නොනවතින වසංගත : වහා ක්‍රියා කිරීමට සූදානමින් සිටීම

අද මානවයා විවිධ ක්ෂේත්‍ර වල විශාල දීයුණුවක් අත්පත් කරගෙන තිබුණ ද මාරාන්තික මහා වසන්ගතයක් හට ගැනීමේ ඉඩකඩ වෙන කවරදාටත් වඩා වැඩිය. එය කොයිබින් පැමිණිය හැකිද? අපට එය මග හරහරවා ගත හැක්කෙකේ කෙසේද? ආදිය අද අප හමුවේ ඇති ප්‍රශ්නයි.
වහා ක්‍රියා කිරීමට සූදානමින් සිටීම
මහා විනාශයක් සිදු කළ හැකි ජන ඝාතකයන් හඳුනාගෙන, ඔවුන්ට එරෙහිව ඖෂධ අත දරා සන්නද්ධව සිටින විට අප නිසි මගට පිවිස ඇතැයි යන විශ්වාසය ඇති විය හැකිය. එහෙත්, මහා පරිමාණ මට්ටමකින් වහා ක්‍රියා කිරීමට අප සූදානමින් සිටීම ද අවශ්‍ය වේ. පරස්පරව ගතහොත් ඉන් කියැවෙන්නේ අශුභ පෙර නිමිති ඇති විපර්යාසයන් (වෙනස්කම්) කලින්ම හඳුනාගත හැකිවන සේ සාමාන්‍ය තත්ත්වයෙන් පවතින දෙයට වඩාත් හුරුවීමයි.
මතුවන එක් ගැටළුවක් වනුයේ (ස්පර්ශයෙන්) බෝවෙන රෝග වේගවත් වීමයි : මුලදී සෙමින් ඉහළ යන රෝගී සංඛ්‍යාව හිටුවනම අහස් වෙඩිල්ලක් සේ ඉහළ යයි. ‘‘සුළු ප්‍රශ්නයක් වෙනුවෙන් වුවමනාවට වඩා වෙහෙසෙන්නේ යයි ජනතාව මුලදී කියා සිටීවි. ඒත් පසුව ඔබ මන්දගාමී වැඩි යයි ඔවුන්ම චෝදනා නගාවී.’’ යයි සිලිව් බ්රයන්ඞ් පවසයි. ඇය ලෝක සෞඛ්‍ය සංවිධානයේ මහා වසංගත දෙපාර්තමේන්තුවේ ප්‍රධානීය. කුමණ වසංගතයක් හදිසියේ ඇතිවේදැයි වඩා හොඳින් පුරෝකතනය කිරීම පිණිස ලෝක සෞඛ්‍ය සංවිධානය දේශගුණය, එන්නත් වැඩසටහන් සහ ජනගහන ප්‍රතිශක්තිකරණය ගැන දැනට ඇති දත්ත කට්ටල එකට එක් කිරීම වැනි ‘මහා දත්ත’ භාවිතය ගැන සොයා බැලීම පිණිස දැන් විශේෂ කණ්ඩායම් යොදවා තිබේ. එම සංවිධානය සමාජ විද්‍යාඥයන්ගෙන් සහ මානව විද්‍යාඥයන්ගෙන් සැදුම් ලත් ජාලද පිහිටුවා ඇත. එසේ කර ඇත්තේ වසංගතයන්ට මැදිවී ඇති ජනතාව අතරේ සන්නිවේදනය වැඩි දියුණු කරන්නේ කෙසේ දැයි සොයා බැලීම පිණිසය. මේ සම්බන්ධව පැවති දුර්වලතාව ඊබෝලා හදිසි පැතිර යාමේදී ක්ෂණික ප්‍රතිචාර දැක්වීමට විශාල බාධකයක් විය. කෙසේ වෙතත්, එහිදී ප්‍රථම සහ මූලික ගැටළුව වූයේ ආවේක්ෂණය(surveillance) හෙවත් සුපරීක්ෂාකාරීව නිරීක්ෂණයයි : ඊබෝලාව පුළුල්ව පැතිර යන තුරුම කිසිවෙකුත් මුල් ඊබෝලාවට මුලින්ම ගොදුරුව කිහිහිප දෙනා සොයා ගැනීමට සමත් වූයේ නැත.
“මහා වසංගතයකට මුහුණදීමට සූදානම් වීමේ දී සෑම තැනකම, රටක සමස්ත ජනගහනයට සමීපව, අමුතු යමක් සිද්ධ වෙනවා නම් යා යුත්තේ කොයිබටදැයි දන්නා සෞඛ්‍ය සේවකයන් අවශ්‍ය වෙනවා. ඉතින් ඊළඟට අපට සාම්පල පරීක්ෂා කිරීමට පර්යේෂණාගාර වගේම ප්‍රතිචාර කණ්ඩායම් ද අවශ්‍ය වෙනවා” යයි GAVI ආයතනයේ ප්‍රධානී සෙත් බර්ක්ලේ සඳහන් කරයි. GAVI යනු සුපුරුදු විධිගත වැක්සීන දුප්පත් රටවලට ලබා දීමට උපකාර වන ගෝලීය සන්ධානයකි. අන්තර් ජාතික සෞඛ්‍ය රෙගුලාසි (International Health Regulations) යනුවෙන් හඳුන්වනු ලබන 2005 වර්ෂයේ ගිවිසුමක් අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයට අයත් සාමාජික රටවල් 192 ම ප්‍රමාණවත් අන්දමින් අන්වේක්ෂණයෙහි යෙදෙමින් බරපතල වන, අසාමාන්‍ය වන නැතිනම් අන්තර්ජාතික සංචාරය හා වෙළඳාම සීමා කිරීමට තුඩුදෙන හදිසි වසංගතයක්, වහා ලෝක සෞඛ්‍ය සංවිධානයට දැනුම් දිය යුතුය. කෙසේ වෙතත්, ලෝකයේ එකම කලාපයකවත් — යුරෝපය පවා — ගිවිසුමේ ප්‍රකාර කළ යුතු සියල්ලම ඉටු කර නැත. අඩුම කොටස ඉටු කර ඇත්තේ කරදරකාරී වෛරස බොහොමයක නිජ බිම වන අප්‍රිකාවයි.
ගෝලීය සෞඛ්‍ය ආරක්ෂණ න්‍යාය පත්‍රය(Global Health Security Agenda ) යනුවෙන් හඳුන්වනු ලබන අන්තර්ජාතික සහයෝගීතා වැඩසහටහනක් අඩුලූහුඩුතා මග හරවා ගැනීම පිණිස රටවලට උපකාර කිරීමට උත්සාහ දරයි. ඊබෝලා වසංගතයෙන් උගත් පාඩම් රටවල් ඔවුන්ගේ බහට සවන්දීමට පොළඹවා ඇත. ‘‘සිතුවිලි රටාවේ වෙනස දකින්නට තිබෙනවා” බ්රයන්ඞ් පවසයි. පවතින සෞඛ්‍ය අවදානම් හොඳින් නිරීක්ෂණය කිරීම රටවලට අළුත් ඒවා සොයා ගැනීම පහසු කරයි.
හදිසි අවස්ථාවක දී ප්‍රතිචාර දක්වන්නෝ
මීට අමතරව, සැමදාමත් තාක්ෂණික නියෝජිත ආයතනයක් ලෙස මන්දගාමීව සම්මුතියට එළඹෙමින් පිළිවෙත් සාදන ලෝක සෞඛ්‍ය සංවිධානය දැන් නම්ය ස්වභාවයක් ආරෝපණය කර ගනිමින් හදිසි අවස්ථාවක දී වඩාත් වේගයකින් ප්‍රතිචාර දැක්වීමට හැඩ ගැසී ඇත. ඔවුන්නොවුන්ගේ වෙන වෙනම නිර්ණායක අනුව හදිසි අවස්ථා ඇත්දැයි — හෝ නැත්දැයි විමසා බලන ස්වාධීන කාර්යාල විවිධ රටවල පවත්වාගෙන යාම වෙනුවට දැන් ලෝක සෞඛ්‍ය සංවිධානය සතුව විශේෂයෙන් කැප වූ සේවක කණ්ඩායමක් ලොව පුරා ඇත. එම පිරිසට අසාමාන්‍ය සිද්ධි ගැන ඇගයීම් කිරීමට, පැය 72 ක් ඇතුළත හදිසි සේවා කණ්ඩායම් යෙදවීමට මෙන්ම ඉතා ඉක්මණින් එම සේවා ප්‍රමාණයන් වැඩිකිරීමේ හැකියාවක් ඇත. සම්බන්ධීකරණය පහසු කරනු වස් ඔවුන් වගකිව යුතුව ඇත්තේ ජිනිවා හී පිහිටි ලෝක සෞඛ්‍ය මූලස්ථානයයි. මේ ආයතනය, මුහුණු ආවරණ (masks), සිරින්ජර වැනි දෑ සපයා ගැනීම සඳහා ලෝක ආහාර වැඩසටහන හා එක්වද කටයුතු කරයි. තවද, එය හදිසි සේවා ප්රතිචාරකයන් පුහුණු කිරීම පිණිස මාර්ගගත පාඨමාලාවක් ආරම්භ කිරීමට ද යෝජිතයි. එමෙන්ම, යුද්ධ හා ස්වභාවික විපත් වලදී හදිසිසේවා ප්රතිචාරයන් සම්බන්ධීකරණය සිදුකරන ලෝක ආයතනයක් වූ ජිනිවා කේන්ද්‍ර කර ගත් අන්තර් නියෝජිතායතන ස්ථාවර කමිටුව (Inter-Agency Standing Committee) සමග එක්වද ක්‍රියා කරයි. කමිටුව, ඊට පැවරෙන කාර්යයන් තුළට පසුගිය වසරේදී වසංගත ද ඇතුළත් කර ගත්තේය.
එහෙත්, හදිසි පැතිරයාම් කෙතරම් ඉක්මණට සොයා ගනු ලැබුව ද, එලෙසම කොපමණ ප්‍රමාණයක් ඖෂධ හෝ වැක්සීන අළුතෙන් නිපදවනු ලැබූව ද වෙනසක් ඇති කරලිය හැකි අන්දමින් ඒවා යෙදවීමේ ගැටළුවට තවමත් මුහුණ දිය යුතුව ඇත. ‘‘හදිසි අවස්ථාවක දී පමණක් ප්‍රයෝජනයට ගන්න කියලා වැක්සීන නිපදවන කම්හලක් හදන්න අපට බැහැනේ” යයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාටින් ෆීඞ් පවසයි. සේවක පිරිස හා යන්ත්‍ර සූත්‍ර නවීකරණයට ලක් කළ යුතුය, යාවත්කාලීන කළ යුතුය.
නිෂ්පාදන ධාරිතාව සීමාවීම සම්බන්ධයෙන් යම් පිළියමක්, ඉන්ෆ්ලූවැන්සාව පාලනය සඳහා දැනට දරණ ප්රයත්න තුළින් සොයා ගත හැකිවෙනු ඇත. ස්ථීරවම පැමිණෙතැයි කිව හැකි මහා වසංගතයකි, ඉන්ෆ්ලූවන්සාව. ඉන්ෆ්ලූවන්සා වැක්සීනය සාදා ඇත්තේ ප්‍රමිතිගත, අඛර( විෂ නොවූ) ෆ්ලූ වෛරස වලිනි. ඊට එම වසරේ සංසරණය වන ඕනෑම මාදිලියකින් අළුත් ප්‍රෝටීන දෙකක් ඊට එක් කර ඇත්තේ එම මාදිලියට ප්‍රතිශක්තියක් හටගන්වන අයුරිනි. වැක්සීනය සෑම වසරකම වෙනස් වුවත් එය නිපදවීමට නව කර්මාන්තශාලා හෝ නියාමන අනුමැතිය අවශ්‍ය නොවන්නේ මෙය ඉතා හොඳින් පරීක්ෂාවට ලක් කර ඇති හෙයිනි. ‘‘මේ අන්දමට අප නොදන්නා ව්යාධිකාරකයක් සඳහා වුවද වැක්සීන නිපදවීමේ ධාරිතාව නැංවිය හැකියි” බර්ක්ලේ පෙන්වා දෙයි. එහෙත් මෙය දැන්මම සිදුවන්නක් නොවේ. එමෙන්ම මෙම කටයුතු දිගටම කරගෙන යාම සඳහා ප්‍රමාණවත් අරමුදල් සොයා ගැනීමට(විශේෂයෙන්ම නව ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති එක්සත් ජාතීන්ගේ අරමුදල් යෙදවීමට විරුද්ධවීම හමුවේ) ලෝක සෞඛ්‍ය සංවිධානය සමත්වේද යන්න ද පැහැදිලි නැත.
ඇත්ත වශයෙන්ම, අවදානමට ලක්වන්නේ, පරදුවට තබන්නේ කුමක් ද යන්න ගැන මනා වැටහීමක් තිබීම බරපතලම ප්රශ්නය වන බව පෙන්වා දෙන බර්ක්ලේ මහා වසංගතයක් යනු ‘‘ පරිණාමීය වශයෙන් නියතතාවක්” (“evolutionary certainty”) බව කියයි, “අවදානම කුමක් දැයි ජනතාව වටහා ගන්නේ නම් ඊට මුහුණ දීම සඳහා පද්ධති ස්ථාපිත කර ඇති බව තහවුරු කර ගැනීමට ඔවුනට අවශ්‍ය වනු ඇත. එවැන්නක් සඳහා වැයවන පිරිවැය එවැන්නක් පසෙකලා ක්‍රියාකිරීම හේතුවෙන් දැරීමට සිදුවෙන වියදම හා සසඳන විට ඉතා සුළු එකකි” යයි බර්ක්ලේ පෙන්වා දෙයි.
“අප පත්ව සිටි ස්වයං-තෘප්තිකර තත්ත්වයෙන් අපව (තිගැස්මකට ලක්කරමින්) ඉවත් කරනු ලැබ ඇතත් තව කළ යුතු දේ බොහෝය. ගෝලීය ආර්ථිකය හා ආරක්ෂාව කෙරෙහි ඇති, පාලනයෙන් තොර විශාලතම අවදානම ආසාදනයන් මගින් ගෙන එනු ලබන් විපත් බව ඊබෝලා හදිසි ව්‍යාප්තය සමග ලෝකයට පෙනී ගොස් ඇත” යනුවෙන් පවසන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයෙහි සහාකාර අධ්යක්ෂ ජනරාල් බෲස් අයිල් වෝඞ්ය. ‘‘අප මහා වසංගතවලට මුහුණ දීමට සූදානමින් සිටින්නෙමු ද? ස්ථීරවම නැත! අප සිටින්නේ වැඩි සූදානමකින් ද? ස්ථීරවම එහෙම තමයි!’’ ඔහු කියා සිටියි.
ප්‍රතිචාරයක් ලබාදෙන්න