සැමට විදු නැන නුවණ – Science Literacy for All

දේශගුණ විපර්යාස මැද දිවි ගෙවීම : ගෝලීය උණුසුම ඉහළයාම අංශක 2C කට සීමා කිරීම

2015 දෙසැම්බරයේ ලෝකයේ රටවල් 195 ක් පැරීසිියේ දේශගුණ සමුළුවට සහභාගි විය. ගෝලීය උණුසුම  ඉහළයාම සෙන්ටිග්‍රේඩ් අංශක 2 () සීමා කිරීමට එහිදී ඔවුහු එකඟ වූහ.

2017 ජූනියේ දී ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්රම්ප් ගිවිසුමෙන් ඇමරිකා එක්සත් ජනපදය ඉවත් කර ගැනීමට අදහස් කරන බව ප්‍රකාශ වීමත් සමගම පැරිස් සම්මුතියට මරු පහරක් එල්ල විය. එහෙත් ලෝකයට ඉදිරියට යා හැකියඉදිරියට යන්නේය.

මේ නව ලිපි මාලාවේ ඉදිරි ලිපි වලින් දේශගුණ විපර්යාසයේ යථාර්ථය මෙන්ම ඊට අප දක්වන ප්‍රතිචාර ගැන සොයා බැලීමට අදහස් කරමු : එනම් අප දැනට කරමින් සිටින්නේ කුමක් දඅප තව කළ යුත්තේ කුමක් දවඩාත් උණුසුම් වූ ලෝකයක් තුළ අපට උරුම වන අනාගතය කෙබඳු දආදී කරුණු ගැන මෙම ලිපි මාලාවෙන් සාකච්ඡා කෙරේ.

සෑම බ්‍රහස්පතින්දාවකම කියවන්න.

ගෝලීය උණුසුම අංශක 2C කට සීමා කිරීම

2015 පැරිස් දේශගුණ විපර්යාස සම්මුතියෙහි  හරය වශයෙන් ඇත්තේ ‘ගෝලීය සාමාන්‍ය උෂ්ණත්ව වෙනස සෙල්සියස් අංශක 2 කට (20 C ක) බෙහෙවින් පහළ මට්ටමක රඳවා ගැනීම’යි. හරිතාගාර විමෝචන වල වර්තමාන අනුපාතයන් අනුව එවන් ඉහළ යාමක් සිදුවීම නොවැළක්විය හැක්කක් බවට පත්වීමේ තත්ත්වය කරා ළඟාවීම සඳහා අපට තව වසර 20 ක් ඉතිරිව තිබේ.  එය වළක්වා ගැනීමට නම් විමෝචන, 2070 පමණ වන විට බින්දුව දක්වා පහළ වැටීමට පෙර,  හැකි තරම් ඉක්මණින් – 2020 වන විට වගේ ඉක්මනින් නම් වඩාත් යෝග්‍යයයි- විමෝචන වැඩිවීම ආපසු හරවීමේ ලක්ෂ්‍ය(මෙම ලිපි පෙළෙහි මින් ඉදිරියට ‘ආපසු හරවීමේ ලක්ෂ්‍ය’ ලෙස දැක්වේ)   කරා යා යුතුය.

ශුභවාදී වීමට ඉඩ සලසන  යම් සාධක ද  නැතුවා නොවේ: ලෝකය එහි වඩාත්ම අහිතකර ෆොසිල ඉන්ධනය වන ගල් අඟුරු භාවිතයෙන් බැහැර වෙමින් සිටිද්දී බලශක්ති සහ කර්මාන්ත විමෝචන දැනටමත් ආපසු හරවීමේ ලක්ෂ්‍යයේ මට්ටමට පහළ බැස ඇති සෙයකි. ( විමෝචන ආපසු හරවීමේ ලක්ෂ්‍යයේ  මට්ටම කරා අප පමිණ ඇත්ද? යන මැයෙන් ඉදිරියේ දී පළ වීමට නියමිත ලිපිය කියවන්න). එහෙත් මෙය සළකා බැලිය යුත්තේ සංදර්භය තුළ තබමිනි. අපි තවමත් වසරකට කාබන්ඩයොක්සයිඞ් ගිගාටොන් 42 ක් පමණ විමෝචනය කරන්නෙමු. වර්ධනය වන්නා වූ ගෝලීය බලශක්ති ඉල්ලූම සපුරාලීමට ප‍්‍රමාණවත් වේගයකින් හෝ ප‍්‍රමාණවත් තරම් විශාල පරිමාණයකින් හෝ වෙනස්කම් හෙවත් විපර්යාසයන් තවමත් සිදු නොවේ.

Image result for production of renewables

එපමණක් ද නොව ගල් අඟුරු ආකර වසා දමා විදුලි බලය ජනනය කිරීම පිණිස පුනර්ජන්‍ය(යළි ඇති කළ හැකි) ශක්තීන්  සඳහා ආයෝජනය කිරීම පහසුමතම කොටසයි. විදුලි බලය ජනනය සඳහා වැය වන්නේ ගෝලීය හරිතාගාර වායු විමෝචන වලින් හතරෙන් එකක් පමණකි; ඉතිරියට කෘෂිකර්මාන්තයෙන්, වන්‍ය වෘත්තියෙන්(forestry), කර්මාන්තයෙන් සහ ප‍්‍රවාහනයෙන් විමෝචනය වන හරිතාගාර වායු ඇතුළත් වේ.

ප‍්‍රවාහනය සඳහා අවශ්‍ය වන ප‍්‍රාථමික ඉන්ධනය වන ඛනිජ තෙල් වෙනුවට ආදේශ කිරීමක් කිරීම  විශේෂයෙන්ම දුෂ්කරය. කාර් සහ බස් රථ ආදිය ඛනිජ තෙල් වෙනුවට විදුලි බලය යොදා ගනිමින් ධාවනය කළ හැක. එහෙත් ගුවන් යානා ධාවනය ? ගුවන් යානා ධාවනය සඳහා බලය සැපයීමට පුනර්ජන්‍ය එමෙන්ම ධරණීය ජෙට් ඉන්ධන විශාල පරිමාණයෙන්  සංවර්ධනය කිරීම අවශ්‍ය වේ. වර්තමානයේ ගෝලීය නිෂ්පාදනය ප‍්‍රධාන වශයෙන් භෝග පැසවීමෙන්(fermenting) නිපදවා ගන්නා ජෛව-ඉන්ධනය(biofuel). ඇත්ත වශයෙන්ම එය, එක්සත් ජනපද වාර්ෂික ඉන්ධන පරිභෝජනයවන ජෙට් ඉන්ධන ලීටර මිලියන 90 සමඟ සසඳද්දී  ඉතා සුළුය.

ඔව් ඉතින් අපට ගුවන් ගමන් අඩු කරගෙන, වැඩි කාබන් පා සටහනක් ඇති මාංශ අනුභවය වැනි යම් යම් චර්යාවන් කපා හැර දැමීමට හැකියාවක් තිබෙන බව ඇත්තය. ඒත් ප‍්‍රශ්නය වන්නේ අප එසේ කරාවි ද? එසේ කරනවා ඒ කොපමණ නම් ඉක්මණින් ද? පැරිස් සම්මුතියේ සඳහන් කෙරුණු අභිලාෂය එයයි; හැබැයි එය අභිලාෂයක්ම තමයි. ඒ ඒ රටවල් 2030 වන විට අඩු කර ගැනීමට කැප වූ විමෝචන අඩු කර ගැනීමේ නිශ්චිත පදනම් කර ගතහොත් 2070 දී බින්දුවට බැස්ස වීම පිණිස අවශ්‍ය ගමන් පථය සැලකිය යුතු පමණකින් බැහැරට යාමේ හැකියාවක් ඇත.

(පහත දැක්වෙන චිත‍්‍රය බලන්න)

මෙයින් අදහස් වෙන්නේ, අපට ෆොසිල ඉන්ධන මත  රැඳී පැවැත්ම සම්පූර්ණයෙන්ම ඉවත් කරවා ගත යුතුවා පමණක් නොව 2 ඉලක්කය සපුරා ගැනීමට නම් අපට වායුගෝලයෙන් කාබන්ඩයොක්සයිඞ් කර්මාන්තමය පරිමාණයකින් හෙවත් මට්ටමකින් උරා ඉවත් කළ යුතු වෙයි. කර්මාන්ත හා කෘෂිකර්මාන්තය මගින් නුදුරු අනාගතයේ දී ද හරිතාගාර වායු විමෝචන දිගටම සිදුවෙතැයි උපකල්පන කළොත්, මේ ශත වර්ෂය තුළ දී අපට කාබන් ගිගාටොන් 600 ක් පමණ උරා ගැනීමට සිදුවේ.

Image result for bio energy with carbon capture and storage

මේ කාර්යය ඉටුකිරීමෙහිලා ප‍්‍රධාන බලාපොරොත්තුව ලෙස පෙනී යන්නේ කාබන් හසු කර ගබඩා කෙරෙන ජෛවී ශක්ති අංශයයි(bio energy with carbon capture and storage ඉදිරියට BECCS ලෙස දැක්වේ).  මෙහිදී ශාක වගා කර පසුව ශක්තිය නිපදවීමට සඳහා පුළුස්සා දමනු ලැබේ. එම ශාක වර්ධනය වීමේ දී වායුගෝලයෙන් උරා ගන්නා ලබන CO2 ශාක දැවීමේ දී මුදා හැරෙන නමුත් නැවත එය ගැලවී වායුගෝලයට  එක්වීමට පෙර පොළොව යටට ඔබා දමනු ලැබේ.

ගුවන් යානා සඳහා ශක්තිය සැපයීමට අවශ්‍ය ජෛව ඉන්ධන සැපයීමට හැකිවීම මෙහි යහපත් පැත්තයි. එහෙත් අවුලක් ඇත. එනම් ඒ ආකාරයට ගුවන් යානා වලට ශක්තිය ලබා දීමට නම් ලෝකය පුරා කාර්මික පහසුකම් දහස් ගණනින් සමන්විත අති දැවැන්ත පදනමකින් BECCS නිපදවීම සිදුවිය යුතුය. එවන් මට්ටමකින් මේ තාක්ෂණය තවම අත්හදා බලා නැතුවා පමණක් නොව අපට අවශ්‍ය ආහාර භෝග වගා කිරීමට භූමියේ ඉඩකඩ  තබා ගනිමින්ම මේ කාර්ය සඳහා අවශ්‍ය ශාක වගා කිරීමට  උවමනා කරන ඉඩකඩ (වගාබිම්) පෘථිවියෙන් ලබා ගැනිමට නොහැකිය.

20 C ක ඉලක්කයට පහළින් සිටීමට නම් CO2 උරා ගැනීමේ කාර්යය වෙනුවෙන්ම හෙක්ටයාර් මිලියන 500 ක පමණ, පරිසර පද්ධති හා ආහාර භෝග වගා ඉඩම් සමග හරි හරියට වගා කළ යුතුවෙයි. මේ ප‍්‍රමාණය ගතහොත්, ලෝකයේ වගා කළ හැකි ගොඩබිම ඉඩම් වලින් තුනෙන් එකක් හෝ ඇමරිකා එක්සත් ජනපදය තරම් භූමි ප‍්‍රමාණයකි. කෙටියෙන් දක්වතොත්, විමෝචන කපා හැරෙන නැතිනම් සෘණ විමෝචන තාක්ෂණයෙහි ඵල විපාක 2ක ඉලක්කය ඉක්මවා යාමට වඩා දරුණු විය හැකියි.

Image result for bio fuel for aeroplanes

20 C ඉලක්කට පහළින් සිටීමට නම් අපට අපේ කැපවීමෙහි රැඩිකල් වෙනසක් සිදු කළ යුතු වේ. ලොව රටවල් දේශගුණ විපර්යාසය සිය ඉහළම ප‍්‍රමුඛත්වය බවට පත් කිරීම, සහ පුනර්ජනනයන් වෙත පරිවර්තනය වීම වඩා වේගවත් කිරීම මෙකී රැඩිකල් වෙනස්කම් වලට අයත්ය. අපගේ වර්තමාන ප‍්‍රතිපත්ති අනුව නම් අප සිටින්නේ 3.60 C ඉලක්කයන් කරා යන ගමන් මගකය. තවමත් ඉටු කිරීමට නොහැකිව ඇති, පැරිස් සම්මුතියේ දී ලෝක නායකයන් දුන් ප‍්‍රතිඥා සැලකිල්ලට ගත්තත් අප 30 C ක ඉලක්කය ඉක්මවනු ඇත. ඒත් ඉතින්, අපව ක‍්‍රියා මාර්ගයකට යොමු කරවීමට අවශ්‍ය වන තල්ලූව බාගදා ඩොනල්ඞ් ට‍්‍රම්ප් සපයනවා විය හැකිය. (තතු ගෙන එන මෙම ලිපි මාලාවේ තවත් ලිපියකින් ට‍්‍රම්ප් ගැනත් කතා කරමු)

NEW SCIENTIST(THE COLLECTION): ESSENTIAL KNOWLEDGE (VOL FOUR-ISSUE THREE) හි LIVING WITH CLIMATE CHANGE: Can we limit warming to 2C? යන කොටස ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: