAN SOCIETY යන කොටස ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: