සැමට විදු නැන නුවණ – Science Literacy for All

අප වයසට යන්නේ ඇයි?

තරුණ වැඩිහිටියකුගේ මනස්කාන්ත සිරුර ජීව විද්‍යාත්මක යාන්ත්‍රණය මගින් සුසාධිත අලංකාර නිර්මාණයක් ලෙස පිළිගැනීමට ලක්වේ. එහෙත් මේ අලංකාරත්වය ජීවිතයේ වැඩිකාලයක් පවත්වාගෙන යා නොහැකි වීමේ ගැටලූව පහසුවෙන් පැහැදිලි කර දිය හැක්කක් නම් නොවේ. තරුණ විය ඉක්මයත්ම තරුණ සිරුරේ ශෝභාවද පහව යයි. පරිණාමය මෙවැන්නකට ඉඩ තබන්නේ ඇයි? පරිපූර්ණත්වයට ඉතා ආසන්නව සිටි සත්වයෙකු, පෙරදා සිටි අයම දැයි හඳුනා ගත නොහැකි තරමට දුර්වලව බෙලහීන මහල්ලෙකු බවට පත්වීමේ කි‍්‍රයාදාමයක හරිහැටි තේරුම් ගත නොහේ. කාගේත් අවධානයට යොමුවන විශේෂයෙන්ම කවියන්, ගීත රචකයන් මේ අභාග්‍යය බොහෝ විට සිත් කාවදින අයුරින් ඉදිරිපත් කර ඇත. එක් ජන්ප්‍රිය ගීයක පද කිහිපයක් ක්ෂණික සිහියට නැගේ:

කබාය ඉරිලා ඊට කමක් නැහැ

කවුරු බලන්නද කවුරු දකින්නද

මා දැන් මහළු වියේ

මා දැන් මහළු වියේ

Related image

වයස්ගතවීම මනුෂ්‍යයන්ට පමණක් උරුමවූවක් නොවේ. මේ ස්වභාවය සෑම ශාකයකම, සෑම සත්වයෙකුම තුළින් දැකිය හැකිවේ. විලෝපනය හේතුවෙන් අකාලයේ මියයාම  වැනි මරණයට පත්වීමේ (mortality=මර්ත්‍යතාව) බාහිර ‘සාධක’ ඉවත් කර, (එවැන්නක්ට ඉඩ නැති) සුරක්ෂිත පරිසරයක් තුළ පුද්ගලයන් තබා වයස්ගතවීම මැන බැලිය හැකිය. ස්වාභාවිකත්වය (nature) තුළ ජීවත්වනවාට වඩා වැඩි කාලයක් දිවිගෙවීමට හැකිවන පරිදි කාලය ගෙවී යද්දී ඔවුන් ගැන විමසිලිමත්වන විට විවිධ වයස්වලදී මරණය සිදුවීමේ හැකියාවන් තීරණය කළ හැකිය. සුරක්ෂිත කරන ලද තත්ත්වයන් යටතේ වුවද වයසින් නොමේරූ අය අතරේ මර්ත්‍යතාව ඉහළ අගයක් ගනී. බාලක යෞවනයන් වයසින් මෙන්ම,  සිරුරෙන් වැඩෙත්ම මේ අනුපාතය අඩුව ගොස් වැඩි හිටි භාවයට පසුව යළිත් ඉහළ යයි. පරික්ෂකයන් විසින්  අධ්‍යයනය කරනු ලැබූ බොහෝ විශ්ෂයන්  අතර වැඩිහිටි මරණ අනුපාතය, වයස යත්ම අනවරතයෙන් ඉහළ යයි. කෙසේවෙතත් විවිධ විශේෂයන් අතරේ මර්ත්‍යතා රටා බොහෝ සේ වෙනස් වේ. මනුෂ්‍යයන් වැනි දිගුකල් ජීවත්වන විශාල ජීවීන් හා සැසඳීමේදී මීයන් වැනි කෙටිකලක් ජීවත් වන කුඩා ජීව විශේෂයන් අතර  තරුණ වයස්වල මර්ත්‍යතා අනුපාතය සාපේක්ෂව බෙහෙවින් ඉහළය.

වයසට යාමේදී  මර්ත්‍යතාවෙහි සිදුවන මෙම වැඩිවීම  වයසට යාමක් සමගම ජීව විද්‍යාත්මක කාර්යයන් ගණනාවක පරිහානිය පිළිබිඹු කරයි. මාංශපේශීවල ශක්තියේ සිට මානසික හැකියාවන් දක්වා හැම දෙයක්ම නරක අතට හැරෙන බවක් පෙන්නුම් කරයි. බහුසෛල ජීවීන් අතරේ සාර්වත්‍රිකවම පාහේ සිදුවන වයස් ගතවීම පරිණාමය පිළිබඳ සිද්ධාන්තයට දැඩි අභියෝගයක් ලෙස පෙනී යා හැක.  මන්ද එය අනුවර්තනයේ පරිණාමය සිදුවන්නේ ස්වභාවික වරණය හේතුවෙන් යන අදහසට පටහැනි වන හෙයිනි. මෙයට දිය හැකි එක් පිළිතුරක් වන්නේ, අනවර්තනය කිසිවිටක පරිපූර්ණ නොව බවයි. වයස් ගතවීම යනු අඛණ්ඩව පැවතීම සඳහා අවශ්‍ය සිරුරේ පද්ධතිවලට සිදුවන රාශී භූතවන හෙවත්, එකට එකතු වන හානියෙහි නොවැළැක්විය හැකි ප‍්‍රතිඵලයකි.  තවද වරණයට බාගදා එය වළක්වා ගත නොහැකිවා විය හැකිය. ඇත්ත වශයෙන්ම මෝටර් රථ වැනි සංකීර්ණ යන්ත‍්‍ර වාර්ෂිකව ඇණහිටීමේ සම්භාවිතවද සජීවීන්ගේ මර්මත්‍යතාවට බොහෝ සේ සමාන ආකාරයට වයසත් සමග වැඩිවේ.

 

කෙසේ වෙතත් මෙය සම්පූර්ණ කතාන්දරය නොවේ. බැක්ටීරියා වැනි ඒක සෛල ජීවීහු, දුහිතෘ සෛල ලෙස බෙදීමෙන් ම ප්‍රජනනය  කරති. (බෝවෙති).   මෙකී විභාජනයන් මගින් .නිපදවනු ලබන සෛල පරම්පරාව වසර බිලියන ගණනක් නොනැසී පවතී. ඔවුන් වියපත් නොවී හානියට පැමිණි කොටස් අඛණ්ඩය බිඳ දමමන් ඒ වෙනුවට අලූත් ඒවා ආදේශකරති. හානිකර විකෘතීන් වරණය මගින් ඉවත් කරන්නේ නම් ඒවාට සදාකාලිකව දිගටම බෝවීමේ හැකියාව ඇත. පළතුරු මැස්සා වැනි ඇතැම් ජීවීන් ගේ කෘතිමව පෝෂිත () සෛල සම්බන්ධයෙන්ද මෙය සිදු විය හැකිය. බහුසෛල ජීවීන්ගේ ප‍්‍රජනන ෙසෙල පෙළැන්ති සෑම පරම්පරාවක්ම චිරස්ථායි කෙරේ. එසේ නම් සෛල වෙන් වෙන් වශයෙන් නොව, සමස්ත ජීවියාවම   ගතහොත් අලූත්වැඩියා කිරීමේ කි‍්‍රයාදාමය දිගටම පවත්වා ගෙන යා නොහැක්කේ මන්ද? අපගේ ශරීරයේ පද්ධති බොහොමයක් වයස්ගත වීමෙන් යම් දුර්වලවීමක් පෙන්නුම් කරන්නේ ඇයි? නිදසුනක් දක්වතොත් ක්ෂීරපායින්ගේ ඩත් වයස් ගතවීමත් සමග හැලෙන අතර එය ස්වභාවික තත්ත්වයෙන් ජීවත්වන විට අවසානයෙ මරු කැඳවීමට මඟ පාදයි. එහෙත් මෙය අනිවාර්යයෙන්ම විය යුත්තක්ද නොවේ: උරගයන්ගේ දත් කලින් කලට අලූත්වේ.  විවිධ විශේෂයන් අතරේ වයස් ගතවීමේ විවිධ අනුපාතයන් තිබීම මගින් පෙන්නුම් කරනු ලබන්නේ අලූත් වැඩියා කිරීමේ කි‍්‍රයාදාමයේ විවිධ ඵලදායිතාවන් සහ වයස්ගත වෙත්ම මෙම ක්‍රියාදාමය කෙතරම් දුරට පවත්වාගෙන යන්නේද යන්නය. කොස් ඇට මීයෙකුට වැඩිම වුණොත් අවුරුදු 3ක් ජීවත්වීමට අපේක්ෂා කල හැකි අතර මනුෂ්‍යයෙකුට වසර 80කට වැඩිය ජීවත් විය හැකිය. විශේෂයන් අතර මෙම වෙනස්කම් පෙන්නුම් කරන්නේ වයස් ගත වීම පරිණාමය වන බවයි.  එහෙයින්,  වයස්ගතවීම ගැන පරිණාමීය පැහැදිලි කිරීමක් සිදු කළ යුතුවේ.

Related image

බහු සෛලීය ජීවීන් මත ස්වාභාවික වරණය කි‍්‍රයාත්මක වන්නේ ඊළඟ පරම්පරාව වෙනුවෙන් ඔවුන්ගේ දායකත්වයෙහි වෙනස්කම්වලට,  ඔවුන් නිපදවන ජානිතයන්ගේ සංඛ්‍යාව සහ ඔවුනට නොනැසී පැවතීමේ හැකියාව යන දෙකෙහිම වෙනස්කම් හරහාය. එපමණක් ද නොව සෑම අයෙකුම හදිසි අනතුරකින්, රෝගයකින් හෝ විලෝපනයෙන් මිය යාමේ අවදානම ඇත. මෙම සාධක නිසා මරණයට පත්වීමේ අවස්ථාව වයසට යාම හේතුවෙන් නොවන්නක් වනව්වා නමුදු,  මෝටර් රිය වලට සේම නොනැසී දිගටම පැවතීමේ අවස්ථාව වයසට යත්ම අඩුවේ. ප්‍රථම වසරේ සිට  ඊළඟ වසර දක්වා ජීවත්වීමට ඇති සම්භාවිතාව සියයට 90ක් නම් තව පස් වසරක් ගතහොත් එම සම්භාවිතාව සියයට් 60කි. එහෙත්,  වසර 50කට පසු එය 0.5ක් පමණ වේ. එහෙයින්, ජීවිතයේ .පසුකලෙකට වඩා මුල් කාලයේ ජීවත්වීමට හා ප්‍රජනනයට වැඩි නැඹුරුවක් වර්ණය දක්වයි. ඊටසරලම හේතුව යහපත් බලපෑම් භුක්ති විඳීමට, සාමාන්‍යයෙන් ගතහොත් වැඩි පුද්ගලයන් පිරිසක් ජීවත්ව සිටීමයි. හදිසි අනතුරු, රෝග හා විලෝපනය හේතුවෙන් සිදුවන මර්ත්‍යතාව වැඩිවෙත්ම, වරණය බලවත් ආකාරයකට නැඹුරුවක් දක්වන්නේ ජීවිතයේ පසුකලෙකට සාපේක්ෂව මුල් කාලයේ වැඩිදියුණුව කෙරෙහිය. මන්ද එම බාහිර හේතුව නිසාවෙන් සිදුවන මරණ අනුපාතය ඉහළ යාම් වයස් ගතවන තුරු ජීවත්වීමේ හැකියාව ලැබෙන්නේ සුළු පිරිසකට පමණක් වීමය.

මතු සම්බන්ධයි…

EVOLUTION A Very Short Introduction(Oxford series) නැමැති ග්‍රන්ථයේ  Why do we age? යන කොටස ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: